SAHAS Ayurveda

SAHAS Ayurveda An Ayurvedic Medical Centre that treat patients who are willing to have Ayurvedic treatments.

Conducted by two graduated Ayurvedic Doctors
👩‍⚕️Dr.Nisansala Jayasekara
BAMS (UOC)- SLAMC Reg.no 15474
👨‍⚕️Dr.Damitha Somiruwan
BAMS (UOC)- SLAMC Reg.no 16264

💊 අපි අද කතා කරන්නේ Pain Killers හා  ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව.දණහිස, කොන්ද, උරහිස හෝ සන්ධි වේදනාවක් ආවම බොහෝ දෙනා මුලි...
26/06/2026

💊 අපි අද කතා කරන්නේ Pain Killers හා ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව.

දණහිස, කොන්ද, උරහිස හෝ සන්ධි වේදනාවක් ආවම බොහෝ දෙනා මුලින්ම ගන්නේ Pain Killer එකක්. එය වේදනාව ඉක්මනින් අඩු කරනවා. නමුත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා...
වේදනාව නැති වුණාද? නැත්නම් වේදනාව දැනෙන එක විතරක් තාවකාලිකව නැවැත්තුවාද?

💊 Pain Killers කරන්නේ මොනවද?
🔹 වේදනාව දැනෙන හැඟීම තාවකාලිකව නවත්වනවා
🔹 ඖෂධ බලය ඉවර වුණාම වේදනාව නැවත එන්න පුළුවන්
🔹 ඉක්මනින් වේදනාව සහ දැවිල්ල අඩු කරයි. 🔹 හදිසි වේදනාවකදී ප්‍රයෝජනවත්.

⚠️️❌ නමුත් බොහෝවිට රෝගයේ මූලික හේතුව සුව කරන්නේ නැහැ.
⚠️️❌ දිගු කාලීනව අධික ලෙස භාවිතා කළහොත් ආමාශය, වකුගඩු සහ අක්මාවට අහිතකර බලපෑම් ඇති විය හැකිය.

🌿 ආයුර්වේදයෙන් කරන දෙය
🔹 වේදනාව ඇතිවෙන්න හේතුව හඳුනාගන්නවා
🔹 ශරීරයේ අසමතුලිතතාවය නිවැරදි කරනවා
🔹 සෙමින් නමුත් දිගුකාලීන සුවයක් ලබාදෙනවා

🤔 කාටද ආයුර්වේදය වඩා සුදුසු?
✔️ සන්ධි වේදනා
✔️ සර්වාංග ගත රෝග
✔️ දිගුකාලීන වේදනා සහිත රෝගීන්ට
✔️ Seasonal issues
✔️ Pain killers ගත්තත් සුව නොවෙන වේදනා

ඒ සඳහා,
✅ ඖෂධ
✅ තෙල් ප්‍රතිකාර
✅ පංචකර්ම ප්‍රතිකාර
✅ ආහාර හා ජීවන රටාවේ වෙනස්කම් යොදා ගනී.

⚠️ මතක තබා ගන්න: Pain Killers සහ ආයුර්වේද ප්‍රතිකාර එකිනෙකට විරුද්ධ නොවේ. හදිසි වේදනාවකදී Pain Killers අවශ්‍ය විය හැකි අතර, දිගුකාලීන සුවය සඳහා නිවැරදි රෝග විනිශ්චය සහ සුදුසු ප්‍රතිකාර සැලැස්ම අත්‍යවශ්‍යයි.
වේදනාව සඟවන්න එපා. එයට හේතුව සොයා ප්‍රතිකාර කරන්න.

Dr. Nisansala Jayasekara
BAMS .Hons (UOC)
📍 SAHAS AYURVEDA MEDICAL CENTRE
Pokunuwita
📞 Call / WhatsApp 0771539252
🌿 Natural Ayurvedic Treatments
🌿 Individualized care for each patient

🌦️ Seasonal Issues කියන්නේ මොනවද?Seasonal issues කියන්නේ කාලගුණය වෙනස් වෙද්දී (වැසි, උෂ්ණ, සීතල කාලය) ශරීරයට අලුත් රෝග ල...
25/06/2026

🌦️ Seasonal Issues කියන්නේ මොනවද?

Seasonal issues කියන්නේ
කාලගුණය වෙනස් වෙද්දී (වැසි, උෂ්ණ, සීතල කාලය) ශරීරයට අලුත් රෝග ලක්ෂණ මතු වීම.
ඍතුව /කාලය වෙනස් වෙද්දී
ශරීරයේ ස්වභාවික සමතුලිතතාවය ටිකක් බිඳ වැටෙනවා. ඒ නිසා සමහරුන්ට කලින් පැවති රෝග නැවත නැවත එන්න පුලුවන්.

🌧️ වැසි කාලය
❗සන්ධි වේදනා වැඩි වීම
❗අත්පා බර වීම
❗සර්වාංග වේදනා
❗සෙම්, සීතල, කැස්ස
❗ආහාර ජීර්ණය හරි නොවීම

☀️ උෂ්ණ කාලය
❗ශරීර උණුසුම වැඩි වීම
❗හිසරදය
❗අධික පිපාසය
❗සමේ රෝග (දැවීම, කැසීම, කැක්කුම)
❗කෝපය, අසහනය

❄️ සීතල කාලය
❗සෙම්, නාසය ගැලීම
❗කැස්ස
❗සන්ධි වේදනාව
❗ශරීර ශක්තිය අඩුබව

🤔 කාලගුණය වෙනස් වෙද්දී ලෙඩ ඇයි වැඩි වෙන්නේ?

අප හැමදෙනාගේම (රෝගී හෝ නිරෝගී) ශරීරය තුළ වාත, පිත්ත, කඵ දෝෂ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඍතුවට /කාලගුණය අනුව ශරීරය තුල තිබෙන මෙම දෝශ ප්‍රතිශතය වෙනස් වීම සිදුවේ.

වැසි කාලය 👉 වාත දෝෂය වැඩි වීම
උෂ්ණ කාලය 👉 පිත්ත දෝෂය වැඩි වීම
ශීතල කාලය 👉 කඵ දෝෂය වැඩි වීම

මේ දෝෂ අසමතුලිත වුණාම ශරීරය ලෙඩවලට ඉක්මනින් ගොදුරු වීම සිදුවේ.

🌱 Seasonal issues සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී කරන ප්‍රතිකාර වල අරමුණ වන්නේ
👉 කාලගුණයට අනුව ශරීරය සූදානම් කිරීම
👉 ලෙඩ ඇතිවීමට කලින් වැළැක්වීම.

ඒ සඳහා,
✔️ඍතුවට ගැලපෙන ඖෂධ
✔️තෛල අභ්‍යංග
✔️වාෂ්ප ප්‍රතිකාර
✔️වැරදි ආහාර පුරුදු වෙනස් කර නිවැරදි ✔️ආහාර රටා දැනුවත් කිරීම
✔️ජීවන රටාව සකස් කිරීම

👉 ආයුර්වේදයෙන් සර්වාංග සුවය – අදම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔබේ ශරීරයට සුදුසුම ප්‍රතිකාරය අදම ආරම්භ කරන්න.

Dr. Nisansala Jayasekara
BAMS .Hons (UOC)
📍 SAHAS AYURVEDA MEDICAL CENTRE
Pokunuwita
📞 Call / WhatsApp 0771539252
🌿 Natural Ayurvedic Treatments
🌿 Individualized care for each patient

සර්වාංග ලෙඩ කියන්නේ මොනවද?ශරීරයේ ක්‍රියාකාරිත්වයේ සමතුලිතතාවය නැතිවීම නිසා ඇතිවන රෝග සර්වාංග ලෙඩ ලෙස හැඳින්වේ.තව දුරටත් ...
24/06/2026

සර්වාංග ලෙඩ කියන්නේ මොනවද?

ශරීරයේ ක්‍රියාකාරිත්වයේ සමතුලිතතාවය නැතිවීම නිසා ඇතිවන රෝග සර්වාංග ලෙඩ ලෙස හැඳින්වේ.
තව දුරටත් විස්තර කලහොත් ආයුර්වේදයට අනුව රෝග ඇතිවෙන්නේ දෝෂ අසමතුලිතතාවය, ජීර්ණ හා පරිවෘත්තිය ක්‍රියා වල දුර්වලතා , ජීවන රටාව හා මානසික ආතතිය වගේ හේතු නිසාය. මේ හේතුවෙන් ශරීරයේ ක්‍රියාකාරිත්වයේ අසමතුලිතා ඇතිවී එමගින් ශරීර අභ්‍යන්තරයේ ලෙඩ රෝග ඇතිවේ.

සර්වාංග ලෙඩ ඇතිවීමට ආයුර්වේද හේතු

ආයුර්වේදය අනුව මෙවැනි හේතු ප්‍රධානයි
• වැරදි ආහාර පුරුදු (වෙලාවට නොකෑම, අහිතකර ආහාර)
• දිගුකාලීන මානසික ආතතිය
• නින්ද අඩුවීම
• අධික වෙහෙස
• වැරදි චර්‍යා
• ඍතු වෙනස්වීම්ට අනුව ජීවන රටාව වෙනස් නොකිරීම

ආයුර්වේද චිකිත්සාවේ සර්වාංග රෝග වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

සර්වාංග ප්‍රතිකාර තුළ රෝගයේ මූලය හඳුනාගෙන, ඖෂධ, ආහාර පාලනය සහ ජීවන රටාව නිවැරදි කරමින් දීර්ඝකාලීන සුවය ලබාදීම සිදුකරයි. මේ සඳහා යම්කාලයක් ගතවුවත් රෝගයේ ලක්ෂණයට නොව රෝගයේ මූලයටම ප්‍රතිකාර කරන බැවින් රෝගියාට දීර්ඝකාලීන සුවය ලබාදීම ආයුර්වේද වෛද්‍යවරයාගේ අරමුණයි

ආයුර්වේදයේ සර්වාංග ලෙඩ සඳහා ප්‍රතිකාර මූලධර්ම
ආයුර්වේද ප්‍රතිකාරයේ අරමුණ වන්නේ
✔️ දෝෂ තුලනතාවය යථා තත්වයට පත් කිරීම
✔️ ශරීරය පිරිසිදු කිරීම (ශෝධන)
✔️ ශරීර ශක්තිය වැඩි කිරීම (රසායන චිකිත්සා)
✔️ ජීවන රටාව නිවැරදි කිරීම

ඒ සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රම
ඖෂධ චිකිත්සා
තෛල අභ්‍යංග
ස්වෙද (වාෂ්ප) චිකිත්සා
පංචකර්ම ප්‍රතිකාර
ආහාර හා ජීවන රටා උපදෙස්

👉 ආයුර්වේදයෙන් සර්වාංග සුවය – අදම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔබේ ශරීරයට සුදුසුම ප්‍රතිකාරය අදම ආරම්භ කරන්න.

Dr. Nisansala Jayasekara
BAMS .Hons (UOC)
📍 SAHAS AYURVEDA MEDICAL CENTRE
Pokunuwita
📞 Call / WhatsApp 0771539252
🌿 Natural Ayurvedic Treatments
🌿 Individualized care for each patient

🌿✨ Happy Sinhala & Hindu New Year!සුභ අලුත් අවුරුද්දක් වේවා!✨🌿As we welcome this beautiful season of renewal and harmony...
14/04/2026

🌿✨ Happy Sinhala & Hindu New Year!
සුභ අලුත් අවුරුද්දක් වේවා!✨🌿

As we welcome this beautiful season of renewal and harmony, SAHAS Ayurveda wishes you and your loved ones a year filled with health, balance, and inner peace. 🌼

In Ayurveda, the New Year marks a time to reset your body, mind, and spirit aligning with nature’s rhythm. 🌱
Let this be a fresh beginning to:
🌿 Nourish your body with wholesome, seasonal foods
🌿 Cleanse and rejuvenate with Ayurvedic practices
🌿 Cultivate calmness and positivity within

May this Awurudu bring you:
✨ Good health (සුවය)
✨ Happiness (සතුට)
✨ Prosperity (සම්පත)
✨ And a balanced life in harmony with nature

Let’s step into the New Year the Ayurvedic way naturally, mindfully, and joyfully. 🌸

💚 With warm wishes,
SAHAS Ayurveda

11/04/2026

අප්‍රේල් 11 වන සෙනසුරාදා සිට අප්‍රේල් 16 වන බ්‍රහස්පතින්දා දක්වා වෛද්‍ය මධ්‍යස්ථානය වසා තැබෙන අතර නැවත විවෘත වන්නේ අප්‍රේල් 17 වන සිකුරාදා සවස 4ට බව කරුණාවෙන් සලකන්න.

Address

No. 1/72, "Sirimewana", Pokunuwita
Horana
12404

Opening Hours

Tuesday 16:00 - 19:30
Wednesday 16:00 - 19:30
Thursday 16:00 - 19:30
Friday 16:00 - 19:30
Saturday 08:30 - 14:00
Sunday 08:30 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when SAHAS Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share