DH Dambagalla

DH Dambagalla ~ We help to build a healthy and knowledgeable society~

ඌව පලාත් ප්‍රධාන ලේකම් අනූශා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුලු ඌව පලාත් සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් පලාතේ රාජ්‍ය ආය...
06/08/2026

ඌව පලාත් ප්‍රධාන ලේකම් අනූශා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුලු ඌව පලාත් සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් පලාතේ රාජ්‍ය ආයතන නිරීක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ පසුගිය (05) දා දඹගල්ල ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණයට සම්බන්ද විය. එහිදී රෝහලේ භෞතික හා මානව සම්පත් වල අඩුපාඩු හදුනා ගනිමින් ඒවා විසඳීමට ඉතාම සක්‍රීයව මැදිහත් වූ අතර අපහසුතා මැද වුවත් සාර්ථකව කර ගෙන යන රෝහල් කාර්ය මණ්ඩලයේ සේවාව අගය කරන ලදී. රෝහල සංවර්ධනය කිරීමට මෙන්ම,
පලාතේ රාජ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීම සඳහා ඔබතුමිය ඇතුලු කාර්‍ය මණ්ඩලය විසින් ගෙන යන වැඩපිළිවෙළ සඳහා දඹගල්ල ප්‍රදේශවාසීන් වෙනුවෙන් දඹගල්ල ප්‍රාදේශීය රෝහලේ කෘතඥතාව පුද කර සිටිමු.

බෝනොවන රෝග හඳුනා ගැනීමේ හා පාසල් දරුවන්‍ගේ යහපත් මානසික සෞඛ්‍ය ඔප් නැංවීමේ අරමුණින් දඹගල්ල ප්‍රාදේශීය රෝහල මඟින් පවත්වන ...
05/08/2026

බෝනොවන රෝග හඳුනා ගැනීමේ හා පාසල් දරුවන්‍ගේ යහපත් මානසික සෞඛ්‍ය ඔප් නැංවීමේ අරමුණින් දඹගල්ල ප්‍රාදේශීය රෝහල මඟින් පවත්වන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා මො/ ඔබ්බේගොඩ ජාතික පාසලේ දී පැවැත්විණි. මේ සඳහා මොණරාගල දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සංජය වික්‍රමාදර මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර සංවිධාන ශක්තිය මඩුල්ල ප්‍රාදේශීය සභාව මඟින් ලබා දෙන ලදී.




බෝනොවන රෝග හඳුනා ගැනීම හා නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ ආකල්ප වර්ධනය සඳහා වන වැඩසටහනක් පසුගියදා මො/මාරිඅරාව මහා විද්‍යාල...
05/08/2026

බෝනොවන රෝග හඳුනා ගැනීම හා නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ ආකල්ප වර්ධනය සඳහා වන වැඩසටහනක් පසුගියදා මො/මාරිඅරාව මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
බෝනොවන රෝග හඳුනා ගැනීමේ සායනයට පාසල් දරුවන්ගේ දෙමාපියන් හා පාසලේ ගුරුවරුන් සම්බන්ධ වූ අතර රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මඟින් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.
මෙය සංවිධානය කර සාර්ථක කර ගැනීම සඳහා මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් ලබා දුන් දායකත්වය මනා පිටිවහලක් විය.
~Team DHD~



නීරෝගී සිසු පරපුරක් අනාගතයට දායක කිරීමේ අරමුණින් සිසුන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමත්, මත්ද්‍රව්‍ය සඳහා පෙළඹීම වැළැ...
02/07/2026

නීරෝගී සිසු පරපුරක් අනාගතයට දායක කිරීමේ අරමුණින් සිසුන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමත්, මත්ද්‍රව්‍ය සඳහා පෙළඹීම වැළැක්වීමත් උදෙසා දඹගල්ල රෝහල මඟින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය 07-08 දෙදින පුරා මො/අල්පිටිය ජාතික පාසලේ දී පැවැත්විණි.
මෙහිදී සිසුන් සඳහා දේශන, ගුරුවරුන් හා දෙමාපියන් සඳහා බෝනොවන රෝග හදුනා ගැනීමේ සායන පැවැත්විණි.
සම්පත් දායකත්වය සඳහා මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සංජය මදුසංක හා බෝනොවන රෝග ඒකකයේ වෛද්‍ය ඉශාරා සඳමාලි යන මහත්ම මහත්මීන් සහභාගී විය.
විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලය මෙම කාර්ය සාර්ථකව සිදු කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දෙන ලදී.

26/06/2026

කම්මැලි නොවී කියවන්න

මොනරාගල දිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලෙ මානසික සෞඛ්‍ය අංශය විදියට අපි පහුගිය මාස කීපයේ ඉස්කෝල වලට ගිහින් ලමයි එක්ක වැඩසටහන් කරද්දි ලබපු අත්දැකීම් නිසා මේ ගැන කතාකරන්න ඕන කියල හිතුව.

"ගංජා කියන්නෙ බෙහෙතක් කියල හිතන අය අත උස්සන්න " කියල කිවුවම ලමයින්ගෙ 60-70% ක් කිසිම පැකිලීමකින් තොරව අත උස්සනව.(වැඩිහිටියන් එක්ක කරන වැඩසටහන් වල තත්වයත් ඕකම තමයි)
ළමයින් අතර ,ගංජා ගැන තියෙන වැරදි අවබෝධය අපේ හිත්වල ලොකු තිගැස්මක් ඇතිකරනව.

*එතකොට ගංජා බෙහෙත් වලට ගන්නව කියන්නෙ බොරුද?*

ගංජා ශාකයේ කොටස් *සීමිත* ආයුර්වේද බෙහෙත් ප්‍රමාණයකට පාවිච්චි කරනව..හැබැයි ඒ ගන්නෙ ගංජා වල තියෙන විශ කොටස් විවිධ ක්‍රම වලින් ඉවත් කරල ඖෂධීය ගුණය විතරක් නිස්සාරණය කරල.ඒක කරන්නෙ ඉතාම පාලනයක් ඇතිව.

වැඩිදුර දැනුමට...
ගංජා ශාකයේ ප්‍රධාන රසායනිකයන් දෙකක් තියෙනවා
➡️​CBD (Cannabidiol): මෙයින් මත් ගතියක් ඇති වෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවට බහුලව ගන්නේ මේ කොටසයි.
➡️​THC (Tetrahydrocannabinol): මත් ගතිය ඇති කරන්නේ මේ රසායනයෙන්.මේ තමයි ගංජා වල විශ කොටස

*ඉතිං ඖෂධීය ගුණ තියෙනව නම් ගංජා බොන එක හොද නැද්ද?*

නැහැ
කලින් කිවුව වගේ බෙහෙත් වලට ගන්නෙ මේකෙ තියෙනෙ ඖෂධීය ගුණය විතරක් වෙන් කරල.විශ අයින් කරල.
*ගංජා බොනකොට ඔය විශ කොටස් අපේ ඇගට අනිවාර්යයෙන්ම ඇතුල් වෙනව.*

අනික බෙහෙත් වලදි පාවිච්චි කරන්නෙ නියමිත මාත්‍රාවක් පමණයි.ඒ ගැන දැනුම තියෙන වෛද්‍යවරයෙක් ඒක තීරණය කරන්නෙ.මත් වෙන්න මේක ගන්න කෙනෙක්ගෙ ඇගට විශ කොටස් වගේම බෙහෙත් කොටසුත් පාලනයකින් තොරව ඇතුල් වෙනව.ගංජා වල බෙහෙත් කොටස වුනත් පාලනයකින් තොරව ඇගට ඇතුල් වෙන එක හානිකරයි.

ඒක හරියට මේ වගේ.අපි හැමෝම දන්නව පැරසිටමෝල් බෙහෙතක්,ඒක නරක දෙයක් නෙවෙයි.හැබැයි අපේ වයස ,බර අනුව දවසකට ගන්න පුලුවන් උපරිම ප්‍රමානයක් තියෙනව.අපි වැඩිපුර පැරසිටමෝල් ගත්තොත් අක්මාව නරක් වෙනව.

*ගංජා බිවුවම මොකද වෙන්නෙ?*

කතා දෙකක් නෑ ,මානසික රෝග හැදෙනව.
ප්‍රධාන වශයෙන් භින්නෝන්මාදය(Schizophrenia ) කියන මානසික රෝගය හැදෙනව.ඊට අමතරව කාංසාව,විශාදය,අධික සැකය,මානසික ආතතිය වගේ සියලුම නරක මානසික තත්ව/රෝග වලට ගංජා භාවිතය හේතු වෙනව.
සාමන්‍ය කෙනෙක්ට වඩා ගංජා බොන කෙනෙක්ට මේ මානසික රෝග ඇතිවෙන්න තියෙන ඉඩකඩ 400% කට වඩා වැඩියි.

*ගංජා බොන වැඩිහිටියො කියනව 'අපිට ඔය ලෙඩ නෑ' කියල* .

ගංජා බිවුවට අවුලක් නෑ කියන අය ඉදිරිපත් කරන එක හේතුවක් මේක.
එකක් ,ගංජා හොදයි කියල කියන්න හදන කෙනෙක් තමන්ට තියෙන නරක බලපෑම් ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ.සමහර විට තමන්ට මානසික රෝගයක් තියෙනව කියල ඔවුන් දන්නෙ නෑ,නැත්නම් පිලිගන්නෙ නෑ.

අනික වැඩිහිටි මොලයකට මේ හානිය වෙන්නෙ හෙමින්.එක දිගට ගොඩ කාලයක් ගංජා භාවිතා කරද්දි මේ මානසික රෝග හැදෙනව.ඒක වලක්වන්න බෑ.

*'ගංජා' මොන විදියකින් හරි හොදයි කියල උත්කර්ෂයට නංවන එකේ නරම පැත්ත මේකයි*...

මනුෂ්‍යයෙක්ගෙ මොලය වැඩිහිටියෙක් ගෙ ගානට වර්ධනය වෙන්න අවුරුදු 25 ක් විතර යනව.වයස 25 ට අඩු හැමෝගෙම මොලය සම්පූර්ණ වෙලා නෑ.
මේ වර්ධනය වෙන මොලයට ගංජා වලින් කරන හානිය ,වැඩිහිටි මොලයකට කරන හානියට වඩා ඉතා වැඩියි.

ලමයෙක් ගංජා භාවිතයට යොමු වුනොත් ඔවුන්ට ,අර කලින් කියපු මානසික රෝග වැඩිහිටියෙක්ට වඩා ඉක්මනින් හැදෙනව.අනික ඒ අය ඉක්මනින් මේකට ඇබ්බැහි වෙනව.

*මම වෛද්‍යවරයෙක් විදියට දැකල තියෙන, තරුණ වයසෙ මානසික රෝග හැදුනු අය අති බහුතරයක් ගංජා පාවිච්චි කරපු,ඒකට ඇබ්බැහි වුනු අය*

' ගංජා බෙහෙතක් ' කියන මතය අපේ ඔලු වලට දාල තියෙන්නෙ මහා පරිමාණ දුම්කොල ,සිගරට් සමාගම්.අපිට නොදැනෙන්නෙ ඒක කෙරෙනව.
ඒකට හේතුව ලෝකය පුරා දුම්වැටි භාවිතය දැන් අඩුවෙමින් යන්නෙ.ඒ සමාගම් වල ඊලග ව්‍යාපාරය තමයි 'ගංජා'ඒකට මේ සමාගම් ඩොලර් මිලියන ගනන් වියදම් කරනවා.නලු නිලියො,ගායකයො,දේශපාලකයො,ක්‍රීඩකයො විවිධාකාරයෙන් මේවගෙ ඒජන්තවරුන් විදියට වැඩකරනව.ඔවුන්ගෙ ප්‍රධාන ඉලක්කය මොලේ හරියට හැදිල නැති,කුතුහලය වැඩි,අලුත් දේවල් වලට පෙලඹෙන්න වැඩි නැඹුරුවක් තියෙන ළමා පරපුර.

ගංජා අවුලක් නෑ ,ඒක බෙහෙතක් කියල හිතන ලමයි අවස්ථාවක් ලැබුනු ගමන් ඒක ටෙස්ට් කරල බලන්න පෙලඹෙනව.

ඔබ වැඩිහිටියෙක් නම්,ගංජා බෙහෙතක් කියල හිතන් ඉන්නව නම් ,ඒක උත්කර්ෂයට නංවනව නම් ඔබ නොදැනුවත්වම ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍යයට පොලඹවනවා.

#දැනුවත්වෙන්න
#ගංජා
#ඇබ්බැහිය
#ඉවත්වෙන්න

නීරෝගීමත් අනාගත පරපුරක් ගොඩනැගීමට දායක වීමේ අරමුණින් දඹගල්ල ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය හා බෝනොවන රෝග ඒකකය මඟි...
08/06/2026

නීරෝගීමත් අනාගත පරපුරක් ගොඩනැගීමට දායක වීමේ අරමුණින් දඹගල්ල ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය හා බෝනොවන රෝග ඒකකය මඟින් මො/ගල්බොක්ක කණිෂ්ඨ විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (05) සෞඛ්‍ය කඳවුරක් පවත්වන ලදී.

මෙහි දී සිසුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබඳ ගැටලු වලට විසදුම් ලබා දීම, බෝනොවන රෝග වලින් වැලකීමේ වැදගත්කම හා වැලකෙන ආකාරය පිලිබඳ දේශන, ගුරුවරුන් හා දෙමාපියන් සඳහා දේශන, බෝනොවන රෝග හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ ආදී සේවාවන් රැසක් සිදු කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික් බෝනොවන රෝග අංශයේ වෛද්‍යතුමියද මේ සඳහා සම්බන්ද විය.
~Team DHD~




#දඹගල්ල_ප්‍රාදේශිය_රෝහල
#මොණරාගල

වෛද්‍ය උපකාර අවශ්‍ය නමුත් ඒ සඳහා රෝහලට රැගෙන ඒමට අපහසු රෝගීන්ගේ නිවසටම ගොස් ප්‍රතිකාර කිරීමේ වැඩසටහනේ තවත් එක් දිනයක් මෙ...
03/06/2026

වෛද්‍ය උපකාර අවශ්‍ය නමුත් ඒ සඳහා රෝහලට රැගෙන ඒමට අපහසු රෝගීන්ගේ නිවසටම ගොස් ප්‍රතිකාර කිරීමේ වැඩසටහනේ තවත් එක් දිනයක් මෙසේ නිමා විය. කඳු හෙල් තුරු වදුලු අතරින් රෝගීන් කරා ගොස් ඔවුන්ගේ ගතට මෙන්ම සිතටද සහනයක් ගෙන ඒමට අපට හැකි විය.

දඹගල්ල රෝහලට අයත් ගම්මාන වල ඔබ දන්නා, පිලිසරණක් අවශ්‍ය යම් කෙනෙක් වෙතොත් අප රෝහලට දැනුම් දෙන්න.

්කාර_ඒකකය
#දඹගල්ල_ප්‍රාදේශීය_රෝහල
#මොණරාගල
~Team DHD සත්කාරයක්~

මැයි මස 12 වන දිනට යෙදුන 226 වන හෙද දිනය වෙනුවෙන් හෙද දින සැමරුමක් අද දින අප රෝහලේ දී පැවැත්විණි. රෝහලේ හෙද නිලධාරීන් ඇත...
13/05/2026

මැයි මස 12 වන දිනට යෙදුන 226 වන හෙද දිනය වෙනුවෙන් හෙද දින සැමරුමක් අද දින අප රෝහලේ දී පැවැත්විණි. රෝහලේ හෙද නිලධාරීන් ඇතුලු සියලුම කාර්‍ය මණ්ඩලය එයට සහභාගී විය.

දඹගල්ල ප්‍රාදේශීය රෝහල් ජ්‍යෙෂ්ඨ පුරවැසි ඒකකය වෙනුවෙන් පවත්වන ලද "සුවනෙත" අක්ෂි සායනය 08 සිකුරාදා දවස පුරා රෝහලේදී පැවැත...
09/05/2026

දඹගල්ල ප්‍රාදේශීය රෝහල් ජ්‍යෙෂ්ඨ පුරවැසි ඒකකය වෙනුවෙන් පවත්වන ලද "සුවනෙත" අක්ෂි සායනය 08 සිකුරාදා දවස පුරා රෝහලේදී පැවැත්විණි.

මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා හා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යතුමියගේ සහභාගීත්වයෙන් පැවති මෙම සායනය සඳහා ප්‍රදේශවාසීන් 300කට අධික ප්‍රමාණයක් සහභාගී විය. මෙදින,

👉 අක්ෂි පරීක්ෂාව හා අවශ්‍ය පුද්ගලයන් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම.

👉 විශේෂඥ අක්ෂි සායනය

👉 වැඩිහිටියන් අතර සුලබ අක්ෂි රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යතුමියගේ විශේෂ දේශනය.

👉 අක්ෂි රෝග පිලිබඳ පත්‍රිකා මඟින් දැනුවත් කිරීම.

👉 බෝනොවන රෝග සඳහා පරීක්ෂා කිරීම හා හදුනා ගැනීම.

වැනි සේවාවන් රාශියක් සිදුකරන ලදී. මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රෝහල සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම කාර්‍ය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දෙන ලදී.

සෑමදා මෙන්ම ඉදිරියේදීත් මෙවැනි කාර්‍යන් හරහා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය නඟා සිටුවීමට අපි කැප වී සිටින්නෙමු.
~Team DHD~

සුව නෙත අක්ෂි සායනය මැයි 08 සිකුරාදා උදෑසන 8.00 සිට දඹගල්ල රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා.සංවිධා...
05/05/2026

සුව නෙත අක්ෂි සායනය මැයි 08 සිකුරාදා උදෑසන 8.00 සිට දඹගල්ල රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.
ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා.

සංවිධානය: ජ්‍යෙෂ්ඨ පුරවැසි ඒකකය දඹගල්ල ප්‍රාදේශීය රෝහල.

සහයෝගය: මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

Address

Divisional Hospital Dambagalla
Monaragala
91050

Website

Alerts

Be the first to know and let us send you an email when DH Dambagalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share