13/07/2026
හිත ඇතුළෙන් මැරෙන, එළියට හිනාවෙන අපේ තරුණ පරම්පරාව 💔 අද Facebook එකේ දැකපු වීඩියෝ එකකින් මාව blast වුනා. කෙනෙක් Facebook Live ඇවිත් තමන්ගේම ජීවිතේ නැති කරගන්නවා. ඒක දකිද්දී ඇති වුණේ පුදුම කලකිරීමක් වගේම ලොකු බයක්.
අද අපේ රටේ තරුණ ළමයි ඇතුළතින් කොච්චර නම් තනි වෙලාද, කොච්චර සටනක් දෙනවා ඇත්ද කියලා හිතාගන්නවත් බෑ. කාටවත්ම නොකියා, හිත අස්සේ හැමදේම හිරකරගෙන, මහා නිහඬතාවයකින් ඔවුන් උසුලන මේ බර ඇත්තටම කොහෙන් ආපු එකක්ද? රටේ තියෙන මේ ආර්ථික පීඩනයත් එක්ක අනාගතය ගැන තියෙන අවිනිශ්චිතතාවයද? නැත්නම් මේ ඩිජිටල් Screen වලට කොටු වෙලා, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනි වුණු එකද?
සමහරවිට මේ හැමදේකම එකතුවක් වෙන්න ඇති. හැබැයි අපි අමතක කරන එකම දේ, අපිට හිනාවෙලා ඉන්න හැම මූණක් පිටුපසම තියෙන්නේ වෙනමම කතාවක් කියන එක. මතක තියාගන්න. ජීවිතේ අතහරිනවා කියන්නේ කිසිම දේකට විසඳුමක් නෙවෙයි. ඒ වගේම, අපිට පුළුවන් නම් අපේ යාළුවෙක්, සහෝදරයෙක් දිහා මීට වඩා අවධානයෙන් බලන්න.."මචං, ඔයාට කොහොමද? ප්‍රශ්නයක්ද?" කියලා හදවතින්ම අහන්න. සමහරවිට ඒ පුංචි වචනය ජීවිතයක් බේරගන්න හේතුවක් වෙන්න පුළුවන්