15/12/2025
# # **ඉදිරිපස උරහිස් වේදනාව – Biceps Tendon එකෙන් එන වේදනාවක්ද?**
බොහෝ රෝගීන් උරහිස් **ඉදිරිපස (anterior)** වේදනාවක් සමඟ අපි හමුවෙන්න එනවා.
මෙම වේදනාව විශේෂයෙන්ම:
* අත උස්සන විට
* හිසට අත තැබීමට උත්සාහ කරන විට
* පිටුපසට අත ගන්නා විට
වැඩි වෙලා දැනෙන්න පුළුවන්.
මෙයට පොදු හේතුවක් වන්නේ **Biceps Tendon එකේ දුර්වලතාවය හෝ ඇතුලත තුවාල තත්ත්වය (Biceps Tendinitis / Tendinopathy)**යි.
---
# # **Biceps Tendon කියන්නේ මොකක්ද?**
Biceps muscle එකට උරහිසට බැඳෙන **tendon දෙකක්** තියෙනවා.
ඒ අතරින් එකක් වන **Long head of biceps tendon**:
* උරහිස ඉදිරිපසින්
* අස්ථියක් තුළින් යන
* අත උස්සන්න සහ උරහිස ස්ථිර කරගෙන තියාගන්න උදව් කරන tendon එකක්.
මේ tendon එක **ඉදිරිපසින්ම යන නිසා**, පහසුවෙන්ම ගැටිම් වෙන්න හෝ තුවාල වෙන්න පුළුවන්.
---
# # **රෝගීන්ට දැනෙන ලක්ෂණ මොනවාද?**
බොහෝ දෙනාට තියෙන්නේ:
🔹 උරහිස **ඉදිරිපස වේදනාව**
🔹 අත උස්සන විට **කිසිම point එකකදී වේදනාව වැඩිවීම**
🔹 පහත කටයුතු කරන විට අමාරුව:
* හිසට අත තැබීම
* පිටුපසට අත ගන්නා එක
* උස්සලා වැඩ කිරීම
🔹 බර දේවල් ගන්නා විට වේදනාව වැඩිවීම
🔹 උරහිස ඉදිරිපස **Biceps tendon එක මත ඔබන විට දැඩි වේදනාව**
රෝගීන් බොහෝවිට කියන්නේ:
> “ඩොක්ටර්, අත උස්සනකොට එක තැනකදීම රිදෙනවා.”
---
# # **මේ තත්ත්වය ඇති වෙන්නේ ඇයි?**
පොදු හේතු:
✔ අත නිතර භාවිතා කිරීම
✔ බර වැඩ / gym / manual work
✔ වැරදි posture
✔ වයස වැඩිවීමත් සමඟ tendon දුර්වල වීම
✔ Rotator cuff problem වැනි වෙනත් උරහිස් ගැටලු
---
# # **Diagnosis (හඳුනාගැනීම)**
බොහෝවිට diagnosis එක **clinical examination** මතම කරනවා.
අවශ්‍ය නම්:
🩻 **Ultrasound scan** – tendon එකේ inflammation බලන්න
🧲 **MRI scan** – දිගු කාලයක් වේදනාව තියෙනවා නම්
---
# # **ප්‍රතිකාර මොනවාද?**
# # # **1️⃣ විවේකය සහ වැඩ අඩු කිරීම**
✔ වේදනාව ඇති කරන වැඩ වලින් වැළකීම
✔ Overhead activity අඩු කිරීම
---
# # # **2️⃣ වේදනාව අඩු කරන ඖෂධ**
✔ Paracetamol
✔ Anti-inflammatory tablets (වෛද්‍ය උපදෙස් මත)
---
# # # **3️⃣ Physiotherapy (ඉතා වැදගත්!)**
✔ උරහිස් muscle ශක්තිමත් කිරීම
✔ Posture නිවැරදි කිරීම
✔ Stretching exercises
👉 මෙය **දිගු කාලීනව හොඳම ප්‍රතිකාරය**යි.
---
# # # **4️⃣ Ice / Heat**
🧊 Ice – මුල් අවස්ථාවේ වේදනාවට
🔥 Heat – muscle tightness එකට
---
# # # **5️⃣ Steroid Injection**
✔ තෝරාගත් රෝගීන්ට
✔ Inflammation අඩු කර වේදනාව පාලනයට
✔ Physiotherapy සමඟ හොඳ ප්‍රතිඵල
---
# # # **6️⃣ ශල්‍යකර්ම (කලාතුරකින්)**
✔ බොහෝ රෝගීන්ට අවශ්‍ය නොවේ
✔ දිගු කාලයක් ප්‍රතිකාර වලට හොඳ නැත්නම් පමණක්
---
# # **best to know 🌟**
බොහෝ රෝගීන්:
✅ Surgery නොකර
✅ Physiotherapy සහ සරල ප්‍රතිකාර වලින්
**සම්පූර්ණයෙන් හොඳ වෙනවා**
---
# # **වෛද්‍යවරයෙකු හමුවිය යුතු විට**
👉 සති කිහිපයකට වැඩි කාලයක් වේදනාව තිබේ නම්
👉 වේදනාව වැඩිවෙමින් යන්නේ නම්
👉 දෛනික කටයුතු කරන්න අමාරු නම්
👉 රෑ වේදනාව වැඩි නම්
---
# # # **සාරාංශය**
**උරහිස ඉදිරිපස වේදනාව සහ අත උස්සන විට රිදීම බොහෝවිට Biceps tendon problem එකක්.**
ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළොත් surgery අවශ්‍ය නොවෙයි.
✍️ By Dr CP
Orthopaedic Surgeon
Rheumatotho Health
# # **Anterior Shoulder Pain – Is It the Biceps Tendon?**
Many patients come to the clinic with **pain in the front of the shoulder**, especially when lifting the arm, reaching overhead, or trying to touch the head or back.
A common cause of this pain is **biceps tendon irritation**, also known as **Biceps Tendinitis** or **Biceps Tendinopathy**.
---
# # **What is the Biceps Tendon?**
The biceps muscle has **two tendons at the shoulder**.
One of them, called the **long head of the biceps tendon**, runs through a groove at the front of the shoulder and helps with:
* Lifting the arm
* Rotating the shoulder
* Stabilising the shoulder joint
Because of its position, this tendon is **prone to irritation and inflammation**, especially with repeated use.
---
# # **How Do Patients Usually Present?**
Typical symptoms include:
🔹 Pain at the **front (anterior) of the shoulder**
🔹 Pain when **lifting the arm**, especially between certain angles
🔹 Difficulty or pain when:
* Touching the head
* Reaching behind the back
* Overhead activities
🔹 Pain increases with:
* Lifting objects
* Carrying bags
* Repetitive arm use
🔹 **Tenderness when pressing over the biceps tendon** (front of shoulder)
Sometimes patients say:
> “Doctor, it hurts at a certain point when I lift my arm.”
---
# # **Why Does This Happen?**
Common causes include:
✔ Repetitive shoulder movements
✔ Overuse (gym, lifting, sports, manual work)
✔ Poor posture
✔ Age-related tendon wear
✔ Associated shoulder problems like:
* Rotator cuff tendinopathy
* Shoulder impingement
---
# # **How Is It Diagnosed?**
Diagnosis is mainly **clinical**, based on:
* History of pain
* Examination findings (localized tenderness, pain on movement)
Sometimes we may request:
🩻 **Ultrasound scan** – to assess tendon inflammation
🧲 **MRI** – if pain is persistent or other shoulder pathology is suspected
---
# # **Treatment Options**
# # # **1️⃣ Activity Modification & Rest**
✔ Avoid painful overhead activities
✔ Reduce repetitive shoulder strain
---
# # # **2️⃣ Pain Relief**
✔ Paracetamol
✔ Anti-inflammatory medication (if suitable)
*(Always take medication after medical advice)*
---
# # # **3️⃣ Physiotherapy (Very Important)**
✔ Strengthening shoulder muscles
✔ Improving posture
✔ Stretching tight structures
✔ Correct movement patterns
💡 Physiotherapy is often the **most effective long-term treatment**.
---
# # # **4️⃣ Ice or Heat**
🧊 Ice – in early painful stages
🔥 Heat – for muscle stiffness
---
# # # **5️⃣ Steroid Injection**
In selected patients:
✔ Injection around the biceps tendon sheath
✔ Can reduce inflammation and pain
✔ Best combined with physiotherapy
---
# # # **6️⃣ Surgery (Rarely Needed)**
Only considered if:
* Pain persists despite treatment
* Significant tendon damage
---
# # **Good News 🌟**
Most patients improve well with **conservative treatment**:
✔ Rest
✔ Physiotherapy
✔ Simple pain management
Early diagnosis and treatment can **prevent chronic pain and stiffness**.
---
# # **When Should You See a Doctor?**
👉 Pain lasting more than a few weeks
👉 Increasing pain or weakness
👉 Difficulty with daily activities
👉 Night pain or sudden worsening
---
# # # **Take-Home Message**
**Front shoulder pain during lifting or overhead activity is often due to biceps tendon irritation.**
With the right care, most people recover without surgery.
✍️ By Dr CP
Orthopaedic Surgeon
Rheumatotho Health