Sahasra Astrology

Sahasra Astrology 0718271908

දිනයට හා එදින නැකතට අනුව සුබ දිශාව තීරණය කිරීම2026-04-23බ්‍රහස්පතින්දා උදෑසන් කාලය බොහෝ සුබ කටයුතු සදහා යොදාගත හැක.දිනය ...
08/01/2026

දිනයට හා එදින නැකතට අනුව සුබ දිශාව තීරණය කිරීම

2026-04-23බ්‍රහස්පතින්දා උදෑසන් කාලය බොහෝ සුබ කටයුතු සදහා යොදාගත හැක.
දිනය බ්‍රහස්පතින්දා වන අතර පුනාවස නැකතේ තුන්වන පාදය උදාවී ඇත.
එදින උදේ 09,10,ආදි පැය තුළ යෙදෙන වෘෂභය හා මිථුන රාශි පාදක කරගෙන් මෙම සුබ මුහුර්ත යෙදෙනු ඇත.
මෙදිනට සුබ දිශාව කුමක්දැයි විමසමු
--------------------------------
සඳු මිථුනයේ බැවින් සුබ දිසාව බටහිර වේ.
මරු සිටින්නේ දකුණේ බැවින් මෙය සාක්ෂාත් වේ.
නමුත් සමාජ මතය වෙනස් කිරීමට ඇති බිය නිසා බටහිර බැහැර කලා යැයි මොහොතකට සිතමු.
ඒ අනුව සුබ දිසාව වියයුත්තේ කුමදැයි තීරණය කරමු.
පැරණි උපදේශයන් අනුව සඳුට සම්මුඛ දිශාව හෝ සඳුට දකුණත සිටින සේ යොදාගත යුතුය.
එනම් බටහිර හෝ දකුණ විය යුතුය .
ඒ දෙකම යොදාගැනීමට හැකියාවක් නොමැති බව ඉහත කී නීතීන් අනුව පැහැදිලිය .
එසේ නම් සුබ දිශාව විය යුත්තේ කුමක්ද?
ඊළග නීතිය අනුගමනය කරමු.
තත්කාල කේන්ද්‍ර සටහනේ සඳු සිටින භාවය අනුව දිශාව තීරණය කළ යුතුය.
කේන්ද්‍රයේද1-4-7-10 භාව වලට අදාළ දිශාවන් පිළිවෙළින්
නැගෙනහිර-උතුර-බටහිර-දකුණ වේ.එම හතර කේන්ද්‍රයට දෙපසින් ඇති භාවයන්ටද 1-4-7-10 ට හිමි දිශාවන්ම අයත්‍ වේ.
මේ අනුව එදින සඳු සිටින්නේ ලග්න භාවයට අදාළව බැවින් සඳුගේ දිශාව නැගෙනහිර බව පැහැදිළිය.
ඒ අනුව එදිනට සුබ දිශාව ලෙස ගත යුත්තේ නැගෙනහිර වේ. එසේ තිබියදී සුබ දිශාව උතුර ලෙස ගැනීමට හේතු වූ තර්කය කුමක්ද?මේ ගැන සාකච්ඡාවට ලක්වන්නේ නම් යෝග්‍යය වේ.ස්තුතියි!
සෝමසිරි හේරත්

21/09/2025

🌼ජ්‍යොතිෂ්‍ය මුල සිට උගැන්වීම.

🌼පලාපල කථනය.

🌼ක්ෂණික ශුභපල ගෙන දෙන ශුභ මුහුර්ත සෑදීම.

🌼අංග සම්පූර්ණ විවාහ පරීක්ෂාව.

🌼විදෙස්ගත අය සඳහා ශුභමුහුර්ත සෑදීම.

🌼නිවාස නැකත් - මගුල් නැකැත් - මල්වර නැකැත්

🌼වාස්තු විද්‍යා පරීක්ෂණය.

🌼කේන්ද්‍ර සාධනය.

🌼විදෙස් කේන්ද්‍ර සාධනය.

🌼ග්‍රහ ශාන්තිකර්ම නියම කිරීම.

🌼අපල හා දියුණුවට අදාළ මැණික් පැළදවීම.

සහස්රා ජ්‍යෝතිෂ්‍ය ආයතනය
495/5, රන්මුතගල, කඩවත.

WhatsApp - 071 8271908
0754629928

එම්. සෝමසිරි.
ජ්‍යොතිෂ්‍ය මහෝපාධ්‍ය.
වාස්තු උපදේශක.
සාමවිනිසුරු.

Address

495/5, Ranmuthugala
Kadawatha

Website

Alerts

Be the first to know and let us send you an email when Sahasra Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share