16/05/2025
Social Media Influencers නමින් හඳුන්වන පුද්ගලයන්ගේ බොරුවලට ඔබත් රැවටෙනවාද?
අද ලෝකයේ තිබෙන සෑම දේම අපිට ඉතාමත් ළඟින් තිබෙනවා. අපේ අපේ තිබෙන්නා වූ Phone එකෙන් අපිට ලොවේ තිබෙන ඕනෑම දෙයක් ගැන දැනගන්නට හැකියාව තිබෙනවා. නමුත් ඒ අන්දමින් අපි දැනගන්නා සියලු දේ සත්‍යයක්ද බොරුවක්ද කියා දැනගන්නට ක්‍රමයක් අපි සොයාගත යුතුයි. අපි දකින දේ අසන දෙය සිහි බුද්ධියෙන් විමසන පුද්ගලයන් ලෙස අපි ජීවත් විය යුතුයි.
Youtube, Tik Tok, Facebook, Instagram සහ අනෙකුත් සමාජ මාධ්‍යවල තමන්ගේ ඇත්ත ජීවිතය නොවන බොහෝ දේ රූගත කර ප්‍රසිද්ධ කර ඒ තුළින් මුදල් ගැනීමට බොහෝ දෙනා යොමු වී නැති කාලයකයි ඔබයි මමයි ජීවත්වන්නේ.
උදාහරණයක් ලෙස සමහර පුරුෂයන් තමන්ගේ බිරිඳ සහ දරුවෝ වෙනුවෙන් අති විශාල මුදල් වියදම් කරන ආකාරය, ගෙදර දොරේ වැඩ සියල්ල කරන ආකාරය, දරුවන් ඉල්ලන සියලුම දේ කරදෙන ලෙස නිරූපණය කර එවැනි වීඩියෝ සමාජගත කරයි. ඒ තුළින් අධික ලෙස වියදම් කිරීම ආදරය බව සමාජගත කරන්නට වැඩි වේලාවක් යන්නේ නැහැ. එය බලන ඕනම කෙනෙක් තමන්ගේ පුරුෂයා හෝ තමන්ගේ තාත්තා එම වීඩියෝවේ සිටින කෙනාට සංසන්දනය කර බලන්නට පෙළඹෙන්නට ඉඩ තිබෙනවා. අපි දකින දේ ඇත්තක්ද බොරුවක්ද කියලා විමසන්නටත් පෙර අපි වේදනාවට පත් වෙනව. ඔවුන් සමහර දේවල් එකම දවසේ කරාමෙන් edit කර පෙන්නුවොත් ඒවා රූගත කරන්නේ විවිධ දවස්වල බවත් ඔවුන් ඒවා තනියෙන් නොකර බොහෝ අයගේ උදව් ඇතිව කරන බව ඔප්පු වී තිබෙනවා. එලෙස වැඩිදුර විස්තර නොසොයා තමන්ගේ ජීවිතය සමාජ මාධ්‍යවල මැජබෙන්නා වූ අයගේ ජීවිත වලට සංසන්දනය කිරීමෙන් තමන්ගේ ජීවිතය (Real self vs Ideal self) ගැන කලකිරීමක් ඇතිවිය හැක.
තවත් උදාහරණයක් මම ඔබට පෙන්වන්නම්. සමහර කාන්තාවන් බොහෝ make up බඩු මිලදී ගත් බව අඟවමින් ඒවා භාවිතා කරන අයුරු ගැන video සාදමින් ඒවා පළ කරනවා. කාන්තාවකගේ ලස්සන තිබෙන්නේ make up භාවිතා කරොත් පමණයි කියා ඔවුන් පවසනවා. මෙවැනි මෝඩ අදහස් අපේ ජීවිතයට අනුගත කරගැනීමට ගිය හොත් එයින් ඇතිවන හානිකර බලපෑම මුළු පවුලටම බලපෑ හැකිය. එවැනි වූ මව්වරු තමන්ගේ පවුලේ අවශ්‍යතා පවා නොසලකමින් මෙවැනි දේ මිලදී ගන්නට පෙළඹෙනවා මම මගේ උපදේශන ජීවිතයේ දැක ඇත.
ඒ වගේම තවත් පුද්ගලයන් තමන්ගේ දරුවන්ගේ Video සාදමින් ඒවා ප්‍රසිදියේ පලකර මුදල් ලබා ගැනීමට යොමු වී ඇත. ඒවා කොතරම් ගුණාත්මකද නොමැතිද කියා ඔබ තීරණය කරන්න. නමුත් ඒවා නරඹන ඔබ ඔබේ දරුවාගේ අකමැත්තෙන් එවැනි දෙයක් කරන්නට ඔබේ දරුවාව පොලොබවන්න එපා. පුංචි දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට දෙමාපියන් බැඳී සිටිය යුතුයි. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන කිසිම දෙයක් අපි නොකළ යුතුයි.
තමන්ට නැති ජීවිතයක් social media වන සොය සොයා ඒවා නැරඹීමෙන් ඔබට වෙන ඵලක් නැත. ඔවුන් විඳින සැප, යන එන වාහන, ජීවත් වෙන නිවස, නිවාඩුව ගත කරන ස්ථාන, කෑම බීම ගන්න ආකාරය ඔබ සතුටු වෙන්නට බැලුවාට කමක් නැත. නමුත් බොහෝ වෙලාවට සිදුවන්නේ ඒ දේ බලා තමන්ට ඒවා නැතැයි කියා සිතමින් දුකට පත්වීමයි. තමන්ට ඒ දේවල් දෙන්නට බැරි දෙමව්පියන්, බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ගැන තරහක් සිතේ ඇති විය හැකි.
අද ඉන්නා තැනට වඩා ඉහළට යෑම සෑම කෙනෙකුගේම ඉලක්කය විය යුතුයි. ඒ සඳහා inspiration ඔබ සත්‍ය පුද්ගලයෙක්ගෙන් ලබාගන්න. අන්තර්ජාලයේ තිබෙන සියලුම දේ සත්‍යය නොවේ. එක්තරා එවැනි සතුටු පවුල් ජීවිතයක් පෙන්වා ගෙන ගිය යුවලක් ඔවුන්ගේ පවුලේ ඇත්ත තත්ත්වය ප්‍රකාශ කරමින් එම ස්වාමිපුරුෂයා අතින් බිරිඳව ඝාතනය විය. එවැනි ප්‍රවෘත්ති අපිට ඕනෑ තරම් අසන්නට ඇත. ඒ නිසා ඔබ ලබා ඇති ජීවිතය යහපත් කර ගැනීමට ඔබ වෙහෙසෙන්න. වෙන කෙනෙක්ගේ ජීවිතයට තමන්ගේ ජීවිතය සංසන්දනය කිරීම නවත්වන්න.
Mrs Hansini Fonseka Alexander