05/06/2026
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය
2026 ජාතික වෙසක් සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද පාරමිතා වෙසක් වැඩසටහනෙහි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය 2026.05.28 වන දින පිටිහරාව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.
වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි , සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල් අරුණි ප්‍රබෝධා මෙනවියගේ උපදෙස් පරිදි , වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වඳුරඹ ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව මෙම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය සංවිධානය කරන ලදි. මෙම සායනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා වඳුරඹ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති, හිරිගල්කැටිය ශ්‍රී සේලචේතියාරාමාධිපති පූජ්‍ය පල්ලාවෙල සුමනවංශ ස්වාමීන් වහන්සේ සහ පිටිහරාව ශ්‍රී අභිනවාරාමාධිපති, හිටපු ගරු ලේඛකාධිකාරි පූජ්‍ය තිලක උදාගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථ භික්ෂුන් වහන්සේලාත්, වදුරඹ ප්‍රාදේශීය ලේකම්කාර්‍යාලීය සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල්. අරුණි ප්‍රබෝධා මෙනවිය , බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී මනෝජ් ප්‍රියන්ත මහතා, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී යූ.ජී.පණ්ඩිරත්න මහතා, තරුණ සේවා නිලධාරී ලසාත් දිසානායක මහතා ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ද, ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බලමණ්ඩලයේ ගරු සභාපති, වඳුරඹ ආයුර්වේද සංරක්ෂණ සභාවේ ගරු ලේකම් වෛද්‍ය ලලිත් සල්ගමුව මහතා, ගරු උප සභාපති වෛද්‍ය දිනසිරි ඕබඩගේ මහතා, වෛද්‍ය දීපිකා සුරිආරච්ච් මහත්මිය , වෛද්‍ය බී.ඒ උපසේන මහතා, භේසජ්ජක බී.ඒ ආනන්ද මහතා, භේසජ්ජක චමෝද්‍යා රණසිංහ මෙනවිය,
දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්, දහම් පාසල් සිසු දරුවන් ඇතුළු ප්‍රදේශ වාසීන් මෙම සායනය සදහා සහභාගී වන ලදි.
වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන අංශය විසින් සම්බන්ධීකරණය කරන ලද පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය සඳහා සහයෝගය ලබා දුන් පිටිහරාව අභිනවාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති හිමි ඇතුළු විහාරස්ථ භික්ෂුන් වහන්සේලාට, ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බලමණ්ඩලයට, වඳුරඹ ආයුර්වේද සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයන්ට , දහම්පාසල් ගුරු මණ්ඩලයට, වඳුරඹ වැඩිහිටි බලමණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලයට , ප්‍රදේශවාසී ජනතාව ඇතුළු සියලුම දෙනාට ස්තුතියි !
හිතායු !! සුඛායු !! දීර්ඝායූ !!