Healing Minds

Call Website Contact the practice

Healing Minds Your path to wellness...

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දින තේමාව වන "Lived Experiences Heard: Real Voices, Real Change" තුළින් අපට සිහිපත් කරන්නේ, එකිනෙ...
10/10/2026

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දින තේමාව වන
"Lived Experiences Heard: Real Voices, Real Change"
තුළින් අපට සිහිපත් කරන්නේ, එකිනෙකාගේ ජීවන ගමනට සහ අත්දැකීම්වලට සැබවින්ම සවන්දීමේ වැදගත්කමයි.

මානසික සෞඛ්‍යය යනු හුදෙක් රෝගාබාධ නොමැති වීම පමණක් නොවේ , එය අපගේ සමස්ත යහපැවැත්මේ අතිශය වැදගත් කොටසකි. බොහෝ විට, සැබෑ සුවය ආරම්භ වන්නේ අපගේ කතාන්දර බෙදාගැනීමෙන් සහ අප තනි වී නොමැති බව අවබෝධ කර ගැනීමෙනි. සෑම නිහඬ අරගලයක් පිටුපසම, ඇසෙන තුරු බලා සිටින සැබෑ හඬක් ඇත. කිසිදු විනිශ්චයකින් තොරව එම අත්දැකීම්වලට සවන්දීම තුළින්, සමාජය තුළ පවතින දුර්මත බිඳ හෙළා සැබෑ වෙනසක් ඇති කළ හැකිය.Healing Minds By Dr. V හි අප, ඔබේ යහපැවැත්ම සඳහා පරිපූර්ණ (holistic) ප්‍රවේශයක් විශ්වාස කරමු. ඔබට සවන්දීමට, ඔබව තේරුම් ගැනීමට සහ ඔබේ සුවවීමේ ගමනේදී ඔබ සමඟ ගමන් කිරීමට අප සැමවිටම කැපවී සිටිමු. ඔබේ හඬ අපට වැදගත්ය.🌿

👉🏼ඔබේ යහපැවැත්ම සඳහා සහායක පියවර:

⭐MOVE (ක්‍රියාශීලී වන්න) :
ශාරීරිකව ක්‍රියාශීලීව සිටින්න

⭐REST (විවේක ⭐ගන්න) :
ප්‍රමාණවත් නින්දකට ප්‍රමුඛත්වය දෙන්න

⭐CONNECT (සම්බන්ධ වන්න) :
ධනාත්මක පුද්ගලයන් සමඟ සමීපව කටයුතු කරන්න

⭐PAUSE (විරාමයක් ගන්න) :
ආතතිය හඳුනාගෙන එය කළමනාකරණය කරගන්න

⭐NOURISH (පෝෂණය වන්න) :
සෞඛ්‍ය සම්පන්න පුරුදු ගොඩනඟා ගන්න

⭐SPEAK (කතා කරන්න) :
ඔබේ ගැටලු බෙදාගන්න, අවශ්‍ය වූ විට වෘත්තීය සහාය ලබාගන්න

මෙම ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, අපි තවත් කෙනෙකුට වඩාත් හොඳින් සවන්දීමට සහ දයානුකම්පාවෙන් ක්‍රියා කිරීමට අදිටන් කරගනිමු.
නිරෝගී මනසක් සහ සිරුරක් කරා යන ඔබේ ගමන අදම අරඹන්න !

🌍✨ World Mental Health Day 2026 ✨🌍

This year's powerful global theme,
"Lived Experiences Heard: Real Voices, Real Change,"
reminds us of the profound impact of truly listening to each other's journeys.

Mental health is not just the absence of illness; it is a vital part of our overall well-being. Often, the most powerful healing begins when we share our stories and realize we are not alone. Behind every silent struggle, there is a real voice waiting to be heard. By listening to these lived experiences with empathy, we can break the stigma and create lasting change.
Healing Minds by Dr. V, we believe in a holistic approach to your wellness.
We are committed to listening, understanding, and walking alongside you on your journey.
Your voice matters to us.🌿

👉🏼 Supportive Actions for Your Well-being :

⭐MOVE: Stay physically active

⭐REST: Prioritize adequate sleep

⭐CONNECT: Stay close to positive people

⭐PAUSE: Recognize and manage stress

⭐NOURISH: Build healthy routines

⭐SPEAK: Share concerns and seek support when needed

This World Mental Health Day, Let’s Listen. Understand. Act.

20/06/2026

විභාගයකට වඩා ඔබේ දරුවා වටිනවා... 🌸🎓🌻
ඔබේ දරුවාගේ සිනහව අහිමි නොකරන්න!

⭐ සමාජ සත්කාරයක් ලෙස Healing Minds by Dr. V ගෙන එන සායනික කතා මාලාවේ හතර වන දිගහැරුමයි මේ..

2024 වසරේදී ප්‍රතිඵල නිසා මානසිකව ඇද වැටී, බොහෝ දුක් විඳ යළි ජීවිතය දිනූ එක් දරුවෙකුගේ සත්‍ය අත්දැකීමක් අපි අද ඔබ වෙත ගෙන එනවා. ප්‍රතිඵල ලැබෙන මොහොතක දරුවන්ට අවශ්‍ය වන්නේ දෝෂාරෝපණය නොව, ඔබ ඔවුන්ව තේරුම් ගැනීමයි.

දරුවෝ කියන්නේ මල් වගේ... පොඩි හුළඟකටත් ඔවුන් පරවෙන්න පුළුවන්. දක්ෂතා මොනවා වුණත්, ප්‍රතිඵල කුමක් වුණත් ඔවුන්ව වට්ටන්න එපා. O/L ප්‍රතිඵල කියන්නේ ජීවිතයේ එකම කඩඉම නෙමෙයි. බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු තැන දරුවා අතහැර දමනවා වෙනුවට, ඔවුන්ගේ දෑත් ශක්තිමත්ව අල්ලා ගන්න. 🤝

අතීතයේ එක් දරුවෙකු ලැබූ ඒ වේදනාකාරී අත්දැකීම තවත් දරුවෙකුට උරුම නොවන්නට දෙමාපියන් ලෙස අප බුද්ධිමත් විය යුතුයි. දෝෂාරෝපණයෙන් තොර, ආදරය පිරුණු හෙට දවසක් වෙනුවෙන් මේ වීඩියෝව නරඹන්න. ✨ 🌿

දරුවන්ගේ ලෝකය රැකගන්න මේ පණිවිඩය බෙදාගන්න. 📢


07/06/2026

මුළු පාසලක් ඉදිරියේ තනිවුණු දියණියකගේ සැබෑ කතාව... 💔✨
සායනික කතා - 03

"අනේ...
මට ඉස්කෝලේ යන්න බෑ..."

ඇය පන්තියේ හැමදාම පළමුවැනියා වුණු, හැමෝගෙම ආදරය දිනාගත්තු දක්ෂ දරුවෙක්. හැබැයි එකම එක සිදුවීමකින් ඇගේ මුළු ලෝකයම උඩුයටිකුරු වුණා. පාසල ඇතුළේ මුහුණ දුන්නු දැඩි අපහසුතාවය සහ ලැජ්ජාව නිසා, ජීවිතේ තීරණාත්මකම කඩඉම වුණු O/L විභාගය පවා ඇය අතහැරලා දැම්මා.

දරුවෙක් එකපාරටම මේ වගේ මානසිකව වැටෙද්දී, අපේ සමාජයේ දෙමාපියන් මුලින්ම පෙළඹෙන්නේ බලි තොවිල්, මන්ත්‍ර ගුරුකම් පස්සේ යන්නයි. හැබැයි ඒවයින් ඇගේ බිඳුණු හිත සුවපත් කරන්න පුළුවන් වුණාද?

නැහැ...!
අවසානයේ ඇගේ ජීවිතය වෙනස් කළේ නිවැරදි වෛද්‍ය උපදෙස් සහ ක්‍රමවත් මනෝචිකිත්සක ප්‍රතිකාර (Psychotherapy).

ගුරුවරුන් සහ දෙමාපියන් විදිහට අපි දරුවන්ගේ සංවේදී ප්‍රශ්න එක්ක කටයුතු කරද්දී මීට වඩා කාරුණික සහ වගකීම් සහගත විය යුතු නැද්ද? වැරදිකරුවන් සොයනවාට වඩා, ඒ වගේ වෙලාවක දරුවෙක්ව තේරුම් අරන් ආදරයෙන් මඟ පෙන්වනවා නම්, තවත් දක්ෂ දරුවෙකුගේ අනාගතයක් අඳුරු වෙන එක වළක්වා ගන්න අපිට පුළුවන්.

මනෝ වෛද්‍ය, Dr. Vipula Wijesiri මහත්මයා ඉදිරිපත් කරන මේ සංවේදී සායනික කතාව අදම නරඹන්න. ඔබේ දරුවාත් මෙවැනි මානසික පීඩනයකින් පසුවෙනවා නම්, නිවැරදි වෘත්තීය උපදෙස් ලබාගැනීමට ප්‍රමාද වෙන්න එපා.

📢 විශේෂ ඉල්ලීමක්:
ඔබේ දරුවා හෝ සමාජයේ තවත් මෙවැනි පීඩාවකින් ඉන්න අහිංසක දරුවෙක් මේ බිහිසුණු තත්ත්වයෙන් මුදවා ගන්න, ඔවුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් දෙන්න මේ වීඩියෝව හැකිතාක් Share කරන්න. ඔබ කරන එක Share කිරීමකින් තවත් දක්ෂ දියණියකගේ හෝ පුතෙකුගේ මුළු අනාගතයක්ම බේරේවි! 🙏✨

✨ මානසික පීඩනය කියන්නේ සඟවා තබාගත යුතු දෙයක් නෙවෙයි.
ඔබේ දරුවා හෝ ඔබ දන්නා හඳුනන කෙනෙකු මෙවැනි මානසික පීඩනයකින් පසුවෙනවා නම්, ප්‍රමාද නොවී වෘත්තීය මනෝ වෛද්‍යවරයෙකු (Psychiatrist) හමුවී නිවැරදි ප්‍රතිකාර සහ උපදේශනය ලබාගැනීමට ඔවුන්ව යොමු කරන්න.

****මෙහි ඇතුළත් සියලුම සායනික අත්දැකීම්
පුද්ගල අනන්‍යතාවය සුරැකීම පිණිස නිර්නාමික කර ඇති අතර,
මෙය හුදෙක් මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින්
ඉදිරිපත් කරන්නකි.****

🚨 සටහන (Disclaimer):
මෙහි විස්තර කර ඇති සායනික සිදුවීම සත්‍ය වුවද, අදාළ දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරැකීම උදෙසා වීඩියෝව සඳහා භාවිත කර ඇති සියලුම දෘශ්‍ය සහ රූප රාමු AI (Artificial Intelligence) තාක්ෂණය මඟින් නිපදවා ඇති බව කරුණාවෙන් සලකන්න.
🚨 Disclaimer:
While the clinical case discussed is factual, please note that all visuals, photos, and video clips have been created using AI (Artificial Intelligence) technology to safeguard the privacy, confidentiality, and identity of the minors involved.

https://youtu.be/5BP4lP5Tyfo?si=g9-saE6bWUjnIDYz🔴 සායනික කතා (Clinical Stories) by Dr. V 🧠✨මානසික රෝග සහ ඒවායේ ලක්ෂණ පිළ...
30/05/2026

https://youtu.be/5BP4lP5Tyfo?si=g9-saE6bWUjnIDYz

🔴 සායනික කතා (Clinical Stories) by Dr. V 🧠✨
මානසික රෝග සහ ඒවායේ ලක්ෂණ පිළිබඳව සමාජයේ පවතින දුර්මත දුරු කර, නිවැරදි අවබෝධය ලබා දීම සඳහා අප ආරම්භ කළ "සායනික කතා" වීඩියෝ මාලාවේ දෙවැනි පියවර මෙයයි.

🟠 මොකක්ද මේ සැකය?
🟠සැකය ඕනවට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ?..." 🧐

අපේ ජීවිතවල සමහර අවස්ථාවලදී අපිට පොඩි පොඩි සැකයන් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි තමන්ගේම පවුලේ අය, ආදරය කරන කෙනා, එහෙමත් නැත්නම් තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක පවා තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා කෙනෙකුට දිගින් දිගටම දැනෙනවා නම්... ඒක සාමාන්‍ය සැකයක් නෙවෙයි!

මෙන්න මේ අධික, අසාධාරණ සැකය පිටුපස තියෙන භයානක මානසික තත්වයන් ගෙන් එකක් තමයි මේ Paranoid Personality Disorder (PPD) කියන්නේ.
මෙවැනි තත්ත්වයකින් පෙළෙන වයස 32ක ශ්‍රී ලාංකික තරුණයෙකුගේ සැබෑ සායනික කථා පුවත (Clinical Story) සහ ඔහුගේ ජීවිතය මේ නිසා බිඳ වැටුණු ආකාරයත්, පසුව නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය (Therapy) හරහා ඔහු නැවත සාමාන්‍ය ජීවිතයට ආ හැටිත් මෙම වීඩියෝවෙන් නරඹන්න.

ඔබේ සමීපතමයෙකු තුළත් මෙවැනි ලක්ෂණ තියෙනවා නම්, සැක කරමින් රණ්ඩු වෙන්නේ නැතුව ඔවුන්ව ආදරයෙන් නිසි මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු කරන්න.

***රෝගී රහස්‍යභාවය අපගේ ප්‍රමුඛතාවයයි. පුද්ගල අනන්‍යතාවය සුරැකීම සඳහා සියලුම සායනික කථා නිර්නාමික කර ඇති අතරමෙහි ඇතුළත් සියලුම තොරතුරු පොදු දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙහි සාකච්ඡා වන සායනික කතා සහ අත්දැකීම්, අදාළ රෝගීන්ගේ අනන්‍යතාවය (Identity) හෙළි නොවන අතර. කිසිදු රෝගියෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වී නොමැති බව සහතික කරමු.
මෙය මානසික සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාවේ දැනුමවැඩිදියුණු කිරීම සඳහා වේ***

වීඩියෝව නරඹා ඔබේ අදහස් සහ ගැටලු පහතින් Comment කරන්න. මෙවැනි තොරතුරු තවත් පිරිසක් වෙත රැගෙන යාමට මෙම වීඩියෝව Share කිරීමටත් අමතක කරන්න එපා.
මානසික සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තොරතුරු නිරන්තරයෙන් ලබා ගැනීමට Dr.Vipula Wijesiri (Doctor V)චැනලය සමඟ අදම එක්වන්න.

🔴 සායනික කතා (Clinical Stories) by Dr. V 🧠✨මානසික රෝග සහ ඒවායේ ලක්...

23/05/2026

🔴සායනික කතා (Clinical Stories) by Dr. V 🧠✨
මානසික රෝග සහ ඒවායේ ලක්ෂණ පිළිබඳව සමාජයේ පවතින දුර්මත දුරු කර, නිවැරදි අවබෝධය ලබා දීම සඳහා අප ආරම්භ කළ "සායනික කතා" වීඩියෝ මාලාවේ දෙවැනි පියවර මෙයයි.

🟠මොකක්ද මේ සැකය?
සැකය ඕනවට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ?..." 🧐

අපේ ජීවිතවල සමහර අවස්ථාවලදී අපිට පොඩි පොඩි සැකයන් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි තමන්ගේම පවුලේ අය, ආදරය කරන කෙනා, එහෙමත් නැත්නම් තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක පවා තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා කෙනෙකුට දිගින් දිගටම දැනෙනවා නම්... ඒක සාමාන්‍ය සැකයක් නෙවෙයි!

මෙන්න මේ අධික, අසාධාරණ සැකය පිටුපස තියෙන භයානක මානසික තත්වයන් ගෙන් එකක් තමයි මේ Paranoid Personality Disorder (PPD) කියන්නේ.
මෙවැනි තත්ත්වයකින් පෙළෙන වයස 32ක ශ්‍රී ලාංකික තරුණයෙකුගේ සැබෑ සායනික කථා පුවත (Clinical Story) සහ ඔහුගේ ජීවිතය මේ නිසා බිඳ වැටුණු ආකාරයත්, පසුව නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය (Therapy) හරහා ඔහු නැවත සාමාන්‍ය ජීවිතයට ආ හැටිත් මෙම වීඩියෝවෙන් නරඹන්න.

ඔබේ සමීපතමයෙකු තුළත් මෙවැනි ලක්ෂණ තියෙනවා නම්, සැක කරමින් රණ්ඩු වෙන්නේ නැතුව ඔවුන්ව ආදරයෙන් නිසි මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු කරන්න.

***රෝගී රහස්‍යභාවය අපගේ ප්‍රමුඛතාවයයි. පුද්ගල අනන්‍යතාවය සුරැකීම සඳහා සියලුම සායනික කථා නිර්නාමික කර ඇති අතරමෙහි ඇතුළත් සියලුම තොරතුරු පොදු දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙහි සාකච්ඡා වන සායනික කතා සහ අත්දැකීම්, අදාළ රෝගීන්ගේ අනන්‍යතාවය (Identity) හෙළි නොවන අතර. කිසිදු රෝගියෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වී නොමැති බව සහතික කරමු.
මෙය මානසික සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාවේ දැනුමවැඩිදියුණු කිරීම සඳහා වේ***

වීඩියෝව නරඹා ඔබේ අදහස් සහ ගැටලු පහතින් Comment කරන්න. මෙවැනි තොරතුරු තවත් පිරිසක් වෙත රැගෙන යාමට මෙම වීඩියෝව Share කිරීමටත් අමතක කරන්න එපා.
මානසික සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තොරතුරු නිරන්තරයෙන් ලබා ගැනීමට Healing Minds with Dr. V පිටුව සමඟ අදම එක්වන්න.

පැරණි වසරේ මතකයන් සමඟින්, නැවුම් බලාපොරොත්තු හද තුළ දල්වා.....නිරෝගී බවම උතුම්ම ධනය කරගත්, සුවපත් වූ හෙට දවසකට... ඔබටත් ...
14/04/2026

පැරණි වසරේ මතකයන් සමඟින්,
නැවුම් බලාපොරොත්තු හද තුළ දල්වා.....
නිරෝගී බවම උතුම්ම ධනය කරගත්,
සුවපත් වූ හෙට දවසකට...
ඔබටත් ඔබේ පවුලේ සැමටත්
සාමය, සතුට පිරුණු
සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌄🌞🙏💐

සායනික කතා by Dr. V" වීඩියෝ මාලාවේ පළමු පියවර ලෙස අද අපි සාකච්ඡා කරන්නේ සමාජයේ බොහෝ දෙනෙක් අද්භූත බලවේග හෝ ගුප්ත බලපෑම් ...
16/02/2026

සායනික කතා by Dr. V" වීඩියෝ මාලාවේ පළමු පියවර ලෙස අද අපි සාකච්ඡා කරන්නේ සමාජයේ බොහෝ දෙනෙක් අද්භූත බලවේග හෝ ගුප්ත බලපෑම් ලෙස වරදවා වටහා ගන්නා 'භින්නෝන්මාදය' (Schizophrenia) රෝගී තත්ත්වය පිළිබඳවයි.

මෙම වීඩියෝව 'භින්නෝන්මාදය' (Schizophrenia) රෝගය සහ එහි ප්‍රධාන ලක්ෂණයන් පිළිබඳ සැබෑ සායනික අත්දැකීමක් ඇසුරින් නිර්මාණය කර ඇත.

📌 අද සාකච්ඡා කරන කරුණු:

🔴මුළා වූ සිතුවිලි (Delusions): තර්කයකින් තොරව සිතට දැනෙන අසාමාන්‍ය විශ්වාසයන් යනු මොනවාද?
🔴අන් අය තමන් ගැන කතා කරනවාක් මෙන් ඇසීම: කිසිවෙකු නොමැති තැනක කටහඬවල් ඇසෙන්නේ ඇයි?

🔴මෙය අද්භූත බලපෑමක්ද? රෝගී තත්ත්වයක්ද?

🔴මෙවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාගන්නේ කෙසේද?

****මෙහි ඇතුළත් සියලුම සායනික අත්දැකීම්
පුද්ගල අනන්‍යතාවය සුරැකීම පිණිස නිර්නාමික කර ඇති අතර,
මෙය හුදෙක් මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින්
ඉදිරිපත් කරන්නකි.****

මානසික සෞඛ්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීමට Dr. Vipula Wijesiri ( Doctor V) you tube චැනල් එක Subscribe කරන්න.

සායනික කතා by Dr. V" වීඩියෝ මාලාවේ පළමු පියවර ලෙස අද අපි සාකච්ඡා කරන්නේ සමාජයේ බොහෝ දෙනෙක් අද්භූත බලවේග හෝ ගුප්ත බලපෑම.....

15/02/2026

තව මාසයකින් මම මැරෙනවා !
අනාවැකි කියූ කාන්තාව ගේ කතාව.........

✍️සායනික කතා (Clinical Stories) by Dr. V

🟠මානසික රෝග සහ ඒවායේ ලක්ෂණ පිළිබඳව සමාජයේ පවතින දුර්මත දුරු කර, නිවැරදි අවබෝධය ලබා දීම සඳහා අප ආරම්භ කරන "සායනික කතා" වීඩියෝ මාලාවේ පළමු පියවර මෙයයි.🏥🩺

🟠අද වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ තමන්ට පමණක් පෙනෙන, ඇසෙන දේවල් නිසා පීඩා විඳින රෝගියෙකුගේ සැබෑ සායනික අත්දැකීමක් පිළිබඳවයි.
මෙය හුදෙක් අද්භූත බලවේගයක්ද?,
නැතිනම් මනසේ ඇතිවන රෝගී තත්ත්වයක්ද?

🔴***රෝගී රහස්‍යභාවය අපගේ ප්‍රමුඛතාවයයි. පුද්ගල අනන්‍යතාවය සුරැකීම සඳහා සියලුම සායනික කථා නිර්නාමික කර ඇති අතරමෙහි ඇතුළත් සියලුම තොරතුරු පොදු දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙහි සාකච්ඡා වන සායනික කතා සහ අත්දැකීම්, අදාළ රෝගීන්ගේ අනන්‍යතාවය (Identity) හෙළි නොවන අතර. කිසිදු රෝගියෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වී නොමැති බව සහතික කරමු.
මෙය මානසික සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාවේ දැනුමවැඩිදියුණු කිරීම සඳහා වේ***🔴

වීඩියෝව නරඹා ඔබේ අදහස් සහ ගැටලු පහතින් Comment කරන්න. මෙවැනි තොරතුරු තවත් පිරිසක් වෙත රැගෙන යාමට මෙම වීඩියෝව Share කිරීමටත් අමතක කරන්න එපා.
මානසික සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තොරතුරු නිරන්තරයෙන් ලබා ගැනීමට Healing Minds with Dr. V පිටුව සමඟ අදම එක්වන්න.

15/02/2026

🔴විභාගය කිට්ටු වෙද්දී දැනෙන බය නැති කරගන්න මේ දේවල් කරලා බැලුවද? 📚✨

විභාගය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි,
ඔයාගේ දක්ෂතාවය පෙන්වන්න ලැබෙන අවස්ථාවක්.
පාඩම් කරන අතරතුර දැනෙන පීඩනය අඩු කරගෙන, ඉතාමත් සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන්න ඕන කරන වටිනා උපදෙස් කිහිපයක් මේ වීඩියෝවෙන්... 💡
අනිවාර්යයෙන්ම බලලා ඔයාගේ යාළුවො අතරෙත් Share කරන්න.
ඔයාට පුළුවන්! 💪

🔴විභාග කාලයට දරුවා ඉන්නේ ලොකු පීඩනයකද? දෙමාපියන් විදිහට අපිට ඔවුන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? 👨‍👩‍👧‍👦❤️

දරුවෙකුට විභාගයක් ජය ගන්න දැනුම වගේම මානසික නිදහසත් ගොඩක් වැදගත්. මේ දවස්වල දරුවාගේ මනස සැහැල්ලුවෙන් තබාගන්න සහ ඔවුන්ව දිරිමත් කරන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් ගැන අද අපි කතා කරමු.

විභාගයට ලෑස්ති වෙන දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.

විභාගය ජයගන්න දවස් 7න්  ටිප් 7 ක්.....🔴අද හත්වෙනි දවස | Day 07විභාග කාලයට දරුවන්ට දැනෙන බය සහ පීඩනය සාමාන්‍ය දෙයක් වුණත්...
07/02/2026

විභාගය ජයගන්න දවස් 7න් ටිප් 7 ක්.....
🔴අද හත්වෙනි දවස | Day 07

විභාග කාලයට දරුවන්ට දැනෙන බය සහ පීඩනය සාමාන්‍ය දෙයක් වුණත්, එය දරාගත නොහැකි මට්ටමට පත්වීම දරුවාගේ මානසික සෞඛ්‍යයට වගේම අනාගතයටත් බලපාන්න පුළුවන්.
අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ දරුවෙකුට වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍ය වන ප්‍රධාන ලකුණු #ගැනයි.

අද අපි කතා කරන ප්‍රධාන කරුණු:

📌නින්ද නොයාම සහ ආහාර අරුචිය.

📌සමාජයෙන් හුදෙකලා වී සිටීමට උත්සාහ කිරීම.

📌අධික ලෙස නොසන්සුන් බව සහ ඒ මේ අත ඇවිදීම.

📌ජීවිතය ගැන කලකිරීමෙන් කතා කිරීම.

ඔබේ දරුවා හෝ ඔබ දන්නා දරුවෙක් මේ ලක්ෂණ පෙන්වන්නේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ප්‍රමුඛතාවය දෙන්න.මේ පණිවිඩය O/L දරුවන් ඉන්න හැම දෙමව්පියෙකුටම Share කරන්න. 🤝🌸

විභාගය ජයගන්න දවස් 7න් ටිප් 7 ක්..... අද හත්වෙනි දවස | Day 07 විභාග කාලයට දරුවන්ට දැනෙන බය සහ පීඩනය සාමාන්‍ය දෙයක් වුණත්, එය ....

Address

Kandy

Telephone

+94717176953

Alerts

Be the first to know and let us send you an email when Healing Minds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Healing Minds:

Shortcuts

Share