24/03/2026
තනි මොළයකට පැරදුන ජපානය
ඔබ කවුරුත් දන්නවා 'නිසාන්' (Nissan) කාර් ගැන. ඒත් ඔබ දන්නවාද..!. ලෝකෙම පිළිගත්ත ඒ යෝධ රථ වාහන සමාගමේ හිටපු ලොක්කාට (CEO),දවසක් රෑ තමන් ජීවත් වූ රටෙන් පැනලා යන්න සිද්ධ වුණේ සංගීත භාණ්ඩ දාන කළු පාට පෙට්ටියක් ඇතුලේ හැංගිලා කියලා.
මේක ෆිල්ම් එකක් නෙවෙයි.මේක තමයි ජපානයේ දැඩිම ආරක්ෂක වළල්ලක් මැද්දෙන් සිද්ධ වුණු ලෝකයේ දරුණුතම පැන යාම.
ඔහු නිකම්ම හොරෙක් නෙවෙයි.ඔහු ලෝකයේ දැවැන්තම මෝටර් රථ සමාගමක් වන 'නිසාන්' සමාගම බේරාගත්තු සුපිරි වීරයෙක්.නම කාර්ලෝස් ගෝන් (Carlos Ghosn).
කාර්ලෝස් කියන්නේ ජපානයේ දෙවියෙක් වගේ සලකපු මනුස්සයෙක්.බංකොලොත් වෙලා තිබුණු නිසාන් සමාගම ගොඩ දාලා, ලෝකේ අංක එකට ගෙනාවේ මෙයා.ජපානයේ කාටුන් වලත් මෙයා හිටියා.
නමුත් 2018 දී ඒ දෛවය කණපිට පෙරළුණා. හිටිහැටියේම ජපන් පොලීසිය මෙයාව වට කළා.චෝදනාව වුණේ සමාගමේ මුදල් වංචා කළා කියන එක.ජපානයේ නීතිය කොච්චර දරුණුද කියනවා නම්,'ඔයාට චෝදනාවක් එල්ල වුණොත්,ඔයා 99% ක්ම හිරේ.
කාර්ලෝස්ගේ නීතිඥයෝ ඩොලර් මිලියන ගාණක දැවැන්ත ඇපයක් තියලා ඔහුව එළියට ගත්තා.හැබැයි ඒක නිදහසක් නෙවෙයි.ඔහු හිටියේ නිවාස අඩස්සියේ (House Arrest).ගේ වටේම කැමරා.ඉන්ටර්නෙට් තහනම්.
ඔහුගේ පාස්පෝට් තුනම (බ්‍රසීල, ප්‍රංශ, ලෙබනන්)උසාවිය බාරේ.නීතිඥයෝ කිව්වේ "ඔයාට අවුරුදු 15ක හිර දඬුවමක් ෂුවර්" කියලා.අවුරුදු 65ක් වයසැති කාර්ලෝස් තීරණය කළා "මම මෙහේ මැරෙන්නේ නෑ.මම පැනලා යනවා" කියලා.
ඔහු තනියම මේ ගේම ගැහුවේ නෑ.ඔහු තෝරගත්තේ වැඩේට හරියනම මිනිහාව.
ඒ තමයි ඇමරිකානු විශේෂ බලකායේ හිටපු ප්‍රවීණ සොල්දාදුවෙක් වුණු මයිකල් ටේලර්.
මයිකල් මාස ගාණක් තිස්සේ ජපානයේ එයාර්පොට්වල ආරක්ෂාව ගැන රහසිගතව ඔත්තු බැලුවා.අන්තිමට ඔවුන් තීරණය කළා දවස.ඒ 2019 දෙසැම්බර් 29.
එදා කාර්ලෝස්ගේ ගෙදර පොඩි සාදයක් තිබුණා.ඒකට සංගීත කණ්ඩායමක් ආවා. ඇත්තටම ඒ ආවේ සංගීත කණ්ඩායමක් විදියට වෙස්වලාගත්ත මයිකල් ටේලර් සහ එයාගේ ටීම් එක.සාදය ඉවර වුණා.
සංගීත කණ්ඩායම ආපහු යන්න ලෑස්ති වුණා.ඔවුන් අරන් ආව බඩු පෙට්ටි අරගෙන හරිම සැහැල්ලුවෙන් එළියට බැස්සා.
නමුත් ඒ පොලිස් නිලධාරීන් දැනගෙන හිටියේ නෑ,ඒ ගෙනියන එක පෙට්ටියක් ඇතුලේ හුස්ම ගන්න පතුලේ විදපු පුංචි හිල් දෙකක් විතරක් තියාගෙන,දණහිස් දෙකත් පපුවට තද කරගෙන,මුළු ඇඟම ගුලි කරගෙන ලෝකේ ප්‍රසිද්ධම බිලියනපතියා හැංගිලා ඉන්නවා කියලා!
ඔවුන් ඔසාකා ගුවන්තොටුපලට(Kansai Airport) ගියා.එතැන තිබුණා පුද්ගලික ජෙට් යානා (Private Jets)යන විශේෂ පර්යන්තයක්.මුළු සැලැස්මේම භයානකම තත්පර කිහිපය තිබුණේ එතැන.එයාපෝට් එක ඇතුළට යන්න නම් ඕනෑම බඩුවක් X-ray මැෂින් එකෙන් ස්කෑන් කරන්න ඕන.
මේ පෙට්ටිය මැෂින් එකට දැම්මොත්,ඇතුලේ ඉන්න කාර්ලෝස්ව ස්ක්‍රීන් එකෙන් පෙන්නනවා.එතකොට ඔක්කොම ඉවරයි.නමුත් මයිකල් ටේලර් නිකම්ම සොල්දාදුවෙක් නෙවෙයි.
ඔහු කලින්ම හොයලා තිබුණා ඔසාකා එයාර්පොට් එකේ තියෙන ස්කෑන් මැෂින් එකේ ප්‍රමාණය ගැන.ඔවුන් ගෙනාපු "සවුන්ඩ් බොක්ස්" එක මැෂින් එකේ කටට වඩා අඟල් කිහිපයක් ලොකුයි.
අන්තිමේදී නිලධාරියා කිව්වා "කමක් නෑ ඕක නිකම්ම අරන් යන්න"කියලා.ලෝකේ දරුණුම ආරක්ෂක වළල්ල,එක ස්කෑන් මැෂින් එකක් නිසා පරාද වුණා.
පෙට්ටිය ජෙට් එකට පැටෙව්වා.ජෙට් එක ගුවන්ගත වුණා.පැය ගාණකට පස්සේ කාර්ලෝස් පෙට්ටියෙන් එළියට ආවා.
ජපානයෙන් තුර්කියට.එතනින් වෙන ජෙට් එකක නැගලා ලෙබනනයට.ලෙබනනය කියන්නේ ජපානය එක්ක අපරාධකරුවන් හුවමාරු කරගන්න ගිවිසුමක් නැති රටක්.ඒ කියන්නේ කාර්ලෝස් දැන් ආරක්ෂිතයි.
ජෙට් එක ලෙබනනයේ බේරූට් ගුවන්තොටුපලට (Beirut Airport) ගොඩ බැස්සා.කාර්ලෝස් ගෝන් එළියට බැස්සේ ජයග්‍රාහී වීරයෙක් වගේ.ලෙබනනය කියන්නේ තමන්ගේ රටේ පුරවැසියෙක්ව වෙන රටකට පාවා දෙන්නේ නැති රටක්.
පහුවදා උදේ ජපානයේ ටෝකියෝ නුවර ගිනි ගත්තා.කාර්ලෝස්ගේ ගෙදර ඉස්සරහ හිටපු පොලිස් නිලධාරීන් තාමත් හිතාගෙන හිටියේ ඔහු ගේ ඇතුලේ නිදාගෙන ඉන්නවා කියලයි.
ජපන් ආණ්ඩුවට මේක දරාගන්න බැරි වුණා.මේක නිකම්ම සිරකරුවෙක් පැනලා ගිය සිද්ධියක් නෙවෙයි,මේක "ජපානයේ ජාතික ආරක්ෂාවටම එල්ල වුණු මරු පහරක්".වටේම කැමරා තියෙද්දී,දොරකඩ පොලීසිය ඉද්දී,ඉන්ටර්නෙට් නැතුව,පොස්පෝට් නැතුව මනුස්සයෙක් කොහොමද රටින් පැන්නේ.!
ජපානයේ තිබුණු "නොබිඳිය හැකි ආරක්ෂාව" (Impenetrable Security) කියන ප්‍රතිරූපය එක රැයකින් බිඳ වැටුණා.එක මිනිහෙක්ගේ මොළයක්,මුළු රටකම ආරක්ෂක පද්ධතිය පරාජය කළා.අදටත් කාර්ලෝස් ගෝන් ලෙබනනයේ නිදහසේ ජීවත් වෙනවා.
ජපානයට කරන්න පුළුවන් එකම දේ බලාගෙන ඉන්න එක විතරයි.සල්ලි වලට වඩා වටින්නේ "නිදහස" කියන එක ඔහු ඔප්පු කළා.