09/03/2026
පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වගේ කාලයකදී අපේ ශරීරයේ "පිත්ත දෝෂය" අධික ලෙස කිපෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම වතුර බීලා විතරක් මදි, අපේ දෛනික පුරුදු කිහිපයකුත් වෙනස් කරගන්න ඕනේ.
ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් මෙන්න වැදගත් කරුණු කිහිපයක්,
* කෘමි සතුන් සර්පයන් ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වන්න.මොකද මේ කාලෙදි සතුන්ගේ විස අපේ ඇඟට දැනෙන ප්‍රමානය අනෙකුත් කාල වලට වඩා වැඩි.
* යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී කෝපය පාලනය කරගන්න.මිනිසුන් සමග කොයි වෙලාවකත් ගැටෙන්නට යන්න එපා.(අනිත් කාලාවලත් එපා. හැබැයි මේ කාලේවිශේෂයි)
* අනවශ්‍ය විදිහට යම් දෙයක් ගැන එක දිගට සිතන්නට යන්න එපා.
* ඔබට සුලුවෙන් හෝ ඇලජික් වෙන ආහාර හෝ යම්දෙයක් වේ නම් ලගින්වත් යන්න එපා.ඈත් කරලම තියන්න.
* අව්වේ යන විට අව් කන්නාඩි භාවිතා කරන්න.
* පොදු වැසිකිළිවල වැඩි වේලාවක් ගත කරන්න එපා.මොකද අධික හිරු රශ්මිය නිසා විවිධ විස වායූන් වර්ග වැඩි සාන්ද්‍රණයකින් වෙනදාට වඩා නිපදවන නිසා.
* පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර වතුර පානය කරන්න.
* පාසල් යන වයසේ කුඩා ළමුන් සිටී නම් පිටියේ ක්‍රියාකාරකම් හවස් වරුවට කිරීමට උපදෙස් දෙන්න.
* තැඹිලි, කුරුම්බා, බෙලි මල් තැම්බූ වතුර, රණවරා මල් පානය සහ ඉරමුසු වැනි දේ ඉතාමත් ගුණදායකයි.
* කැද පානය කරන්න.දහඩිය සමඟ සිරුරෙන් පිටවන ලවණ නැවත ලබා ගැනීමට කැඳ වර්ග උදව් වෙනවා.
* පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොළු සහ බණ්ඩක්කා වැනි සිරුර සිසිල් කරන එළවළු වැඩියෙන් ආහාරයට ගන්න.
* කොමඩු, පැපොල්, නාරං සහ දොඩම් වැනි පලතුරු සිරුරේ තෙතමනය රඳවා ගැනීමට උදව් වෙනවා.
* අධික ලෙස මිරිස් සහ කුළුබඩු යෙදූ ආහාර, රතු මස්, බලමාළු සහ ඉස්සන් වැනි "උෂ්ණාධික" ආහාර මේ දිනවල සීමා කරන්න.
* දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්න.
* ශරීරයට වාතාශ්‍රය ලැබෙන සැහැල්ලු කපු ඇඳුම් (Cotton clothes) ඇඳීමට උත්සාහ කරන්න.
* දිනකට දෙවරක්වත් ස්නානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. (හැබැයි තද අව්වේ ගිහින් ආපු ගමන්ම නාන්න එපා).
* කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති අය ගැන මේ දිනවල වැඩිපුර විමසිලිමත් වන්න. අධික නිදිමත, ක්ලාන්තය හෝ අධික පිපාසය වැනි ලක්ෂණ ඇත්නම් මොකටත් කියල වෛද්‍ය උපදෙස් ලබාගන්න.
🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )