සුජාත දියණි දස සිල් අරණ

සුජාත දියණි දස සිල් අරණ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුජාත දියණි දස සිල් අරණ, Sujatha DIyani Dasa Sil Arana, Galle.

ඒ මාගේ ස්වාමි දරුවෝ යට කී ක්‍රමයෙන් පළමුව තමන් ඒ දිවකුරු බුදුන් දුටුදා ම චතුෂ්පදික ගාථාවක් අසා අමාමහනිවන් පැමිණ එකෙණෙහි ...
14/07/2025

ඒ මාගේ ස්වාමි දරුවෝ යට කී ක්‍රමයෙන් පළමුව තමන් ඒ දිවකුරු බුදුන් දුටුදා ම චතුෂ්පදික ගාථාවක් අසා අමාමහනිවන් පැමිණ එකෙණෙහි ම පැවිදි ව සාරලක්ෂයක් රහතන් හා සමග සංඝනවක ව වඩනා මහපින් ඇතිවද සංසාරයෙහි ගොඩ නො දන්නා අපමණ සතුන් දැක උපන් මහා කරුණාවෙන් අමාපාත්‍රයක් ගෙන අනුන්ට නොදී වීර්යය පුරුෂයකු උදකළාව හිඳ කන්නා සේ, මම අද අමාමහ නිවන් එකළාව නො වළඳමි, බොහෝ සතුන් හා සමඟ වළඳමි යි සිතා හස්තගත වූ සක්විතිරජයක් හරණා සේ සම්ප්‍රාප්ත වූ නිවන් රජය හැර පියා සත්වයන් පිණිස තමන් වහන්සේ විඳිනා සංසාර ව්‍යසනය නිවන් සුවයක් සේ සිතා සංසාර සාගරයට වැද - එතැන් පටන් සාරාසංඛ්‍ය කප්ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා සාගරයට වැද අළලන්නා වූ ඒ මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ නොයෙක් ජාතිශතසහස්‍රයෙහි නොයෙක් සතුන් දිළිඳු වෙසින් අවුත් සිට කුස අල්වා පෑ “මහා බුද්ධාංකුරය! ඉතා බඩදළ යම්හ. අපගේ සාදුක් නිවව” යි බැගෑ තෙපුල් කීකල “සාධු! මතු බුදුව මුළුලොව දුකින් මුදමි’ යි පත පතා සසජාතකාදියෙහි දන් දුන් ඇග මස් කියම් නම්, දෙලක්ෂ සතළිස්දහසක් යොදුන් ඝන කඩ බොල් මහ පොළොවෙහි පස් මද ම ය, මස් බොහෝ ම ය,

තවද ජාතිකොටියෙහි යක්ෂරාක්‍ෂසාදින් දිළිඳු වෙස් මවා අවුත් සිට ස්වාමි‍! පිපාසිතයම්හ, මතු තෙපි බුදුව දහම්වැසි වස්වා සසර ගිම් නිවා නම් දැනු දු තොප ඇඟලේ පොවා අපගේ පවස්ගිම් නිවව නරලේ බොනු කැමැත්තම්හ යි යාච්ඥා කළ කල ඔවුන් මුහුණ සතුටින් බලා සියලග පවහෙව සිරුර ගස්වා දරුකිරිදෙන මවක සේ ඒ දිළිඳුන්ට දුන් ලේ කියම් නම්, සතරමහාසාගරයෙහි දිය මද ම ය, ලෙහෙ බොහෝ ම ය,

තව ද නොයෙක් වාරයෙහි අන්‍ධයන් අවුත් සිට භවත! අපි ජාත්‍යන්‍ධයම්හ. ලෝකාලෝකයක් නොම දුටුම් හ. මතු තෙපි බුදු ඇස් ලදින් මොහඳුරු දුරුකරා නම් අපගේ ද අඳුරු දුරු කරව යි කියා ඇස් ඉල්වූ කල තමා වැදූ දරුවන්ගේ ආපදාවන්හි කම්පිත වන මවක සේ ඒ අන්‍ධයන්ගේ දුක් ඉවසාගත නොහී සිවි ජාතකාදියෙහි උපුටා දුන් ඇස් කියම් නම් ආකාශයෙහි තරු මද ම ය. බුදුඇස් පතා දුන් ඇස් බොහෝ ම ය,

තව ද, අසංඛ්‍ය ගණන් ජාතියෙහි ඒ ඒ සත්‍වයන් අවුත් සිට “භවත! මතු බුදු ව මුළුලොවට ඊශ්වර වෙහි නම් අද තාගේ තෙලෙ ඉස අපට දන් දි පියව”යි නින්‍දිත වූ බස් කී වේලෙහි අතන්‍දිත ව ඔවුන් මුහුණ බලා සුරතල් කියන ප්‍රියපුත්‍රයන් සේ සිතා එකෙණෙහි ම මගුල් කඩුව ගෙන බුදුවෙමමැයි පත පතා කපා දීපු මිණිඔටුනුපලන් රජහිස් ගොඩ කියම් නම් එකලක්‍ෂ අටසැටදහසක් යොදුන් උස මෙරගල් මිටි ම ය. ඉස්ගොඩ උස් ම ය.

තවද අපමණ ජාතියෙහි දී දිළිඳුන් අවුත් සිට “භවත! එලාවම්හ. අතින් මෙහෙ කොට ගත නොහෙම්හ, තෙපි මතු ලොවුතුරා බුදු ම මුළුලොව තොප දරු කරා නම්, දැන් තොපගේ තෙලෙ දරුවන් අපට ගැතිකොට දෙව”යි කියා යාච්ඥා කළ කල දෙබසක් නො කියා වෙස්සන්තර ජාතකාදියෙහි ප්‍රිය දරුවන් බැඳ දුන් වැල්ගොඩ කියම් නම් මෙරගගල් මිටි ම ය, වැල්ගොඩ උස් ම ය.

තව ද ජාති කොටියෙහි යාචකයන් අවුත් සිට “හිමි! තෙපි මතු බුදුවන දා මිහිකත ලවා දෙස් කියවා නම්, බුදු සිරිකත පතා නම් කරුණා මෛත්‍රී නමැති කාන්තාවන් දෙදෙනාාහට වල්ලභ වේ නම්, දැන් තොපගේ සිරිකත වන් තෙලෙ රජකත අපට දෙව”යි ඉල්වූ කල දෙබසක් නො කියා තමන්ගේ ප්‍රිය කාන්තාවන් බුදුබව පත පතා බැඳ දීපු වැල්ගොඩ කියම් නම් එම මෙරගල් මිටි ම ය. වැල්ගොඩ උස් ම ය.

සියලුම රූපයෝ ලක්ෂණ අටකින් ඒකවිධ වේ.ඒවා නම්,1.අහේතුක2. සපච්චය3.සාසව4.සංඛත5.ලෞකික6.කාමාවචර7.අනාරම්මණ8.අප්පහාතබ්බ1.අහේතුකනා...
13/07/2025

සියලුම රූපයෝ ලක්ෂණ අටකින් ඒකවිධ වේ.ඒවා නම්,
1.අහේතුක
2. සපච්චය
3.සාසව
4.සංඛත
5.ලෞකික
6.කාමාවචර
7.අනාරම්මණ
8.අප්පහාතබ්බ

1.අහේතුක
නාම ධර්මයන් වූ චිත්ත චෛතසිකයන් ආරම්මණයෙහි ස්ථීරව පිහිටා සිටීමට ලෝභ, අලෝභ, ද්වේෂ, අද්වේෂ, මෝහ, අමෝහ යන හේතු හය උපකාර කරනු ලැබේ.එහෙත් අටවිසි රූපයන්හි මෙම හේතු ධර්ම් කිසි එකක් යෙදී නොමැති බැවින් රූපයෝ අහේතුක වේ.

2.සපච්චය
රූපයන්හි සම්ප්‍රයුක්ත හේතු ධර්මයන් නැතත් ඒවා කර්ම, චිත්ත, සෘතු, ආහාර කියන සතර ප්‍රත්‍යයන් අතරින් යම්කිසි ප්‍රත්‍යයකින් හට ගන්නාහු වෙත්.එබැවින් රූපයෝ ප්‍රත්‍ය සහිත බැවින් සපච්චය යැයි කියනු ලැබේ.

3.සාසව
කාමාදී ක්ලේශයන්ට ආශ්‍රව යැයි කියනු ලැබේ.රූප ධර්මයන් තමාම අරඹයා උපන් ආශ්‍රව ඇති හෙයින් සාසව යැයි කියනු ලැබේ.

4.සංඛත බව
⁣හේතූන්ගෙන් හට ගන්න සියලුම ධර්මයන් සංඛතය.නිර්වාණය පමණක් ප්‍රත්‍යයන්ගෙන් නිපදවනු නොලබන නිසා අසංඛත ධාතුවකි.අනෙකුත් සියලුම රූපාරූප ධර්ම ප්‍රත්‍යයෙන් හට ගන්වනු ලබන බැවින් සංඛතය.එම නිසා රූපයන්ට සංඛත යැයි කියනු ලැබේ.

5.ලෞකික
නවලෝකෝත්තර ධර්මය හැර සෙසු සියල්ල උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයට ඇතුලත්ය.රූප ධර්මයෝද උපාදානස්කන්ධයක් වන බැවින් ලෞකිකය.

6. කාමාවචර
කාම භූමියට අයත් වන කාමයෙහි ඇතුලත් වූ කාම තෘෂ්ණාවට උපකාර වන ධර්ම සියල්ලම කාමාවචර ධර්මයෝය.රූපයද කාම ධර්මයක් වන බැවින් කාමාවචරය.

7. අනාරම්මණ
චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයෝ අරමුණක් එල්බගෙනම ඇති වන්නාහ.නමුත් රූපයෝ එවැනි අරමුණක් නොගන්නා බැවින් අනාරම්මණ වේ.

8. අප්පහාතතබ්බ
තදංග, විෂ්කම්භණ, සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කලයුතු ධර්මයෝ පහාතබ්බ ධර්මයෝය.රූපයෝ පහකල යුතු ධර්මයෝ නොවෙති.පහකල යුත්තේ රූපයන් පිළිබඳ යම් ඡන්දයක්, නන්දියක්, රාගයක්, තෘෂ්ණාවක් වෙත් නම් එයයි.රූප තෘෂ්ණාව නැති කල කල්හි රූපයද නැති වූයේ වෙයි.එබැවින් රූපයෝ අප්පහාතබ්බ වෙයි.

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකාතවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා “මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ...
10/06/2025

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”

- අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ

Address

Sujatha DIyani Dasa Sil Arana
Galle

Alerts

Be the first to know and let us send you an email when සුජාත දියණි දස සිල් අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share