ජයවාසු

ජයවාසු කාටත් මුණගැහෙන්න ඕන මනුස්සකමින් පිරුණු, හිත හොද මිනිස්සු...
(6)

01/09/2026

සුදුසු දේ කරන්නෝන
ජයවාසු ⚡ 🧿

31/08/2026

ජීවිතේ හරි ලස්සනයි
ජයවාසු ⚡ 🧿

සැප්තැම්බරයට පෙර… සැප්තැම්බර් එන්න කලින්,හිතේ දොර ජනෙල් ටිකක් ඇරලා බලන්න,කාලයක් තිස්සේ හිතේ හංගගෙන හිටපුතරහ, වේදනා, අමනා...
31/08/2026

සැප්තැම්බරයට පෙර…

සැප්තැම්බර් එන්න කලින්,
හිතේ දොර ජනෙල් ටිකක් ඇරලා බලන්න,
කාලයක් තිස්සේ හිතේ හංගගෙන හිටපු
තරහ, වේදනා, අමනාපකම්
එකින් එක එළියට දාන්න.

ඔබට රිදවූ මිනිසුන්ට
සමාව දෙන්න…
ඔබ ඔබටම කළ වැරදිවලටත්
සමාව දෙන්න.

අතීතය කියන්නේ
හැමදාම කරේ තියාගෙන යන්න ඕන
බරක් නෙවේ
කාලයකට කලින් අවසන් වූ කතාවක්.

ඒ නිසා,
ඔලුව පුරා ගොඩගැසුණු
කුණුකන්දල් සියල්ල
සුළඟට භාර දෙන්න....

සැප්තැම්බර් එද්දී
අලුත් දවසක් විතරක් නෙවේ,
අලුත් හිතකුත් අරගෙන
නැවුම්ව එන්න.

හිත සැහැල්ලු කරගෙන…
අතීතය අතහැරගෙන…
සිනහවක් අරගෙන…
අලුත් මාසයට
අලුත් ඔබ ආදරෙන්
පියනඟන්න....

ජයවාසු ⚡ 🧿

30/08/2026

අභයගිරි විහාරය ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ ආධ්‍යාත්මික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක්. අභයගිරිය වන්දනා කිරීම, නිහඬ පරිසරයේ භාවනා කිරීම සහ ආගමික වතාවත්වල නිරත වීම මඟින් සිතේ නොසන්සුන් බව හා ආතතිය අවම කරගෙන අභ්‍යන්තර සන්සුන්භාවය වර්ධනය කරගත හැකිය. එමඟින් ශ්‍රද්ධාව, සතිමත්භාවය, කරුණාව, ඉවසීම හා අනිත්‍යතාව පිළිබඳ අවබෝධය වර්ධනය වී පුද්ගලයාගේ ආධ්‍යාත්මික සුවය සහ මානසික සැනසීම ශක්තිමත් වේ.

ජයවාසු ⚡ 🧿

පුංචි දරුවන්ගේ ආදරය හරිම අව්‍යාජයි.  ඔවුන්ට වටින්නේ තෑග්ගක මිල නෙවෙයි, ඒ තෑග්ග පිටුපස ඇති ආදරයයි. මේ ඡායාරූපයේ මට ලැබුණු...
30/08/2026

පුංචි දරුවන්ගේ ආදරය හරිම අව්‍යාජයි. ඔවුන්ට වටින්නේ තෑග්ගක මිල නෙවෙයි, ඒ තෑග්ග පිටුපස ඇති ආදරයයි. මේ ඡායාරූපයේ මට ලැබුණු මේ පුංචි තෑගි, මගේ හදවතට නම් වටිනා, දැනෙන මතකයන් උනා.

දරුවෙකුගේ පුංචි අතකින් ලැබෙන තෑග්ගක් කියන්නේ, ඔවුන් ළග තියෙන මහා විශාල ආදරයේ පුංචි ප්‍රකාශයක්. ඔවුන්ගේ සරල සිනාව, අව්‍යාජ සෙනෙහස, බලාපොරොත්තුවකින් තොරව ලබාදෙන ආදරය අපේ ජීවිතයට ලස්සන පාඩමක් කියා දෙනවා.

මේ ආදරයට මමත් මහා ගොඩා.......ක් ආදරෙයි. ආයෙත් දවසක ආදරේ අරන් මම එයාලව බලන්න එනකල් එයාලා මග බලන් ඉන්නවා කිව්වා... 🌼❤️🥹🫂

ජයවාසු ⚡ 🧿

30/08/2026

ඔබ දරන ප්‍රයත්නයෙන් හොඳම තැනට හොඳම සහකරුට ලබාදෙන්න
ජයවාසු ⚡ 🧿

හැඩතල තුළින් සුවපත් වන පුංචි සිත් වලට ආදරෙන්,,,,විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කලා චිකිත්සාව භාවිත කිරීමේදී විවිධ හැඩතල...
29/08/2026

හැඩතල තුළින් සුවපත් වන පුංචි සිත් වලට ආදරෙන්,,,,

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කලා චිකිත්සාව භාවිත කිරීමේදී විවිධ හැඩතල ඇසුරින් සිදුකරන නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඉතාම වැදගත් වෙනවා. වෘත්ත, ත්‍රිකෝණ, චතුරස්‍ර වැනි හැඩතල ඇඳීම, පාට කිරීම, කපා ඇලවීම මඟින් දරුවාගේ ඇඟිලි හා අත් චලන, ඇස සහ අත අතර සම්බන්ධීකරණය මෙන්ම සියුම් හසුරු කුසලතාද වර්ධනය වෙනවා.

මෙහිදී, සාමාන්‍යයෙන් නිර්මාණයක් කිරීමක් නෙවෙයි, දරුවාගේ අවධානය, ඉවසීම සහ ස්වයං විශ්වාසය වර්ධනය කරන ප්‍රතිකාරාත්මක අත්දැකීමක් වෙනවා.

හැඩතල වලින් වර්ණ කරන සෑම මොහොතකම දරුවාගේ මනස ක්‍රමයෙන් එකඟතාවයකට පත්වෙමින්, නොසන්සුන් බව අඩු වී සන්සුන් අත්දැකීමක් ලබනවා. එබැවින් කලා චිකිත්සාව දරුවාගේ අත පමණක් නොව, මනසද මෘදු ලෙස සුවපත් කරන නිර්මාණාත්මක චිකිත්සාවක් බව කියන්නම ඕන. 🥰

ජයවාසු ⚡ 🧿

29/08/2026

විශ්වාසය තියෙන තැන, සාර්ථකත්වය අනිවාර්යයි 🌹🌼
ජයවාසු ⚡ 🧿

29/08/2026

සුදු පාට ඉදිරියේ පමණක්ම කළුපාට, අළු පාට වුණා....
ජයවාසු ⚡ 🧿

දැනෙන මිනිස්සු ළඟනැවතෙන්නෙ නොදැනීම අපිටවත් අපිව,පේවෙලා විදින ඒ ආදරේදෙන්නෙ නෑ ඉඩළංවෙන්න කාටත්ම වෙන,ඉතින් ඒ ආදරේ ළගනවතින්න...
29/08/2026

දැනෙන මිනිස්සු ළඟ
නැවතෙන්නෙ නොදැනීම
අපිටවත් අපිව,
පේවෙලා විදින ඒ ආදරේ
දෙන්නෙ නෑ ඉඩ
ළංවෙන්න කාටත්ම වෙන,
ඉතින් ඒ ආදරේ ළග
නවතින්නෙ සෙනෙහසින්
නොසිතාම තව වරක්....
ආදරෙයි නන් කියන්න,
දැනෙන්න ආදරේ කරන්න....

ජයවාසු ⚡ 🧿

Address

අනුරාධපුර
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ජයවාසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share