17/08/2026
🌍....තැලසිමියාවෙන් තොර සෞඛ්‍ය සම්පන්න හෙටක් .....❗❗❗🌎
තැලසීමියාව කියන්නේ අපේ රටේ තරුණ පරපුර සහ අනාගත දරුවන් ගැන හිතලා අනිවාර්යයෙන්ම කතා කළ යුතු මාතෘකාවක්.
🩸 👩⚕️ තැලසීමියාව: "අපේ නොසැලකිල්ලෙන් දරුවෙකු ජීවිත කාලෙම විඳවන්න ඕනෙද?" 🧬💔
🫂මේ හදවතට ටිකක් බර, ඒත් හැමෝම දැනුවත් විය යුතුම දෙයක්.... ඒ තමයි
🔸" තැලසීමියාව 🔹
පුංචි මල් කැකුලු තමන්ගේ ජීවිතය රැකගන්න හැම මාසෙම රෝහල් ඇඳන් උඩ ලේ පාරවිලයනය (Blood Transfusion) කරගන්න විඳින දුක. මේක වළක්වා ගන්න පුළුවන් ලෙඩක් වෙලත්, අපේ නොදැනුවත්කම නිසා අදටත් දරුවෝ මේ ලෝකෙට බිහිවෙනවා.
🤔 මොකක්ද මේ තැලසීමියාව..?
මේක ලෙඩෙක්ගෙන් බෝවෙන ලෙඩක් නෙවෙයි. මේක ජාන හරහා දෙමව්පියන්ගෙන් දරුවාට උරුම වෙන ජානමය ප්‍රවේනිගත රෝගයක්. මෙතනදී වෙන්නේ සිරුරේ රුධිරයේ තියෙන "හිමොග්ලොබින්" නිසි ලෙස හැදෙන්නේ නැති එක. එතකොට ඒ දරුවාගේ ඇඟේ ලේ අඩුවෙනවා (Anemia).
ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා:
🫶තැලසීමියා වාහකයින් (Carriers)➗
ඔවුන්ට කිසිම අසනීපයක් නැහැ. සාමාන්‍ය මිනිස්සු වගේම ඉන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ ඇඟේ ඒ "ජානය" තියෙනවා.
💞තැලසීමියා රෝගීන්➗
වාහකයින් දෙන්නෙක් විවාහ වුණොත්, ඔවුන්ට උපදින දරුවා රෝගියෙක් වීමේ අවදානම 25% 50% අතර තියෙනවා.
🚩 තැලසීමියා රෝගී දරුවෙක් විඳින දුක..
රෝගී දරුවෙක් ඉපදුණොත්, මාස කිහිපයක ඉඳන් ඒ දරුවාට ලක්ෂණ පේන්න ගන්නවා.
💫දරුවා සුදුමැලි වෙනවා.
💫මව් කිරි ප්‍රතික්ෂේප කරනවා
💫 නිතර නිතර අසනීප වෙනවා.
💫 කෑම රුචිය අඩු වෙනවා.
💫 ප්‍රධානම දේ: මේ දරුවාගේ ජීවිතය රැකගන්න හැම මාසෙකම වගේ පිටතින් ලේ දෙන්න වෙනවා.
🖤ඒ වගේම ඇඟේ යකඩ ප්‍රමාණය වැඩි වෙන නිසා ඒක පාලනය කරන්න දිනපතා බෙහෙත් බොන්න හෝ එන්නත් විදගන්න වෙනවා. මේක ඒ දරුවාට වගේම දෙමව්පියන්ටත් මානසිකව සහ ආර්ථිකව ලොකු පීඩනයක්.
✅ අපිට මේක වළක්වන්න පුළුවන් කොහොමද?
මේක තමයි වැදගත්ම කොටස! තැලසීමියාව ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි "🗣️දැනුවත් භාවය🗣️".
👰 💍👰විවාහයට පෙර රුධිර පරීක්ෂාව➗
ඔබ විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම්, නැත්නම් ඔබේ සහකරු/සහකාරිය තෝරාගන්න කලින් "තැලසීමියා රුධිර පරීක්ෂණයක්" (HPLTC Test) කරගන්න.
🏷️ ගැලපීම බලන්න
👪 එක් අයෙක් වාහකයෙක් වී අනෙක් කෙනා නිරෝගී නම්: ගැටළුවක් නැහැ.
👨👨👧👧දෙන්නම නිරෝගී නම්: කිසිම ගැටළුවක් නැහැ.
👥දෙන්නම වාහකයින් නම්: මෙන්න මෙතනදී තමයි අවදානම තියෙන්නේ. එවැනි අය විවාහ වීමෙන් රෝගී දරුවෙක් බිහිවීමේ ඉඩකඩ වැඩියි.
📢 තරුණ පරපුරට පණිවිඩයක්!
යාලුවනේ, කේන්දර බලලා විවාහ වෙන එක අපේ සිරිතක් වුණාට, කේන්දරේටත් වඩා වටින "රුධිර පොරොන්දම " සහ "තැලසීමියා වාහක පරීක්ෂණය" ගැන පොඩ්ඩක් හිතන්න. ආදරයට බාධා කරනවා නෙවෙයි, හැබැයි ඔබේ නොසැලකිල්ල නිසා අනාගතයේදී ඉපදෙන දරුවෙක් රෝහල් ඇඳන් උඩ විඳවනවා දකින්න ඔබ කැමතිද?
රජයේ රෝහල් වල තැලසීමියා මධ්‍යස්ථාන මගින් මේ පරීක්ෂණය නොමිලේ කරගන්න පුළුවන්. ඔබේ රුධිරයේ තැලසීමියා වාහක තත්ත්වය හඳුනාගෙන, ඒකට අදාළ "රෝස පාට" හෝ "කොළ පාට" කාඩ්පත ලබාගන්න.
❤️ අවසාන වශයෙන්...
ලස්සන පවුල් ජීවිතයක් කියන්නේ නිකම්ම සතුට විතරක් නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න දරුවෝ ඉන්න පවුලක්. අපි හැමෝම එකතු වුණොත් තව අවුරුදු කිහිපයකින් තැලසීමියා රෝගීන් නැති රටක් අපිට හදන්න පුළුවන්.
මේ ලිපිය ඔබේ යාලුවන් අතරේ, විශේෂයෙන්ම විවාහ වෙන්න ඉන්න තරුණ තරුණියන් අතරේ Share කරන්න. ඔබ කරන එක Share එකක් තවත් පුංචි ජීවිතයක් රෝගී වෙන්න තියෙන ඉඩකඩ වළක්වාවි.
තැලසිමියාවෙන් තොරත සෞඛ්‍ය සම්පන්න හෙටක් ප්‍රාර්ථනා කරමු! ✨🩹
ස්තූතියි ❣️
🇱🇰ලංකා තැලසිමියා සංවිධානය
සභාපති
මදුෂ කුමර
0777190421
#තැලසීමියාව #රුධිර