Nirvana Wandana

Nirvana Wandana Personal blog

ජීවිතයට හොද දේවල් එන්නේ බොහෝම හෙමින් .අපිව හුගාක් පරීක්ෂාවට ලක් කරමින් . ඒ පරීක්ෂණ වලින් සමත් වෙන්න නම් අපිට ගණ දෙවි නුව...
31/05/2026

ජීවිතයට හොද දේවල් එන්නේ බොහෝම හෙමින් .අපිව හුගාක් පරීක්ෂාවට ලක් කරමින් .
ඒ පරීක්ෂණ වලින් සමත් වෙන්න නම් අපිට ගණ දෙවි නුවණ තිබිය යුතුයි . ඒකයි කෝටි සංඛ්‍යාත බැතිමතුන් එතුමාව අදහන්නේ සහ එතුමාට ඉන්නේ .
ඔබට ගණ දෙවි පිහිටයි🙏🙏🙏

#ඵෙතිහාසික කෝට්ටේ රජමහා විහාරය

මේ සුන්දර මල්මාලාවෝ ඔබ වෙනුවෙන්මයි ගණපති දෙවියණි 🙏🙏🙏
28/05/2026

මේ සුන්දර මල්මාලාවෝ ඔබ වෙනුවෙන්මයි ගණපති දෙවියණි 🙏🙏🙏

ඔබට ඉතා සුවබර දිවියක් ගණපති දෙවියන් විසින් සාදා දෙන්නේය . එතුමාව ප්‍රශංසා කරන්න . ස්තූති කරන්න . ස්තූතියි ස්තූතියි ස්තූත...
28/05/2026

ඔබට ඉතා සුවබර දිවියක් ගණපති දෙවියන් විසින් සාදා දෙන්නේය .
එතුමාව ප්‍රශංසා කරන්න . ස්තූති කරන්න .
ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ මහා බල ඇති ගණ දෙවිදුනි 🙏🙏🙏

28/05/2026
මහා ගනපති දෙවිදුන් උදෙසා මා අතින්ම සාදා පිළියෙළ කරගත් අග්ගලා පූජාව . එලෙසම පොල් යනු එතුමා බොහෝ ප්‍රිය කරන දෙයක් නිසා එතු...
27/05/2026

මහා ගනපති දෙවිදුන් උදෙසා මා අතින්ම සාදා පිළියෙළ කරගත් අග්ගලා පූජාව .
එලෙසම පොල් යනු එතුමා බොහෝ ප්‍රිය කරන දෙයක් නිසා එතුමා ඉදිරියේම පොල් ගෙඩිය බිද එහි ජලය වීදුරුවකට දමා පූජා කර , දෙපළු වූ පොල් ගෙඩිය එතුමා වෙනුවෙන්ම පූජා කළෙමි .

කිරි පූජාවද මල් පහන් සුවද දුම් පූජාද සිදු කර අලංකාර සුවදවත් මල් මාලා ගෙළට දමා එතුමාට ස්තූති කළෙමි . එසේම එතුමාට ප්‍රශංසා කරනු වස් නම් දහසම සජ්ජායනා කළෙමි . පින් දුනිමි 🙏
ප්‍රශ්න , ගැටළු තුරන් වී නිවසෙහි සෞභාග්‍ය ලගා වීම පිණිස දැඩි කැපවීමෙන් සහ භක්තියෙන් මෙවැනි පූජා සිදු කළ යුතුය .
අවසන එකුමාගේ නම් දහස ගායනා කර එකුමාට පින් අනුමෝදන් කළෙමි . සහස්‍ර නාම පූජාව යනු මෙයයි .

රතු පැහැති මල් වලට ප්‍රිය කරන දෙවිදුණි , මම ඔබට නමස්කාර කරමි 🙏
26/05/2026

රතු පැහැති මල් වලට ප්‍රිය කරන දෙවිදුණි ,
මම ඔබට නමස්කාර කරමි 🙏

26/05/2026

ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏

ජීවිතයේ අසරණ වූ සෑම විටම එතුමාගේ පිළිරුව අසළ රතු මලක් තබා පහනක් දල්වා ඔබ කැමති ආකාරයට බොහෝ හිතවත්ව එතුමාට තම දුක සැළ කර ...
26/05/2026

ජීවිතයේ අසරණ වූ සෑම විටම එතුමාගේ පිළිරුව අසළ රතු මලක් තබා පහනක් දල්වා ඔබ කැමති ආකාරයට බොහෝ හිතවත්ව එතුමාට තම දුක සැළ කර සිටින්න . එතුමා ක්ෂණිකව ඔබට අවැසි උත්තරමාලා විශ්වය තුළින් ලබා දීමට කටයුතු කරනු ලබයි .
එතුමා ඉදිරියෙහි කිසිවෙක් අසරණ වනවාට එතුමා ප්‍රිය නොකරයි . තම බැතිමතුනව පණ මෙන් සුරකියි .
මාගේ ගණ දෙවිදුණි ඔබට නමස්කාර වේවා 🙏

මාගේ ප්‍රියතම දෙවිදුණි , රාත්‍රි අන්ධකාරය ආලෝකමත් වන්නේ ඔබ නමින් දල්වන පහනෙහි දීප්තියෙනි . ඔබ වහන්සේ අපට ප්‍රඥාව ප්‍රදාන...
26/05/2026

මාගේ ප්‍රියතම දෙවිදුණි ,
රාත්‍රි අන්ධකාරය ආලෝකමත් වන්නේ ඔබ නමින් දල්වන පහනෙහි දීප්තියෙනි .
ඔබ වහන්සේ අපට ප්‍රඥාව ප්‍රදානය කරනු ලබන්නේ ඔබ කෙරෙහි අප තුළ වූ පරම පවිත්‍ර භක්තිය නිසාමය .
මනුෂ්‍යයන් වූ අපට යායුතු හරි මග පෙන්වීම ඔබෙන් ලැබෙනා බව සත්‍යයකි .
ඔබ වහන්සේ අපගේ අකුසල් දුරු කරගැනීමට අවැසි පින බහුල කරන කාර්‍යයන් තුළ අපව නිරත කරවන බව දනිමි .
අපට පැමිණෙන බාධා දුරු කර දෙන, අපගේ අකුසල් අවම කර , පිනෙන් අපව පුරවාලන දෙවිදුණි ,
ඔබට ප්‍රශංසා කරමි 🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nirvana Wandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share