Surgery Unit - District Ayurveda Hospital, Galle

Surgery Unit - District Ayurveda Hospital, Galle This is the official page of the Surgery Unit, District Ayurveda Hospital, Galle.

Surgery Health Camp 2026  ✴️ ✴️Completed with great success.A heartfelt thanks to Mr. Harvinder Singh, Consul General of...
26/03/2026

Surgery Health Camp 2026 ✴️ ✴️
Completed with great success.

A heartfelt thanks to Mr. Harvinder Singh, Consul General of India (Hambantota), and Dr. L. P. A. Karunathilake (PhD), Senior Ayurveda Surgeon, fomer senior lecturer in Faculty of Indigenous Medicine for gracing the event as our esteemed chief guests.

Our sincere appreciation to the Governor, Chief Secretary, and Secretary to the Chief Ministry of the Southern Province for their participation, approvals and guidance.

Special thanks to the Provincial Ayurveda Commissioner, Southern Province, and to the former and current Medical Superintendents of the District Ayurveda Hospital, Galle, for their strong leadership and unwavering support.

Deep gratitude to consultant Ayurveda surgeon Dr. Tilak Prashantha Gamage (PhD) for his vision, dedication, and exceptional leadership in organizing this remarkable programme.

A warm thanks to all doctors, IMOs, hospital staff, well‑wishers, and participants who contributed to making this health camp meaningful and impactful.
Special appreciation to the media teams for providing valuable coverage of the event.

Together, we strengthened knowledge, improved patient care, and uplifted the field of Ayurveda surgery in Sri Lanka.

Grateful for everyone’s support.

මාර්තු 24,25,26 දින වලදී ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේදී පැවැත්වෙන 'ආයුර්වේද ශල්‍ය වෛද්‍ය කඳවුර' පිළිබඳව දකුණු පලාත් ...
18/03/2026

මාර්තු 24,25,26 දින වලදී ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේදී පැවැත්වෙන 'ආයුර්වේද ශල්‍ය වෛද්‍ය කඳවුර' පිළිබඳව දකුණු පලාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන දකුණු පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී....

 #අර්ශස් රෝගය පිලිබඳව සරලව....Simple explanation about 'Arsha'.
12/03/2026

#අර්ශස් රෝගය පිලිබඳව සරලව....
Simple explanation about 'Arsha'.

2026 මාර්තු 24,25,26 දිනවල ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේදී (සම්බෝධිය අසල)....👇👇
10/03/2026

2026 මාර්තු 24,25,26 දිනවල ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේදී (සම්බෝධිය අසල)....
👇👇

05/03/2026

👣 ගල්තැලුම් (Corns) නිසා ඇවිදීම පවා වදයක් වෙලාද? වේදනාවෙන් තොරව ගල්තැලුම් මුලින්ම ඉවත් කරමු!

බොහෝ දෙනෙක් ගල්තැලුම් කපා ඉවත් කළත් සති කිහිපයකින් එය නැවත මතු වේ. එයට හේතුව ගල්තැලුමේ "මුල" (Root) ගැඹුරට විහිදී තිබීමයි.
අපගේ විශේෂිත අග්නි කර්ම (Agni Karma) ප්‍රතිකාරය මගින් එම මුල සම්පූර්ණයෙන්ම විනාශ කර, පසුව ඉතාම ආරක්ෂිතව එය කපා ඉවත් කරනු ලැබේ.

මෙම ප්‍රතිකාරයේ විශේෂත්වය:

🔥 අග්නි කර්ම මගින්: ගල්තැලුමේ මධ්‍යය (Core) තාපය යොදා විනාශ කරන නිසා නැවත ඇතිවීමේ ඉඩකඩ අහුරා දමයි.

🔪 පසුව ඉවත් කිරීම: අග්නි කර්මයෙන් පසු මියගිය ගල්තැලුම් කොටස වේදනාවෙන් තොරව ක්‍රමවත්ව ඉවත් කර පාදය පිරිසිදු කරයි.

🚶 ක්ෂණික සහනය: ප්‍රතිකාරය අවසන් වූ වහාම ඔබට වෙනදා මෙන් ඇවිදීමට හැකියාව ලැබේ.

🚫 ලේ වහනයක් නැත: ශල්‍යකර්මයක් මෙන් ලේ වහනය වීමක් සිදු නොවන තරම්ය.

✅ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඉතා කෙටි කාලයකදී ප්‍රතිකාරය සිදු කර ගත හැකිය.

නැවත නැවත ප්ලාස්ටර් අලවමින් කාලයත්, මුදලත් නාස්ති නොකර ස්ථිර සහනයක් සඳහා සිකුරාදා දින ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ අග්නි කර්ම සායනය වෙත පැමිනෙන්න..

සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් දිවියක්! 🌿ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ ශල්‍ය ඒකකය මගින් පවත්වනු ලබන විශේෂිත ස...
02/03/2026

සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් දිවියක්! 🌿

ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ ශල්‍ය ඒකකය මගින් පවත්වනු ලබන විශේෂිත සායන.

🗓️ සායන පැවැත්වෙන දිනයන්:

🔹 ගුද රෝග හා ශල්‍ය සායනය - සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම,
පහත රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබාගත හැක:

​➢ ​සියළුම ගුද ආශ්‍රිත රෝග අර්ශස් (Piles), භගන්දරා (Fistula in ano) පරිකර්තිකා (Fissure in ano)

​➢​ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන සැරව ගෙඩි (Peri a**l abscess)

​➢ ගුද මාර්ගය බැහැරට ඒම (Re**al prolapse)

​➢​ ගෙඩි/ අර්බුද (Cysts, Lumps, Lyphoma... etc.)

​➢​ කල් ගත වූ තුවාල (දුෂ්ට ව්‍රණ) (Chronic wound)/ අලුත් තුවාල (Wounds)

​➢ ​ශරීරයේ ඇතිවන සැරව ගෙඩි (Abscess)

​➢ ​නහර ගැට ගැසීම් හා ඒ හේතුවෙන් ඇතිවන තුවාල (Varicose veins & varicose ulcer)

🔹 අග්නි කර්ම සායනය - සෑම සිකුරාදා දිනකම,
පහත රෝගාබාධ සඳහා විශේෂිත අග්නිකර්ම ප්‍රතිකාර ලබාගත හැක:

​➢ ගල් තැලුම් (Corns)

​➢ ඉන්නන් (Warts)

​➢ ගුද්‍රසි (Sciatica)

​➢ කොන්දේ වේදනාව ඇතුළු සියලුම ආකාරයේ සන්ධි වේදනා

ප්‍රවීණ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ, විශ්වාසනීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න.

Address

District Ayurveda Hospital
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Surgery Unit - District Ayurveda Hospital, Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share