28/06/2026
මම දැකලා තියෙනවා සමහර නෝනලා මහත්තුරු Comment දාලා තියෙනවා දන්සැල් බලන්න තියෙන වුවමනාව කඩ බලන්න තිබ්බා නම් කියලා.
බොහොමයක් දෙනා හිතන්නේ උත්සව රාජකාරී කියන්නේ දන්සැල් ටික බලන එක කියලා.
ඇත්තටම උස්සව සමයත් සමග සමහර නගර ජනාකීර්ණ වෙනවා.
එහෙම වෙනකොට ඇතැම් වෙළන්දන් ඒ කාල වකවානුව තුළ
"බොරදියේ මාලු බානවා"
මේ තියෙන්නේ හෝටලයක යහමින් පිසීමට ආහාර ගබඩා කර තිබූ ආකාරය.
ඔය photo එකේ තියෙන්නේ Fried Rice සෑදීමට පිසූ බත් කිලෝ 11.0ක් සනීපාරක්ෂාවට අහිතකර ලෙස,
පිසූ බත් සහ අමු මාලු සහ මස් සමග ගබඩා කර ඇති ආකාරය.
ඉතිම් මේ fried rice එක ඔබ 1200/=ක්වගේ මුදලකට මිලදී ගන්නවා.
ඒවගේම කාලා ඉතුරු උන සෝසේජස් ටිකක් ලූණු කෑලී ටිකක් Fridge එකේ දාලා අරං තියලා තියෙන්නේ විසිකරන්න කියලද ඔයාලා හිතන්නේ.
ඉතිම් උත්සව රාජකාරී කියන්නේ දන්සැල් බලන එක විතරක් නෙමේ.
දූවිලි වදින්නේ නැතුව බූන්දි ටික,මුරුක්කු ටික වහලා තියෙන තැන ඉදලම
මාස්ක් එකක් දාගෙන,එප්‍රන් එකක් දාගෙන,cap එකක් දාගෙන,Glouse දෙකක් දාගෙන සෞඛ්‍යාරක්ෂිතව දන්සැලක් දෙන එක දක්වාම
ඒ තියෙන්නේ ආහාර සෞබ්‍යය වෙනුවෙන් PHI ලගේ තියෙන කැපවීම..
දන්සලක පොලීමේ ඉදං පිරිසිදු කෑම ටිකක් කන බොන ගමන්...
PHI ලට බණින්න....
එත් අපි,
පොලිතින්, ප්ලාස්ටික් පරිසරයට අවිධිමත් විදියට පරිසරයට දාන්න නොදී,
පිරිසිදු කෑම බීම ලැබෙන්න සලස්වලා,
ඔබව රැක බලා ගන්නේ,
රටක වැදගත්ම කෙනා පුරවැසියා බැවින්
එම ගෞරවය ඔබට ඇති නිසායි.
උපුටා ගැනීම - මහජන සෞඛ්‍ය පරීක්ෂක දිමුතු ප්‍රසන්න රණසිංහ මහතාගේ facebook ගිණුමෙනි.