Medihelp Hospitals

Medihelp Hospitals www.medihelp.lk At Medihelp Hospital we give the best quality of service to all your healthcare needs at the lowest cost.

The Largest Primary Healthcare Network in Sri Lanka

Medihelp was first established in 1985 in Horana town as a medical laboratory service provider. This year we are proudly celebrating the 29 years of service while expanding services to the next level covering the need of a private hospital to Horana area. With the rapid growth of economy and infrastructure in the country as well as in the Horan

a area, there is a huge demand in the private sector health services, creating a necessity of a private hospital to cater the needs of the community who are willing to and can afford to have a better service. Our highly qualified and well experienced staff is ready to serve the needs of the patients and their loved ones with utmost care and dignity. Our ultra modern medical laboratory is the best medical laboratory in all Kalutara District with the latest technology and international standard quality assurance schemes monitored by ASQUALAB in France and Sri Lanka Accreditation Board (SLAB).

30/07/2026

දරුවන් අතර බහුලව දක්නට නාභිය ආශ්රිත හර්නියා (Umbilical Hernia) යනු කුමක්ද?

නාභිය අවට උදර බිත්තියේ ඇති දුර්වල ස්ථානයක් හරහා පටකයක් හෝ බඩවැලේ කොටසක් පිටතට නෙරා ඒමයි. මෙය ළදරුවන් අතර බහුලව දක්නට ලැබෙන අතර, බොහෝ අවස්ථාවලදී දරුවා වැඩෙන විට ස්වභාවිකව සුව විය හැකිය.

නමුත් නාභිය අවට ඉදිමීම, වේදනාව, හෝ වෙනත් අසාමාන්‍ය ලක්ෂණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

දරුවන්ගේ හර්නියා පිළිබඳ වැදගත් කරුණු දැනගන්න. ඔබේ දරුවාගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න.

27/07/2026

ඔබේ දරුවාගේ හර්නියාව භයානකද? සෑම දෙමාපියෙකුම දැනගත යුතු කරුණු

ඔබේ දරුවාගේ ඉකිලි ප්‍රදේශයේ හෝ නාභිය අසල අසාමාන්‍ය ඉදිමීමක් දක්නට ලැබේ නම් එය නොසලකා නොහරින්න. කල්තියා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් බරපතළ සංකූලතා අවදානම් ලක්ෂණ ගැන දැනුවත්වෙමු

වෛද්‍ය මහීෂ කුලසිංහ - ළමා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය

අවදානමෙන් මිදෙන්න. කලින්ම හඳුනාගන්න.🌸🩺ගල්කිස්ස මෙඩිහෙල්ප් රෝහල විසින් නොමිලේ පවත්වන ලද සුවලිය වෛද්‍ය සායනය 2026 ජූලි 23 ...
24/07/2026

අවදානමෙන් මිදෙන්න. කලින්ම හඳුනාගන්න.🌸🩺

ගල්කිස්ස මෙඩිහෙල්ප් රෝහල විසින් නොමිලේ පවත්වන ලද සුවලිය වෛද්‍ය සායනය 2026 ජූලි 23 වන දින සාර්ථකව පැවැත්විණි.

සහභාගී වූ කාන්තාවන්ට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ විශේෂඥ වෛද්‍ය උපදේශන, කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු කල්තියා හඳුනාගෙන නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම හා කාන්තාවන්ගේ සෞඛ්‍යය යහපැවැත්ම සම්බන්ධ අත්‍යවශ්‍ය මාර්ගෝපදේශ, සෞඛ්‍ය තොරතුරු සහ වැදගත් උපදෙස් ද ලබා දෙන ලදී.

18/07/2026

Consult a Dermatologist from the Comfort of Your Home👨‍⚕️

Connect with Dr. Tharindu Dinupa, Consultant Dermatologist, through Medihelp Piliyandala's secure online video consultation service.

✔ Skin, Hair, Nail & Aesthetic Care
✔ Safe & Secure Video Consultations
✔ Save Time & Avoid Travel
✔ Expert Care from Home

Book your online appointment today!
📞 0117 545 454 | 077 331 7458 | 076 416 9470

www.medihelp.lk

17/07/2026

Medihelp Hospital, Mount Lavinia won three Gold Awards and three Silver Awards at the National Convention on Quality and Productivity (NCQP) 2026, with every quality improvement project it presented receiving national recognition. The achievement places Medihelp among Sri Lanka’s leading healthcar...

11/07/2026

ගල්කිස්ස මෙඩිහෙල්ප් රෝහල වෙතින් කාන්තාවන් වෙනුවෙන්ම. 🌸

කාන්තාවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් සංවිධානය කරන "සුවලිය" නොමිලේ වෛද්‍ය සායනයට ඔබත් එක්වන්න.

📍 මෙඩිහෙල්ප් රෝහල – ගල්කිස්ස
📅 2026 ජූලි 23
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා

️ ආසන සීමිත බැවින් අදම ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න!

📞 වැඩි විස්තර සඳහා: 076 136 4845

www.medihelp.lk

Trusted Care. Closer to You. Coming Soon to Kaduwela.
08/07/2026

Trusted Care. Closer to You.
Coming Soon to Kaduwela.

03/07/2026

අලුත් තැනක්...හුරුපුරුදු සත්කාරයේ ඒ ලෙසින්ම.

නවීන පහසුකම් සමඟින් ඔබට වඩාත් සුවපහසු හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අප සූදානම්.

Medihelp කිරිබත්ගොඩ ඔබ වෙනුවෙන්මයි!

ඩෙංගු රෝගයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.මේ දවස්වල උණ හැදුනොත්, “සාමාන්‍ය උණක් වෙන්න ඇති” කියලා නොසලකා හරින්න එපා. ඩෙංගු විය...
03/07/2026

ඩෙංගු රෝගයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.

මේ දවස්වල උණ හැදුනොත්, “සාමාන්‍ය උණක් වෙන්න ඇති” කියලා නොසලකා හරින්න එපා. ඩෙංගු විය හැකි නිසා ඉක්මනින් නිවැරදි පියවර ගන්න

ඩෙංගු රෝගයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.

මේ දවස්වල උණ හැදුනොත්, “සාමාන්‍ය උණක් වෙන්න ඇති” කියලා නොසලකා හරින්න එපා. ඩෙංගු විය හැකි නිසා ඉක්මනින් නිවැරදි පියවර ගන්න.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු කාලය

* කලින් යහපත් සෞඛ්‍යයෙන් සිටි පුද්ගලයෙකුට උණ පැය 48කට වැඩි කාලයක් පවතිනවා නම්, වෛද්‍ය උපදෙස් ලබාගන්න.

* පොඩි බිළිඳුන්, වැඩිහිටියන්, ගැබිනි මව්වරුන් සහ වෙනත් රෝග ඇති පුද්ගලයින්ට උණ පැය 24කට වඩා පවතිනවා නම්, ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

වෛද්‍ය උපදෙස් අනුව FBC හෝ Dengue NS1 පරීක්ෂණ අවශ්‍ය විය හැක.

අවදානම් ලක්ෂණ

උණ තියෙන අතරතුර හෝ උණ අඩුවෙන කාලයේදී පහත ලක්ෂණවලින් එකක් හෝ තිබේ නම්, වහාම රෝහලකට යන්න.

* තද බඩේ වේදනාව
* නැවත නැවත වමනය යාම
* අධික නිදිබර ගතිය හෝ අසාමාන්‍ය නොසන්සුන්කම
* නාසයෙන්, විදුරුමසෙන් හෝ වෙනත් ස්ථානයකින් ලේ ගැලීම
* පැය 6කට වඩා මුත්‍රා නොවීම
* අත් පා සීතල වී සුදුමැලි වීම
* ආහාර, බීම සහ දියර වර්ග ප්‍රතික්ෂේප කිරීම
* හුස්ම ගැනීමේ අපහසුතාව

නිවසේදී රැකබලා ගැනීම

* උණට Paracetamol පමණක් දෙන්න. නියමිත මාත්‍රාවට පමණක් දෙන්න.
* වතුර, කැඳ, පළතුරු යුෂ, ජීවනී වැනි දියර වර්ග ලබාදෙන්න.
* රතු, තැඹිලි හෝ තද පාට දියර වර්ග ලබාදීමෙන් වළකින්න.
* රෝගියාට පූර්ණ විවේකය ලබාදෙන්න. පාසල් හෝ රැකියා ස්ථානයට යවන්න එපා.

උණ අඩුවුණත් අවදානම ඉවරයි කියලා හිතන්න එපා. ඩෙංගු රෝගයේ අවදානම් ලක්ෂණ බොහෝ විට උණ අඩුවෙන කාලයේදී මතු විය හැක.

නිවැරදි දැනුවත්භාවය, ඉක්මන් වෛද්‍ය උපදෙස් සහ නිසි රැකබලා ගැනීම තුළින් ඩෙංගු අවදානම් තත්ත්ව වළක්වා ගනිමු.

Address

172, Panadura Road
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Medihelp Hospitals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medihelp Hospitals:

Share

Category