09/03/2026
දවසකට ශල්‍යකර්ම කියක් කරන්න පුළුවන් ද?? ඒකත් ඇස්...
ඉතාමත් සංවේදී අක්ෂි ශල්‍යකර්ම 550 ක් එක දවසක සිදු කරා කිවිවොත් ඔබ විශ්වාස කරනවාද??
ඔව් ඔබට විශ්වාස කරන්නම වෙනවා.. ඒකත් ඔබට මට වඩා හිතවත් ගමිපොල ජාතික රෝහලේදී මේ කාර්යය සිද්ධ උනා කිවාම ගමිපොල පුරවැසියන් විදිහට අපිටත් සතුටුයි..
මේ කාර්යය සාර්ථක කරගන්න, එක පිටුපස්සේ ලොකු කොටසක් ඉන්නවා.එ හැම කතාවක්ම, මේ ශල්‍යකර්ම සදහා සෘජුවම සම්බන්ධ වු වෛද්‍යවරයෙක් අභිමානයෙන් තැබූ ෆේස්බුක් සටහනක තියෙනවා.. බලමු,කියවමු,ආඩමිබර වෙමු 👇👇👇
-----------------------------++-----------------
මම මේ පලවෙනි ෆොටො එක ගත්තෙ ඊයෙ (28-02-2026) පාන්දර 4ට.
අපෙ අක්ශි කාච 500ක් බද්ධ කිරීමේ ආරම්භක රෝගීන් සියලු දෙනා ඒ වෙනකොටත් සූදානම් වෙලා ශල්‍යාගාරයට යෑමට වාඩි වෙලා බලාගෙන හිටිය අවස්ථාවෙ තමා මම ඒක ගත්තෙ..
මාස කිහිපයක දැඩි මහන්සියකින් පස්සෙ අපෙ සම්පූර්ණ මහංසියට අනුව අපි සාර්ථකද නැද්ද කියල කියවෙන කථාවෙ ආරම්භය සනිටුහන් උනේ එහෙම..
ගම්පොල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ශක වෛද්‍ය දුමින්ද ඩයස් මහතාගේ මඟ පෙන්වීම යටතේ විශේෂඥ අක්ශි ශල්‍ය වෛද්‍ය අමිල ජයරත්න මහතා college of ophthalmologists සමඟ එක්ව සංවිධානය කරන ලද මේ සම්පූර්ණ වැඩසටහන අද සවස අවසන් වෙලා අවසන් රෝගියා ලෙස 550 වන රෝගියා රෝහලේ ශල්‍යාගාරයෙන් පිටතට පැමිණෙන එක තමා මේ දෙවනි චායාරූපය...
අපි වගෙ පහසුකම් අවම රෝහලක දින දෙකක් ඇතුලත ශල්‍යකර්ම 500කට එහා ප්‍රමාණයක් සිදු කිරීම විශ්ම කර්ම වැඩක්..
ඒ වෙනුවෙන් college of ophthalmology, අක්ශි ධාන සංගමය ඇතුලු විශාල සම්පත් දායක පිරිසක් එකතු වෙලා හිටියා..
Gift of Vision වැඩසටහන සඳහා
• වෛද්‍ය කුසුම් රත්නායක – Gift of Vision වැඩසටහනේ සම්බන්ධීකාරක සහ පසුගිය සභාපති ශ්‍රී ලංකා අක්ශි ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය
• වෛද්‍ය චයා සමරසිංහ – Gift of Vision වැඩසටහනේ සම්බන්ධීකාරක
ශල්‍යකර්ම සඳහා සහභාගී වූ අක්ශි ශල්‍ය වෛද්‍යවරුන්
• වෛද්‍ය මංගල දිසානායක – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, දිස්ත්‍රික් මහ රෝහල, කෑගල්ල
• වෛද්‍ය එස්. සුජීවන් – විශේෂඥ අක්ශි ශල්‍ය වෛද්‍ය ශික්ෂණ රෝහල, යාපනය
• වෛද්‍ය ජේ. ඩී. ඩයස් – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, ජාතික අක්ෂි රෝහල, කොළඹ
• වෛද්‍ය දනුෂ්ක ගමගේ – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, මූලික රෝහල, කඹුරුපිටිය
• වෛද්‍ය අයස්මන්ත පීරිස් – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට
• වෛද්‍ය කේ. ආර්. දයාවංශ – ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, ජාතික අක්ෂි රෝහල, කොළඹ
• වෛද්‍ය ගයාන් විජේසුන්දර – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, දිස්ත්‍රික් මහ රෝහල, ත්‍රිකුණාමලය
• වෛද්‍ය අසෙල හංගිලිපොල – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, ශික්ෂණ රෝහල, කුරුණෑගල
• වෛද්‍ය හර්ෂ ප්‍රතාපසිංහ – විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය, මූලික රෝහල, දඹුල්ල
මීට අමතරව මේ වැඩසටහනේ මාස්ටර් මයින්ඩ් එක ගම්පොල ශික්ෂණ රෝහලේ අක්ශි ශල්‍ය විශේෂඥ වෛද්‍ය අමිල ජයරත්න මහතා.. ඔහු සමඟ අක්ශි ශල්‍ය අංශයේ වෛද්‍යවරුන් වන සංජීව පිලපිටිය මිස්ෆා භානු මහත්මිය රිෆ්ඛාන් සහ ( මේක ලියන මාත් ඒ අංශයෙ) වාට්ටු 5 භාර සභාග්‍යා හෙද සොයුරිය සංජීවනි, සුභා, මධුභාශනි, ගයනි, ගයානි, දුලීකා, සාගරිකා, මාස්ටර් ඇතුලු සියලුම හෙද නිලධාරිනුත් කෝලිත මධුශංක නිරෝශි නිලන්ත ඇතුලු උපස්ථායක සහ සෞඛ්‍ය කාර්‍ය සහයක සියලු දෙනාමත් අපිව දරා ගත් උගුර කණ නාසය අංශයේ සියලුම වෛද්‍යවරුනුත්
හැමදේම ප්ලෑන් කරල උදව් කල ප්ළෑනිං අංශයෙ වෛද්‍ය නසීම් ඇතුලු පිරිසත්
රෝගීන් ඇතුලත් කිරිම සංවිධානය කල වෛද්‍ය මුදිත හපුආරච්චි ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමත් අපට සහය ලබා දුන් RHo කණ්ඩායමත්
රෝහලේ ශල්‍යාගාරය භාර හෙද සොයුරිය ඇතුලු හෙද කණ්ඩායම ලබා දුන්න සහය සහ ඔවුන්ගෙ කැපවීම අති මහත්. අක්ශි ශල්‍ය ශල්‍ය කන්ඩායම් 3කට අවශ්‍ය පහසුකම් සහ ශල්‍යකර්ම වලට සහය දෙමින් රෝහලේ ශල්‍ය සහ ප්‍රසව හා නාරිවේද අංශ වල ශල්‍ය කර්ම වලටත් ශල්‍යාගාරයේ ඉඩ ලබා දෙමින් ඔව්‍න් ලබා දුන් සේවය අති විශිෂ්ඨයි...
සියලුම රෝගීන්ට ඖශධ ලබා දෙමින් ප්‍රධාන ඖශධවේදි සරත් මහතා සහ ඔහුගේ කණ්ඩායම ඉතාම දක්ශ ලෙස යුහුසුලුව රෝගීන් නිවෙස් බලා යාමට කටයුතු කරා...
රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දෙමින් කටයුතු කලේ රෝහලේ හෙද නිලධාරින් සමුද්‍රා මිස් සහ පොලිස් රෝහලේ හෙද නිලධාරි ජනප්‍රිය මහතායි.
ඒ සමඟම රෝහලේ ආරක්ශක අංශයත් මුලු පරිශ්‍රයම ශුද්ධ පවිත්‍ර කරමින් සහය දුන් පවිත්‍රතා අංශයත් අප වෙනුවෙන් ඖශධ ප්‍රධානය කල තරුණ මුස්ලිම් සංවිධානයත් නන් අයුරින් සහය දුන් ඔබ සැමත් ආදරයෙන් මතක් කරනව...
ඔව් අපි ඒක කරා.... 550ක් ශල්‍යකර්ම කියන්නෙ විශ්ම කර්ම වැඩක්...