Dr Dilanka Liyanage

  • Home
  • Dr Dilanka Liyanage

Dr Dilanka Liyanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Dilanka Liyanage, Health & Wellness Website, .

27/07/2026

වයස 40 පහු වුණා විතරයි, අකුරු කියවන්න අමාරුද?
ජීවිතයේ දශක හතරක් පසු කරද්දී අපේ ශරීරයේ නොයෙකුත් වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. අතීතයේ සිටම බොහෝ දෙනෙක් පවසන්නේ ජීවිතය සැබෑ ලෙසම ආරම්භ වන්නේ වයස 40 න් පසුව කියායි. නමුත් මේ කඩඉමට එළඹෙද්දී බොහෝ දෙනෙකුට පොත්පත් කියවීමට, ජංගම දුරකථනය පරිහරණය කිරීමට හෝ ඉතා කුඩා අකුරු කියවීමට යම් අපහසුතාවක් දැනෙන්නට පුළුවන්. මීට හේතුව වන්නේ වෛද්‍ය විද්‍යාත්මකව Presbyopia හෙවත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී "හතළිස් ඇඳිරිය" ලෙස හදුන්වන තත්වය නිසායි.

1. හතළිස් ඇඳිරිය (Presbyopia) කියන්නේ මොකක්ද? එය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
තරුණ වියේදී අපේ ඇසේ තිබු ඇති කාචය (Lens) ඉතා නම්‍යශීලී ස්වභාවයක් ගන්නවා. කැමරාවක කාචයක් නාභිගත (Focus) වන ආකාරයටම, දුර සහ ළඟ බලන විට ඇසේ කාචයේ හැඩය ඉක්මනින් වෙනස් කරගන්නට මෙම නම්‍යශීලී බව උදව් වෙනවා. විශේෂයෙන් අප ළඟ ඇති දෙයක් දෙස බලන විට ඇසේ කාචයේ වක්‍රතාව වැඩි කරගෙන, ආලෝක කිරණ නිවැරදිව දෘෂ්ටි විතානය (Retina) මතට නාභිගත කිරීම මෙහිදී සිදු වෙනවා. නමුත් වයස අවුරුදු 40 පසු වන විට මෙම කාචයේ නම්‍යශීලී බව ක්‍රමයෙන් අඩුවී එය ඝන බවට පත් වීමට පටන් ගන්නවා. ඒ සමඟම කාචය අවට ඇති මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයත් යම් දුරකට දුර්වල වන නිසා, ළඟ ඇති දේවල් දෙස බලන විට ආලෝක කිරණ නිවැරදිව දෘෂ්ටි විතානය මතට වැටෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ළඟ ඇති රූප හෝ අකුරු බොඳ වී පෙනෙන්නට පටන් ගන්නවා. මෙය රෝගයක් නොව වයසට යාමත් සමඟ සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක් පමණයි.මේ තත්වය හතළිස් ඇඳිරිය (Presbyopia) ලෙස හදුන්වන්න පුලුවන්.

2. පුද්ගලයෙකුට හතළිස් ඇඳිරිය වැළඳී ඇති බව හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?

හතළිස් ඇඳිරිය යනු එකවරම ඇති වන්නක් නොව කාලයත් සමඟ ක්‍රමයෙන් වර්ධනය වන්නක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 න් පසු මෙය ඇරඹුණත්, ඇතැම් විට ඊට පෙර වුවත් මෙම ලක්ෂණ මතු වීමේ හැකියාව පවතිනවා. ඔබත් පහත දැක්වෙන අපහසුතාවලට මුහුණ දෙනවා නම් එය බොහෝ විට හතළිස් ඇඳිරියේ ලක්ෂණ විය හැකියි. විශේෂයෙන්ම කලින් සාමාන්‍ය පරිදි කියවූ පුවත්පත් හෝ දුරකථනය දැන් පැහැදිලිව බැලීමට නම් එය සාමාන්‍ය දුරට වඩා තරමක් ඈතින්, එනම් අත් දිග හැර තබා ගැනීමට සිදුවීම ප්‍රධාන ලක්ෂණයක්. මීට අමතරව සාමාන්‍ය දුරකින් තබාගෙන කියවීමේදී අකුරු බොඳ වී පෙනීම, මැහුම් ගෙතුම් වැනි සියුම් වැඩවල නිරත වන විට ඇස්වලට අධික වෙහෙසක් හෝ වේදනාවක් දැනීම, කියවීමෙන් පසු හෝ පරිගණක තිරයක් දෙස බලා සිටීමෙන් පසු ඇතිවන හිසරදය සහ අඳුරු ස්ථානවලදී කියවීමට වෙනදාට වඩා වැඩි ආලෝකයක් අවශ්‍ය වීම මෙහි රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකියි.

3. මෙම තත්ත්වය නිවැරදිව හඳුනාගෙන පරීක්ෂා කරගන්නේ කොහොමද?

ඉහත කී ලක්ෂණ ඔබටත් දැනෙනවා නම් ප්‍රමාද නොවී අක්ෂි වෛද්‍යවරයෙකු හෝ සුදුසුකම් ලත් දෘෂ්ටි විශේෂඥයෙකු (Optometrist) හමුවීම ඉතා වැදගත්. මෙය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂාව ඉතා සරලයි. එහිදී ඔබේ ඇස්වල පෙනීම කොපමණ දුර්වල වී ඇත්දැයි බැලීමට (Refraction assessment) විවිධ කාච භාවිතා කරමින් අකුරු පුවරුවක් කියවීමට සලස්වනවා. මෙමගින් ඔබට ගැළපෙනම විසඳුම කුමක්දැයි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබනවා.

4. හතළිස් ඇඳිරිය සඳහා පවතින ප්‍රතිකාර සහ විසඳුම් මොනවාද?

හතළිස් ඇඳිරිය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවත්, ඔබේ පෙනීම යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉතා සාර්ථක ක්‍රම කිහිපයක් පවතිනවා. වඩාත් ප්‍රචලිත සහ සරලම ක්‍රමය වන්නේ කියවීමේ කණ්ණාඩි (Reading glasses) භාවිතයයි. දුර පෙනීමේ ගැටලුවක් නැති අයෙකුට ළඟ බැලීමට පමණක් මේවා භාවිතා කළ හැකියි. එසේම දුර සහ ළඟ යන දෙකම බැලීමට Bifocals හෝ Progressive කණ්ණාඩි භාවිතා කළ හැකි අතර, වර්තමානයේ වඩාත් ජනප්‍රිය වන්නේ රේඛා රහිත සුමට පෙනුමක් ලබා දෙන Progressive කාචයි. මීට අමතරව කණ්ණාඩි පැළඳීමට අකමැති අයට Contact lenses භාවිතා කළ හැකි වුවත් එය ලංකාවේ එතරම් සුලභ නැහැ. තවද, විශේෂඥ වෛද්‍ය උපදෙස් මත LASIK වැනි Laser ප්‍රතිකාර හෝ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් (Cataract surgery) පසු Intraocular Lenses ඇතුළත් කිරීම වැනි ස්ථිර විසඳුම් වෙතද යොමු වීමේ හැකියාව පවතිනවා.

5. වර්තමානයේ බහුලව නිර්දේශ කරන බහුනාභී (Progressive) කණ්ණාඩිවල ඇති විශේෂත්වය කුමක්ද?

සාම්ප්‍රදායික Bifocal කණ්ණාඩිවල මෙන් නොව Progressive කාචවල දුර සහ ළඟ පෙනීම වෙන් කරන රේඛාවක් (No Visible Lines) දකින්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා පෙනුම ඉතා ස්වාභාවික වන අතර ඔබ පැළඳ සිටින්නේ හතළිස් ඇඳිරියට අදාළ කණ්ණාඩියක් බව අනෙක් අයට වැටහෙන්නේ නැහැ. මෙහි තවත් වාසියක් වන්නේ දුර, මධ්‍යම (Intermediate) සහ ළඟ පෙනීම අතර ඉතා සුමට සංක්‍රමණයක් (Seamless Transition) පැවතීමයි. එකම කණ්ණාඩියෙන් රූප එකවර වෙනස් නොවී (No Image Jump) රූපවාහිනී බැලීමට, පරිගණකය භාවිතා කිරීමට මෙන්ම පොතක් කියවීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා.

6. අප අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා මොනවාද?

ඔබ දැනටමත් කණ්ණාඩි භාවිතා කරන අයෙකු නම් අවම වශයෙන් වසර දෙකකට වරක්වත් පරීක්ෂාවක් කරගැනීම සුදුසුයි. එදිනෙදා වැඩකටයුතුවලට පෙනීම බාධාවක් වන විට හෝ නිතර හිසරදය ඇති වන විට අක්ෂි පරීක්ෂාවක් කරගත යුතුමයි. නමුත් එකවරම පෙනීම නැති වී යාම, ඇස් ඉදිරිපිට කළු පැහැති තිත් (Black spots) පාවෙනවා සේ පෙනීම, ආලෝක ධාරා (Flashes of light) පෙනීම, රූප දෙකක් ලෙස පෙනීම (Double vision) හෝ ඇසේ තදබල වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ මතු වූ සැණින් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. මෙහිදී ග්ලුකෝමා, ඇසේ සුද හෝ දියවැඩියාව නිසා ඇසට සිදුවන හානි පිළිබඳවත් පරීක්ෂා කිරීම අනිවාර්ය වෙනවා.

7.හතළිස් ඇදිරිය සම්බන්ධව ඇතැම් පිරිස් අනිසි බියක් දක්වනවා,මේ සම්බන්ධව ලබා දෙන උපදෙස කුමක්ද?
අවසාන වශයෙන් ලබා දෙන උපදෙස තමයි , හතළිස් ඇඳිරිය කියන්නේ බිය විය යුතු දෙයක් නොවේ, නිවැරදි උපදෙස් මත සුදුසු කණ්ණාඩි යුගලක් භාවිතා කරමින් ජය ගත හැකි සාමාන්‍ය තත්ත්වයක්.

©️ වෛද්‍ය දිලංක ලියනගේ

✅අද වන විට අපි හැමෝටම තියෙන ගැටලුවක් තමයි, අපි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් (බටහිර වෛද්‍ය ක්‍රමය) බෙහෙත් ගන්නා විට අද...
25/07/2026

✅අද වන විට අපි හැමෝටම තියෙන ගැටලුවක් තමයි, අපි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් (බටහිර වෛද්‍ය ක්‍රමය) බෙහෙත් ගන්නා විට අදාළ වෛද්‍යවරයා SLMC ලියාපදිංචි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ද, එහෙම නැත්නම් සුදුසුකම් නැති හොර දොස්තර කෙනෙක්ද (Medical quack) කියලා දැනගන්න විදියක් නැතිකම.
ඉතින් හැම වෛද්‍ය මධ්‍යස්ථානයකම තමන්ගේ SLMC Registered නම්බර් එක අදාළ වෛද්‍යවරයා විසින් ප්‍රදර්ශනය කළ යුතුයි. ඉතින් ඔයාලට පුළුවන් මේ SLMC Number එක online check කරලා, අදාළ වෛද්‍යවරයා සත්‍ය ලෙසම SLMC ලියාපදිංචි වෛද්‍යවරයෙක්ද යන්න වග තහවුරු කරගන්න.
1️⃣පළමුව Google එකේ SLMC කියලා search කරලා SLMC වෙබ් පිටුවට යන්න.
2️⃣ඉන්පසු රවුම් කර ඇති ස්ථානය click කරන්න.
3️⃣ලැබෙන Menu එකෙන් Public තෝරන්න.
4️⃣දැන් Registers තෝරන්න.
5️⃣Access the Medical Practitioners Registry තෝරන්න.
6️⃣පළමු Drop Down menu එකෙන් Section 29 (Medical practitioners) තෝරන්න.
7️⃣8️⃣9️⃣දැන් Register Number කියන තැන අදාළ වෛද්‍යවරයාගේ SLMC අංකය සඳහන් කර Search ඔබන්න.
🔟එවිට අදාළ වෛද්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම්, SLMC අංකය, SLMC ලියාපදිංචි වූ වර්ෂය හා නම දිස්වේ. මෙහිදී දිස්වන්නේ අදාළ SLMC අංකයට අදාළ තොරතුරු පමණක් වන නිසා, හොර වෛද්‍යවරයෙක් වෙනත් අයෙකුගේ SLMC අංකයක් භාවිතා කළහොත් එය පහසුවෙන් හඳුනාගත හැකි වේ , තවද ව්‍යාඡ SLMC අංකද කිසිවෙකුට භාවිත කල නොහැක 🙏

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🌪️නහර ගැට ගැසීම (Varicose Veins) කියන්නේ මොකක්ද?🦵🏿අපේ ශරීරයේ රුධිරය නැවත හදවත දෙසට ගෙන යන ශිරා (Veins) තුළ කුඩා කපාට (Va...
24/07/2026

🌪️නහර ගැට ගැසීම (Varicose Veins) කියන්නේ මොකක්ද?

🦵🏿අපේ ශරීරයේ රුධිරය නැවත හදවත දෙසට ගෙන යන ශිරා (Veins) තුළ කුඩා කපාට (Valves) පිහිටා තිබෙනවා. මෙම කපාටවල ප්‍රධාන කාර්යය වන්නේ රුධිරය පහළට ගුරුත්වාකර්ෂණය නිසා ගලා යාම වැළැක්වීමයි.
නමුත් යම් හේතුවක් නිසා මෙම කපාට දුර්වල වූ විට, රුධිරය පහළට ගුරුත්වයට හසු වී එක තැන පිරීමට පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස නහර ඉදිමී, ඇඹරී, සම මතුපිටට නෙරා ඒම සිදුවෙනවා. මෙය නහර ගැට ගැසීම (Varicose Veins) ලෙස හඳුන්වනවා. මෙය බහුලවම දක්නට ලැබෙන්නේ කකුල් සහ කෙණ්ඩා ප්‍රදේශයේයි.
🦵🏿ප්‍රධාන රෝග ලක්ෂණ
〰️නහර මතුපිටට නෙරා ඒම: කකුල් වල තද නිල් හෝ දම් පාටින් නහර ඇඹරී ඉදිමී තිබීම.
〰️කකුල් වල වේදනාව සහ බර ගතිය: දීර්ඝ වේලාවක් සිටගෙන සිටින විට කකුල් වල අධික තෙහෙට්ටුවක්, දැවිල්ලක් හෝ වේදනාවක් දැනීම.
〰️ඉදිමීම: සවස කාලය වන විට කකුල් ඉදිමීම.
〰️සමේ වෙනස්කම්: නහර ඇති ප්‍රදේශයේ සම කැසීම, සමේ පැහැය අඳුරු (තද දුඹුරු) වීම හෝ වියළි බව.
〰️කකුල් පෙරළීම: රාත්‍රී කාලයේදී කෙණ්ඩා පෙරළීම (Muscle cramps).
🦵🏿නහර ගැට ගැසීමට හේතු සහ අවදානම් සාධක
〰️දීර්ඝ වේලාවක් එක දිගට සිටගෙන හෝ වාඩිවී සිටීම: ගුරුවරුන්, ආරක්ෂක නිලධාරීන්, ඇඟලුම් ක්ෂේත්‍රයේ සහ කාර්යාලවල එක දිගට වාඩිවී සේවය කරන අය අතර මෙය වැඩියෙන් දැකිය හැක.
〰️වයස්ගත වීම: වයසත් සමඟ නහර වල ඇති කපාට වල ශක්තිමත් බව අඩු වේ.
〰️ගර්භණී සමය: ගර්භණී කාලයේදී සිදුවන හෝමෝන වෙනස්කම් සහ ගර්භාෂයේ බර නිසා කකුල් වල නහර මත ඇතිවන පීඩනය.
〰️අධික තරබාරුකම: ශරීරයේ වැඩි බර නිසා කකුල් වල නහර මත අධික පීඩනයක් ඇතිවීම.
〰️පරම්පරාගත බව: පවුලේ සමීපතමයන්ට මෙම තත්ත්වය තිබේ නම් ඔබටද වැළඳීමේ ඉඩකඩ වැඩිය.
🦵🏿පාලනය කරගන්නේ සහ වළක්වා ගන්නේ කෙසේද?
〰️ඉරියව් නිතර වෙනස් කරන්න: එක දිගට සිටගෙන හෝ වාඩිවී සිටිනවා නම්, විනාඩි 30කට වරක්වත් සුළු මොහොතක් ඇවිදින්න.
〰️කකුල් ඉහළින් තබන්න: විවේක ගන්නා විට හෝ නිදාගන්නා විට කකුල් යටින් කොට්ටයක් තබා හදවතේ මට්ටමට වඩා තරමක් ඉහළින් තබන්න.
〰️ක්‍රියාකාරී වන්න: ඇවිදීම, පිහිනීම වැනි සුළු ව්‍යායාම මගින් කකුල් වල රුධිර ගමනාගමනය හොඳින් සිදු වේ.
〰️ සිරුරේ බර පාලනය කරගන්න: පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගනිමින් සුදුසු ශරීර බරක් පවත්වා ගන්න.
〰️තද ඇඳුම් සහ උස අඩි පාවහන් භාවිතය අඩු කරන්න: කකුල් වලට රුධිර ගමනාගමනයට බාධා වන තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

🦵🏿වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකි Compression Stockings (විශේෂිත මේස්) මගින් කකුල් වල රුධිර ගමනාගමනය වේගවත් කර වේදනාව සහ ඉදිමීම පාලනය කරගත හැක.

🦵🏿වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කවදාද?
〰️මේ සදහා Vascular/Genral surgeon කෙනෙකු හමු වී සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවන්න.
〰️කකුල් වල වේදනාව හෝ ඉදිමීම දිනෙන් දින වැඩි වෙනවා නම්.
〰️නහර ඇති ප්‍රදේශයේ සම තුවාල වී (Ulcers) සුව නොවන්නේ නම්.
〰️මතුපිට නහරයක් පිපිරී ලේ ගැලීමක් සිදු වුවහොත් (වහාම තුවාලය මත පිරිසිදු රෙදි කඩකින් තද කර කකුල ඉහළට ඔසවා රෝහල් ගත වන්න).

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Dilanka" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 15K ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

©️ වෛද්‍ය දිලංක ලියනගේ

🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂

ඔබ ඩිපෙන්සියා රොගය ගැන දන්නා කරැනු පහතින් comment කරන්න 🙏
22/07/2026

ඔබ ඩිපෙන්සියා රොගය ගැන දන්නා කරැනු පහතින් comment කරන්න 🙏

Vamos Argentina 🇦🇷
19/07/2026

Vamos Argentina 🇦🇷

19/07/2026

🦟ඩෙංගු දෙවැනි වරට හැදුණාම අවදානම වැඩි වෙන්නේ ඇයි? (Dengue Second Infection)

🦟බොහෝ දෙනෙක් සිතන්නේ වරක් ඩෙංගු රෝගය වැළඳුණු පසු නැවත එය නොහැදෙන බවත්, එසේ හැදුණත් එහි බරපතළකමක් නැති බවත්ය. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව එය සම්පූර්ණයෙන්ම ❌වැරදියි. ඇත්තම තත්ත්වය නම්, පළමු වතාවට වඩා දෙවැනි වතාවට ඩෙංගු වැළඳීම ඉතා භයානක විය හැකි වීමයි.

🦟මෙය සරලව තේරුම් ගනිමු.
♨️වෛරසයේ ප්‍රභේද 4ක් තිබීම
ඩෙංගු රෝගය ඇති කරන වෛරසයේ ප්‍රධාන ප්‍රභේද (Serotypes) 4ක් ඇත (DENV 1, 2, 3 සහ 4 ලෙස).
ඔබට මින් එක් ප්‍රභේදයකින් (උදාහරණයක් ලෙස 1 වෙනි ප්‍රභේදයෙන්) ඩෙංගු හැදුණු විට, ඔබේ ශරීරය ඒ සඳහා ප්‍රතිදේහ (Antibodies) නිපදවා ගනී. මේ නිසා ඔබට නැවත බොහොවිට
1 වෙනි ප්‍රභේදයෙන් ඩෙංගු හැදෙන්නේ නැත.
නමුත්, ඉතිරි ප්‍රභේද 3න් එකකින් ඔබට අනාගතයේදී නැවත ඩෙංගු වැළඳිය හැකිය.
♨️දෙවැනි පාර හැදුණාම ශරීරය ඇතුළේ වෙන්නේ කුමක්ද?
ඔබට වෙනත් ප්‍රභේදයකින් (උදා: 2 වෙනි ප්‍රභේදයෙන්) දෙවැනි වරටත් ඩෙංගු හැදුණා යැයි සිතන්න. මෙහිදී ඉතා අවාසනාවන්ත ක්‍රියාවලියක් ශරීරය තුළ සිදුවේ.
1. ප්‍රතිදේහ රැවටීම (Antibody-dependent enhancement): පළමු වර ඩෙංගු හැදුණු විට සෑදුණු ප්‍රතිදේහ, අලුත් වෛරසය හඳුනාගෙන එයට පහර දෙන්නට උත්සාහ කරයි. නමුත් ප්‍රභේදය වෙනස් නිසා ඒවාට අලුත් වෛරසය විනාශ කළ නොහැක.
2. වෛරසයට උදව් කිරීම: විනාශ කරනවා වෙනුවට, මෙම පරණ ප්‍රතිදේහ මගින් අලුත් ඩෙංගු වෛරසයට ඉතා පහසුවෙන් අපේ රුධිර සෛල ඇතුළට රිංගා ගන්නට "පාර කපා දෙයි".(trojan horse)
3. වේගයෙන් පැතිරීම: මේ නිසා වෛරසය ශරීරය පුරා ඉතා වේගයෙන් ගුණනය වීමට පටන් ගනී.
4. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කලබල වීම: වෛරසය වේගයෙන් පැතිරෙන විට, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කලබල වී අනවශ්‍ය ලෙස විශාල ප්‍රතික්‍රියාවක් දක්වයි.
මෙම අධි-ප්‍රතික්‍රියාව නිසා අපේ රුධිර නාලිකා වල සිදුරු විශාල වී, ඒ තුළ ඇති තරලය (Plasma) පිටතට කාන්දු වීමට පටන් ගනී. ඩෙංගු රක්තපාත තත්ත්වය (Dengue Hemorrhagic Fever - DHF) ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙහිදී රුධිර පට්ටිකා (Platelets) ඉතා වේගයෙන් පහත වැටෙන අතර රෝගියා කම්පන තත්ත්වයට (Shock) පත්විය හැක.

🦟ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු රෝග ලක්ෂණ
දෙවැනි වරට ඩෙංගු හැදුණු විට සාමාන්‍ය උණ තත්ත්වයට අමතරව පහත අවදානම් ලක්ෂණ (Warning Signs) ඉතා ඉක්මනින් මතු විය හැක:
දැඩි බඩේ කැක්කුම
💨නොකඩවා වමනය යාම (පැය කිහිපයක් ඇතුළත 3 වරකට වඩා)
💨විදුරුමස්, නාසය හෝ සම යටින් රුධිරය ගැලීම
💨 මුත්‍රා හෝ මළපහ සමඟ රුධිරය පිටවීම (කළු පැහැයෙන් මළපහ පිටවීම)
💨දැඩි අප්‍රාණික බව, තෙහෙට්ටුව හෝ අධික කලබලකාරී බව (විශේෂයෙන් කුඩා දරුවන්ගේ)
පැය 6කට වඩා මුත්‍රා පිට නොවීම

🦟කලින් ඩෙංගු හැදී ඇති කෙනෙක් උණ ගැනීමේදී කළ යුත්තේ කුමක්ද?
1. වෛද්‍යවරයා දැනුවත් කරන්න: ඔබට උණ ගෙන වෛද්‍යවරයෙක් වෙත යන විට, "මට මීට කලින් ඩෙංගු හැදී තිබෙනවා" යන කාරණය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පවසන්න. මෙය වෛද්‍යවරයාට නිවැරදි තීරණ ගැනීමට ඉතා වැදගත් වේ.
2. ලේ පරීක්ෂාවක් කරන්න: උණ දින දෙකකට වඩා පවතී නම්, අනිවාර්යයෙන්ම සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සහ අවශ්‍ය නම් NS1 පරීක්ෂාවක් කරගන්න.
3. වේදනා නාශක වලින් වළකින්න: උණ සහ වේදනාව සඳහා පැරසිටමෝල් (Paracetamol) පමණක් නියමිත මාත්‍රාවට ගන්න. කිසිම විටෙක Ibuprofen, Diclofenac, Mefenamic acid වැනි ඖෂධ (NSAIDs) ගන්න එපා. මේවායින් අභ්‍යන්තර රුධිර ගැලීම් වැඩි විය හැක.
4. පූර්ණ විවේකය: ඇඳ විවේකය (Bed rest) අනිවාර්ය වේ.
5. සුදුසු දියර වර්ග බොන්න: ජීවනී, කැඳ, තැඹිලි, පලතුරු යුෂ වැනි දියර වර්ග නිතර පානය කරන්න. නමුත් රතු හෝ දුඹුරු පැහැති බීම වර්ග (ඇපල් යුෂ, කෝලා වර්ග) බීමෙන් වළකින්න (රුධිරය වමනය ගියහොත් එය වෙන්කර හඳුනාගැනීමට අපහසු වන බැවිනි).

🚨ඩෙංගු දෙවැනි වරට හැදුණහොත් අවදානම වැඩි වුවත්, මුල් අවස්ථාවේම රෝගය හඳුනාගෙන නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලැබුවහොත්, රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැක. බිය වීම වෙනුවට, නිසි අවධානයෙන් කටයුතු කිරීමයි වැදගත්.

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Dilanka" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 15K ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

©️ වෛද්‍ය දිලංක ලියනගේ

🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂

🦟ඩෙංගු දෙවැනි වරට හැදුණාම අවදානම වැඩි වෙන්නේ ඇයි? (Dengue Second Infection)🦟බොහෝ දෙනෙක් සිතන්නේ වරක් ඩෙංගු රෝගය වැළඳුණු ...
18/07/2026

"උගත් කාන්තාවක් කිසිවිටෙකත් වෙනත් කාන්තාවකට අපහාස කරන්නේ, උපහාසයට ලක් කරන්නේ හෝ වෙනත් කිසිවකුට හිරිහැර කරන්නේ නැත."♥️

An educated woman never insults another woman, nor mocks or bullies another human being.

17/07/2026

ඇසේ සුද ගැන දැනගන්න , ඉවරවෙනකං බලන්න 🙏

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Dilanka Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share