Sri Lanka Association Of Medical Laboratory Scientist

Sri Lanka  Association Of Medical Laboratory Scientist SLAMLS is legalized professional body who reprents all kind of Medical Laboratory Scientists in the Country

21/05/2026
20/05/2026

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටලුව තවදුරටත් උග්‍ර වෙමින් පවතී. මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන අතර, රෝහල් වල පවතින උග්‍ර හිඟය නිසා රෝගීන් මෙන්ම වෘත්තිකයන් පත්ව ඇති අපහසුතා නිසා, මේ වන විට සියලු අයදුම්කරුවන් බඳවාගැනීමට අවශ්‍ය පුරප්පාඩුද පවතින නිසාත් නඩු ක්‍රියාවලිය සමතයකට පත් කිරීමට උපාධිධාරීන් ලෙස එකඟ වී ඇත.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එයට එකඟ නොවන අතර ඔවුන් දිගින් දිගටම පවසනුයේ ඔවුන් නිවැරදි ක්‍රියාවලියක් අනුගමනය කල බවයි. පහතින් දැක්වෙනුයේ ඔවුන් අනුගමනය කල ක්‍රියාවලියයි.
මේවා හිතාමතාම උද්ධච්චකමින් සිදුකරන ලද වැරදි බව පෙන්වාදීමට මෙවැනිම තවත් කරුණු ඇත. අනවශ්‍ය තරඟ විභාගයක් බලහත්කාරයෙන් පැවැත්වූ බව හොඳින්ම පැහැදිලිය.

Association Of Health Professionals

01/05/2026
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!!!உங்கள் அனைவருக்கும் அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள...
13/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!!!

உங்கள் அனைவருக்கும் அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!!!!!

Wishing you all a happy new year full of peace and happiness!!!!!

17/03/2026

මගේ අංකය: SLAGMLT/Gen/2026 (05)
දිනය: 2026.03.16

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
ලේකම්
සෞඛ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10

*සතියේ සෑම බදාදා දිනයක්ම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීම හරහා සෞඛ්‍ය වෘත්තිකයන්ට ඇති වන බලපෑම.*

බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) දින ප්‍රකාශ කරන ලදී. රටේ බලශක්තිය ඉතිරි කිරීම මෙහි අරමුණ වුවත් මේ හරහා සෞඛ්‍ය සේවාව තවදුරටත් උග්‍ර අර්බුධයකට ලක් වන බවත් ඒ හරහා සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය පෞද්ගලික වශයෙන් හා සාමුහිකවත් අසාධාරණයට ලක් වන බවත් පෙන්වා දිය යුතුය.
ඒ අනූව පහත දක්වා ඇති කරුණු වලට අදාලව සෞඛ්‍ය වෘත්තිකයන්ට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී සාමුහික වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙමින් හෝ එම තත්වයන් විසඳා ගැනීමට සිදුවන බවත් ඉතා කාරුණිකව පෙන්වා දෙමු.

1. වැටුප්, දීමනා සහ නිවාඩු යන වරප්‍රසාද නොවෙනස්ව අනෙකුත් කාර්යාල හා රජයේ සේවාවන් අමතර විශේෂ නිවාඩු ලබා ගනිද්දී සෞඛ්‍ය සේවාව පමණක් කිසිඳු අමතර වරප්‍රසාදයක් නොමැතිව සාමාන්‍ය පරිදි සේවා සැපයිය යුතුව ඇත.
2. එලෙස නිවාඩු ලබා ගත් රජයේ සේවකයන් මින් පෙර අවස්ථාවලදීද (කොරෝනා වසංගතය) සියළුම වරප්‍රසාද නොවෙනස්ව භුක්ති විඳි අතර අමතර වරප්‍රසාදයක් නොමැතිව සියළු කැපකිරීම සිදු කල සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා පසු කාලීනව හෝ කිසිඳු අමතර වරප්‍රසාදයක් හිමි නොවීම හා අයවැය හරහාද දශක ගණනාවක් පුරා භුක්ති විඳි නිවාඩු දින දීමනා (1/20) අගය හා අතිකාල රේට් අගය කප්පාදුවට ලක් කිරීම.
3. රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම හරහා ප්‍රවාහන, ආපන ශාලා, දෛනික වෙළඳාම් වැනි බහුතරයක් සේවා සැපයීම් බිඳ වැටීම සිදු වන අතරතුර සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ සෞඛ්‍ය සේවාකයන්ට අමතර පිරිවැයක්, කාලයක් සහ කැපවීමක් විඳදරාගැනීමක් සිදුවීම.
4. අනෙකුත් රජයේ සේවකයන්ට ඉදිරි බදාදා දිනයන්හිදී වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සැලසෙද්දී අත්‍යාවශ්‍ය කරුණක් සඳහා හෝ නිවාඩු ලබා ගන්නා සෞඛ්‍ය වෘත්තිකයන්ට හා සෞඛ්‍ය සේවකයන්ට තම නිවාඩු ඒ වෙනුවෙන් කැපකිරීමට හෝ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට සිදු වීම.
5. බලශක්ති අර්බුධයට අදාලව මේ වන විට ලබා දී ඇති පිළියම් තුල සෞඛ්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් කිසිඳු අයුරකින් විශේෂ සැලකීමකට ලක් කර නොතිබීම.
6. සතියේ දිනයක් වූ බදාදා දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීම තුල බිඳ වැටෙන සායනික සේවාවන් හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවන්, රසායනාගාර සේවාවන් ඇතුළු වෙනත් සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම හෝ නොගැනීම වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ට හා සෞඛ්‍ය සේවකයන්ට අමතර පහසුකම් නොසැලසීම.

එනයින්, මේ පිළිබඳ වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටින අතර 2026.03.18 බදාදා දිනයට ප්‍රථම සාධනීය ප්‍රතිචාර නොලැබෙන්නේ නම් තනි තනි හෝ සාමුහික වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙමින් හෝ මෙම ගැටළු විසඳාගැනීමට සිදුවන බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

ස්තුතියි!
මෙයට, විශ්වාසී

දිසානායක කුමාර - වැ.බ. සභාපති - SLAGMLT
ලෙසන්ත චතුරංග - ප්‍රධාන ලේකම් - SLAGMLT

27/02/2026

"මාධ්‍ය නිවේදනය - සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය"

ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා – නව සෞඛ්‍ය සන්ධානයක්

කොළඹ, වෘත්තිවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේදී අද තියෙන සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේය.

රෝගීන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය බරපතළ අභියෝගයකට ලක්ව ඇති වර්තමාන පසුබිම තුළ, සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් “සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය” නව සමූහ ව්‍යුහයක් ලෙස අද කොළඹ වෘත්තීයවේදීන්ගේ සංගම් කාර්යාලයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම සන්ධානයේ මූලික අරමුණ වන්නේ — වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, ද්විතියික සේවා, රියදුරු, සාත්තු සේවක සහ සෞඛ්‍ය කාර්ය සහයක ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එකම පොදු අරමුණක් යටතේ එක්කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සහ සේවක–රෝගී අයිතිවාසිකම් එකවර සුරක්ෂිත කිරීම වේ.

වර්තමාන තත්ත්වය පිළිබඳ අපගේ අවධානය

අද සෞඛ්‍ය පද්ධතිය තුළ පහත බරපතළ ගැටලු එකවර උද්ගත වී ඇති බව අපි අවධාරණය කරමු:

කාර්ය මණ්ඩල හිඟය හා යාවත්කාලීන නොවූ Cadre

උසස්වීම් හා පත්වීම් ප්‍රමාදය

ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය

සේවාවේ වක්‍ර පුද්ගලිකරණ ප්‍රවණතා

වෘත්තීය සමිති මර්දනය හා දේශපාලනීකරණය

සේවකයන්ට හා රෝගීන්ට අනාරක්ෂිත සේවා පරිසරය

නව නීති හරහා සේවකයා මත අසමතුලිත වගකීම් පැටවීම.

මෙම සියලු ගැටලු වල අවසාන බලපෑම එල්ල වන්නේ රෝගියාට බව අපි පැහැදිලිව සඳහන් කරමු. දිගු පෝලිම්, ශල්‍යකර්ම ප්‍රමාද, බෙහෙත් පිටතින් මිලදී ගැනීමට සිදුවීම වැනි තත්ත්වයන් “නිදහස්” සෞඛ්‍ය සේවාවේ මූලික මූලධර්මයට පටහැනි වේ.

රෝගී අයිතිවාසිකම් පිළිබඳ අපගේ ස්ථාවරය

රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය. එහෙත් —

> රෝගී අයිතින් + සේවක අයිතින් + රාජ්‍ය වගකීම්
යන තුනම සමතුලිතව සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් අවශ්‍යය.

පහසුකම් නොමැති පද්ධතියක වගකීම සේවකයා මත පමණක් පැටවීම අනාගතයේදී රෝගියාටත් සේවකයාටත් හානිදායක වේ.

අනතුරු දීමනාව පිළිබඳ ඉල්ලීම

සෞඛ්‍ය සේවාව තුළ ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණ, ආක්‍රමණශීලී හා මානසික අවදානම් විශාල වශයෙන් පවතින බැවින්, අන්තර්ජාතික Occupational Safety and Health (OSH) මූලධර්ම අනුව —

සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මූලික වැටුපෙන් 15% අනතුරු (Hazard/Risk) දීමනාවක් ලබා දිය යුතුය යන්න අපගේ ඒකාබද්ධ ස්ථාවරය වේ.

රජයට ඉදිරිපත් කරන ප්‍රධාන ඉල්ලීම්

සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය ලෙස අපි රජයෙන් වහාම ඉල්ලා සිටින්නේ:

1. වෘත්තීය සමිති සමඟ විධිමත් සාකච්ඡාවක් ආරම්භ කිරීම
2. Cadre, උසස්වීම්, ස්ථානමාරු, ඖෂධ/උපකරණ හිඟය පිළිබඳ කාලසීමා සහිත ලියවිලිමය විසඳුම්
3. නිදහස් සෞඛ්‍ය සේවාවට හානි කරන පුද්ගලිකරණ ධාවන නවතා විවෘත ජාතික සංවාදයක්
4. සේවක–රෝගී අයිතිවාසිකම් එකවර සුරක්ෂිත කරන පොදු ප්‍රතිපත්තියක්
5. සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට 15% අනතුරු දීමනාව ලබා දීම

*ඉදිරි ක්‍රියාමාර්ග*

රජය විසින් සාධනීය සාකච්ඡාවක් සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, සෞඛ්‍ය සේවා වෘත්තීය සමඟති සන්ධානය ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා නායකත්වය දීමට සූදානම් බව ද අපි මෙයින් දැනුම් දෙමු.

මෙය හුදෙක් වෘත්තීය ඉල්ලීම් සටනක් නොව —
නිදහස් සෞඛ්‍ය සේවාව, රෝගියාගේ අයිතිය සහ සෞඛ්‍ය සේවකයාගේ ගෞරවය රැක ගැනීමේ ජාතික වගකීමක් බව අපි අවධාරණය කරමු.

✅ සාකච්ඡාවෙන් ගැටලු නිරාකරණය කරමු
✅ අයිතිවාසිකම් උදෙසා එකමුතුවෙන් සිටිමු
✅ නිදහස් සෞඛ්‍ය සේවාව රැකගනිමු

මේ සංධානයේ පාර්ශ්වකරුවන් ලෙස
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය නිළධාරීන්ගේ සංගම්
සෞඛ්‍ය කාර්ය සහායක සංගම් ලෙස නිදහස් සෞඛ්‍ය සේවක සංගමය ආදි සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ වීම විශේෂත්වයක් විය.

#පත්තරnewscut

Address

No. 25/2
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Association Of Medical Laboratory Scientist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sri Lanka Association Of Medical Laboratory Scientist:

Share