17/08/2026
🌺 ශ්‍රී විශ්වාම්බරී ස්තුති 🌺
විශ්වාම්බරී ස්තුති ස්තෝත්‍රය යනු පරාශක්තී මෑණියන් උදෙසා ගායනා කරනු ලබන ඉතා ජනප්‍රිය, බලගතු ගුජරාටි ආධ්‍යාත්මික ප්‍රශංසා ස්තෝත්‍රයකි. මෙම ස්තෝත්‍රයේ ප්‍රධාන තේමාව වන්නේ විශ්වයේ මව වන දේව මෑණියන් ඉදිරියේ තමන්ගේ වැරදි සහ පාපයන් පිළිගෙන, දුර්ගුණ දුරු කර ඥානය ලබා දෙන ලෙසත්, සංසාරයේ ඇති සියලු දුක් කරදරවලින් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටීමයි.
විශ්වාම්බරී යනු "විශ්වය දරාගෙන සිටින" නැතහොත් එය "පෝෂණය කරන්නිය "යන්නැයි, ස්තුති යනු " ප්‍රශංසාවයී", මෙම ස්තෝත්‍රය ගුජරාඨ භාෂාවෙන් පවතින අතර, එහි රචකයා අඥාත වුවද කට වරින් පැවතෙමින් තවමත් නවරාත්‍රී සමයේදි මෙම ස්තෝත්‍රය ජනතාව අතර භාවිතා වේ.
🪷 ශ්‍රී විශ්වාම්බරී ස්තුති සහ අර්ථ විවරණය
විශ්වම්භරී අඛිල විශ්ව තනී ජනේතා
විද්‍යා ධරී වදනමා වසාජෝ විධාතාI
දුර්-බුද්ධිනේ දූර් කරී සද්-බුද්ධි ආපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 1 II
තේරුම:
මුළු මහත් විශ්වයේම මෑණියන් වන ජගන්මාතාවෙනි, මාගේ මුවෙහි විද්‍යාව සහ ප්‍රඥාව තැන්පත් කළ මෑණියනි, මා තුළ ඇති නරක බුද්ධිය හා නපුරු සිතුවිලි දුරු කොට යහපත් සුගති බුද්ධිය ලබා දුන මැනව. "ඕම්කාරී වූ භගවතී මෑණියනි, මා ආරක්ෂා කොට මාගේ මෙලොව සංසාරික දුක් වේදනා නැති කර දැමුව මැනව.
භූලෝ පඩී භවනේ භටකූ භවානී
සුඡේ නහී ලගීර් කොයි දිශා ජවානී I
භාසේ භයාංකර වලි මන නා උතාපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 2 II
තේරුම:
අහෝ භවානී මෑණියනි, මම මේ සංසාරයේ අතරමං වී තනිවම මගක් සොයමින් සැරිසරමි. මට ඉදිරියට යාමට කිසිදු නිවැරදි දිශාවක් හෝ මාර්ගයක් නොපෙනේ. මාගේ සිත තුළ බියකරු ගිනිදැල් සහ නොසන්සුන්තාවයන් හටගනී. "ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ සියලු දුක් දුරු කර මැනව.
ආ රංක්නේ උගරවා නථි කොයි ආරෝ
ජන්මාන්ධ ඡූ ජනනී හු ග්‍රහී බාල තාරෝ I
නා ඡු සුනෝ භගවතී ශිශු නා විලාපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 3 II
තේරුම:
මේ අසරණ මිනිසාට ජීවිතයේ සාර්ථක වීමට කිසිදු මගක් නොමැත. මෑණියනි, මම උපතින්ම අන්ධ වූවෙකු මෙන් අසරණ වී සිටිමි, මම ඔබගේ දරුවෙකු සේ ඔබගේ අත අල්ලා ගනිමි. භගවතී මෑණියනි, ඔබගේ මේ අසරණ කුඩා දරුවාගේ විලාපයට හා හඬට සවන් දුන මැනව. "ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
මා කර්ම ජන්ම කථනී කර්තා විචාරූ
ආ ශ්‍රීෂ්ටිමා තුජ් විනා නථි කොයි මාරූI
කොනේ කහු කත්ථන යෝග තනෝ බාලාපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 4 II
තේරුම:
මෑණියනි, මගේ මේ භවයේ කර්මයන් සහ ක්‍රියාවන් දෙස මම නැවත හැරී බලමි. මේ මුළු ලෝකයේම මට ඔබ හැර වෙන කිසිවෙකුත් නොමැත. මා තුළ දැවෙන මේ දුක් වේදනාවන් සහ දුක් ගැනවිලි මම තව කාට නම් කියන්නද? "ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
හූන් කාම, ක්‍රෝධ, මද, මොහ් ථකී ඡකේලෝ
ආඩම්බරේ අති ඝනෝ මධථී බකේලෝI
දෝෂෝ ථකී දුෂිත නා කරී මාෆ් පාපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 5 II
තේරුම:
මම කාමය, කෝපය, ලෝභය සහ මෝහයෙන් (මුළාවෙන්) පිරී සිටිමි. මාගේ මුවින් අශෝභන සහ නරක වචන පිටවේ. මාගේ වරද දෙස බලා මාගේ පාපයන්ට මට සමාව දුන මැනව. "ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
නා ශාස්ත්‍රනා ශ්‍රවණ නු පයිපාන් කිධූ
නා මන්ත්‍ර කේ ස්තුති කථා නථි කායි කිධූ I
ශ්‍රද්ධ හාරී නථි කර්‍යා තව නාම් ජාපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 6 II
තේරුම:
මම ශුද්ධ වූ ශාස්ත්‍රයන් කියවා හෝ ඒවාට සවන් දී නොමැත. මම මන්ත්‍ර හෝ ස්තෝත්‍ර ගායනා කර නොමැත. පූර්ණ ශ්‍රද්ධාවෙන් හා ආදරයෙන් ඔබගේ නාමය මම නිසි ලෙස ජප කර නොමැත. "ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
රේ රේ භවානී බහු භූල් ථයි ඡේ මාරී
ආ සින්දගී ථයි මනේ අතිෂේ අකාරී I
දෝෂෝ ප්‍රජාලී සගලා තවා ඡාප් ඡාපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 7 II
තේරුම:
අහෝ භවානී මෑණියනි, මගෙන් බොහෝ වැරදි සිදුවී ඇත. මට මාගේ ජීවිතයම නිරර්ථක බවක් දැනේ. මම නැවත වැරදි මග නොයන පිණිස මාව නිවැරදි මාර්ගයට ගෙන ගිය මැනව. "ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
ඛාලී නා කොයි ස්ථල් ඡේ විනා ආප් ධාරෝ,
බ්‍රහ්මාණ්ඩමා අනු-අනු මහී වාස් තාරෝ I
ශක්ති නා මාප් ගණවා අග්නීත කාපෝ,
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 8 II
තේරුම:
ඔබ වැඩ නොසිටින එකදු ස්ථානයක්වත් මේ විශ්වයේ නොමැත. මුළු බ්‍රහ්මාණ්ඩයේම සෑම පරමාණුවකම ඔබ වැඩවසයි. ඔබගේ අනන්ත වූ බලය හා ශක්තිය තේරුම් ගැනීමට කිසිවෙකුට නොහැක. "ඕම්කාරී වූ භගවතී මෑණියනි, මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
පාපෝ ප්‍රපංච කර්වා බධී වාතේ පූරෝ
ඛොටෝ ඛාරෝ භගවතී පන් හූන් තමාරෝ I
ජඩයන්ධාකාර දූර් සද්-බුද්ධි ආපෝ
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ II 9 II
තේරුම:
නැවත පාපයන් කිරීමට පෙර මට අවබෝධය දුන මැනව. මම නොදැනුවත්, අඥාන දරුවෙකු වුවද තවමත් මම ඔබගේම දරුවෙකි. මා කළ වැරදි මට වටහා දී, මන්දගාමී අන්ධකාරය :දුරු කර ඥානය නැමති ආලෝකය ලබා දුන මැනව ඕම්කාරී වූ භගවතී මෑණියනි මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
ශීඛේ සුනේ රසික චන්දජ් එක් චිත්තේ,
තෙනා ථකී විවිධ් තාප් තලේක් ඛචිතේ; I
වධේ විශේෂ වලි අම්බා තනා ප්‍රතාපෝ,
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ. II 10 II
තේරුම:
යමෙකු පූර්ණ භක්තියෙන් හා ඒකාග්‍ර සිතින් ඔබගේ ස්තෝත්‍රයන්ට සවන් දෙයිද, ඉගෙන ගනීද, ඔවුන්ගේ බිය සහ කවදත් තිබූ කරදර පහව යනු ඇත. යමෙකු ඔබගේ ආදරය සැබවින්ම අත්විඳියිද, ඔවුන් තුළ දේව ආශීර්වාදය වැඩිවේ. "ඕම්කාරී වූ භගවතී මෑණියනි, මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
ශ්‍රී සද්-ගුරු ශරන්මා රහිනේ භජූ ඡූන්,
රාත්‍රී දිනේ භගවතී තුජ්නේ භජූ ඡූන්; I
සද්-භක්ත් සේවක් තනා පරිතාප් ඡාපෝ,
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ. II 11 II
තේරුම:
මාගේ ආධ්‍යාත්මික ගුරුතුමන්ගේ ශ්‍රී පාද පද්මයන් අසල සිට මම ඔබව ධ්‍යානය කරමි. රැයත් දවාලත් මම ඔබගේ නාමය ස්මරණය කරමි. මා ඔබගේ සැබෑ භක්තිමත් දරුවෙකු ලෙස පිළිගෙන මාගේ තැවීම් නතර කළ මැනව. "ඕම්කාරී වූ භගවතී මෑණියනි, මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
අන්තර් විශේ අධික් උර්මී ථතා භවානී,
ගාඋන් ස්තුති තව බලේ නමිනේ මෘගානී I
සංසාරනා සකල් රෝග් සමූලා කාපෝ,
මාම්පාහි ඕම් භගවතී භව දුඃඛ කාපෝ. II 12 II
තේරුම:
අහෝ මෑණියනි, මම මේ භෞතික ශරීරයට දැඩි ලෙස ඇලී සිටිමි. මම ඔබගේ ස්තෝත්‍ර ගායනා කරමින් ඔබට හිස නමා නමස්කාර කරමි. මාගේ සියලුම දුක් වේදනාවල මුල් මුලින්ම විනාශ කර දැමුව මැනව. "ඕම්කාරී වූ භගවතී මෑණියනි, මා ආරක්ෂා කොට මාගේ දුක් දුරු කර මැනව.
🕉️ දේවී තුනෙයී 🙏