11/07/2026
ඩෙංගු.. දවසින් දවස රෝගීන් ප්‍රමාණය ඉහල යනව.
ඒවගේම ඩෙංගු කියන්නෙ . මදුරුවන් මගින් බෝවන වෛරස් ආසාදනයක්...
ප්‍රභේද හතරක් තියෙනව
Denv 1,Denv 2, Denv 3, Denv 4
රෝග ලක්ෂණ
* අධික උණ
* දරුණු හිසරදය
* ශරීරයේ කැක්කුම
* ඔක්කාරය
* සමේ කුෂ්ඨ ඇතිවිම
* කනස්සල්ල ,මානසික අවපීඩනය ඇතිවෙන්න පුලුවන්
උණ බැසයනවාත් සමග රුධිර පට්ටිකා අඩුවීම, රුධිර සංසරණ පද්ධතියේ වෙනස්කම් සිදුවෙන්න පුලුවන් . මෙය ඩෙංගු රක්තපාත උණ (DHF) සහ ඩෙංගු කම්පන සින්ඩ්‍රෝමය ( DSS) දක්වා වර්ධනය වන්න පුලුවන් ..එය ඉතා අවධානම් තත්වයක්.. ඊට අමතරව තෙහෙට්ටුව , මාංශ පේශි දුර්වල බව, හෘද පේශි දැවිල්ල , අක්මාව,වකුගඩු වලටද බලපෑම් ඇතිවෙන්න පුලුවන් .
උණ අඩු වුනත්,
දරුණු උදර වේදනව, වමනය, විදුරුමස් වලින් සහ නාසයෙන් ලේ යාම, කළු තාර වැනි මලපහ පිටවීම , හුස්ම හිරවිම, වෙනස් වූ මානසික තත්ව,වයාකූලබාවය තියෙනවනම් රෝහලට යායුතුයි.
ඩෙංගු රෝගය අවධි තුනකින් විග්‍රහ කරන්න පුලුවන් .
1) උණ පවතින අවධිය.( febril phase) 1-3 වැනි දින කිහිපය
2) අර්බුදකාරී/ අනතුරුදායක අවධිය ( critical phase) දින 4- 6 දක්වා
3) සුවය ලබන අවධිය ( Recovery phase) 7 වන දින සිට ඉදිරියට
ඒ වගේම දරුවන්ට ඩෙංගු හැදුනම අවධානම වැඩියි. මොකද දරුවන්ගෙ සිරුරේ තියෙන blood volume එක වැඩිහිටියන් ට වඩා අඩුයි. ඒ නිසා ඩෙංගු රෝගයේ අර්බුදකාරී අවධියේදී ( critical phase ) සිරුරේ රුධිර වාහිනි වලින් දියර පිටතට කාන්දු වීම ( fluid leakage ) කියන තත්වය දරුවෙකුට දරුණු ලෙස බලපානව.
ගොඩාක් අය හිතන්නෙ රුධිර වාර්ථාවල අඩුවෙන් පෙන්නන රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිකරගන්න. නමුත් රුධිර පට්ටිකා අඩුවිමට වඩා භයානක DHF තත්වයට පත්වීම
ඒ වගේම ,,Brufen, Asprin, ponstan,/ mefenamic Acid , NSAID කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් වැළකිය යුතුයි.
සුදුසු ආහාර ..
තැඹිලි වතුර, දේශිය දෙළුම් යුෂ,පිරිසිදු ජලය, අඩුවෙන් තෙල් යොදා පිසූ කැඳ ,බත්, කිරිබත්, එළවළු සුප්, තම්බන ලද බිත්තර, මස්,මාළු, දොඩම් ,නාරං, ගස්ලබු. ,
නුසුදුසු ආහාර :
අධික තෙල් සහිත ආහාර ,දිරවීමට අපහසු ආහාර, කෘතිම රසකාරක යෙදූ ආහාර, රුධිර ගැලීමේ අවධානම ඇතිවිය හැකි ඇස්ප්‍රීන් ,අයිබියුප්‍රොෆේන් වැනි ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුයි.
සුව වුනාට පස්සෙත් පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරොත් අනිවාර්යයෙන් වෛද්‍යවරයා හමුවෙන්න .
* හුස්ම ගැනීම අපහසුව
* නැවත නැවත එන උණ
* තද කරකැවිල්ල .
* හදවත ස්පන්දනය අසාමාන්‍ය වීම
* අධික දුර්වල බව.
සුව වුනාට පසු සුදුසු ආහාර:
බිත්තර,මාළු, මස්, පරිප්පු, කඩල,කව්පි, මුං ඇට, දොඩම් ,පේර ,ගස්ලබු , අලිපේර, නිවිට්ජි, ගොටුකොල,ගෝවා,කැරට්, බෝංචි,වට්ටක්කා ,බත්, කුරක්කන්, ඕට්ස්, අර්තාපල් ,සුප්, කැදවර්ග, පොල් වතුර ටිකක්, තැඹිලි, පළතුරු යුෂ
ඩෙංගු සඳහා හෝමියෝපති ප්‍රතිකාර:
හෝමියෝපති කියන්නෙත් බටහිර වෛද්‍ය ක්‍රමයක්. හෝමියෝපති ප්‍රතිකාර මගින් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරනව. ඒ නිසාම ඩෙංගු වැනි බෝවන රෝග පැතිර යන අවධියක ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමේ ප්‍රතිශක්තිය වඩන ප්‍රතිකාර තියෙනවා.
ඒක සරලව පැහැදිලි කරොත් ඩෙංගු වෛරසය කියන්නෙ සතුරු හමුදාවක් නම් , ඒ සතුරු හමුදාව අපේ සිරුර ආක්‍රමණය කරන්න පෙර ,අපි අපේ ශරීරයේ ඉන්න හමුදාව ආයුධ සන්නද්ධ කරනව වගේ ක්‍රියාවක්. හෝමියෝපති ඖෂධ අපේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරල ශරීරය සූදානම් කරල තියෙද්දි,වෛරස් ඇගට ඇතුලු වුනාම අපේ ශරීරය ඒ සතුරව සාර්ථක ලෙස මර්ධනය කරනවා.
හෝමියෝපති ප්‍රිවෙන්ට් ට්‍රීට්මන්ට් ලෙස Eupatorium perfoliatum ඖෂධය සුදුසු බලයකින් ( ,potency ) හෝමියෝපති වෛද්‍යවරු නිර්දේශ කරනවා වසංගත තත්වය පවතින කාලසීමාව තුලදී,
හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේදී, ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්නේ,
🌷 රෝග ලක්ෂණ පාලනය කිරීම.
උණ, හිසරදය ,සන්ධි වේදනාව.අඩුකිරීමට
🌷 ප්‍රතිශක්තිය වර්ධනය කිරීම
ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය උත්තේජනය කිරීම මගින් වෛරසය පාලනය කිරීමට උපකාරීවීම.
🌷 සංකූලතා අවම කිරීම
රුධිර පට්ටිකා සීඝ්‍රයෙන් පහළ වැටීම හා අභයන්තර රුධිර වහනය වීම වැනි බරපතල තත්වයන් ඇතිවීම වැළැක්වීම.
🙏ඩෙංගු රක්තපාත උණ ඇතිවිට රෝගියා රෝහල් ගතවීම අනිවාර්යයි..
1) Eupatorium perfoliatum
උණ, සන්ධි වේදනාව,
2) Gelsemium ; උණ ,පේශි වේදනාව , ඇස් පිහාටු බරගතිය .
3) Bryonia alba ; මාංශ පේශි, සන්ධි වේදනාව
පිපාසය.
4) Arsenicum album : ,තද උණ, අධික තෙහෙට්ටුව ,නොසන්සුන් මනස
5) phosphorus : ශරීරයේ අභයන්තරයේ රුධිර වහනයට
6) china officinalis : දියර පිටවීම නිසා ශරීරයේ ඇතිවන දුර්වල බව
7) crotalus Horr : ශරීරයේ අභයන්තරයෙන් රුධිර වහනයට
8) carica papaya : රුධිර පට්ටිකා වර්ධනයට .
,
හෝමියෝපති ප්‍රතිකාර ලබාදීමේදි රෝගියාට ආවේණික විශේෂ ලක්ෂණ( Individualization)
සලකා බලන අතර ඊට අමතරව mental,physical,Aggravation ,Amalioration, ආදී සියලු කරුණු සලකා බලා රෝගියාට සුදුසුම ඖෂධය ,සුදුසුම බලය (ptency) සහ ලබාදිය යුතු මාත්‍රාව හෝමියෝපති වෛද්‍යවරයකු විසින් නිර්දේශ කලයුතුය.
හෝමියෝපති ඖෂධ වල ඇත්තේ ඖෂධයේ ශක්තියක් ( Energy medicine ) නිසා අතුරු ආබාධ ,ඇබ්බැහිවීම නැත, භාවිතය ඉතා පහසුය
ඉතා පුන්චිම ඇහැට නොපෙනනා වෛරසයකට අපගේ ශරීරය ආක්‍රමණය කල හැකිවා සේම ඉතා කුඩා හෝමියෝපති
ඖෂධයකට ඊට එරෙහිව ක්‍රියා කිරීමේ ශක්තිය ඇත.
ඔබත් අදම හෝමියෝපති ඖෂධ ලබාගෙන ඩෙංගු මාරයාගෙන් ආරක්ෂා වන්න
හෝමියෝපති වෛද්‍ය සඳමාලි ජයවනගේ
සෙත් හෝමියෝපති රෝහල
හෝමාගම
0771607860