18/02/2023
අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ටයිටීස්
01ගැස්ටයිටීස් රෝගය යනු කුමක්ද
ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් එනම් Microscopic Changes ලෙස හෝ එන්ඩොස්කොපි පරීක්ෂණයේදී දකිනා ලෙස සියුම් රත් පැහැගැනීමක් (Erythema) සීරීම් වැනි තුවාල (Erosions) හෝ ගැඹුරු තුවාල (Ulcers) ලෙස නීරීක්ෂණය කළ හැකිය.
02 මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද
නිතර හටගන්නා හිසරදය
ආහාර අරුචිය
මළ පහවීමේ විශමතා
නිතර හටගන්නා බඩ දැවිල්ල
බඩ පුරවා දැමීම
නිතර උගුරට ඒම (ඇඹුල් රසට)
පපුව රිදී ම හෝ හිරකරන්නා බදු වේදනාව
02 මෙම රෝගය ඇති වන්නේ කෙසේ ද
03 මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකි ද
04 මේ සඳහා හේතු වන්නේ මොනවාද
පාන්පිටි ආහාර නිරතුරුවම භාවිතය
තෙල් සහිත ආහාර භාවිතය
අඩුවෙන් ජලය පානය කිරීම
මත් වතුර , මත්ද්‍රව්‍ය හා දුම් පානය
තදබල අවිවේකය
මානසිකව වෙහෙසට පත් වීම
නිසි වේලාවට ආහාර නොගැනීම
කිරිපිටි වර්ග වලට හුරු වීම
කෙටි හා ක්ෂණික ආහාර භාවිතය
ජලය අඩුවෙන් පානය කිරීම
අධික පැණි රස හා කෘතිම රසකාරක යෙදූ
ආහාර භාවිතය
05 මෙම රෝගය නිට්ටාවට සුව වූ පසු නැවත සෑදිය හැකි ද
06 මෙම රෝගය සෑදුන රෝගීන් ට සුදුසු ආහාර මොනවාද නුසුදුසු ආහාර මොනවාද
07 මේ සඳහා නිවසේදී කලහැකි තාවකාලික ප්‍රතිකාර මොනවාද
08මේ සදහා අප විසින් සිදු කරන්නේ කුමන ප්‍රතිකාර ද
කල් ගත වීමෙන් නොසලකා හැරීමෙන් බරපතල රෝග වලට හේතු විය හැක.
වයස් භේදයකින් තොරව ගොදුරු විය හැකි අන්දමේ රෝගයක් වන අම්ලපිත්තය ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වේ . අම්ලාධික බව නිසා “ඇඹුල් වූ පිත” (විදග්ධ පිත්තං අම්ල පිත්තං) අම්ල පිත්තය ලෙසට ව්‍යවහාර වී ඇත. එනම් ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී. එය සරලව කිව හොත් ‘පැසවීමෙන් ඇඹුල් බවට පත් වන පිත’ ලෙස හැඳින්විය හැකි
අපට කුසගිනි දැනෙන අවස්‌ථාවේදී අප ආහාර නොගත්ත ද ආමාශය තුළ දිගින් දිගටම අම්ල ශ්‍රාවය වන හෙයින් ආහාර නොමැති විට ද හිස් ආමාශය තුළට දිගින් දිගට අම්ල ශ්‍රාවය වීම මගින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලයට හානි සිදු වේ. විශේෂයෙන්ම මෙම රෝගයේ දී ආහාර ජීර්ණයට අදාළ ආම්ලික ශ්‍රාවයේ ඇතිවන වෙනස්‌කම් නිසා ආමාශය, ගලනාලය, ග්‍රහණිය හා කුඩා අන්ත්‍ර ආදී ඉන්ද්‍රියයන් පීඩාවට පත්වේ. එසේ අධික ආම්ලිකතාව (Hyper acidity ) නිසා පීඩාවට පත් වන ආමාශයේ ඇතුළත බිත්තිවලටහානි සිදුවීමෙන් Helicobacter pylori වැනි බැක්‌ටීරියා ආසාදන හටගනී. මෙය ද අම්ල පිත්ත රෝගයේ එක් අවස්‌ථාවක් ලෙස සරලව හැඳින්විය හැකිය. අප ගන්නා ආහාර ගලනාලයෙන් ආමාශයට ඇතුළුවන කපාටය මගින් ආමාශය තුළ තිබෙන ආහාර ගලනාලයට පැමිණීම වළක්‌වාලනු ලබයි. මෙම කපාටයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇතිවන යම් යම් අසාමාන්‍යතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය ගලනාලය දෙසට ගලායැමක් ද (Gastroesophageal Reflux Disease ) සිදුවේ. මෙහිදී ගලනාලයේ ඇතුළත බිත්තිවලට හානි සිදුවීමෙන් ගලනාලය ප්‍රදාහ වීම, උගුර දැවිල්ල, ඔක්‌කාරය, වමනය ආදිය ඇති වීම ද අම්ල පිත්ත රෝගයේ එක් අවස්‌ථාවකි.
අම්ල පිත්තය ඇති පුද්ගලයන්ට බහුලව මතුවන රෝග ලක්ෂණ වනුයේ ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම, කටට තික්ත හෝ අම්ල රස දැනීම, උදරයේ ඉහළින් හෝ වම්පස මැදට වන්නට වේදනාව හටගැනීම, බඩ පුරවා දැමීම, වමනය, ඔක්‌කාරය, ආහාර දිරවීමේ අපහසුතා, මළබද්ධය ආදියයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය පුළුල් පරාශයක් ඇති රෝගයක් වන අතර එම රෝගය ඌර්ධ්වගත අම්ල පිත්තය හා අධෝගත අම්ල පිත්තය යනුවෙන් දෙයාකාර වේ. ඌර්ධ්වගත අම්ලපිත්ත රෝගය සදහා විකෘති පිත සමඟ සෙමද සම්බන්ධ වේ. අම්ල පිත්ත රෝගයේ වඩා සුලභ ආකාරය වන්නේ අමාශය හා ඉන් ඉහල ප්‍රදේශ තුළ බලපාන මෙම ඌර්ධ්වගත අම්ල පිත්ත රෝගී තත්වයයි.
ඌර්ධ්වගත අම්ල පිත්ත රෝග ලක්ෂණ
• සෙම සහිත වමනය ඇතිකිරීම.
• ඔක්කාරය සමග උගුරට ඇඹුල් රසක් දැනීම
• තිත්ත හෝ ඇඹුල් රසයෙන් වමනය වීම
• බඩේ,පපුවේ හා උගුරේ තද බල දැවිල්ලක් ඇතිවීම.
• තදබල හිසේ කැක්කුමක් ඇතිවීම
• වමනයත් සමඟ හිස රුජාව ඇති වීම
• අත් පාද වල දැවිල්ලක් හා උණ ගතියක් ඇතිවීම .
• ශරීරය කැසීම සහ ඇගේ පළු දැමීම.
• ගෙලෙහි, උදරයෙහි හා පපුවේ වේදනා සමඟ දැවිල්ල
• අම්ල උද්ගාරය (රාම තෙල් යාම)
• ආහාර නිසි ආකාරයෙන් නොදිරවීම
• උදරයේ වාතය පිරීම
• කල්යාමේ දී ආමාශගත තුවාල හට ගැනීම
අධෝගත අම්ලපිත්ත රෝගය ඌර්ධ්වගත අම්ලපිත්ත රෝගය මෙන් සුලභ රෝගයක් නොවේ. මෙහිදී විකෘති පිත මගින් පමණක් රෝගය ඇතිවී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ
• පිපාසය
• දැවිල්ල හා කැරකිල්ල
• ඔක්කාරය
• බඩගිනි අඩුබව
• දහදිය ගැලීම හා සමේ බිබිලි ඇතිවීම
• ශරීරය කහ පැහැති වීම
• නිතර අධෝගත වාතය පිටවීම
• අධෝමඟ දැවිල්ල සමඟ වේදනා හටගැනීම
• අධික මළබද්ධය හෝ දියාරුවට වැසිකිළි යාම
• වැසිකිළි යාමේ දී සෙම් කොටස් පිටවීම
• මළ මාර්ගයේ තුවාල, බිබිලි, පැලීම් ඇතිවීම
• කල්යාමේ දී බඩවැල් පහත් වීම, අර්ශස්, මළ මගෙහි ඉදිමුම, අර්ශස් අංකුර වැනි බොහෝ අපහසුතා ඇති වීමට ද ඉඩතිබේ.
මෙවැනි අවස්‌ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී රෝගය තවදුරටත් වර්ධනය වුවහොත් ආමාශ බිත්තියේ සියුම් ලේ ගැලීම් හටගැනීම, තුවාල හටගැනීම (peptic ulcer) දක්‌වා රෝගය උත්සන්න වේ. අවසානයේදී ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් ආහාර මගින් උරාගැනීමට නොහැකි මට්‌ටමට පත්වීම හා රුධිර වහනය වීම නිසා රක්‌ත හීනතාවට පත්විය හැකිය. මෙකී අම්ල පිත්ත රෝගයට නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර නොකිරීම හේතුකොට ගෙන රෝගය කල් යාමේ දී දරුණු පීඩා ඇති කරනු ලබයි. එහි දී සිහි මුළාව, කරකැවිල්ල, හිසරදය සමඟ ක්ලාන්තය, මන්දාග්නිය (ආහාර අරුචිය) සිරුර දුර්වල වී කෘශ වීම, නිතර දහදිය දැමීම, ශරීර අවයව කසාවන් පැහැවීම, අත් පා දැවිල්ල, සම මතුපිට කුෂ්ඨ මතුවී දියර ගැලීම, සන්ධිගත ආබාධ, දරුණු අස්ථි රෝග, ස්නායුගත ආබාධ, කම්පනය, සිහිසන් නැතිවීම හා මානසික රෝගාබාධයන් පවා කල්යාමේ දී ඇතිවිය හැකි ය.
අම්ල පිත්ත රෝගය වැළඳීමට හේතු
• මානසික ආතතිය හා චිත්ත ආවේග අධික වශයෙන් දීර්ඝ කාලයක් පැවතීම .
• නිසි වේලාවට ආහාර නොගැනීම සහ ආහාර ගෙන දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම.
• ප්‍රධාන ආහාර වේල් අතරතුර ගන්නා වූ ක්ෂණික ආහාර
• අධික මත්පැන් පානය, දුම් පානය හා අන්තරායකර ඖෂධ සහ ආහාර නොගෙන මත්පැන් පානය කිරීම
• විෂ සහිත රැකියා ආශ්‍රිතව සේවය කිරීම හා වස විෂ කැවීමෙන් හා පෙවීමෙන්
• විශේෂ රසකාරක වර්ග යොදා සාදන ලද ක්ෂණික ආහාර වර්ග හා කෘත්‍රිම බීම වර්ග වැඩිවාර ගණනක් භාවිතා කිරීම
• රාත්‍රියේදී නිදි වැරීම සහ දහවල් කාලයේදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම.
• නිතර පිටිකිරි සහ සීනි සහිත තේ හෝ කෝපි පානය කිරීම
• අධික ලෙස අම්ල, ලවණ, තීක්ෂණ ගුණ යුතු ආහාර, තෙල් බැදුම් වර්ග හා ඌෂ්ණාධික ආහාර නිතර පාවිච්චිය
• එකිනෙකට විරුද්ධ ආහාර වර්ග හා නරක් වූ ආහාර වර්ග හෝ ආහාර ශීතකරණ වල තබා කල්ගත වී ආහාරයට ගැනීම
• මස් හෝ මාළු සමග එළකිරි හෝ ක්ෂීර විකෘති ආහාර ගැනීම
• අවශ්‍ය තරම් ජලය පාවිච්චි නොකිරීම හා ආහාර ගත් විගස ජලය වැඩිපුර පානය කිරීම
• කාලගුණ හා දේශගුණික වෙනස්වීම් හා අධික හිරු එළියට නිරාවරණය වීම
• බටහිර හෝ ආයුර්වේද ඖෂධ නිසි වෛද්‍ය නිර්දේෂයකින් තොරව භාවිතා කිරීම.
• අතිධාවනකාරී ජීවන රටාව නිසා සමබල ආහාර වේලක් නොගැනීම
මුලින්ම මෙම රෝග ලක්ෂණ සහිත මුල් අවස්ථාවේදී සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවී වෛද්‍ය උපදෙස් හා නිවැරැදි රෝග විනිශ්චයක් ලබාගැනීම සුදුසු වේ. ඊට හේතුව වන්නේ එම රෝගී ලක්ෂණ සහිතව හෘදයාබාධ, ආමාශයේ තුවාල හෝ වණ, ආමාශයේ පිළිකා, අග්න්‍යාසප්‍රදාහය වැනි වෙනත් රෝගයක් පැවතිය හැකි වීමයි. ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ නිසි රෝග විනිශ්චයකින් පසුව වේ.
විශේෂයෙන් ම අම්ල පිත්ත රෝගීන් ආහාර විහරණ පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. දවසේ ප්‍රධාන ආහාර වේල් තුන නිසි වේලාවට මනා කළමණාකාරීත්වයක් ඇතිව ගැනීමත් ප්‍රධාන වේල් අතරතුරදී මද උණුසුම් උණු වතුර පානය කිරීමත් වැදගත් වේ. ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බඩගින්නක් නොදැනේ නම් කිසිදු ආහාරයක් නොගන්න,එසේ ආහාරයක් ගතයුතු නම් පමණක් අළුත සෑදූ තෙල් රහිත ආහාරයක් අනුභව කරන්න. තේ, කෝපි පානය අවම කිරීමත් ඒ වෙනුවට පලතුරු, ඔසුපැන් හෝ ජලය පානයත් රෝග පාලනයට ප්‍රයෝජනවත්ය. සියළු පළා වර්ග අමුවෙන් ආහාරයට නොගෙන හොදින් පිසගෙන ආහාරයට ගතයුතුය.
නිවුඩු හාලේ බත්, පළා වර්ග, පතෝල, බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා, වැටකොළු, අළු කෙසෙල් මුව හා බඩ, අළු පුහුල්, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, කොහිල අල හා කරටි, නෙළුම් අල, තැඹිලි, කුරුම්බා, කැකිරි,කොහිල, පොලොස්, කවුපි, මුංඇට, අනෝදා, ගම්මිරිස්, සුදුළූනු , උලුහාල්, බතල, සව්, බාර්ලි, කිතුල් පිටි කැඳ, හාතාවාරිය කොළ, ගොටු කොළ, කතුරු මුරුංගා, බෙලිමල්, ඉදුණු බෙලි, දොඩම් වැනි ආහාර ඉතා ගුණදායක වන වන්නේ ය. අම්ල පිත්ත රෝගීන් සතියකට කීප දවසක් දියබත් සාදා ආහාරයට ගැනීම අගනා පිළියමකි.
අබ, විනාකිරි , රට දෙල් , උෂ්ණ මාළු, කරවල, ගෝව, මුරුංගා, මාළුමිරිස්, අච්චාරු, ලුණුදෙහි, තක්කාලි, හරක් මස්, ජාඩි, චොකලට් වර්ග, පාන්පිටි ආහාර, අන්නාසි, ලුණුමිරිස්, සීනිසම්බෝල සහ අධික මිරිස් කෑම රෝගයට අහිතකරයි. තෙල් බැදුම්, අධික තෙල්, වියළි මිරිස් හා කුළුබඩු යෙදු ආහාර, ඇඹුල් ආහාර, ක්ෂණික ආහාර, කෘත්‍රීම බීම වර්ග, රසකැවිලි වර්ග, තෙල් සහිත ආහාර, අධික සැර සහිත ආහාර,ඛේඨ ග්‍රන්ථි උද්දීපනය කරන චුවින්ගම්, බබල්ගම් වැනි වර්ග ආහාරයට නොගන්න.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව විවිධ කෂාය වර්ග, චූර්ණ මගින් මෙම තත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවකළ හැකි අතර අවශ්‍ය වන්නේ රෝගියා අහිතකර හැසිරීම් වලින් වැළකීම හා නිසි ආකාරයට ඖෂධ වර්ග පිළිපැදීමයි. මේ සඳහා කළ හැකි ප්‍රාථමික ප්‍රතිකාර කිහිපයක් පහත දැක්වේ.
• වා පිත් සෙම් දෝෂ තත්ත්වයන්ට ගැලපෙන කොළ කැද වර්ග නිතර පානය
• කීකිරිඳිය පවනේ වියළා චූර්ණ (කුඩු කර) බටර් සමඟ අනා වරකට මොරගෙඩියක ප්‍රමාණයෙන් අනුභව කොට උණු දිය පානය
• වියලි නෙල්ලි පිරිසිදුව ගෙන වියළා චූර්ණ කොට කළදක් පමණ ආහාරයෙන් පසු උක් සකුරු සමග අනා ගිල පිරිසිදු ඇල් වතුර පානය
• පත්පාඩගම්, බෙලි මුල්, දලු, සැවැන්දරා මුල්, සමව ගෙන වියළා කුඩුකර උණුදියට දිය කර වසා තබා නිවුණ පසු උක් හකුරු සමඟ
• බෙලි දලු, රෝසමල්, කොත්තමල්ලි, හීං උඳුපියලිය, සමව ගෙන වියළා කුඩුකර උණුදියෙන් පානය
• අම්ල පිත්ත උණ හෝ වමනය ඇත්නම් නෙල්ලි, රසකිඳ, සිඳුවා පෙරා මී පැණි දමා පානය
• තනිකර ලපටි බෙලි කොළ කොටා තැඹිලි දියෙන් අනා සුළං නොයන සේ දින තුනක් වසා තබා පසුව එම ඉස්ම මිරිකා උක් හකුරු දියකර පානය
• අට්ටික්කා ගසේ පොතු වියළා කුඩු කර, උදේ වරුවේ බටර් සමඟ අනා වරකට මොර ගෙඩියක් පමණ අනුභව කොට එළකිරි පානය
• අම්ල පිත්ත රෝගය නිසා ඇතිවන නින්ද නොයාම හා ක්ලාන්තය සඳහා බැබිල කොළ කැඳ ගිතෙල් සමග පානය
• හාතාවාරිය අල හා අමු නෙල්ලි සමව ගෙන කොටා මිරිකා ගත් ඉස්මට මී පැණි දමා පානය
• අම්ල පිත්තය නිසා ඇතිවන ශාරීරික බෙලහීනතාවය නැතිකර ගැනීම සදහා වැල් පෙනෙල කොළ කැඳ ගිතෙල් සමග පානය
• බඩවැල්වල ඇති ගිණියම, කට දෙකොණ පැලීම ආදියට උදය ආහාරය සදහා දියබත් අනුභව කිරීම
• කැහිපිත්තන් කොළ ප්‍රමාණවත් තරමට ගෙන හොඳින් කොටා, ඇල් දියෙන් මිරිකා එම ස්වරයට කෝමාරිකා ඉස්ම, සුදුහඳුන් කුඩු, සැවැන්දරා මුල් කුඩු, ඉඟිනි ඇට කුඩු සමව මිශ්‍ර කර නිශ්චලව තබා පසුදා උදේ හිස් බඩ ජෙලි මෙන් මිදී ඇති මෙකී බෙහෙත කිතුල් හකුරු සමඟ
එහෙත් මෙබඳු රෝගයකදී වෛද්‍ය උපදෙස් අනුව විධිමත් ප්‍රතිකාර පද්ධතියක් අනුගමනය කිරීම වඩා සුදුසු බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් ම ශෝධන ප්‍රතිකර්ම සිදු කිරීමේ දී ඊට සරිලන වෛද්‍යවරයෙකු හමුවීම අවශ්‍ය වේ.