28/03/2026
තරහේ ශක්තිය මෘදු කරන යෝග
හිතන්න ඔයාගේ රැකියා ස්ථානයේදී ඔයා නොකරපු වරදකට ඔයාට අසාධාරණ ලෙස චෝදනා කරලා ඔයාගේ ප්‍රධානියාගෙන් ඔයා හොදටම බැනුම් අහන වෙලාවක,ඔයාග් ගෙදර ඔයාගේ දරැවා නිතර නිතර කියන දෙයක් නොඅසන ඔයාගේ තරහ උපරිමේට වැඩි වෙලා තියන අවස්ථාවක, ඔයා රිය පදවද්දි ඉදිරියෙන් යන වාහනේ අනතුරුදායක විදියට රිය පදවද්දි,රාත්‍රී ආහාර වේල අතරතුර ඔයාගේ ස්වාමියා සමග ලොකු රණ්ඩුවක් වුණා වෙලාවක්
මෙහෙම වෙලාවක ඔයාගේ ශරීරයට දැනෙන වෙනස්කම් මේ වගේ නෙවෙයිද බලන්න.
ඔයාගේ හෘද ස්පන්දනය වේගවත් වෙනවා .( ඇඩ්‍රිනලින් ගොඩක් රැධිරයට මුදා හරින නිසා හදවත වේගයෙන් ගැහෙනවා)
ඔයා ගන්න හුස්ම ගොඩක් කෙටියි ඒ හුස්ම පපුවට විතරක් සීමා වෙනවා,ඒ හුස්ම ගොඩක් වේගවත් ,හුස්ම හිරවෙනවා වගේ ඔයාට දැනෙනවා
ඔයාගේ හකු තද වෙනවා,බෙල්ලේ මාංශපේශී දැඩි වෙනවා
ඔයගේ මුළු ශරීරයම දැවිලා යන උණුසුමක් ඔයාට දැනෙනවා ,අත් යටිපතුල් ,නළල යන තැන් වල දහඩිය දැමීම සිදු වෙනවා
ඇස් වල කණීනිකාව විශාල වෙනවා
ආහාර ජීර්ණ පද්ධතිය මන්දගාමී වී ඔයාගේ ශරීරය සටනට හා පලා යාමට සුදානම් කරයි.
අපි සමාජයේ ජීවත් වෙනකොට තරහ ඇති කරන අවස්ථා ඇති වෙන එක නවත්තන්න අපිට බෑ.තරහ ඇති වුණ අවස්ථාවෙම ප්‍රතිචාර දක්වන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න වෙනවා.ඒ නිසයි හදිසි කෝපය නිසා තමා අතින් පුද්ගල ඝාතනයක් සිදු වූ පුද්ගලයෙක් ඒ වෙලාවේ ඉවසන්න තිබුණා නම් කියන්නේ.
අපේ හැගීම හා ප්‍රතිචාරය අතර යම් හිඩසක් තියෙනවා .උදාහරණ විදියට කෙනෙක් එක්ක තර්ක කරන අවස්ථාවක තරහ ඇවිත් ඒ පුද්ගලයට ගහන්න තිතුණොත් හිතුන ගමන් ගහන්නේ නැතුව ඉන්න නම් මේ දෙක අතර හිතන්න වෙනවා මේ හැසිරීම සුදුසුද,කොයි මට්ටමෙන්ද එලියට දාන්න ඕනි වගේ දේවල් ටිකක්. මේකට කියන්නේ ප්‍රජානනය කියලා.සත්තු හා මිනිස්සු වෙනස් වෙන්නේ මේ කාරණේදී.අද අපිට සමාජය දිහා බලන විට පෙනෙන කාරණය තමා තරහ එක්ක එන සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙනවා මිස සිතුවිල්ල හා ප්‍රතිචාරය අතර හිදැසෙදි සිතන ප්‍රමාණය අඩු බව පැහැදිලිය.
තරහ වැරදි චිත්තවේගයක් නොවේ.එය කළමනාකරණය කර ගැනීම කළ යුතුයි.ප්‍රශ්නයක් වෙන්නේ තරහ කලමනාකරණය කර ගන්න බැරි වුණාම. ඒ සදහා එක ක්‍රමයක් තමා යෝග පුහුණුව.
තරහ සමතුලිත කර ගන්න යෝග ආසන,ප්‍රාණයාම,යෝග නිද්‍රා,භාවනාව වගේ දේවල් පුහුණු කරන්න පුලුවන්.
ඒ හරහා
ප්‍රාණයාම (අප ගන්නා අශ්වාස වායු ධාරාව ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම.මේ මගින් ස්වසනය දීර්ඝ කිරීම හා පාලනය කිරීම සිදු වේ.) මේ හරහා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය සක්‍රීය කර( හෘද ස්පන්දනය අඩු වීම,රැධිර පීඩනය අඩු වීම,දිගු හුස්ම ගැනීම,ආහාර ජීර්ණය වැඩිදියුණු වීම) විවේකය හා සුවපත්වීමේ තත්වයට ශරීරය යොමු කර කෝටිසෝල් නම් ආතති හෝර්මෝන මට්ටම අඩු කරයි.
ආසන පුහුණුව හරහා ශාරීරික ආතතිය මුදා හැරීම සිදු වේ.කෝපය,බිය,දුක වැනි හැගීම් බොහෝ විට මාංශපේශී ආතතිය,උරහිස් එසවීම,හකු තද වීම ලෙස ප්‍රකාශ වේ.ආසන පුහුණුවේදී ශාරීරික ආතතිය සෙමෙන් මුදා හැරෙන අතර එය මානසික සමබරතාවටද හේතු වෙයි.තවද ස්වයං දැනුවත්භාවය වර්ධනය කිරීමට ආසන පුහුණුව වැදගත්ය.ඉරියව්වකදි අපහසුතාවයක් ඇති වූ විට ,ඉවසීමෙන් සිටීමට හෝ නිසි ලෙස පසු බැසීමට ඉගෙනීම එදිනෙදා ජීවිතයේ චිත්තවේගීය අභියෝග වලට මුහුණ දීමේ ආකල්පය වෙනස් කරයි.ආත්ම ශක්තිය, දරාගැනීම වැඩි කරයි.
භාවනාව තුළින් එක අරමුණක වර්තමාන කාලයේ සිත පවත්වා ගැනීමට පුහුණු කරයි.මේ මගින් අතීත මතක,කම්පන අනාගත අපේක්ෂා ,ඛලාපොරොත්තු වලින් මනස නිදහස් වේ.අපේ මොළයේ චිත්තවේග සම්බන්ධව ක්‍රියා කරන ඇමිග්ඩලාව කොටසේ ක්‍රියාකාරිත්වය අඩු කරගන්නත් ප්‍රජානනයට දායක වන පුර්ව මස්තිෂ්කයේ අලුත් සෛල වර්ධනය කරන්නත්,අපේ හෝර්මෝන සමතුලිත කරගන්නත් අපේ සතුට ඇති කරන සෙරටොනින්,
අපිව ප්‍රබෝධමත් කරන එන්ඩොෆින්,මනස සන්සුන් කරන ගැබා ,නින්ද ඇති කරන මෙලටොනින් වැනි ස්නායු සම්ප්‍රේෂක ස්‍රාවය හොදින් සිදු වීම යහපත් මනෝභාවයන්ට හේතු වේ.
අෂ්ටාංග යෝගයෙහි මුලික පියවර දෙක වන යම හා නියම එනම් සමාජ හා පුද්ගල විනය පුහුණුව තුළ කාලයත් සමග තමන් කෙරෙහි සහ අන් අය කෙරෙහි ඇති විනිශ්චයාත්මක සිතුවිලි අඩු වී ,පිළිගැනීමේ හා සමාව දීමේ හැකියාව වැඩි වේ.
මෙම ක්‍රම දිනපතා පුහුණුවෙන් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ශක්තිමත් කර ආතතියට පත්වුණ ඔයාගේ ස්නායු පද්ධතිය වේගයෙන් සන්සුන් තත්වයට පත් කරයි.මේ තුළ ඔබට තරහ කියන චිත්තවේගය මනාව කලමනාකරණය කරගනිමින් කොතරම් ආතතිකාරි පරිසරයක වුවද යහපත් මානසික තත්වයකින් ජීවිතය පවත්වාගෙන යාමට හැකිය.
සැ.යු පුහුණු ගුරුවරයෙක් යටතේ මුලික පුහුණුව ලබාගෙන එය ඔබේ ජීවිතයට එකතු කරගන්න