Jayesha Ayurveda Weda Medura

Jayesha Ayurveda Weda Medura Ayurveda Treatments and Health Care

24/08/2026
නියපොතු දිලීර ආසාදනය (Nail Fungus):නියපොතු දිලීර ආසාදනය හෙවත් Onychomycosis යනු අත් නියපොතු හෝ පා නියපොතු වල ඇතිවන දිලීර...
23/08/2026

නියපොතු දිලීර ආසාදනය (Nail Fungus):

නියපොතු දිලීර ආසාදනය හෙවත් Onychomycosis යනු අත් නියපොතු හෝ පා නියපොතු වල ඇතිවන දිලීර ආසාදනයකි. මෙය පා නියපොතු වල බහුලව දක්නට ලැබෙන අතර නියපොත්ත ඝන වීම, වර්ණය වෙනස් වීම, පහසුවෙන් කැඩී යාම සහ හැඩය විකෘති වීම සිදුවිය හැක.

🟣 සාමාන්‍ය හේතු

➟ බොහෝ විට Dermatophyte නම් දිලීර මගින් ඇතිවේ.
➟ Yeast සහ Mold වර්ගයේ දිලීර මගින්ද ආසාදනය විය හැක.
➟ පාදයේ ඇති Athlete’s foot ආසාදනය නියපොතු වෙත පැතිරිය හැක.
➟ උණුසුම් හා තෙත් පරිසරය සහ දහඩිය සහිත සපත්තු ආසාදන අවදානම වැඩි කරයි.
➟ දියවැඩියාව, වයස්ගත වීම, රුධිර සංසරණය දුර්වල වීම, නියපොතු වලට සිදුවන තුවාල සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම වැනි තත්ත්වයන් නිසා අවදානම වැඩි විය හැක.

🟣 සාමාන්‍ය ලක්ෂණ

➟ නියපොත්ත කහ, සුදු, දුඹුරු හෝ මැලි/අඳුරු පැහැයට පත්වීම.
➟ නියපොත්ත ඝන වීම.
➟ නියපොත්තේ දාර කැඩී යාම, කුඩු වීම හෝ රළු වීම.
➟ නියපොත්තේ හැඩය විකෘති වීම.
➟ නියපොත්ත යට අපද්‍රව්‍ය එකතු වීම.
➟ කාලයත් සමඟ නියපොත්ත නිය ඇඳෙන් (nail bed) වෙන් වීමට පටන් ගැනීම.

🟣 වෙනත් ඇතිවිය හැකි ලක්ෂණ

➟ සපත්තු පැළඳීමේදී සුළු වේදනාවක් හෝ ස්පර්ශයට සංවේදී බවක් ඇතිවීම.
➟ අප්‍රසන්න දුර්ගන්ධයක් ඇතිවිය හැක.
➟ කාලයත් සමඟ නියපොතු කිහිපයකටම ආසාදනය පැතිරිය හැක.

🟣 කළමනාකරණය / ප්‍රතිකාර

➟ නියපොතු කෙටිව හා පිරිසිදුව තබා ගන්න.
➟ පාද වියළිව තබා ගන්න. තෙත් වූ මේස් නිතර මාරු කරන්න.
➟ Athlete’s foot තිබේ නම් එයටද එකවර ප්‍රතිකාර කරන්න.
➟ සුළු ආසාදන සඳහා නියපොතු මත යොදන දිලීර නාශක ඖෂධ භාවිතා කළ හැක.
➟ පා නියපොතු ඉතා සෙමින් වර්ධනය වන බැවින් ප්‍රතිකාරයෙන් පසු පැහැදිලි වෙනසක් දැකීමට මාස කිහිපයක් ගත විය හැක.

🟣 නැවත ආසාදනය වීම වැළැක්වීම

➟ වාතය හොඳින් ගමන් කළ හැකි සපත්තු පළඳින්න.
➟ පොදු නාන කාමර, Shower සහ ඇඳුම් මාරු කරන ස්ථානවල පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින්න.
➟ නිය කපන උපකරණ හෝ සපත්තු වෙනත් අය සමඟ බෙදා නොගන්න.
➟ ආසාදනයට ලක්වූ සපත්තු සුදුසු ලෙස විෂබීජහරණය කරන්න හෝ අවශ්‍ය නම් වෙනත් සපත්තු භාවිතා කරන්න.
➟ නියපොතු නැවත නැවත තුවාල වීමෙන් වළකින්න. පාද වියළිව තබා ගන්න.

🟣 වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා

➟ නියපොතු කිහිපයකටම ආසාදනය වී ඇත්නම්.
➟ නියපොත්ත වේදනාකාරී, ඉදිමුණු හෝ දැඩි ලෙස විකෘති වී ඇත්නම්.
➟ ප්‍රතිකාර කළත් තත්ත්වය වැඩිදියුණු නොවන්නේ නම්.
➟ නිය අවට සම රතු වීම, සැරව ඇතිවීම හෝ ආසාදනය සම හරහා පැතිරීමක් තිබේ නම්.
➟ දියවැඩියාව, රුධිර සංසරණය දුර්වල වීම හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම වැනි තත්ත්වයක් තිබේ නම්.

⚠️ වැදගත්:-
මෙම තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර වෛද්‍ය උපදෙස්, නිවැරදි රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර වෙනුවට භාවිතා නොකළ යුතුය. දිගු කාලයක් පවතින හෝ පුළුල් නියපොතු වෙනස්කම් තිබේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් පරීක්ෂා කරවා ගැනීම වැදගත්ය.

🏵️​අත්නියපොතු සැපීම හොඳ පුරුද්දක් නොවන්නේ ඇයි?එය හානිකර නොවන බව පෙනුනද, ඔබේ සෞඛ්‍යයට, පෙනුමට සහ යහපැවැත්මට හානි කළ හැකිය...
19/08/2026

🏵️​අත්නියපොතු සැපීම හොඳ පුරුද්දක් නොවන්නේ ඇයි?

එය හානිකර නොවන බව පෙනුනද, ඔබේ සෞඛ්‍යයට, පෙනුමට සහ යහපැවැත්මට හානි කළ හැකිය.
​අත්නියපොතු සපෑම හානිකර වන්නේ ඇයි?
​රෝගකාරක බීජ සහ ආසාදන පැතිරෙයි
අත්නියපොතු වල කුණු, වෛරස්, බැක්ටීරියා සහ දිලීර එකතු වේ. ඒවා සපෑමෙන් මෙම බීජ ඔබේ මුඛයට සහ ශරීරයට ඇතුළු විය හැක.
​ආමාශ සහ අන්ත්‍ර ආසාදන ඇති විය හැක
නියපොතු වල ඇති බීජ නිසා පාචනය, ටයිෆොයිඩ්, කොලරාව සහ වෙනත් ආමාශයික ආසාදන වැනි රෝග ඇති විය හැක.

​දත් සහ විදුරුමස් වලට හානි කරයි
නියපොතු සපෑමෙන් දත් කැඩීම, එනමලය ගෙවී යාම, හනුවේ කැක්කුම, විදුරුමස් තුවාල වීම සහ දත් ඇද වීම පවා සිදුවිය හැක.
​නියපොතු සහ ඇඟිලි වලට හානි කරයි
එයින් නියපොතු වටා සම ඉදිමීම, නියපොතු හැඩය වෙනස් වීම සහ ඇඟිලිවල පෙනුම අවලස්සන වීම සිදු විය හැක.
​මානසික ආතතිය සහ බිය/කනස්සල්ල හා සම්බන්ධයි
එය බොහෝ විට මානසික ආතතිය, කම්මැලිබව හෝ බිය/කනස්සල්ල පිළිබඳ ලක්ෂණයක් වන අතර එය නතර කිරීමට අපහසු නරක පුරුද්දක් බවට පත්විය හැක.

​ඒ හරහා ඔබට බැක්ටීරියා ශරීරගත විය හැකිද?
​ඔව්! ඔබේ අත් දිනපතා දොර අගුලු, ජංගම දුරකථන, මුදල්, පරිගණක යතුරුපුවරු සහ වැසිකිලි වැනි බොහෝ මතුපිටවල ස්පර්ශ වේ.

​ශරීරගත විය හැකි බැක්ටීරියා සහ පරපෝෂිතයන්:
​E. coli
​Salmonella
​Staphylococcus aureus
​Streptococcus
​දිලීර (Fungi)
​පරපෝෂිතයන් (උදා: පණුවන්)
​අවධානයට: මේවා මගින් ආසාදන, සමේ රෝග, ආහාර විෂ වීම් සහ ශ්වසන පද්ධතියේ ආසාදන ඇති විය හැක.

🌼​අත්නියපොතු සපෑම නතර කරන්නේ කෙසේද?

°°°​හේතු හඳුනා ගන්න: ඔබ නියපොතු සපන්නේ කුමන අවස්ථාවලදීදැයි හඳුනාගෙන (මානසික ආතතිය, කම්මැලිබව, TV බලන විට, පාඩම් කරන විට ආදී) ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න වෙනත් විසඳුම් සොයන්න.

°°°​අත් වෙනත් වැඩක නිරත කරවන්න: 'Stress ball' එකක්, පෑනක් හෝ වෙනත් ක්‍රීඩා භාණ්ඩයක් භාවිත කර අත් නිතරම වෙනත් වැඩක යොදවන්න.

°°°​නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගන්න: නියපොතු කොටට සහ පිරිසිදුව තැබීමෙන් සපෑමට ඇති ආශාව අඩු වේ.

°°°​තිත්ත නිය ආලේපන (Bitter Nail Polish) භාවිත කරන්න: තිත්ත රසැති නිය ආලේපන ගෑමෙන් මෙම පුරුද්ද පාලනය කරගත හැක.
​අත්වල තෙතමනය පවත්වා ගන්න: වියළි සම නිසා නියපොතු සපෑමට පෙළඹිය හැක. නිතර 'Hand cream' හෝ 'Cuticle oil' භාවිත කරන්න.

°°°​සන්සුන් වීමේ ව්‍යායාම කරන්න: ගැඹුරු ශ්වසනය, ව්‍යායාම, යෝග හෝ භාවනාව මගින් මානසික ආතතිය අඩු කරගත හැක.
​කෙටි කාලීන ඉලක්ක තබා ගන්න: නියපොතු නොසපා සිටින කාලයට ඔබටම පුංචි තෑග්ගක් ලබා දෙන්න. පුංචි පියවර විශාල වෙනසකට මග පාදයි.

°°°​අන් අයගේ සහාය ලබා ගන්න: මෙම පුරුද්ද නතර කිරීමට ඔබට උදව් වන ලෙස සහ මතක් කරන ලෙස මිතුරෙකුට හෝ පවුලේ අයෙකුට පවසන්න.
​ඔබ දැන සිටියාද?

****නියපොතු සපෑම විද්‍යාත්මකව Onychophagia ලෙස හැඳින්වේ. මෙය අවධානයෙන් සහ පුහුණුවෙන් නතර කරගත හැකි ශරීරය ඇසුරු කරගත් පුරුද්දකි.

​මෙම පුරුද්ද නතර කිරීමේ වාසි:-

*​යහපත් සමස්ත සෞඛ්‍යය
*​ආසාදන ඇතිවීමේ අවදානම අඩුවීම
*​ශක්තිමත් දත් සහ විදුරුමස්
*​නිරෝගී, ලස්සන නියපොතු සහ සම
*​අඩු මානසික ආතතිය සහ වැඩි ආත්ම විශ්වාසය..

​යහපත් ස්වයන් ප්‍රතිරූපය සහ යහපත් පුරුදු
​අද තබන කුඩා වෙනස, හෙට දින යහපත් සෞඛ්‍යයකට මග පාදයි!

19/08/2026

අක්මාවේ දුක්ගැනවිල්ල 1️⃣ comment 👇

19/08/2026

බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක්ද?”

මෙම ප්‍රශ්නයට පිළිතුරු අධ්‍යනය කිරිමේදි ත්‍රිපිටකය, ආටුටාව, හා ආයුර්වේද සෘෂි භාෂිත ඇසුරින් ලියවුන පුස්තකද ඇසුරුකිරිම වඩාත් උචිතය.. එසේ බලන විට ඉතා වැදගත් කරුණු බොහෝමයක් අවබෝධකර ගත හැකිය.
බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ශාරීරික රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙස නොව, සියලු සත්ත්වයන්ගේ දුක්ඛයට මූලික හේතුව හඳුනාගෙන එයට ප්‍රතිකාර මාර්ගය පෙන්වන “අනූපම වෛද්‍යවරයා” ලෙස සූත්‍ර පිටකයේ සදහන් වෙයි.

ලොව මා ඇසු සාර්ථකම මනෝ උපදේශකයාණෝ නම් ගෞතම බදුරජාණන් වහන්සේයි. බ්‍රාහ්මණ ආධ්පත්‍යයට යටත්ව පැවති එදා ඉන්දීය සමාජයතුල මුල්බැසගෙන තිබුණේ කුලභේද, ස්ත්‍රිපරුෂ භේදය අනුව පාගා ගෙන බ්‍රහ්මයන් පමණක් ශ්‍රේෂ්ඨයන් ලෙස වන්දනාමාන වලට පාත්‍රවන යුගයකි. වේද න්‍යාය ධර්මන්ට අනුව විමුක්තිය සොයමින් ශරිරයට දැඩි දුක්දෙන ආත්මවාදි සංකල්පයෙන් යුත් සමාජයක බුද්ධත්ව⁣යෙන් පසු පලමු ධර්මදේශනාවේදි බුදුරජානන් වහන්සෙ දේශනාකල ධම්මචක්කප්පවත්වන සුත්‍ර දේශනාවෙන් පසු ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනාවෙන් පසු බ්‍රාහ්මණ සංකල්පවලට මහා පහරක් වැදුණි.
අද සමාජයතුලද එවැනි සංකල්පයන් ගොඩ නගන පිරිස් අන්තවාදිව කටයුතු කරන අයුරු දැකගත හැකිය.
බුදුරජාණන් වහන්සේට අනුගත නම් දෙකකි“
භිසක්කෝ
ශල්‍යකන්තො යන වචන දෙකයි.

ඉතිවුත්තකය – බ්‍රාහ්මණ සූත්‍රය හි

අනුත්තරෝ භිසක්කෝ සල්ලකත්තෝ
“Anuttaro bhisakko sallakatto”

එනම්,
“උතුම් වු වෛද්‍යවරයාය; ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයාය.”

මෙය ඉතා වැදගත් සාක්ෂියකි. මෙහි භිසක්ක යනු වෛද්‍යවරයා/භිෂක් යන අර්ථයත්, සල්ලකත්තෝ යනු ශල්‍ය වෛද්‍යවරයා යන අදහසත් දරයි.

බුදුරජාණන් වහන්සේට ජීවක නම් වෛද්‍යවරයා සිටියානම් එතුමන්ගෙ චරිත විඟ්‍රහය සමගම දේශනාවල සදහන් වේ නමි බුදුරජානන් වහන්සේ භිසක්ක ,සල්ලකත්ත වුයේ කෙසේද..
අංගුත්තර නිකායට අයත් චතුන්ක නිපාතෝ රෝග සුත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රෝග දෙකක් ගැන දේශනාකර ඇත.
ද්විමේ ⁣භික්ඛවේ රෝගා .කතමේ ද්වේ ?
කායිකෝච රෝගෝ චේතිසිකෝ රෝගෝ
මහණෙනි මේ රෝගයෝ දෙකකි. ඒ කවර දෙකක්ද යත්
කායික රෝගත් මානසික රෝගත්ය..

එසේම කායික රෝග සෑදි සුව වි සුව⁣යෙන් කලක් සිටියද (වසර ,දෙක, ⁣තුන, දහය, ලෙස ගණන් සදහන් කලද )
මානසික රෝගයෙන් නොපෙලෙනා බව යම් කෙනෙක් ප්‍රතිඥා දේද ඒ රහතන් වහන්සේලා පසේ බුදු හා බුසුවරුන් පමණි යැයි දේශනා කර වදාල සේක.
එසේනම් බුදු රජාණන් වහන්සේ දුකට වෙදානන්ය..
ඒ කුමන දුකකටද
ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුර් ආර්ය සත්‍යය මෙසේ ය:
දුක්ඛ ආර්ය සත්‍යය – දුක්ඛය හඳුනාගැනීම
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය – දුක්ඛයට හේතුව හඳුනාගැනීම
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය – දුක්ඛය නැති කළ හැකි බව හඳුනාගැනීම
දුක්ඛ නිරෝධගාමිනී පටිපදා – දුක්ඛ නිරෝධයට යන මාර්ගය
මෙහිදී වෛද්‍ය ක්‍රමවේදයකට සමාන ව්‍යුහයක් පැහැදිලිව දැකිය හැකිය:
වෛද්‍ය ක්‍රියාවලිය
බුදු දහමේ චතුර් ආර්ය සත්‍යය
රෝගය හඳුනාගැනීම
දුක්ඛය හඳුනාගැනීම
රෝගයට හේතුව සෙවීම
සමුදය හඳුනාගැනීම
සුව කළ හැකිද යන්න
නිරෝධය
ප්‍රතිකාරය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙම සත්‍ය හතර මූලිකවම ඉදිරිපත් වේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ “වෛද්‍යකම” රෝග ලක්ෂණයකට පමණක් ප්‍රතිකාර කිරීමක් නොව, දුක්ඛයේ මූල හේතුව සොයා එය මුලිනුපුටා දැමීමකි.
✴️ විෂ හීය උපමාව — සැබෑ වෛද්‍යවරයාගේ ප්‍රමුඛතාවය
මජ්ඣිම නිකාය 63 – චූළමාලුංක්‍යෝවාද සූත්‍රය තුළ ඉතා ප්‍රබල උපමාවක් තිබේ.
විෂ සහිත හීයෙකින් විදින ලද මිනිසෙකු,
“මට මේ හීය ඉවත් කරන්න කලින් එය විද්ද පුද්ගලයා කවුද? ඔහුගේ කුලය කුමක්ද? හීය සාදන ලද්දේ කුමන ද්‍රව්‍යයෙන්ද
ආදී ප්‍රශ්න සියල්ලට පිළිතුරු දැනගත යුතු යැයි පැවසුවහොත්, ඒ තොරතුරු ලැබීමට පෙර ඔහු මිය යනු ඇත.
බුදුරජාණන් වහන්සේ මෙයින් පෙන්වන්නේ දුක්ඛයෙන් පීඩා විඳින මිනිසාට මුලින්ම අවශ්‍ය වන්නේ දුක්ඛයෙන් මිදීමේ ප්‍රතිකාරය බවයි.
මෙය වෛද්‍යවරයෙකුගේ ප්‍රමුඛතාවයට ඉතා සමීප අදහසකි:

රෝගියාගේ ජීවිතය බේරා ගැනීම → හේතුව හඳුනා ගැනීම → ප්‍රතිකාර කිරීම.

✴️ බුදුරජාණන් වහන්සේගේ “ශල්‍කත්තෝ ලෙස හැදින්වීම

භෞතික ශල්‍ය වෛද්‍යවරයෙකු ශරීරයේ ඇති රෝගකාරකය සැතින් යිච්ජේදනය කර සොය සොයා ශරිරයෙන් ඉවත් කරයි.
බුදුරජාණන් වහන්සේ ද එසේම ලෝභ, ද්වේෂ, මෝහ, තණ්හා සහ උපාදානය වැනි මානසික මූලයන් ඉවත් කිරීමේ දහමක් දේශනා කර පන්චස්කන්දයබමුල් කරගෙන උපදින දුක ඉවත්කර කායික මානසික සුවයබ ලබා ගත හැක නිවනට මාර්ගය දේශනාකල සේක.
ඒ නිසා ඉතිවුත්තකයේ “sallakatto” – ශල්‍ය වෛද්‍යවරයා යන වචනය ඉතා ගැඹුරු අර්ථයක් දරයි.
📍 “බුදුරජාණන් වහන්සේ නූතන බටහිර වෛද්‍ය හෝ අපරදිග ආයුර්වේද වෛද්‍ය හෝ රටතුල ඇති වෙනත් වෛද්‍ය ක්‍රමයකට කිසිසේත් සමානකල හැකිද ?

📍කායික රෝග මානසින රෝග දක්වා වර්ධනයවිය හැකි අතර මානසික රෝගද කායික රෝගයකින් කෙලවර වියහැකි බව බුද්ධ වචනයයි.
බුද්ධ දේශනවතුල ආර්ය ශ්‍රාවකයන් ගිලන් වන්වට පෙර නිරෝගිකම රැක ගන්නට කලයුතු ආචාර්ය ධර්මයන් සදහන්වන අතර මහාවග්ග පාලිය හා චුල්ල වග්ගපාලියෙ ඇති භෛසජ්ජකදකයේ ඇති ඖෂධ මගින් නිරෝගි පැවැත්ම හා රෝගි වු විට කලයුතු ප්‍රතිකාර පද්ධතියක් සදහන් උවද එය කායික රෝග සදහා වෙන්වු ප්‍රතිකාර පද්ධතියක් නොවන බව සදහන් කල යුතුයි. රෝග නිවාරණයටනම් රෝග මුලය හදුනා ගැනිම,දෝෂ තත්ව හදුනා ගැනිම රෝග රෝගි පරික්ෂණ ක්‍රම ආදි න්‍යාය පද්ධතියක් අවශ්‍ය වෙයි. එසේම වත්තක්ඛන්ධකය තුල ආර්යශ්‍රාවයන් වහන්සේලාට පනවා ඇති විනය නීති අධ්‍යනය කිරිමද මේ සදහා අදහසක් ලබා ගැනිමට උපකාරි වේ.එබැවින් බුදු රජාණන් වහන්සේ චිකිත්සා සුත්‍ර වෛද්‍යවරයෙකු වැනි ශාරීරික වෛද්‍යවරයෙක්” යන අර්ථයෙන් නොගත යුතුය.
සූත්‍ර පිටකය අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන කාර්යය වූයේ,
සසර දුක්ඛයට හේතුව → හේතුව නැති කිරීම → නිවන් මාර්ගය පෙන්වීම
යන්නයි.
ඒ නිසා වඩා නිවැරදි ප්‍රකාශය වන්නේ:
“බුදුරජාණන් වහන්සේ ශාරීරික රෝග සඳහා පමණක් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු නොව, සසර දුක්ඛය නම් මහා රෝගය හඳුනාගෙන, එහි මූල හේතුව වන තණ්හාව හා අවිද්‍යාව ඉවත් කිරීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ප්‍රතිකාරය දේශනා කළ, සූත්‍ර පිටකයේම ‘අනූපම වෛද්‍යවරයා සහ ශල්‍ය වෛද්‍යවරයා’ ලෙස හඳුන්වන ලද උතුම් ශාස්තෘවරයාණන් වහන්සේය.”
එමෙන්ම ආයුර්වේදයද ඉන්දීය වේද දහම අතර බිහිවු වසරබ 5000කට එහා ඉතිහාසයක් හිමි රෝග නිධාන හදුනාගෙන සාර්ථක චිකිත්සා පද්ධතියක්තුල රෝග නිවාරණයකරණ ඒ තුලි කායික මානසික සුවතාවය ආරක්ෂා කිරිමට ප්‍රධාන තැනක් දෙන ප්‍රතිකාර පද්ධතියකි.
ජිවක පරපුරේ ආයුර්වේද ආභාෂය තුල වෙනත් රටවල් කරාද මෙම ආයුර්වේද මූලධර්මයන් පැතිරි යන්නට ඇතිමුත් බුදු දහම මෙන්ම බොහෝ රටවල ආයුර්වේද මුලධර්මයන්ද මැකි යන්නට වුවා වියහැක.
ආයුර්වේද මත බෛෟද්ධ ආභාෂයතුල යම් රටක වෙදකමක් ගොඩ නැගුනා සේම එ දහමට ඇති එම ගෞරවාන්විත බව නිසාම අදදත් රජකහ, මහනකම හා සමානව වෙදකම ගෞරවාදරයට මෙන්ම වන්දනීය තත්වයෙන් පිදුම් ලබයි.
නමුත්... බෛෟද්ධ වෙදකම ලෙස
ඇතැමුන් ගොඩනගා ගෙන ඇති න්‍යායන් හා පටු තර්ක බෛෟද්ධ දර්ශනය මෙන්ම වෛද්‍ය වෘතියටද හානි පමුණුවන විද්‍යාත්මකව තහවුරු කල නොහැකි න්‍යායන් බවට බුද්ධ දේශනාව අධ්‍යනයේදි සටහන්කල හැක.

විශේෂයෙන් රෝගය–හේතුව–නිරෝධය–ප්‍රතිකාරය යන චතුරාර්ය සත්‍ය ආකෘතිය වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටියකින් තව ගැඹුරට විග්‍රහ කළ හැකිය.

මතු සම්බන්ධයි..
✍️
ආර්.එන්.පි.හේරත්

23/07/2026

ජලෞකාවචරණය හෙවත් කූඩලු ප්‍රතිකාරය යොදන්නේ කෙසේද?
+++++++++++

ඖෂධීය කූඩැල්ලන්ගේ ප්‍රතිකාරය යනු පුරාණ ඊජිප්තුව දක්වා වසර 3,500ක් පැරණි පිළිවෙතකි. ඖෂධීය කූඩැල්ලන්ගේ ප්‍රතිකාර (hirudotherapy) ඉන්දියාවේ සහ ඊජිප්තුවේ ස්වාධීනව ගැඹුරු, සමාන්තර මූලයන් ඇත. ඊජිප්තු ග්‍රන්ථ සහ හයිරොග්ලිෆ් ක්‍රි.පූ. 1500 දක්වා දිවෙන අතර ඉන්දියානු ආයුර්වේද ග්‍රන්ථ ක්‍රි.පූ. 1300 දක්වා දිව යයි. සංස්කෘතීන් දෙකම ශරීර තරල සමතුලිත කිරීම සඳහා ලේ ගැලීම සඳහා කූඩැල්ලන් භාවිතා කළ නමුත් ඔවුන් වෙනස් වෛද්‍ය රාමු සමඟ එම ක්‍රමයට ප්‍රවේශ විය.

පුරාණ සහ මධ්‍යකාලීන මූලයන් ඖෂධීය කූඩැල්ලන්ගේ පැරණිතම වාර්තාගත භාවිතය ක්‍රි.පූ. 1500 දක්වා දිවෙන ඊජිප්තු සොහොන් සිතුවමක දක්නට ලැබේ. පුරාණ ඊජිප්තුවේ කූඩැල්ලන් ප්‍රතිකාරය පුරාණ ඊජිප්තු වෛද්‍යවරු කූඩැල්ලන් සැලකුවේ රෝගී හෝ අසමතුලිත රුධිරය නිස්සාරණය කිරීමේ ප්‍රාථමික ක්‍රමයක් ලෙසයි. ඊබර්ස් පැපිරස් ක්‍රි.පූ. 1500 පමණ දක්වා දිවෙන මෙම ප්‍රසිද්ධ වෛද්‍ය අත්පිටපත ප්‍රදාහික තත්වයන්, රක්තවාතය සහ විවිධ රුධිර ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා කූඩැල්ලන් භාවිතා කිරීම විස්තර කරයි.

පුරාණ ඉන්දියාවේ කූඩැල්ලන් ප්‍රතිකාරය ඉන්දියාවේ කූඩැල්ලන් භාවිතය ආයුර්වේදය සමඟ ගැඹුරින් බැඳී ඇත. සුශ්‍රැත සංහිතා නම් ශල්‍යකර්මය පිළිබඳ මෙම මූලික සංස්කෘත පාඨ ග්‍රන්ථයේ ජලෞකාවචරණ ලෙස හැඳින්වෙන කූඩැල්ලන් ප්‍රතිකාරය පිළිබඳ කැපවූ පරිච්ඡේදයක් අඩංගු වේ. රක්තමෝක්ෂණය සඳහා කූඩැල්ලන් භාවිතා කළහ. පිළිවෙතේ පරිණාමය පුරාණ ශිෂ්ටාචාරයන් හුදෙක් ලේ ගැලීම සඳහා කූඩැල්ලන් භාවිතා කළ අතර නවීන විද්‍යාව එම පිළිවෙත වලංගු කර ඇත. පුරාණ ඉන්දියානු ශල්‍ය වෛද්‍යවරු කූඩැල්ලන් එකතු කිරීම, ගබඩා කිරීම, පෝෂණය කිරීම සහ යෙදීම පිළිබඳ ඉතා සූක්ෂම ලෙස විස්තර කර ඇත.

එය 19 වන සියවසේ යුරෝපයේ සහ ඇමරිකාවේ රුධිර වහනය සඳහා "කූඩැල්ලන්ගේ උන්මාදය" හරහා ගෝලීය වශයෙන් ජනප්‍රිය විය. අද කූඩැල්ලන්ගේ ප්‍රතිකාරය එක්සත් ජනපද FDA විසින් හඳුනාගෙන ඇති අතර ශිරා තදබදය සමනය කිරීමට සහ අසාර්ථක සමේ බද්ධ කිරීම් වලදී රුධිර ප්‍රවාහය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රතිනිර්මාණය කිරීමේ සහ ප්ලාස්ටික් ක්ෂුද්‍ර සැත්කම් වලදී බහුලව භාවිතා වේ. කූඩැල්ලන්ගේ කෙල වල ජෛව ක්‍රියාකාරී සංයෝග 100 කට වඩා සංකීර්ණ මිශ්‍රණයක් අඩංගු වේ. විශේෂයෙන් හිරුඩින් (ප්‍රබල ප්‍රතිදේහජනකයක්), කැලින් සහ හිස්ටමින් වැනි වාහිනික විස්තාරණයන් එහි අඩංගු වේ.

පසුව මෙම පිළිවෙත පුරාණ ශිෂ්ටාචාර කිහිපයක් පුරා ව්‍යාප්ත විය. ඉන්දියාවේ ක්‍රි.පූ. 800 දී පමණ ශල්‍යකර්ම පිළිබඳ මූලික සංස්කෘත ග්‍රන්ථයක් වන සුශ්‍රැත සංහිතා සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සහ ශාරීරික දෝෂ සමතුලිත කිරීම සඳහා කූඩැල්ලන් භාවිතා කිරීම ලේඛනගත කළේය. ග්‍රීසිය සහ රෝමයේ දී කොලොෆොන්හි නිකැන්ඩර් (ක්‍රි.පූ. 200) සහ ගැලන් (ක්‍රි.ව. 129–ක්‍රි.ව. 216) වැනි වෛද්‍යවරු ශරීර තරල සමතුලිත කිරීමට සහ ප්‍රදාහය සුව කිරීමට කූඩැල්ලන් සඳහා පෙනී සිටියහ. මැද පෙරදිග දී The Canon of Medicine (1020) අවිසෙන්නා වැනි බලගතු වෛද්‍ය විද්වතුන් ශෝථය සහ සමේ රෝග සඳහා කූඩැල්ලන් නියම කළහ.

ජලෞකාවචරණ පිළිවෙත් සඳහා කූඩැල්ලන් සවිෂ (විෂ සහිත හෙවත් ප්‍රතිකාර සඳහා නුසුදුසු) සහ නිර්විෂ (විෂ නොවන හෙවත් වෛද්‍ය භාවිතය සඳහා ආරක්ෂිත) ලෙස වර්ගීකරණය කරයි. Hirudo medicinalis (යුරෝපීය ඖෂධීය කූඩැල්ලන්) සහ Hirudinaria manillensis (ආසියානු ඖෂධීය කූඩැල්ලන්) ක්ෂුද්‍ර ශල්‍යකර්ම සහ ප්‍රතිදේහජනක ප්‍රතිකාර සඳහා බහුලව භාවිතා වන අතර සාම්ප්‍රදායික ආසියානු වෛද්‍ය විද්‍යාවේ සහ නවීන කූඩැල්ලන්ගේ ප්‍රතිකාරයේ භාවිතා වේ. එය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රුධිර වහනය සඳහා බහුලව භාවිතා වන අතර නූතන වෛද්‍ය විද්‍යාවේ එහි ප්‍රතිදේහජනක සහ ප්‍රදාහික ගුණාංග සඳහා යෙදුම් ඇත.

කූඩලු ප්‍රතිකාරය යනු විෂ සහිත රුධිරය නිස්සාරණය කිරීම සඳහා ඖෂධීය කූඩැල්ලන් භාවිතා කරයි. ක්ෂුද්‍ර චක්‍රය වැඩි දියුණු කිරීම සහ සුව කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශරීරයට හිතකර, ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍ය (හිරුඩින් වැනි) ක්‍රියා කරයි. ක්‍රියා පටිපාටිය සාම්ප්‍රදායිකව අදියර තුනකට බෙදා ඇත.

පූර්ව කර්ම: කූඩැල්ලන් කහ සහ අබ තලපයකින් ආලේප කර මිරිදියට මාරු කිරීමට පෙර ඕනෑම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මිනිත්තු 48 ක් ජලයේ තබා ඇත. රෝගියා සකස් කිරීම සඳහා ඉලක්කගත ප්‍රදේශය උණුසුම් ජලයෙන් පිරිසිදු කරනු ලැබේ. සම නොකැඩී ඇති අතර උග්‍ර ලෙස ප්‍රදාහය නොමැති නම් මතුපිට තරමක් රළු කිරීම සඳහා එය ඖෂධීය ද්‍රව්‍ය වලින් අතුල්ලමින් කූඩැල්ලන්ට ග්‍රහණය පිණිස උපකාරී වේ.

ප්‍රධාන කර්ම: ක්‍රියාකාරී කූඩැල්ලන් බලපෑමට ලක් වූ ප්‍රදේශය මත මෘදු ලෙස තබා ඇත. එය ස්වභාවිකව නොගැලපේ නම් කුඩා කටුවක් හෝ රෝගියාගේ රුධිර බිංදුවක් සම මතට දැමීමෙන් එය දෂ්ට කිරීමට උත්තේජනය කළ හැකිය. කූඩැල්ලා දෂ්ට කර ග්‍රහණය කළ පසු උගේ ශරීරය මෘදු, තෙතමනය සහිත සුදු කපු රෙද්දකින් ආවරණය වේ.

කූඩැල්ලාට විනාඩි 45 ක් පමණ රුධිරය උරා ගැනීමට ඉඩ දෙනු ලැබේ. නැතහොත් අපිරිසිදු රුධිරය පරිභෝජනය කිරීමෙන් පසු එය තනිවම වෙන් වන තුරු ඉඩදෙනු ලැබේ. කූඩැල්ලාට කලින් ඉවත් කිරීමට අවශ්‍ය නම් හෝ වේදනාකාරී වුවහොත් කහ කුඩු හෝ ලුණු ස්වල්පයක් උගේ මුඛය මත ඉසිනු ලැබේ. එමඟින් එය වහාම එහි ග්‍රහණය මුදා හරිනු ලැබේ.

පශ්චාත් කර්ම: කූඩැල්ලා රැකවරණය සැලසීම සඳහා වෙන් වූ කූඩැල්ලාට උරා ගත් රුධිරය උගේ ශරීරය මත කහ කුඩු අතුල්ලමින් වමනය කිරීමට සලස්වා, පසුව එය නැවත පිරිසිදු වතුර භාජනයකට දමනු ලැබේ. රුධිරය අඛණ්ඩව කාන්දු වීම නැවැත්වීම සඳහා කහ හෝ ලෝධ්‍ර වැනි කුඩු යොදනු ලබන අතර තද වෙළුම් පටියක් බැඳ තැබීම අවශ්‍ය වේ.

ජලෞකවාචරණ වල ප්‍රතිලාභ ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී එන්සයිම වලින් පොහොසත් කූඩැල්ලන්ගේ කෙළ සමඟ බැඳී ඇත. කූඩැල්ලන්ගේ කෙළ යනු විවිධ ජෛව ක්‍රියාකාරී ප්‍රෝටීන සහ පෙප්ටයිඩ 60 කට අධික සංඛ්‍යාවක සංකීර්ණ මිශ්‍රණයකි. කූඩැල්ලන්ගේ කෙළවල ඇති ප්‍රධාන සංරචක අතරට පහත සඳහන් දේ අඩංගු වේ.

හිරුඩින්: රුධිරය කැටි ගැසීම වැළැක්වීම සඳහා ත්‍රොම්බින් සමඟ බන්ධනය වන ඉතා ප්‍රබල පොලිපෙප්ටයිඩයක් වන වඩාත් ප්‍රසිද්ධ සංරචකය.

කැලින්: රුධිර කැටි ගැසීම වළක්වන සහ පට්ටිකා එකට ගැටීම වළක්වන ප්‍රෝටීනයකි.

ඇපිරේස්: ATP බිඳ දමන එන්සයිමයක් පට්ටිකා එකතු කිරීම සැලකිය යුතු ලෙස අඩු කරන අතර තරල රුධිර ප්‍රවාහය තවදුරටත් සහතික කරයි.

හිස්ටමින් වැනි ද්‍රව්‍ය: රුධිර වාහිනී ප්‍රසාරණය කිරීමෙන් වාහිනික විස්තාරක ලෙස ක්‍රියා කරන සංයෝග, එය දේශීය රුධිර ප්‍රවාහය දැඩි ලෙස වැඩි කරයි.

නිර්වින්දක: දෂ්ට කළ ස්ථානය හිරිවැටීමට ලක් කරන ස්වාභාවික වේදනා නාශක, කූඩැල්ලන්ට එහි ධාරකයා විසින් හඳුනා නොගත් පෝෂණය ලබා දීමට ඉඩ සලසයි.

ඩෙස්ටබිලේස් සහ එග්ලින්: පවතින ෆයිබ්‍රින් කැටි ගැසීම් (ඩස්ටබිලේස්) බිඳ දමා ස්ථානික දැවිල්ල අඩු කරන එන්සයිම සහ ප්‍රෝටීනේස් නිෂේධක.

වේදනාව සහ ඉදිමීම සහනය: කෙළ වල ස්වාභාවික වේදනා නාශක සහ ප්‍රතිප්‍රදාහික සංයෝග (බ්ඩෙලින් සහ එග්ලින් වැනි) අඩංගු වන අතර එමඟින් දෂ්ට කළ ප්‍රදේශය හිරිවැටෙන අතර පටක තදබදය අඩු කරයි.

වැඩිදියුණු කළ රුධිර ප්‍රවාහය: හිරුඩින් ප්‍රතිදේහජනකයක් ලෙස ක්‍රියා කරයි. රුධිරය කැටි ගැසීම වළක්වන අතර නිසි සංසරණය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්ෂුද්‍ර කැටි ගැසීම් විසුරුවා හරියි.

ගැඹුරු පටක සුව කිරීම: හයුලුරොනිඩේස් වැනි එන්සයිම පටක බාධක බිඳ දමයි. මෙම සුව කිරීමේ සංයෝග ගැඹුරට විනිවිද යාමට සහ පටක පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීමට හැකි වේ.

අවම කැළැල්: පැරාශල්‍ය ක්‍රියා පටිපාටියක් ලෙස එයට නිර්වින්දනයක් හෝ මැහුම් අවශ්‍ය නොවන අතර සම්මත සැත්කම් හා සසඳන විට රූපලාවන්‍යමය වශයෙන් උසස් ප්‍රතිඵල ලබා දෙයි.

කූඩැල්ලන්ගේ ප්‍රතිකාරය යනු මෘදු ලේ ගැලීමේ ආයුර්වේද ක්‍රියා පටිපාටියකි. එය ප්‍රධාන වශයෙන් විෂ සහිත පිත්ත සහ රක්තය නිසා ඇතිවන ප්‍රදාහික, සනාල සහ චර්ම රෝග තත්වයන් ඉලක්ක කරයි. මෙම චිකිත්සාව හිරුඩින් වැනි ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍ය හඳුන්වා දීමෙන් වේදනාව, ඉදිමීම, දැවීම සහ තදබදය සමනය කිරීමට උපකාරී වේ.

කූඩැල්ලන්ගේ ප්‍රතිකාරය රුධිර වහන ආබාධ (උදා: හිමොෆිලියා), දරුණු රක්තහීනතාවය, ගර්භණීභාවය සහ ක්‍රියාකාරී ආසාදන ඇති රෝගීන් සඳහා දැඩි ලෙස තහනම් කර ඇත. ප්‍රතිශක්තිය දුර්වල වූ පුද්ගලයින්, අධි රුධිර පීඩනය හෝ වෝෆරින් හෝ NSAID වැනි රුධිරය තුනී කරන ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් තුළ ද එය වළක්වා ගත යුතුය.

සාම්ප්‍රදායික ආයුර්වේද ග්‍රන්ථවල සමාන පුළුල් ප්‍රතිවිරෝධතා දක්වා ඇති අතර සාමාන්‍යකරණය වූ ශෝථය (සර්වාංගශෝථ), ව්‍යාධිජනක කෘශ වීම (ක්ෂීණ), දරුණු උදරරෝග සහ ක්ෂය රෝගය (ශෝෂ) ඇතුළත් තත්වයන් සඳහා කූඩැල්ලන් හරහා ලේ ගැලීම වැළැක්විය යුතු බව සඳහන් කරයි. ආරක්ෂිත පිළිවෙත් සඳහා ක්‍රියා පටිපාටියට විෂ නොවන කූඩැල්ලන් (නිර්විෂ ජලෞක) අවශ්‍ය වන අතර දිගු රුධිර වහනය, දරුණු අසාත්මිකතා ප්‍රතික්‍රියා හෝ දේශීය ආසාදන වැනි අවදානම් වළක්වා ගැනීම සඳහා දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.

ඩැනිස්ටර් පෙරේරා

Address

Ganewatta Dewala Road , Piliyandala
Colombo

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jayesha Ayurveda Weda Medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category