Ravinda Udagamage

Ravinda Udagamage health promotion , health education ,consultation ,දැනුම , විනෝදය සහ අත්දැකීම් සියල්ල . සමාජය , රට, ලෝකය , විෂ්වය.... ගැන මට හිතෙන දේවල් ....
(1)

26/05/2026

🤣🤣🤣

රටපුරාම මොළේ උණ රෝගයක් පැතිරෙන අවදානමක් තියනව .. ඒ ගැන සොක්‍ය අමාත්‍යාංශයෙ බෝවන රෝග පිළිබද ඒකකය අපිට Guidelines දැනටමත් ...
26/05/2026

රටපුරාම මොළේ උණ රෝගයක් පැතිරෙන අවදානමක් තියනව .. ඒ ගැන සොක්‍ය අමාත්‍යාංශයෙ බෝවන රෝග පිළිබද ඒකකය අපිට Guidelines දැනටමත් දීල තියනව . මේක වෛරස් ආසාදනයක් ( entero virus ) එකක් කියල තමයි දැනට හොයාගෙන තියෙන්නේ . මේ වෛරසය ශරීරගත වෙන්නේ faeco oral route එකෙන් . එහෙම නැත්නම් ආසාදිත අසූචි සමග ආහාර සහ ජලය මිශ්‍ර වීමෙන් . සෙම බිඳිති මගින්....
(දන්සැල් වදින්නේ පරිස්සමෙන් .....)

ප්‍රධාන රොග ලක්ෂණ ....

1 තද උණ
2 තද හිසේ කැක්කුම
3 වමනය
4 ආලෝකය දෙස බැලීමට අපහසුවීම ( photophobia )
5 බෙල්ලේ වේදනාව/ තදවීම ( neck stiffness )
6 හැසිරීම් වෙනස්කම් ( විකාර දෙඩවීම වැනි)(altered behavior )
7 මීමැස්මොරය ( fits )
මේව තමයි ප්‍රධාන රෝග ලක්ෂණ ....

දරුවන්ට හැදෙනව වැඩියි. දැනට අපේ රෝහලේ මගේ වාට්ටුවෙත් දරුවන් කීපදෙනෙක් ඉන්නව මේ රෝග ලක්ෂණ තියන අය..අපි වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල යවල තියන්නේ .
පරීක්ෂණ .....

රුධිර පරීක්ෂණ ....

මස්තිෂ්ක සුෂුම්නා තරල පරීක්ෂණ ( lumber puncture test for CSF FULL report ) ( කොන්ද විදින පරීක්ෂාව)

CT scam / MRI පරීක්ෂණ ( අවශ්‍ය වූවොත්)

බෙහෙත් තියනව ... Antiviral හෝ Antibiotics
සංකූලතා .... එන්න පුලුවන් ... නොනවතින fits , septicemia , Brian abscess .
කඩිනමින් ප්‍රතිකාර නොකොලොත් මරණය සිදුවිය හැකිය.

රෝග ලක්ෂණ තියනවනම් ඉක්මනින් රෝහල්ගත කරන්න ඕන . පරක්කු වුනොත් වැඩේ අමාරු වෙනව...

පරිස්සම් වෙන්නේ කොහොමද ...?

පුලුවන් සෑමවිටම Mask දාන්න ... දෙඅත් නිතරම සෝදන්න.. පිටතින් ආහාර ගැනීම අවම කරන්න . උණුකර නිවාගත් පිරිසිදු ජලය පාවිච්චි කරන්න . පොඩි පැටවුන් සෙනග ඉන්න තැන්වල ගෙනියන්න එපා.

පහත රූපය ... කොන්ද විදල වතුර ගන්න පරීක්ෂණය ....

මේක copy paste කරන්න එපා... Share කරන්න ....

Copyright

Dr Ravinda Udagamage

26/05/2026

කපිතාන් වැඩ්ඩෙක්ද නැද්ද කියල තීරණය වෙන්න, කුණාටුවක් තියෙන්නම ඕන ! නැද්ද හා..🤌

මේ ලංකාවේ සුපිර් මාර්කට් එකකින් ගත්ත පාන් එකක තිබුන ingredients label එකක් . මේකෙ තියනව අපිට වැ දිනපතාම / නිතරම ගන්න හොද...
24/05/2026

මේ ලංකාවේ සුපිර් මාර්කට් එකකින් ගත්ත පාන් එකක තිබුන ingredients label එකක් . මේකෙ තියනව අපිට වැ දිනපතාම / නිතරම ගන්න හොද නැති රසායනික සංයෝග කීපයක්ම . මේ වගෙ තියන sandwich පාන් ඔක්කොම මෙහෙම තමයි . පුලුවන් තරම් අඩුවෙන් කන්න . කරන්නම දෙයක් නැත්නම් තමයි මම නම් කන්නේ . ඔයාලට පුලුවන් මේ picture එක save කරගෙන chatgpt දාල බලන්න .. මොනවද ලැබෙන තොරතුරු කියල . ආස හිතෙයි...

24/05/2026
23/05/2026

මෙනින්ජයිටීස් වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 116 මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

23/05/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ජීවිතය කියන්නේ හරියට Ride එකක් වගේ... හයියෙන් යන්න ඕන වෙලාවට හයියෙන් යන්න ඕන . හිමින් යන්න ඕන වෙලාවට හිමින් යන්න ඕන . Br...
23/05/2026

ජීවිතය කියන්නේ හරියට Ride එකක් වගේ... හයියෙන් යන්න ඕන වෙලාවට හයියෙන් යන්න ඕන . හිමින් යන්න ඕන වෙලාවට හිමින් යන්න ඕන . Break කරන්න ඕන තැනදි Break කරන්න ඕන. නවත්වන්න ඕන තැනදි නවත්වන්න ඕන . සමහර තැන්වලදි බැහැල යන්න ඕන වෙලාවට බැහැල යන්න ඕන . ඒ වගේම සමහර වෙලාවට අනිත් උන්ට ඉඩ දීල උන් යන දිහා බලා ඉන්න ඕන . අනිත් උන් එක්ක යන්න ඕන වෙලාවට යන්න ඕන , නැති වෙලාවට තනියම යන්න ඕන ... සමහර වෙලාවට වාහනෙන් බැහැල හැංගිලා ඉන්න වෙලාවකුත් එන්න පුලුවන් ....
ඔළුවට ගන්න .... පස්සේ ඕන වෙයි..
රවින්ද

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Ravinda Udagamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share