11/06/2026
දෙමාපියෝ කියන්නෙ දරුවෙකුගේ ලොකුම හයිය..
දරුවන් හා දෙමාපියන් අතර තියෙන සම්බන්ධතාවය කිසිම බලවේගයකට නැති කරන්න බෑ.
කවදාවත් දරුවන් මොනවා කරත් දෙමාපියන් සළකන්නේ සතර බ්‍රහ්ම විහරණයට අනුව කියලයි අපි අහලා තියෙන්නෙ.
දරුවෙක් අම්මා තාත්තා කියන අයට ද්වේෂ කරත් දෙමාපියන් එහෙම ඒ දරුවන්ට ද්වේෂ නොකරන බවයි අපි අහලා තියෙන්නෙ.
මොනතරම් ලොකු වරදක් කරත් දෙමාපියන්ට ඒ දරුවා නිර්දෝෂී .
ඒත් වර්තමානයේ මේ සම්බන්ධයන් පවා සියල්ල වෙනස්වන නීතියට අසුවෙලා..
එහෙම නොවෙන දෙමාපියන් සිටින දරුවන් සමාජයෙන් රැකෙනවා...
අතීතයේ තිබුනු 'මහගෙදර ' සංකල්පය තුලින් දික්කසාද වූ දියණියට පුතාට ආරක්ෂිතව ජීවත් වීමේ ස්ථානයක් බව රොබර්ට් නෝක්ස් ,ER ලීච් දක්වා ඇත .
රොබර්ට් නොක්ස්ගේ නිරීක්ෂණ (17 වන සියවස)සිය An Historical Relation of the Island Ceylon (1681) කෘතිය හරහා උඩරට සමාජයේ විවාහ සහ දික්කසාද රටාවන් පිළිබඳව නොක්ස් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.
නම්‍යශීලී දික්කසාද ක්‍රම: එකල ගැමි සමාජයේ විවාහයන් ඉතා පහසුවෙන් වෙන් වීමට (දික්කසාද වීමට) දෙපාර්ශවයටම අයිතිය තිබුණි.
දීග ගිය දියණියක එහිදී අසාධාරණයට හෝ අපහසුතාවයට පත් වුවහොත්, ඇයට කිසිදු බාධාවකින් තොරව නැවත තමාගේ මහගෙදර (පිය පාර්ශවයේ නිවස) වෙත පැමිණීමේ පූර්ණ අයිතිය තිබුණි.
ආර්ථික හා සමාජයීය රැකවරණය: එසේ පැමිණෙන දියණියව සහ ඇයගේ දරුවන්ව මහගෙදර විසින් ඉතා කැමැත්තෙන් බාරගත් අතර, ඇයට සමාජයෙන් කිසිදු කොන් කිරීමක් හෝ නින්දාවක් අත් නොවූ බව නොක්ස් පෙන්වා දෙයි.
ඊ. ආර්. ලීච්ගේ නිරීක්ෂණ (20 වන සියවස)නූතන මානව විද්‍යාඥයෙකු වන ඊ. ආර්. ලීච් මහතා, ලංකාවේ වියළි කලාපීය ගම්මානයක් වූ පුල්එලිය (Pul Eliya) ඇසුරින් කළ අධ්‍යයනයේදී (1961) ලංකාවේ ඥාති පද්ධතිය සහ දේපළ අයිතිය පිළිබඳව ගැඹුරින් කරුණු දක්වා ඇත.
මහගෙදර කේන්ද්‍රීය ආරක්ෂාව: ලීච් පෙන්වා දෙන්නේ 'මහගෙදර' යනු හුදෙක් නිවසක් පමණක් නොව, එය පවුලේ සාමාජිකයන්ගේ 'ආරක්ෂිත මධ්‍යස්ථානයක්' (Safety net) ලෙස ක්‍රියා කළ බවයි.
පුතාට සහ දියණියට ඇති අයිතිය: විවාහය අසාර්ථක වී දික්කසාද වන දියණියකට මෙන්ම, විවිධ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට මැදිවන පුතෙකුට වුවද, නැවත මහගෙදරට පැමිණ ජීවත් වීමටත්, එහි වගාබිම් පරිශීලනය කරමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් නෛතික හා සංස්කෘතික අයිතියක් තිබූ බව ලීච් සිය කෘතියෙන් සනාථ කරයි.
ඒත් මේ කතාව තුල කථා රචකයා මේ ආකාරයේ අසරණ වීමක් සමාදි කුඩලිගම චරිතයට සිදුකරන්නට ඇත්තේ මට හැගෙන ආකාරයට
@ සමාජීය වශයෙන් සමස්ත දෙමාපියන්ට පණිවිඩයක් දීමට වෙන්න පුළුවන්
දරුවෙකුගේ ලොකුම පිහිට නැති වුනාම ඒ දරුවා කොහොමද අසරණ වෙන්නෙ කියන දේ මතුකර දැක්වීමට වෙන්න පුළුවන්..
මනෝ උපදේශිකා ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දේශාභිමාන්‍ය සම්මානණීය ආචාර්ය කේ.ඒ.එම්.එස් කොඩිතුවක්කු
BA(Kalaniya ) ,BLE (Colombo ), Counseling psychology (IHRA colombo University ), Diploma Counseling psychology (MHF ) HND Counseling psychology (MHF), HND child psychology (NTSL) , Following NLP , PQHRM (IPM)
https://www.facebook.com/share/v/14d5FBYE4og/?mibextid=wwXIfr