15/01/2026
රාහු කාලය යනු කුමක්ද? (What is Rahu Kalaya?)
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අද දවසේ රාහු කාලය හෝ සතියේ, දිනපතා රාහු කාලය යනු විශ්වයේ අයහපත් කිරණ ඒකීභූත වන අවස්‌ථාවක් හැටියටය. අප ජීවත්වන පෘථිවිය හා චන්ද්‍රයා ද සූර්යයා වටා භ්‍රමණය වන විට, දල වශයෙන් ගත් කල ජ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව සූර්යයාගේ කිරණ යම් කැපී යන අවස්‌ථාවක් ඇත. එහි එක් තැනක් කේතු වේ. එහි අංශක 180 කින් අනිත් පැත්ත රාහු වේ. දල වශයෙන් විනාඩි 90 ක කාලයක් පුරාවට පවතින මෙම කාලය තුළදී අප පෘථිවිය කරා පතිත වන්නේ අයහපත් වූ කිරණ බව ජ්‍යොතිෂ්‍ය පොත පතෙහි ග්‍රන්ථාරූඪ කර ඇත. රාහු කාළය පවතින වේලාව තුළ කරන වැඩ සාර්ථක නොවන්නේ එම අයහපත් කිරණ නිසා යෑයි ද සෘෂිවරු පවසා තිබේ. එම කාලය තුළ වැඩක් කළොත්, ප්‍රශ්න., ගැටලු., බාධා සහ අවහිරකම් සිදු වී අනතුරු පවා සිදු වන්නට වැඩි අවකාශයක් පවතී. විශ්වයේ පවතින අහිතකර කිරණ රාහු කාලයට අයත් වේලාව (Time belonging to Rahu period.) තුළ ඒකරාශීව පවතින බැවින් ඒ කාලය තුළ යහපත් කිසිවක් නොකළ යුතු බවද දෛවඥයෝ පවසා ඇත. සමහර අවස්ථාවන්හිදී කේන්දරයේ ග්‍රහ සංයෝග වල බල පරාක්‍රමයන්ට අනුව පූරුවේ වාසනාවකට එම කාළය තුල කරන්නා වූ කටයුත්තක් සාර්ථක වියහැකි නමුත් සමස්ථයක් වශයෙන් වැඩි ප්‍රවණතාවය වන්නේ එම කාලය තුළ (During those Rahu timing.) වැදගත් සුබ කාර්යයක් කිරීමට යාමෙන් අවහිරතාවයක්, බාධාවක් හෝ අනතුරක් සිදුවන්නට ඇති අවස්ථාවන් උදා වීමයි.
රාහු චක්‍රයෙ මූලික පදනම වන්නේ ප්‍රහරක කාලයයි. දිනකට ප්‍රහකර කාල 08 ක් ඇත. එය දෛනිකව පැය 24 අටකට බෙදයි. ඉන් ලැබෙන පැය 03 ක් එම ප්‍රහරක කාලයට අයත් වෙයි. මෙම කාලය නැවත දෙකට බෙදයි. එය විනාඩි 90 ක කාලය අර්ධ ප්‍රහරක කාලය වේ. මෙම පළමු පැය 1 1/2 ක කාලය දිනය අදිපතිට හිමිය. දිනය අධිපතිට අනුව පිළිවෙළට අනෙක් ග්‍රහයන්ට ඉතිරි කාලය හිමිවෙයි. එහිදී රාහුගේ ගමන පසුපසට සිදුවන අතර දවස තුළ රාහු දිශා 04 න් 04 ට පැන යයි. එය රාහු පිම්ම ලෙසද අර්ථකතනය කරයි. ප්‍රහරක කාලය ගණනය කරනු ලබන්නේ දිනයේ ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වාය. රාහු කාළය යනු වෙන් ගණනය කරනුයේ අදාල දිනයේ ඉර උදාවේ සිට ඉදිරි දිනයේ ඉර උදාව දක්වා වේ. එය ඉර උදාව සිට සවස ඉර බැසීම දක්වා කාලය බෙදා රාහු කාලයට එක් කිරීමෙන් නොවේ. ගණනය කිරීමේ පහසුව තකා හිරු උදාව උදෑසන 6 ලෙස සලකා එය සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් සූර්යා උදා වන්නේ එක් එක් ප්‍රදේශයන්ට විවිධ වූ වේලාවන් තුලදීය. ඒ අනුව ඉහතින් දක්වා ඇත්තේ සමස්ථ ශ්‍රී ලංකාවේදී කොළඹ අග නගරය පදනම් කරගෙනය. උතුරු අක්ෂාංශ 6.93° ට සහ නැගෙනහිර දේශාංශ 79.86° ට අදාල මධ්‍ය ලක්ෂයට ඒ ඒ දිනයන්හිදී සිදුවන්නා වූ සූර්ය උදාව අනුව ශ්‍රී පංචායුධ ජ්‍යෝතිෂ සේවා විසින් ගණනය කරන්නා වූ සජීවී රාහු කාලයයි. සුබ වෙලාව හෝ වේලාවන් (ශුභ මුහුර්ථ) ගණනය කිරීමේදී මෙම අසුබ කාල (Get daily most accurate Rahu Time) සීමාව අත් හැරීමෙන් කාර්ය සිද්ධියද ඉහල යයි. එමෙන්ම සුබ කටයුතු වල සඵලතාවය ඉහල යන බවට අතීතයේ සිට විශ්වාසයක් පවතී. මීට අමතරව සුබ දිසාව (Good Direction.), මරු සිටින දිශාව (Bad Direction. / Maru Sitina Disawa.), සුබ වර්ණය (Best Colour.) මෙන්ම සුභ නැකත් ආදියද මෙම සේවාවෙන් ලබා ගත හැක. 2025., 2026., 2027., 2028., 2029 සහ 2030 වර්ෂ සඳහා මෙන්ම 2031., 2032., 2033., 2034 සහ 2035 යන වසර වෙනුවෙන් ඕනෑම කාල පරාසයක රාහුකාලය ඔබට එසැනින් ලබා ගත හැක.
පුරාණ ජ්‍යෝතිෂ විද්‍යාවට අනුව "රාහු කාලය යනු" දිනක සූර්ය දවසක් තුළ අශුභ බලවේග පවතින හෝරාවයි. එය, ඕනෑම සුබ කටයුත්තක් හෝ අලුත් කාර්යයක් ආරම්භ කිරීමට නුසුදුසු කාල සීමාවකි. මෙම කාලය දිනපතා වෙනස් වන අතර ලෝකයේ, ඒ ඒ ප්‍රදේශයට අනුවද වෙනස් වේ. එය ප්‍රධාන වශයෙන්ම ගණනය කරනු ලබන්නේ එදිනට අදාළ ඉර උදාවන වේලාව පදනම් කරගනිමිනි. සාමාන්‍යයෙන් හෝරා එකහමාරක (පැය 1 විනාඩි 30) කාල පරාසයක් පුරා පවතින රාහු කාලය, පොදුවේ උදෑසන 6:00 ට ඉර උදාව සිදුවන බව උපකල්පනය කර බොහෝ වෙබ් අඩවි වල සටහන් කර තිබේ. වඩාත් නිවැරදිම තොරතුරු ලබාගැනීම සඳහා ඒ ඒ ප්‍රදේශයන්හි සැබෑ ඉර උදාවන වේලාවට අනුව එය සකසා ගත යුතු වේ. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක, නගරයක හෝ ප්‍රදේශයක සුබ අසුබ හෝරාව දල වශයෙන් ගණනය කරන්නේ හිරු උදාව උදෑසන 6.00 ලෙස සකලාය. නමුත් අද වේවා., හෙට වේවා., සුභ නැකත් සහ මුහුර්ත (Nakath Time today or tomorrow.) සඳහා රාහු දසාව අශුභ බැවින් සුභ කාලය ලබා ගැනීමට නම්, එය නිවැරදිවම හිරු උදාවට අනුකූල විය යුතුයි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ අග නුවර වන කොළඹ පාදක කරගෙන එය සිදු කරයි. ශුභ මුහුර්ථ සකසන විට නම් ඉර නැගීම සහ ඉර බැසීම මත පදනම් වේ. එහිදී සතියේ සුබ දවස් සඳහා වැඩි අවධානයක් යොමු කරයි විශේෂයෙන් . ඒ ඒ පළාතට අදාල ප්‍රධාන නගර වලට බලපාන අසුබ වෙලාව හෙවත් රාහු දශාවට ඇති කාළ වෙනස මෙසේය. ගම්පහ - කාල වෙනස විනාඩි 01., කළුතර - කාල වෙනස විනාඩි 01., මහනුවර - කාල වෙනස විනාඩි 03., මාතලේ - කාල වෙනස විනාඩි 03., නුවරඑළිය - කාල වෙනස විනාඩි 04., ගාල්ල - කාල වෙනස විනාඩි 02., මාතර - කාල වෙනස විනාඩි 03., හම්බන්තොට - කාල වෙනස විනාඩි 05., යාපනය - කාල වෙනස විනාඩි 01., මන්නාරම - කාල වෙනස විනාඩි 00., වවුනියාව - කාල වෙනස විනාඩි 02., මුලතිවු - කාල වෙනස විනාඩි 03., කිලිනොච්චිය - කාල වෙනස විනාඩි 02., මඩකලපුව - කාල වෙනස විනාඩි 08., අම්පාර - කාල වෙනස විනාඩි 07., ත්‍රිකුණාමලය - කාල වෙනස විනාඩි 05., කුරුණෑගල - කාල වෙනස විනාඩි 02., පුත්තලම - කාල වෙනස විනාඩි 00., අනුරාධපුරය - කාල වෙනස විනාඩි 02., පොළොන්නරුව - කාල වෙනස විනාඩි 05., බදුල්ල - කාල වෙනස විනාඩි 05., මොණරාගල - කාල වෙනස විනාඩි 06., රත්නපුරය - කාල වෙනස විනාඩි 02., කෑගල්ල - කාල වෙනස විනාඩි 02. ඒ අනුව, අග නුවරට වඩා යම් හෝ විනාඩි ගණනක් කලින් අශුභ දසාව ක්‍රියා කරන බව පෙන්වා දිය යුතුය.