NutriTales by Dietitian Ayesha

NutriTales by Dietitian Ayesha “Welcome to NutriTales by Dietitian Ayesha 🌿 A space where nutrition science meets storytelling.

I share health tips, food wisdom, and lifestyle habits in story form—so you can enjoy learning and applying them in your daily life.”

20/04/2026

සීනි ගැන කතා කරද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "සුදු සීනි නරකයි, දුඹුරු සීනි හොඳයි" කියන එක. ඒත් පෝෂණ විද්‍යාත්මකව බැලුවොත් මේ දෙක අතර තියෙන්නේ හිතනවාට වඩා හරිම පොඩි වෙනසක්! 👯‍♂️

​දුඹුරු සීනිවල අඩංගු මොලෑසස් නිසා පොඩි පෝෂණයක් අමතරව ලැබුණත්, සීනි කියන්නේ ශක්තිය (Calories) පමණක් ලබාදෙන දෙයක් මිසක් ප්‍රධාන පෝෂණ ප්‍රභවයක් නෙවෙයි. ඒ නිසා අපි සීනි වර්ගය මාරු කරනවාට වඩා, පාවිච්චි කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන එකයි නියම සෞඛ්‍ය සම්පන්න පුරුද්ද. ❤️

​පුංචි ටිප් එකක්: 💡
තේ එකට සීනි දානවා වෙනුවට කරදමුංගු, කුරුඳු පොතු වගේ ස්වභාවික සුවඳකාරක එකතු කරලා බලන්න. එතකොට සීනි නැති අඩුව ඔයාට දැනෙන එකක් නැහැ! 🌿☕️

​මේ වගේ තවත් පෝෂණ තොරතුරු දැනගන්න කැමති නම් අපගේ Facebook පිටුව Follow කරන්න අමතක කරන්න එපා. ඔයාලට තියෙන ප්‍රශ්න පහළින් comment කරන්න! 👇✨

PCOS තියෙන බොහොමයක් දෙනා මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි මොන දේ කළත් බර අඩු නොවීම. "අඩුවෙන් කෑවත් බර වැඩි වෙනවා" කියලා ඔබට හ...
28/03/2026

PCOS තියෙන බොහොමයක් දෙනා මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි මොන දේ කළත් බර අඩු නොවීම. "අඩුවෙන් කෑවත් බර වැඩි වෙනවා" කියලා ඔබට හිතෙනවා නම්, ඒක ඔබේ වැරද්දක් නෙවෙයි. ඒ පිටුපස විද්‍යාත්මක හේතු කිහිපයක් තියෙනවා:

​ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance):

ශරීරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝනය නිසි ලෙස ක්‍රියා නොකරන නිසා ශරීරය මේදය තැන්පත් කිරීමට වැඩි නැඹුරුවක් දක්වනවා.

​හෝමෝන අසමතුලිතතාවය සහ දැඩි කුසගින්න:

හෝමෝන වෙනස්වීම් නිසා නිතරම පැණි රස හෝ පිටි කෑම කන්න ලොකු ආශාවක් (Cravings) ඇති වෙන්න පුළුවන්.

​එහෙනම් අපි මොකද කරන්නේ? 💡

​බර අඩු කරගන්නවා කියන්නේ කෑම නොබී ඉන්න එක නෙවෙයි, නිවැරදි දේ තෝරාගන්න එකයි:

✅ ​ප්‍රෝටීන් (Protein) වැඩිපුර ගන්න: මාළු, බිත්තර, පියලි හා ඇට වර්ග ඔබේ වේලට එකතු කරගන්න. ඒකෙන් කුසගින්න පාලනය වෙනවා.

✅ ​කෙඳි සහිත ආහාර (Fiber): එළවළු සහ පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඉන්සියුලින් මට්ටම ස්ථාවරව තබාගත හැකියි.

✅ ​සීමා කිරීම් වෙනුවට කළමනාකරණය: දැඩි ලෙස ආහාර පාලනය (Strict Dieting) කරලා මානසිකව වැටෙන්න එපා. ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වෙන්න.

​මතක තබා ගන්න, PCOS කියන්නේ පාලනය කළ හැකි තත්ත්වයක්. කුඩා වෙනස්කම් වලින් ලොකු ජයග්‍රහණ ලබන්න ඔබටත් පුළුවන්! 💪✨

​ඔබත් PCOS එක්ක බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක්ද? ඔබේ අත්දැකීම් පල්ලෙහායින් Comment කරන්න. 👇

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද? අපගේ online පෝෂණවේදී සේවාව හා දැන් ම සම්බන්ධ වන්න.

DM or Whatsapp 0754543295

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න.

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NutriTales by Dietitian Ayesha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NutriTales by Dietitian Ayesha:

Shortcuts

Share