District General Hospital-Matale

Contact the practice

District General Hospital-Matale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District General Hospital-Matale, Hospital, District General Hospital-Matale, Matale Town.

සාතිශය සංවේගය හදිසියේ අප අතරින් වියෝ වූ අප රෝහලේ හිටපු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ මහතාට නිවන් සුව!
07/11/2026

සාතිශය සංවේගය
හදිසියේ අප අතරින් වියෝ වූ අප රෝහලේ හිටපු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ මහතාට නිවන් සුව!

🎀 පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව – දිස්ත්‍රික් මහ රෝහල, මාතලේ 🎀පියයුරු පිළිකාව පිළිබඳ නිවැරදි දැනුම, කල්ත...
01/11/2026

🎀 පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව – දිස්ත්‍රික් මහ රෝහල, මාතලේ 🎀පියයුරු පිළිකාව පිළිබඳ නිවැරදි දැනුම, කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් මහ රෝහල මාතලේහිදී සාර්ථක දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විණි.

මෙම වටිනා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තම දැනුම, අත්දැකීම් සහ වටිනා කාලය අප සමඟ බෙදාගත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

🌸 විශේෂ ස්තුතිය!

Dr. Saman Rajaguru – Consultant Clinical Oncologist, National Hospital Kandy.

Dr. Theekshana Pathirana – Consultant Oncosurgeon, Teaching Hospital Badulla.

Dr. A.N. Rajapaksha – Consultant Oncologist, DGH Matale.
මතක තබාගන්න... පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමෙන් ජීවිත බේරාගත හැකියි. ඔබ ගැන සැලකිලිමත් වන්න. ඔබේ සෞඛ්‍යය ගැන අවධානයෙන් සිටින්න. 💗

*ඔබ දන්නවාද? පියයුරු පිළිකා පුර්ව හඳුනාගැනීම තුලින් ජීවිත බේරාගැනීමට උපකාරි විය හැකි බව.*මෙම පියයුරු පිළිකා වැළැක්වීමේ ම...
30/10/2026

*ඔබ දන්නවාද? පියයුරු පිළිකා පුර්ව හඳුනාගැනීම තුලින් ජීවිත බේරාගැනීමට උපකාරි විය හැකි බව.*
මෙම පියයුරු පිළිකා වැළැක්වීමේ මාසයේදී, මාතලේ රෝහලේ අප විසින් ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳ වටිනා තොරතුරු ඇතුළත් පෝස්ටරයක් නිකුත් කර තිබෙනවා.
එන්න, අප සමඟ එකතු වී පියයුරු පිළිකා රෝගයෙන් ඔබේ සමීපතමයන් බේරාගනිමු. මෙම පෝස්ටුව ඔබේ ගිණුම හරහා සමීපතමයන් සමඟ Share කරමු. පියයුරු පිළිකා රෝගයෙන් ජීවිත බේරාගැනීමට වැඩිම පිරිසක් දැනුවත් කරන ඔබට වටිනා තිළිණයක් ලබා දීමටද අප විසින් සැලසුම් කර ඇත.
අප හා එක්ව ඔබේ සමීපතමයන් දැනුවත් කරමු.

🔥 මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ගිනි නිවීමේ පෙරහුරු වැඩමුළුව සාර්ථකව නිම විය! 🚒රෝහල් කාර්ය මණ්ඩලයේ හදිසි අවස්ථා පූර්ව සූදාන...
23/10/2026

🔥 මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ගිනි නිවීමේ පෙරහුරු වැඩමුළුව සාර්ථකව නිම විය! 🚒රෝහල් කාර්ය මණ්ඩලයේ හදිසි අවස්ථා පූර්ව සූදානම තහවුරු කරමින්, ගිනි නිවන උපකරණ භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සාර්ථකව පවත්වන ලදී. මේ සඳහා විශිෂ්ට සහයෝගයක් ලබා දුන් මාතලේ නගර සභාවේ ගිනි නිවන ඒකකයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු!

21/10/2026

Presidential Environment Awards 2026 🏆

🌿🏆 අභිමානවත් ජයග්‍රහණයක්! 🏆🌿මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන්...
21/10/2026

🌿🏆 අභිමානවත් ජයග්‍රහණයක්! 🏆🌿

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමට මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සමත් වූ බව සතුටින් හා අභිමානයෙන් ප්‍රකාශ කරමු! 💚🌍

පරිසර සංරක්ෂණය සහ තිරසාර පරිසර කළමනාකරණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. මෙම සුවිශේෂී ජයග්‍රහණය අප සැමගේ සාමූහික කැපවීමේ සහ පරිසර හිතකාමී මෙහෙවරේ අභිමානවත් සලකුණකි. 👏🌱

පිරිසිදු පරිසරයක් වෙනුවෙන් එක්වෙමු… හරිත අනාගතයක් ගොඩනඟමු! 💚🌿

මෙම විශිෂ්ට අභිමානවත් ජයග්‍රහණය අප සැමගේ ජයග්‍රහණයකි. රෝහල තුළ ගුණාත්මක සේවාවක් ලබා දීමට කැපවී, වගකීමෙන් හා නිර්ලෝභී අධි...
01/10/2026

මෙම විශිෂ්ට අභිමානවත් ජයග්‍රහණය අප සැමගේ ජයග්‍රහණයකි. රෝහල තුළ ගුණාත්මක සේවාවක් ලබා දීමට කැපවී, වගකීමෙන් හා නිර්ලෝභී අධිෂ්ඨානයෙන් කටයුතු කරන අප සැමගේ එකමුතුවේ ප්‍රතිඵලයකි.
ඔබ සැමගේ නොසැලෙන සහයෝගය, කැපවීම, වෘත්තීයභාවය සහ උසස් සේවාවක් වෙනුවෙන් දරන අඛණ්ඩ උත්සාහය මෙම ජයග්‍රහණයට මූලික හේතුව වී ඇත.
අප සියලු දෙනා එක්ව මෙම සාර්ථකත්වය සමරමින්, ඉදිරි දිනවලදීත් සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය කරා තවදුරටත් පිය නගමු.

👏 DGH මාතලේ කණ්ඩායමේ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්!
👏 එක්ව කැපවෙමු, එක්ව ජය ගනිමු!

🏆🎊

🎉 Celebrating Excellence & Innovation at DGH Matale! 🎉We are immensely proud to announce our remarkable achievements at ...
25/09/2026

🎉 Celebrating Excellence & Innovation at DGH Matale! 🎉
We are immensely proud to announce our remarkable achievements at the 33rd Annual Scientific Sessions of the College of Medical Administrators of Sri Lanka!
Demonstrating our unwavering commitment to patient care, safety, and sustainable healthcare, District General Hospital Matale featured five outstanding presentations—and brought home two prestigious awards! 🏆✨
🏆 Our Award-Winning Poster Presentations
🥈 2nd Place 📌 Sustainable Innovation: Introduction of Reusable Waste-Carrying Bags at DGH Matale A pioneering step towards eco-friendly healthcare and sustainable hospital waste management.
🥉 3rd Place 📌 Sri Lanka’s First Joint Endocrine–Orthopedic Diabetic Foot Clinic: An Integrated Multidisciplinary Care Pathway at a District General Hospital Setting a historic precedent in integrated, specialized care to improve patient outcomes.
👏 Featured Presentations
Oral Presentation: 🗣️ Transforming Rheumatology Care: Establishing a Day Case Unit for Efficiency, Safety, and Patient-Centered Outcomes at DGH Matale
Poster Presentations:
📜 Sustainable Innovation in Women’s Health: Establishment of a Multidisciplinary Polycystic Ovarian Syndrome Combined Clinic at DGH Matale
📜 Optimizing Patient Safety in a High-Risk Pregnancy with Velamentous Placental Cord Insertion Through Proactive Multidisciplinary Teamwork: A Case Report
❤️ A Heartfelt Thank You!
This success is a true reflection of collective dedication, teamwork, and vision. We extend our deepest gratitude and congratulations to:
• All leading consultants who guided and spearheaded these visionary projects
• Our dedicated doctors for their clinical excellence and research contributions
• Our tireless nursing staff for their frontline dedication to patient safety and quality
• Our supportive staff whose hard work behind the scenes makes innovation possible
This extraordinary success belongs to all of us! Together, we continue to transform healthcare, set new standards, and serve our community with pride.

*ශල්‍ය රෝගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා…*අපගේ  ශල්‍ය වාට්ටුවේ හෙද නිලධාරීන් සඳහා “ශල්‍යකර්මයෙන් පසු ඇතිවිය හැකි...
17/09/2026

*ශල්‍ය රෝගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා…*

අපගේ ශල්‍ය වාට්ටුවේ හෙද නිලධාරීන් සඳහා “ශල්‍යකර්මයෙන් පසු ඇතිවිය හැකි සංකූලතා හඳුනාගැනීම සහ කළමනාකරණය” පිළිබඳ විශේෂ පුහුණු වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි.

මෙම වටිනා පුහුණු වැඩසටහන මෙහෙයවූ
විකලාංග ශල්‍ය වෛද්‍ය අනුරාධ රාජපක්ෂ මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏💙

රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නංවමින්, තම දැනුම හා කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කරගන්නා අපගේ *කැපවූ හෙද කාර්ය මණ්ඩලයට* ද විශේෂ ස්තූතිය! 👏✨

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය - 2026සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් වැඩසටහන 2026 සැප්ත...
09/09/2026

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය - 2026
සුරක්ෂිත හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් වැඩසටහන
2026 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී ඇති ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව, රෝගීන්ගේ ආරක්ෂාව සහ සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම විශේෂ උත්සවය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීමට කැපවූ සියලුම වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අපගේ හදපිරි ප්‍රණාමය!
General Hospital, Matale

Address

District General Hospital-Matale
Matale Town
21000

Website

Alerts

Be the first to know and let us send you an email when District General Hospital-Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to District General Hospital-Matale:

Shortcuts

Share

Category