All Good Things SL

All Good Things SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from All Good Things SL, Meditation Center, Kurunegala.

The place to discover positivity, kindness, and meaningful moments. 🌿✨

We share inspiring stories, mindfulness and meditation, acts of kindness, and all the good things that bring hope and happiness to our community.

13/08/2026

කෙලෙස් කසට නැති, පිරිසිදු සිල් ඇති, ඉන්ද්‍රිය දමනය සහ සත්‍යවාදී බවෙන් යුතු ඒ උතුමා කසාවත දැරීමට ඒකාන්තයෙන් සුදුසු වේ!

12/08/2026

සියලු කෙලෙසුන් නැසූ බැවින් ද, ශ්‍රී සද්ධර්මය මැනවින් බෙදා පෙන්වා දුන් හෙයින් ද, සීල සමාධි ප්‍රඥා සමාධි සමාපත්ති, අභිඤ්ඤා, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ආදී සියලු කුසලයන් උපදවා වාසය කළ බැවින් ද, දස බල, පටිසම්භිදා ඥාන, විශාරද ඥාන ආදී සියලු බුදු ගුණයන්ගෙන් සමන්විත වූ නිසා ද ඒ් භාග්‍යවතුන් වහන්සේ භගවා නම් වන සේක

12/08/2026

කල්‍යාණතෝ ගගනතෝ මුනියත්ථ ගන්ත්වා
දස්සේසි චක්ක වරලක්ඛන පාදලඤ්ඡනං
ලංකා මහී වර වධු මකුටෝප මානං
වන්දාමහං සුමනකූට සිලුච්චයං තං..

08/08/2026

නොයෙක් අරමුණෙහි සැලෙස, චපල වූ. රකින්නට දුෂ්කර වූ සිත නුවණැති ආර්ය ශ්‍රාවකයා සෘජු කරන්නේ ය. හී වඩුවා හී දණ්ඩක් සකස් කරන්නාක් මෙනි.

05/08/2026

ප්‍රඥාවන්ත තැනැත්තා යම් කලෙක අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කරයි ද, එකල්හි ශෝක රහිත වූ ඔහු ප්‍රාඥා ප්‍රාසාදයට නැගී, ශෝකී වූ ප්‍රජාව බලන්නේ ය. පර්වතයක් මුදුනෙහි සිටින අයෙක් බිම සිටින අය දකින්නාක් මෙන්, ඒ ධීරයන් වහන්සේ බාලයන් දකින්නේය.

03/08/2026

දෙව්නර නන්දිත, සීල සුගන්ධිත, සමිඳ ඔබයි තුන් ලොවටම පින්කෙත.

03/08/2026

ධර්මය වනාහී සීලය නමැති තොටුපළින් හෙබි, නොකැළඹී ගිය දිය ඇති, සත්පුරුෂයින් විසින් ප්‍රශංසාකරන ලද උතුම් විලකි. නුවණින් පරතෙරට පත් උතුමෝ එහි ස්නානය කොට, තෙත් නොවූ සිරුරු ඇතිව, ඒකාන්තයෙන් සසරින් එතෙර බලා තරණය කරති.

02/08/2026

හිරුගොත් (සූර්ය) වංශයට ඤාති වන නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ "ආදිච්ච බන්ධු" නම් වන සේක.!

01/08/2026

දෙවියන්ට දෙවි වූ ඒ් භාග්‍යවතුන් වහන්සේගේ දේවාතිදේව නාමය සදා වඳිනෙමු බැති සිතින්!

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when All Good Things SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share