30/05/2025
විකිරණ පරීක්ෂණ සිදුකිරීමට පෙරඇඳුම් මාරු කිරීමට බොහෝවිට උපදෙස් දෙන්නේ ඇයි..
රටේ තත්වෙත් එක්ක ලොකු ලොකු දේවල්වලට කාගෙවත් ඔලුව මහන්සි කරවන්න හොඳ නැති නිසා ඔන්න පුංචි කාරණයක් කතාකරන්න අදහස් කරා..
එක්ස් රේ එකක් ගන්න එන කෙනෙක්ට සාමාන්‍යෙන් අහන්න ලැබෙන දෙයක් තමයි.
👉අම්මෙ, ඔය කරාඹු කොණ්ඩ කටු ගලවගන්න. මාලයක් තියනවනම් අයින් කරන්න.
👉තාත්තෙ සරමෙ බෙල්ට් එක අයින් කරගන්න.
👉බ්‍රේස්ලට් එක, මුද්ද අයින් කරන්න
👉ආ අපි මේ දෙන ගවුම/සරම/ බ්ලවුස් එක ඇඳගන්න. යට ඇඳුම් පවා අයින් කරන්න ඕන.
එක්ස් රේ එකක් ගන්න යන කෙනෙක්ට ලැබෙන මූලිකම උපදෙසක් තමයි මේ ඇඳුම් මාරු කරන එකේ සිට සමහර ආභරණ ඉවත් කරවන එක.
සරලවම කිව්වොත්එක්ස් කිරණ පරීක්ශණයට භාජනයවන ශරීර කොටසේ කිසිම ආභරණයක් හරි, එක්ස් කිරණ පරීක්ශණයට බාදාවක් වන දෙයක් තියෙන්න බැහැ. උදාහරණයකට ගත්තොත් පපුවෙනම් එක්ස් රේ එක ගන්නෙ (chest x ray), ඔයාට සිද්ද වෙනව මාලයක් වගේ දෙයක් දාන් ඉන්නවනම් ඒ අයින් කරන්නත්, ඒ සඳහා සපයන ලද හැට්ටයක් (blouse) ඇඳගන්නත්.
අත් පා වගේ ලබාගන්නා අවස්ථාවක නම් ඇඳුම් මාරු කිරීමක් බොහෝවට අත්‍යාවශ්‍ය නෑ.
ආභරණ ඉවත්කිරීම ගැන ලොකුවට විමසුවෙ නැතත් ඇඳුම් මාරුකරන එක සම්බන්දව ගොඩක් දෙනෙක් විමසනව වගේම පොඩි අප්‍රසාදයකුත් පල කරන අවස්ථා තියනව. ඒ වෙලාවට ඒ දේ පැහැදිලි කරත් සමහරු ඒක තේරුම්ගන්න කැමති නැති වෙලාවල් පවා තියනව.
ඉතින් ඇත්තට ඇයි මේ වෙනම ඇඳුමක් අන්දවන්නෙ??
X ray පිටපතක් ගන්නකොට එක්ස් කිරණ රෝගියාගේ ඇඟ හරහා ගිහින් තමයි අදාල receptor එකට ලබාගන්නෙ.
සාමාන්‍යෙන් අපි ඇඳන් ඉන්න ඇඳුමක
🌟 බොත්තම්
🌟 ශිපර්ස්
🌟 කටු
🌟 සීක්වීන්ස්
වගේ නානාප්‍රකාර දේවල් තියනව. එක්ස් රේ පිටපතක් ලබාගැනීමේ මූලිකම සාධකය තමා එක්ස් කිරණ වලට යම්කිසි වස්තූන් තුලින් විනිවිද යාමේ හැකියාව.අන්න එතනදි ලෝහමය ද්‍රව්‍යක් හරහා එක්ස් කිරණයකට විනිවිද යාමේ හැකියාව අවමයි.
හිතන්න අපි ලයිට් එළියකට පෑනක් ඇල්ලුවා කියල, අන්න ඒ පෑනෙ හෙවනැල්ලක් හැදෙනව නේද බිත්‍තියකට ඇල්ලුවොත්. ඒ වගේම, එක්ස් කිරණයකට විනිවිද යන්න බැරි වස්තුවල හෙවනැල්ලක් එහෙම නැත්නම් image එකක් එක්ස් රේ පිටපතේ සටහන් වෙනව. මේව අපි artefacts කියල හඳුන්වනව.
එහෙනම් කාරණය පැහැදිලියි නේද. කටුවක්, සුරයක්, ශිපර් එකක් එක්ස් රේ පිටපතේ සටහන් වෙනව කියන්නෙ රෝග නිර්ණයට ඒකෙන් ලොකු බාදාවක් වෙන්න පුලුවන්
අන්න ඒ නිසා තමයි රෝගියෙක් අවශ්‍යතාවය අනුව අනිවාර්යයෙන්ම සැහැල්ලු ඇඳුමකින් පෙර සූදානම් වෙන්න ඕන. එයින් තමන්ගෙ රෝග නිර්ණයට ලොකු පිටුවහලක් ලැබෙනව.
මේ වෙනුවෙන් එක්ස් රේ කාමරයෙන් ඔයාගෙ පරීක්ශණයේ අවශ්‍යතාව අනුව වෙනම ඇඳුමක් සපයනව. හැබැයි ඒ සම්බන්දෙන් ඒ තරම් මනාපයක් නෑ නම් ප්‍රශ්නයක් නෑ, ගෙදරින් අරන් එන්න සැහැල්ලු කපු ගවුමක්/සරමක්. හැබැයි ඒකෙ බොත්‍තම්, ශිපර් වගේ මොනවත්ම නොතිබෙන්න ඕන.
ඒ වගේම ගෙදරින් එනකොට ඔයා දැනුවත්නම් එක්ස් රේ එකක් ගන්න තියනව කියල පුලුවන් තරම් මාල, වළලු, වගේ දේවල් නොපැළඳ එන්න.
ඒ වගේම සාරියක් වගේ ඉවත්කරන්න අපහසු ඇඳුමකට වඩා සරල ඇඳුමකින් එන්න උත්සාහ කරන්න.
මොකද ඒක ඔයාටත් පහසුවක්. අපිටත් පහසුවක්.
--------------------------