මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon

මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon, Astrologist & Psychic, Kegalle.
(1)

Eclectic Witch | Son of Hecate | Tarot & Divination | Spellwork & Energy Healing | Walking the Mystical Path | Magic for Mind,Body & Spirit | As above,so below Bookings Open | WhatsApp: 075 210 2468


යුරෝපීය මායාව ඔබේ ජීවිතයට

ජීවිතය යනු සංකීර්ණ ප්‍රහේලිකාවකි.සමහර අවස්ථාවලදී අප ගන්නා තීරණ නිවැරදිද ? අප ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ දැයි සිතා ඔබත් ...
09/09/2026

ජීවිතය යනු සංකීර්ණ ප්‍රහේලිකාවකි.සමහර අවස්ථාවලදී අප ගන්නා තීරණ නිවැරදිද ? අප ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ දැයි සිතා ඔබත් යම් ව්‍යාකූලතාවයක සිටිනවාද?

ආදරය,රැකියාව,මානසික සහනය හෝ ජීවන ඉලක්ක පිළිබඳව පවතින ගැටලුවලට විශ්වීය සංකේත සහ ආධ්‍යාත්මික මඟපෙන්වීම් හරහා පැහැදිලි බවක් ලබා ගැනීමට මම ඔබට මඟපෙන්වන්නෙමි.

මා හට වසර ගණනාවක ටැරෝ කියවීම් (Tarot Readings) පිළිබඳ අත්දැකීම් සහ පළපුරුද්ද ඇති අතර, ඔබේ වර්තමාන තත්ත්වය තේරුම් ගැනීමටත්,නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය පුද්ගලික උපදේශන ලබා දීමට හැකියාව ඇත.

යුරෝපීය ගුප්ත විද්‍යාත්මක පදනම සහ සංකේත ආශ්‍රිතව, ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරගැනීමට සහ ජීවන අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය විශේෂිත Rituals & Spiritual Practices පිළිබඳ දැනුවත් කිරීම් ද ඔබට මා වෙතින් ලබාගත හැක.

මේ සියල්ල ඉතාමත් රහසිගතව සහ විශ්වාසවන්තව සිදු කරනු ලැබේ.ඔබේ ජීවිතයට පැහැදිලි මඟපෙන්වීමක් ලබාගැනීමට අදම තීරණය කරන්න.

වැඩිදුර විස්තර සඳහා හෝ ඔබේ වේලාව වෙන් කරවා ගැනීමට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 075 210 2468

👉 https://wa.me/94752102468?text=Hello+Ambrose

🔮✨

09/09/2026

🔮 I’M BACK — SPECIAL WELCOME BACK GIVEAWAY! 🌙✨

පුංචි විවේකයකින් පස්සේ,මම ආයෙත් ඔයාලා එක්ක එකතු වෙන්නයි ලෑස්තිය.මාත් එක්ක දිගටම රැඳී සිටිමින්,Page එක සමග එකතු උන කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.ඒ වෙනුවෙන් ඔයාලට විශේෂ තෑග්ගක් දෙන්න මම හිතුවා.

මේ Giveaway එකෙන් තේරී පත්වෙන ජයග්‍රාහකයින්ට පහතින් සඳහන් වන Reading වලින් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන්,

🔮Horoscope Reading (හඳහන් පරීක්ෂාව)

🔮Tarot Card Reading ( ටැරෝ රීඩින් )

🔮Coffee Cup Reading ( කෝපී කෝප්පෙන් අනාගතය දැකීම )

🔮Pendulum Reading ( පෙන්ඩලමෙන් අනාගතය බැලීම )

Giveaway එකට එකතු වෙන්න ඔයා කරන්න ඕනේ මෙච්චරයි,


මේ Post එකට Like එකක් දාලා යාලුවන්ට පේන්න share කරන්න.

( සැ.යු : Original post එකට පමණක් Comment කරන්න)

Comment section එකේ ඔයාගේ යාලුවෝ 3 දෙනෙක්ව Tag කරලා,ඔයා කැමතිම Reading එක මොකක්ද කියලා comment කරන්න.

මේ Post එක ඔයාගේ Story එකට Share කරලා පේජ් එක Tag කරන්න. (Private profile තියෙන අය Story එකේ screenshot එකක් Message එකකින් එවන්න.)

ජයග්‍රාහකයින් ලබන සතියේදී තෝරලා Announce කරනවා. හැමෝටම සුබ පතනවා! 🌙✨

මම අපේ Page එකේ ඉන්න ඔයාලා වෙනුවෙන්ම පොඩි විශේෂ වැඩක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.හැමදාම උදේට ඔයාගේ දවස ගෙවෙන හැටි, අවධානය ...
09/09/2026

මම අපේ Page එකේ ඉන්න ඔයාලා වෙනුවෙන්ම පොඩි විශේෂ වැඩක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.හැමදාම උදේට ඔයාගේ දවස ගෙවෙන හැටි, අවධානය යොමු කරන්න ඕනේ දේවල් සහ දවස සාර්ථක කරගන්න ඕනේ Energy එක ගැන පොඩි Guidance එකක් ඔයාලග. Phone එකටම ගෙන්නලා දෙන්න වෙනම WhatsApp Channel එකක් හදන්න අදහසක් ආවා

ගොඩක් අය ආසයිනේ දවස පටන් ගනිද්දීම ඒ දවසට අදාළ පොඩි සිතුවිල්ලක් හෝ මගපෙන්වීමක් ලබන්න.ඉතින් ඒ දේවල් කිසිම කරදරයක් නැතුව direct phone එකටම daily update එකක් විදිහට ලැබෙද්දී ඔයාලටත් දවස ධනාත්මකව පටන් ගන්න ලොකු පිටිවහලක් වෙයි කියලා මම හිතනවා.

ඉතින් මේ Exclusive Daily Insights ලැබෙන WhatsApp Channel එකට එකතු වෙන්න ඔයාලා කැමතිද කියලා මට දැනගන්න ඕනේ. ඔයාලගේ අදහස පහතින් Comment එකක් දාලා නැත්නම් React එකක් දාලා මට කියන්න.ඔයාලගේ කැමැත්ත තියෙනවා නම් අපි ඉක්මනින්ම වැඩේ පටන් ගමු !!!

11:11 කියන්නේ බොහෝ දෙනෙක් හිතනවා වගේ නිකන්ම නිකන් ප්‍රාර්ථනාවක් කරලා නිකන් ඉන්න ඕනේ සරල වෙලාවක් නෙවෙයි.ගුප්ත විද්‍යාව සහ...
09/09/2026

11:11 කියන්නේ බොහෝ දෙනෙක් හිතනවා වගේ නිකන්ම නිකන් ප්‍රාර්ථනාවක් කරලා නිකන් ඉන්න ඕනේ සරල වෙලාවක් නෙවෙයි.ගුප්ත විද්‍යාව සහ ආත්මීය ශක්තීන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරද්දී පැහැදිලි වන ප්‍රධානම දේ තමයි,මේ සංඛ්‍යා රටාව කියන්නේ භෞතික ලෝකය සහ ආධ්‍යාත්මික ශක්ති ලෝකය අතර තියෙන මායිම් තිරය අතිශය සිහින් වෙන අද්භූත ද්වාරයක් කියන එක.මේ අංක එකේ ඒවා හතරක් එක ළඟ සිටගැනීමෙන් නිර්මාණය වන්නේ විශ්වයේ අධ්‍යාත්මික බලපෑම් සෘජුවම අපේ ලෝකයට ගලාගෙන එන්න පුළුවන් ප්‍රබල කුළුණු හතරක්.ඒ නිසාම මේ මොහොතේදී විශ්වය ඔබේ යටිසිතේ තියෙන බලවත්ම සිතුවිල්ල ඉතාම වේගයෙන් අරගෙන ඒක යථාර්ථයක් බවට පත් කරන්න පටන් ගන්නවා.

ගොඩක් අය 11:11 දුටු සැනින් කරන්නේ තමන්ට නැති දෙයක් විශ්වයෙන් ඉල්ලලා අයැදින එක.ඒත් ඇත්තටම සිදුවිය යුත්තේ යමක් ඉල්ලනවාට වඩා ඔබේ අභ්‍යන්තර ශක්තිය ඒ මොහොතේ තියෙන විශ්වීය ශක්තිය එක්ක එකතු කරන එකයි.ගුප්ත විද්‍යාත්මක ඇසින් බැලුවොත්,එක කියන්නේ නිර්මාණයේ සහ බලයේ සංකේතය.ඒ කියන්නේ මේ වෙලාවේදී ඔබ විශ්වයෙන් යමක් හිඟමනට ඉල්ලන කෙනෙක් නෙවෙයි,ඔබම ඔබේ අනාගතයේ නිර්මාණකරුවා බවට පත්වෙනවා.ඔබේ සිතේ තියෙන අභිප්‍රාය ඒ මොහොතේදී අතිශය ප්‍රබල වෙන නිසා,ඔබ නිකන්ම ප්‍රාර්ථනාවක් කරනවාට වඩා ඒ වෙනුවෙන් ඔබේ අධ්‍යාත්මික බලය ඒකරාශී කිරීමයි මෙතැනදී සිදුවෙන්නේ.

තවත් බොහෝ දෙනෙක් නොදන්න පැත්තක් තමයි මේ 11:11 කියන්නේ ඔබේ ආරක්ෂක ආත්මයන් නැතහොත් ඔබේ මුතුන්මිත්තන්ගේ ශක්තිය ඔබ වටා සැරිසරන බවට ලැබෙන සෘජු සංඥාවක් බව.ඔබ තනිවී නැති බවත් ඔබ යන අධ්‍යාත්මික ගමන සහ ඔබ ගන්නා තීරණ නිවැරදි බවත් මතක් කරන්න ඔවුන් දෙන පණිවිඩයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.විශේෂයෙන්ම ඔබ යම් ගුප්ත කටයුත්තක,භාවනාවක හෝ යම් ශක්ති මෙහෙයවීමක යෙදෙන්න සූදානම් වන කාලසීමාවලදී මේ අංකය නිතර පෙනෙන්න ගන්නවා නම් එයින් කියවෙන්නේ අදෘශ්‍යමාන ලෝකයේ පූර්ණ ආරක්ෂාව සහ අනුමැතිය ඔබට ලැබී ඇති බවයි.

ඒ වගේම 11:11 කියන්නේ හැමවිටම සුන්දර දේවල් විතරක් වෙන සංකේතයක් නෙවෙයි එය ඔබේ යටිසිතේ සැඟවුණු අඳුරු පැත්ත හෙවත් shadow self එක අවදි කරන එක මොහොතක්.මේ වෙලාවට ඔබේ සිතට එන බය,සැකය හෝ සෘණාත්මක සිතුවිල්ලක් වුණත් නිකන්ම එන දෙයක් නෙවෙයි.එය ඔබේ ආත්මය සුවපත් කරගැනීම සඳහා ඔබ මුහුණ දිය යුතු,යටපත් කරගෙන සිටින සැබෑ යථාර්ථයන් එළියට දාන්න විශ්වය දෙන බලවත් මතක් කිරීමක්. ඔබේ අභ්‍යන්තර හයවැනි ඉන්ද්‍රිය අවදි වේගෙන එන බවටත්, ඔබේ ආත්මය ඊළඟ මට්ටමට පිබිදෙන බවටත් වෙන සංකේතයක් තමයි මේ.

මීළඟ වතාවේ ඔබට 11:11 පෙනෙද්දී කලබලයෙන් ප්‍රාර්ථනාවක් නොකර,තත්පර කිහිපයකට නතර වෙලා ගැඹුරු හුස්මක් ගන්න.ඒ මොහොතේ ඔබේ සිතේ තිබුණු සිතුවිල්ල මොකක්ද කියලා හඳුනාගෙන,ඒ ශක්තිය ඔබ තුළම රඳවාගන්න උත්සාහ කරන්න. ඔබ අන්තිමට 11:11 දැක්කේ කවදාද,එදා ඔබට දැනුණේ මොන වගේ අත්දැකීමක්ද කියලා පහළින් ලියලා යන්න.

දේවදූත අංක 9999කලින් අපි 9 : 9 ශක්ති දවාරය ගැන කතා කරානේ.දැන් කියන්න යන්නේ 9999 දේවදූට අංකය ගැන.9999 කියන්නේ සාමාන්‍යයෙන...
09/09/2026

දේවදූත අංක 9999

කලින් අපි 9 : 9 ශක්ති දවාරය ගැන කතා කරානේ.දැන් කියන්න යන්නේ 9999 දේවදූට අංකය ගැන.9999 කියන්නේ සාමාන්‍යයෙන් අපිට නිතරම ඇස ගැටෙන 111, 1111 හෝ 444 වගේ Angel Numbers වලට වඩා ගොඩක් වෙනස්,ඒ වගේම ඉතාමත් ප්‍රබල ආත්මීය සංකේතයක්.මේ අංකය ඔබේ ජීවිතයට නිතර නිතර පෙනෙන්න පටන් ගන්නවා නම් ඒකෙන් කියවෙන්නේ විශ්වයෙන් හෝ ඔබේ ආරක්ෂක දේවදූතයන්ගෙන් ඔබට ඉතාමත් වැදගත් පණිවිඩයක් ලැබෙමින් පවතින බවයි.

විශේෂයෙන්ම අංක 9 කියන්නේ අවසානය සහ පරිපූර්ණත්වය නිරූපණය කරන සංඛ්‍යාවයි.එය හතර වතාවක් එක දිගට 9999 ලෙස පැමිණෙන විට එම ශක්තිය හතර ගුණයකින් වැඩි වී ඔබේ ජීවිතයේ විශාල පරිවර්තනයක පෙරනිමිති පෙන්වා දෙනවා.

මෙම 9999 Angel Number එකෙන් කියැවෙන ප්‍රධානම දේ තමයි ඔබේ ජීවිතයේ යම් කිසි ලොකු පරිච්ඡේදයක් සම්පූර්ණයෙන්ම අවසන් වීමට ආසන්න බව.ඒක සමහරවිට ඔබ කාලයක් තිස්සේ කරගෙන ආපු රැකියාවක්,අවුරුදු ගණනාවක් පැවැති ආදර සම්බන්ධතාවයක්,නැත්නම් ඔබ තුළ තිබුණු යම්කිසි පැරණි සිතුවිලි රටාවක් හෝ පුරුද්දක් වෙන්න පුළුවන්.මෙතැනදී පැරණි දේවල් අවසන් වෙනවා කියන්නේ නරක දෙයක් නෙමෙයි.ඉදිරියට එන්න තියෙන අලුත් සහ වඩාත් සාර්ථක අනාගතයට ඉඩ හදන්න නම්, අතීතයේ ඔබට තවදුරටත් ගැලපෙන්නේ නැති දේවල් අතහැර දැමිය යුතු බවයි මේ අංකය මගින් ඔබට මතක් කර දෙන්නේ.

ඒ වගේම,9999 කියන්නේ විශ්වය ඔබව ඊළඟ උසස් මට්ටමට අරන් යන්න සූදානම් වෙනවා කියන එකයි.ඔබ පහුගිය කාලයේ විඳපු දුක් ගැහැට,කැපකිරීම් සහ ලබාගත් අත්දැකීම් සියල්ලම දැන් මුහුකුරා ගිහින් ඉවරයි.ඔබ දැන් ඔබේ ජීවිතයේ නියම අරමුණ සොයාගෙන ඉදිරියට යන්න සම්පූර්ණයෙන්ම සූදානම්.පැරණි බිය,සැක සහ පසුතැවීම් සියල්ල අතහැරලා,අලුත් ආරම්භයකට බිය නැතිව මුහුණ දෙන්න ශක්තිය එකතු කරගන්න කියන පණිවිඩය මෙයින් ඔබට ලැබෙනවා.දොරක් වැහෙන්නේ තවත් වඩාත් හොඳ දොරවල් ගණනාවක් ඇරෙන්න මඟ පාදමින් බව ඔබ මෙහිදී තේරුම් ගත යුතුයි.

තවත් පැත්තකින් බලද්දී 9999 අංකය කියන්නේ මනුෂ්‍යත්වය,කරුණාව සහ අන් අයට උපකාර කිරීම සංකේතවත් කරන අංකයක්.ඔබ සතුව තියෙන දැනුම, අත්දැකීම් සහ ආදරය අන් අය අතර බෙදාහදා ගන්න කාලය ඇවිත් තියෙනවා.ලෝකයට සහ සමාජයට යහපතක් වෙන විදිහට ඔබේ ශක්තිය යොදවන්න පටන් ගන්න කියලා විශ්වය ඔබට ආරාධනා කරනවා.ඔබ අන් අයට උදව් උපකාර කරන විට,විශ්වයෙන් ඔබට ලැබෙන ආශීර්වාදය සහ ධනාත්මක ශක්තිය තවත් වැඩි වෙනවා.

ඔබට 9999 නිතරම පෙනෙන්න පටන් ගත්තොත් ඔබ කළ යුත්තේ මොකක්ද? පළමු දේ තමයි ඔබ තුළ තියෙන පැරණි මතකයන් සහ අනවශ්‍ය බැඳීම් අතහැරීමට සූදානම් වීම. අතීතයේ වුණ වැරදි ගැන හිතමින් පසුතැවෙන්නේ නැතුව, අනාගතයේ උදාවන අලුත් අවස්ථාවන් දෙස බලන්න.ඔබේ යටි සිත කියන දේට ඇහුම්කන් දෙන්න.

මන්ද මේ කාලසීමාවේදී ඔබේ Intuition එක හෙවත් යටි සිතේ හඬ ඉතාමත් ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. විශ්වය ඔබව නිවැරදි මාර්ගයට ගෙන යන බවට සම්පූර්ණ විශ්වාසය තබන්න.

කොටින්ම කිව්වොත් 9999 කියන්නේ අවසානයක ආරම්භයයි.පැරණි පිටුව වසා දමා ඔබේ ජීවිතයේ වඩාත්ම සුන්දර සහ සාර්ථක ඊළඟ පිටුව ලියන්නට විශ්වය ඔබට පාර කියන අපූරු සංකේතයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.ඉතින් මේ දේවදූත අංකයේ ආශිර්වාදය ඔබේ ජීවිතයටත් අවශ්‍ය නම් 9999 පහලින් Comment කරගෙන යන්න

Blessed be !!!

9 : 9 ශක්ති ද්වාරය (9:9 Portal / Lion's Gate successor or September Power Portal) 9 : 9 ශක්ති ද්වාරය යනු විශ්වයේ අධ්‍යාත...
09/09/2026

9 : 9 ශක්ති ද්වාරය (9:9 Portal / Lion's Gate successor or September Power Portal)

9 : 9 ශක්ති ද්වාරය යනු විශ්වයේ අධ්‍යාත්මික හා ශක්තිමය වෙනස්කම් තදින්ම දැනෙන ඔබේ ජීවිතයේ පැරණි පරිච්ඡේද අවසන් කර අලුත් ආරම්භයකට මග පාදන ඉතා බලගතු දිනයකිඅංක විද්‍යාවට අනුව 9 යනු පරිපූර්ණත්වය,අත්හැරීම සහ ආත්මීය ප්‍රඥාව නිරූපණය කරන අංකයයි.සැප්තැම්බර් මාසය කියන්නේ අවුරුද්දේ 9 වන මාසයයි.එම මාසයේ 9 වන දින එළඹෙන විට '9 : 9' ලෙස මෙම බලවත් ශක්තීන් දෙගුණ තෙගුණ වී මුළු විශ්වය පුරාම විහිදී යයි.එම නිසා අද දින ඔබේ ජීවිතය වෙනස් මාවතකට යොමු කරන්න ලැබෙන අපූරු විශ්වීය අවස්ථාවක්.

අපේ ජීවිතවල නොවිසඳුණු ප්‍රශ්න,හිතේ තද කරන් ඉන්න කඳුළු,අපිට තවදුරටත් වැඩක් නැති අතීත බැඳීම් සහ අලුත් ගමනකට බාධා කරන සිතුවිලි අතහැරලා දාන්න හොඳම කාලය තමයි මේ උදාවෙලා තියෙන්නේ.

බොහෝ වෙලාවට අපි පැරණි මතකයන් සහ වැරදි අල්ලාගෙන විඳවනවා. නමුත් 9 : 9 ශක්ති ද්වාරය අපිට මතක් කරන්නේ

"ඉදිරියට යන්න නම් පරණ දේවල් අතහරින්නම ඕනේ"

කියන පාඩමයි.හිතේ තියෙන බර,කේන්තිය,වෛරය සහ පසුතැවීම් සියල්ලම විශ්වයට භාර දීලා හදවත සැහැල්ලු කරගන්න මේ දවස ඉතාම සුදුසුයි. පැරණි දේ අවසන් වන තැන තමයි නව අනාගතයක සුන්දරම ආරම්භය සටහන් වෙන්නේ.

මේ බලවත් දවසේදී ඔබේ අනාගත සිහින සහ අරමුණු වෙනුවෙන් Manifestation කිරීම ඉතාම සාර්ථක වෙනවා. ඔබ අනාගතයේදී වෙන්න කැමති කෙනා,ලබාගන්න ඕනේ සාර්ථකත්වය සහ ඔබේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ සතුට ගැන පැහැදිලි චිත්‍රයක් හිතේ මවාගන්න.මේ කාලය තුළ විශ්වය සහ ඔබේ මනස අතර තියෙන සන්නිවේදනය ඉතාම දැඩියි.එම නිසා ඔබ හිතන පතන ධනාත්මක දේවල් ඉතා ඉක්මනින් ඔබේ සැබෑ ජීවිතය තුළ යථාර්ථයක් බවට පත්වීමේ හැකියාව වැඩියි.ඍණාත්මක සිතුවිලි සිතට එන්න නොදී,නිරන්තරයෙන්ම

"මම මේ දේට සුදුසුයි, මගේ ජීවිතයට යහපත විතරක්ම ලැබෙනවා"

කියන විශ්වාසය හිතේ තියාගන්න.

මෙම ශක්ති ද්වාරයේ උපරිම ඵල ලබාගන්න නම් අද දවසේදී ඔබට කරන්න පුළුවන් සරල ඒත් ප්‍රබල පුරුදු කිහිපයක් තියෙනවා.මුලින්ම නිහඬ තැනකට වෙලා විනාඩි කිහිපයක් භාවනා කරන්න.ඔබේ ශ්වසනය ගැන අවධානය යොමු කරලා හිත තැන්පත් කරගන්න.ඊළඟට කොළයක් සහ පෑනක් අරගෙන,ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න ඕනේ ඍණාත්මක දේවල් සහ අලුතින් ළඟා කරගන්න ඕනේ අරමුණු ලියන්න. ඔබ මේ වෙනකොටත් ලබාගෙන තියෙන පුංචි හෝ ජයග්‍රහණ සහ සතුටුදායක දේවල් ගැන විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න.ස්තුතිවන්ත වන හදවතකට විශ්වයෙන් තවත් ආශීර්වාද ගලාගෙන එනවා.

අද දවසේදී ඔබේ ශරීරයට වගේම මනසටත් නිදහස දෙන්න අමතක කරන්න එපා.හොඳින් වතුර බොන්න,සොබාදහම එක්ක පොඩි වෙලාවක් හෝ ගත කරන්න, පස් පව් වලින් සහ අන් අයට හානි වෙන සිතුවිලි වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න.ඔබ වටා තියෙන ශක්තිය පිරිසිදු වෙනකොට,විශ්වීය බලපෑම ඔබේ ආත්මයට කෙළින්ම දැනෙන්න පටන් ගනීවි. මෙය ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සලකා,අද දවස ඉතාම ධනාත්මකව සහ සතුටින් ගත කරන්න.

ඔබේ අනාගත අරමුණු අතරින් අද දවසේදී විශ්වයට යොමු කරන්න කැමති ප්‍රධානම අධිෂ්ඨානය මොකක්ද කියලත් පහතින් comment කරගෙන යන්න.

🌞අදින් ආරම්භ වන සැප්තැම්බර් මාසයේ දෙවෙනි සතිය සදහා ටැරොට් කියවීමඔන්න ඔයාලා හැමෝම බලාගෙන හිටිය අදින් ආරම්භ වන සැප්තැම්බර්...
07/09/2026

🌞අදින් ආරම්භ වන සැප්තැම්බර් මාසයේ දෙවෙනි සතිය සදහා ටැරොට් කියවීම

ඔන්න ඔයාලා හැමෝම බලාගෙන හිටිය අදින් ආරම්භ වන සැප්තැම්බර් මාසයේ දෙවෙනි සතිය සඳහා විශ්වය ඔයාට ලබාදෙන පණිවිඩය අරගෙන ආවා.මුලින්ම කියන්න ඕනේ ඔයාට ටැරොට් pile එකක් තෝර ගන්න බැරි උනා නම් පහල තියෙන Link එකෙන් කාඩ් එකක් තෝරගෙන ඇවිල්ලා මේ පෝස්ට් එක කියවලා ඔයාට ලැබෙන පණිවිඩය ලබා ගන්න පුළුවන්.ඉතින් ඔයා තෝර ගත්ත කාඩ් එකට විශ්වය මගින් ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා දැනගන්න කලින් ගැඹුරු හුස්මක් අරගෙන විශ්වයට ස්තූතිවන්ත වන්න.ඒ වගේම අපිව Follow කරලා මේ පණිවිඩය ඔයාගේ යාළුවන්ටත් පේන්න Share කරන්න අමතක කරන්න එපා.

https://www.facebook.com/share/r/19PN6g5rGT/?mibextid=wwXIfr

එහෙනම් අපි යමු ඒ පණිවිඩය බලන්න.

🧿 Pile Number 1

සැප්තැම්බර් මාසයේ මේ ආරම්භ වන ඉදිරි සතිය Pile Number 1 තෝරාගත්ත ඔයාගේ ජීවිතයට අතිශය බලවත්,ජයග්‍රාහී වගේම වේගවත් ශක්තියක් අරගෙන එන කාලයක්.පසුගිය දවස්වල යම් යම් බාධක,පසුබෑම් හෝ වැඩකටයුතු ඇදී යෑම් නිසා ඔයාගේ සිතේ යම් නොසන්සුන් බවක් ඇතිවෙලා තිබුණා නම්,මේ සතියේදී ඒ සියල්ල වෙනස් වෙනවා. තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ පාලනය සහ බලය නැවතත් තමන්ගේ අතට ගන්න ඔයාට හැකිවෙනවා.හිතේ තියෙන බිය සහ සැකය නැතිවෙලා,ඕනෑම අභියෝගයකට මුහුණ දීලා ඉලක්කයන් කරා වේගයෙන් ගමන් කරන්න අවශ්‍ය කරන සිංහ හදවත සහ අදිටන විශ්වය මගින් ඔයාට ලබා දෙනවා.

රැකියාව සහ ව්‍යාපාරික අංශයෙන් බැලුවොත්,මේ සතිය ඔයාට අතිශය සාර්ථක සතියක් වේවි.කොතරම් තරගකාරී වටපිටාවක් තිබුණත්,ඔයාගේ අධිෂ්ඨානය සහ කැපවීම නිසා අන් සියලුදෙනාටම වඩා ඉදිරියෙන් සිටින්න ඔයාට පුළුවන්.කාලයක් තිස්සේ කරගන්න බැරිව හිරවෙලා තිබුණු වැඩකටයුතු,ව්‍යාපෘති හෝ ලේඛන කටයුතු ඉතාම ඉක්මනින් අවසන් කරගැනීමට ලැබෙනවා.උසස්වීම්,නව රැකියා අවස්ථා හෝ ව්‍යාපාරික ජයග්‍රහණ ගැන බලාපොරොත්තුවෙන් හිටිය අයට ඉතාම සුබ ආරංචි ලැබෙන කාලයක්. විදේශගත වීම්,ව්‍යාපාරික ගමන් බිමන් හෝ දීර්ඝ සංචාරයන් යෙදෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.

මූල්‍යමය පැත්තෙන් ගත්තොත්,ඔයාගේ උත්සාහයේ සහ මහන්සියේ ප්‍රතිඵල සෘජුවම මුදල් ලෙස ඔයා අතට ලැබෙන්න පටන් ගන්නවා.මුදල් ගලාගෙන ඒමේ වේගය වැඩිවෙන අතර, අලුත් ආදායම් මාර්ග වෙනුවෙන් අඩිතාලම දමන්නත් මේ සතිය ඉතාම යහපත්.

ආදරය සහ පවුල් ජීවිතය ගැන කතා කළොත්,සබඳතාවල යම් යම් මතගැටුම් හෝ නොගැලපීම් තිබුණා නම්,ඒවා සියල්ල බුද්ධිමත්ව සහ ඉවසීමෙන් පාලනය කරගැනීමට ඔයාට හැකිවෙනවා.එකිනෙකාගේ අදහස්වලට ගෞරව කරමින්,එකට එකතු වී අනාගතය වෙනුවෙන් තීරණ ගන්න මේක හොඳම වෙලාවයි.තනිකඩ අයට තමන්ගේ ආත්මශක්තියට සහ පෞරුෂයට ගැලපෙන,ස්ථාවර අදහස් තියෙන අලුත් කෙනෙක් මුණගැසීමේ ප්‍රබල ප්‍රවණතාවයක් තියෙනවා.

සෞඛ්‍යය සහ මානසික මට්ටම ගැන බැලුවොත්,ඔයාගේ ශාරීරික ශක්තිය සහ ජවය ඉහළ මට්ටමක පවතිනවා.හැබැයි අධික ලෙස වැඩ කිරීම නිසා ඇතිවන කායික වෙහෙස ගැන සහ මානසික පීඩනය ගැන සැලකිලිමත් වෙන්න.නිසි විවේකය ලබාගැනීමත්, නිසි ආහාර රටාවන් පවත්වාගැනීමත් මගින් ඔයාට මේ සතියේ උපරිම ඵල නෙලාගන්න පුළුවන්.විශ්වය ඔයාට දෙන ප්‍රධානම පණිවිඩය තමයි,

"පසුබට වෙන්න එපා,සියලු බාධක තල්ලු කරගෙන ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියටම යන්න! "

( පොදු කියවීමක් බව සලකන්න )

✨ ඔයා තෝර ගත්තේ Pile Number 1 නම් ඔයා අනිවාර්යයෙන්ම 18 : 18 comment කරන්න.ඒ වගේම අපේ page එක Follow කරන්න.

🔮 පෞද්ගලික කියවීම් සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

🌞 Pile Number 2

Pile Number 2 තෝරාගත්ත ඔයාට මේ ආරම්භ වන සතිය කියන්නේ කණ්ඩායම් හැඟීම,සහයෝගීතාවය,නිර්මාණශීලී බව සහ තමන්ගේ දක්ෂතාවලට අන් අයගෙන් ඉහළම ඇගයීමක් ලැබෙන අතිශය සුබ සතියක්.කාලයක් තිස්සේ ඔයා තනියම දරපු උත්සාහයන්වලට සහ කැපවීම්වලට නිසි වටිනාකම ලැබෙන කාලය ඇවිත් තියෙනවා.මේ සතියේදී තනියම හැමදේම කරගන්න හදන්නේ නැතුව,අන් අයගේ සහයෝගය අරගෙන,එකමුතුව වැඩ කිරීමෙන් ඔයාට හිතාගන්නවත් බැරි තරම් ලොකු සාර්ථකත්වයක් අත්කරගන්න පුළුවන් වෙනවා.

රැකියාව,අධ්‍යාපනය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් ගැන බලද්දී, ඔයාගේ දක්ෂතාවය සහ අත්දැකීම් ඉහළ නිලධාරීන්ගේ, ගුරුවරුන්ගේ හෝ පාරිභෝගිකයින්ගේ දැඩි පැසසුමට ලක්වෙනවා.අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්න,ආයතනයක් තුළ ප්‍රගතියක් ලබන්න හෝ තමන්ගේ නිර්මාණශීලී අදහස් එළියට දාන්න මේක ඉතාම සුබ කාලයක්.ඔයා යම් විෂයක් හෝ අලුත් නිපුණතාවයක් ඉගෙන ගනිමින් ඉන්නවා නම්,ඒ තුළ විශාල සාර්ථකත්වයක් ලබන්න පුළුවන්.වැඩිහිටියන්ගෙන් හෝ ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන ප්‍රවීණයන්ගෙන් ඔයාට නියම මගපෙන්වීම් සහ උපදෙස් ලැබෙනවා.

මූල්‍යමය පැත්තෙන් ගත්තොත්,මේ සතිය ඉතාම ස්ථාවරයි.ඔයා කරන සාමූහික වැඩ හෝ කැපවීම් නිසා අමතර ආදායම් මාර්ග නිර්මාණය වෙන්න පුළුවන්.කරගෙන යන ව්‍යාපාරවලින් හොඳ ලාභයක් ලැබෙන අතර,මුදල් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්නත් මේ සතිය හරිම සුබයි.

ආදරය සහ සබඳතා පැත්තෙන් බලද්දී,එකිනෙකා අතර තියෙන ගෞරවය,විශ්වාසය සහ වැටහීම ඉතාම ඉහළ මට්ටමක පවතිනවා.අනාගතය වෙනුවෙන් ප්ලෑන් කරන්න,පවුලේ අයත් එක්ක එකතු වෙලා යම් යම් තීරණ ගන්න මේක හොඳම වෙලාවක්.තනිකඩ අයට තමන්ගේ රැකියා ස්ථානයෙන් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා,එකම අදහස් තියෙන,ගෞරවනීය සබඳතාවයකට මුලපිරීමට පුළුවන් කෙනෙක් මුණගැසීමේ ලොකු ඉඩක් තියෙනවා.

සෞඛ්‍යය අතින් ගත්තොත්,මානසිකව සෑහීමකට පත්විය හැකි, ඉතාම සහනයෙන් ඉන්න පුළුවන් සතියක්.ශාරීරික සෞඛ්‍යය යහපත් වෙන අතර, සිතේ තියෙන සන්සුන් බව නිසාම වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ හැකියාවන් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉදිරියට යන්න!

( පොදු කියවීමක් බව සලකන්න )

✨ ඔයා තෝර ගත්තේ Pile Number 2 නම් ඔයා අනිවාර්යයෙන්ම 99 : 99 comment කරන්න.ඒ වගේම අපේ page එක Follow කරන්න.

🔮 පෞද්ගලික කියවීම් සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

🗝️ Pile Number 3

Pile Number 3 තෝරාගත්ත ඔයාට මේ ආරම්භ වන සතිය ටිකක් මානසිකව,හැඟීම්බරව හෝ මූල්‍යමය වශයෙන් යම්කිසි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන සතියක් වෙන්න පුළුවන්.සමහරවිට ඔයාට දැනෙන්න පුළුවන් ඔයා තනිවෙලා,නැත්නම් ඔයාගේ ප්‍රශ්නවලදී කාගෙන්වත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ වගේ අසරණ හැඟීමක්.එහෙමත් නැත්නම් අතේ තියෙන මුදල් සීමිත වීම නිසා හෝ බලාපොරොත්තු වූ මුදලක් නොලැබීම නිසා යම්කිසි අසහනකාරී බවක් ඇතිවෙන්න පුළුවන්.

හැබැයි විශ්වය ඔයාට ලබාදෙන ප්‍රබලතම පණිවිඩය තමයි,
"මේ අසීරු කාලය ඉතාම තාවකාලිකයි!" කියන එක.ඔයාට උදව් කරන්න,ඔයාගේ පැත්තෙන් හිටගන්න ආදරණීයයන් සහ අවස්ථාවන් ඔයා වටේම තියෙනවා.නමුත් ඔයාගේ තියෙන අභිමානය,ලැජ්ජාව හෝ බිය නිසා ඔයා ඒ උදව් ලබාගන්න පසුබට වෙනවා වෙන්න පුළුවන්.ඒ නිසා මේ සතියේදී තනියම විඳවන්නේ නැතුව,තමන්ගේ ආදරණීයයන්ගෙන් හෝ විශ්වාසවන්ත කෙනෙක්ගෙන් සහයෝගය ඉල්ලන්න බය වෙන්න එපා.

රැකියාව සහ ව්‍යාපාර පැත්තෙන් ගත්තොත්,වැඩකටයුතුවල පොඩි අඩාල වීමක් හෝ ලාභ ලැබීමේ අඩුවක් දැනෙන්න පුළුවන්. රැකියා ස්ථානයේදී යම් රිදවීම් හෝ අතහැර දැමීම් වගේ හැඟීම් ආවත්,ඒවා සදාකාලික නැති බව තේරුම් ගන්න.මේ කාලය කියන්නේ අලුත් අත්දැකීම් ඉගෙන ගන්න සහ තමන්ගේ අඩුපාඩු හදාගන්න ලැබුණු හොඳ අවස්ථාවක්.

මූල්‍යමය පැත්තෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ සතියක්. අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම පාලනය කරන්න.මුදල් සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ඉතාම බුද්ධිමත් වෙන්න.
ආදරය සහ සබඳතාවලදී,ඔයාට සහකරුගෙන්/සහකාරියගෙන් දුරස් බවක් හෝ මදිපුංචිකමක් දැනෙන්න පුළුවන්.නොගැලපීම් ගැන හිතලා දුක් වෙනවාට වඩා,එකිනෙකා සමඟ විවෘතව කතාබහ කිරීමෙන් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්.තනිකඩ අයට පරණ මතකයන් මතක් වෙලා හිත රිදෙන අවස්ථා එන්න පුළුවන්.

සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත්,මානසික පීඩනය, නින්ද නොයාම හෝ අධික ලෙස සිතීම නිසා ඇතිවන හිසදැක්ම වැනි රෝග ලක්ෂණ එන්න පුළුවන්.සිත සන්සුන්ව තබාගැනීමට ආගමික, අධ්‍යාත්මික කටයුතුවල නිරත වෙන්න.මතක තියාගන්න, අඳුරුතම රාත්‍රියකට පස්සේ අනිවාර්යයෙන්ම ලස්සන ඉරක් පායනවා!

( පොදු කියවීමක් බව සලකන්න )

✨ ඔයා තෝර ගත්තේ Pile Number 3 නම් ඔයා අනිවාර්යයෙන්ම 333 comment කරන්න.ඒ වගේම අපේ page එක Follow කරන්න.

🔮 පෞද්ගලික කියවීම් සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

Grimoire of Ambrose Cleon
🌞✨

06/09/2026

හෙටින් ආරම්භ වන සතිය ඔයාට බලපාන්නේ කොහොමද කියලා දැන ගන්න දැන්ම කාඩ් එකක් තෝරන්න !!!

ඉදිරි ඔබට ගෙන එන්නේ මොන වගේ අත්දැකීම්ද ??? විශ්වයේ මඟ පෙන්වීම යටතේ ඉදිරි සතිය තුල ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා අපි බලමු.

🧿මුලින්ම ඔබ ඇස් පියාගෙන සංසුන් වී ගැඹුරු හුස්මක් ගන්න.

🧿ඉන්පසු විශ්වයේ සහ ඔබගේ රැකවල් දේවදූතයාගෙන් මඟපෙන්වීම පතන්න්න

🧿ඔබට හිතට තදින්ම දැනෙන අංකය පහතින් Comment කරන්න.

🧿ඉතින් මේ රීඩින් එක ගන්න ඔයා තව පොඩි වැඩක් කරන්න ඕනී

🧿මේ post එක Like කරලා Page එක Follow කරලා තියෙන එක අනිවාර්යයි...

🧿ඔබේ ආදරණීයයන්ට පෙනෙන්න Share කරන්න.

🧿ඔබ තෝරාගත් අංකය Comment එකක දාන්න.

🧿ඔයා තෝරගත්ත කාඩ් එකේ තේරුම අද හවස මම ලිපියකින් ඔයාලට දෙනවා.හැමෝටම සුභ දවසක්...

🔮 ඔබේ පෞද්ගලික ජීවිතයේ ගැටළු වලට ගැඹුරු Tarot කියවීමක් අවශ්‍ය නම් Whatsapp පණිවිඩයක් එවන්න...

075 210 2468

https://wa.me/94752102468?text=Hello%20Ambrose

10/04/2026

මේ වීඩියෝ එක දකින ඔයාගේ Boyfriend / Girlfriend තරහා වෙලාද ??? විශ්වය ඔයාට ලබා දෙන පණිවිඩය මෙන්න...

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when මායාවේ හෝරාව - Grimoire Of Ambrose Cleon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share