Ceylon Ayurvedic Charma Dipani

Ceylon Ayurvedic Charma Dipani නැතිවීගිය තරුණ පෙනුම නැවත ලබා ගැනීමට "චර්ම දීපණී" දිව්‍ය ඖෂධක් ලෙස මහෝපකාරී වේ

🙏 පොසොන් පසළොස්වක පෝය වැදගත්කම✨මහාමිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥ...
14/06/2022

🙏 පොසොන් පසළොස්වක පෝය වැදගත්කම

✨මහාමිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

✨බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

✨ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.

✨දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ල හත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම

😢මේ දවස් වල සැලුන් වහලානේ යාළුවනේ ඉතින් අපි දුක් වෙන්නේ නැතුව ගෙදර ඉදන්ම අපේ සම පැහැපත් කරගමු.😍අපි අද කැරට් 🥕 වලින් තමයි...
14/06/2022

😢මේ දවස් වල සැලුන් වහලානේ යාළුවනේ ඉතින් අපි දුක් වෙන්නේ නැතුව ගෙදර ඉදන්ම අපේ සම පැහැපත් කරගමු.

😍අපි අද කැරට් 🥕 වලින් තමයි සම පැහැපත් කර ගන්න හදන්නේ.

🍹ඔයාලා දන්නවනේ අපි ලස්සන වෙන්න කියලා කැරට් ජුස් වගේ එවත් හදලා බොනවා කියලා.කිසිම අහිතකරයක් නැහැ.

🥕ඉතින් අද අපි කැරට් අපේ සමේ ඒ කියන්නේ ඉතින් අපේ මුහුණේ ආලේප කරගමු.

🤔ආ ඔයාලා බලනවා ඇති කොහොමද කියලා.......

🥰මෙන්න මෙහෙමයි යාලුවනේ කරන්න තියෙන්නේ..............

🔸කැරට් 🥕ගෙඩියක යුෂ ස්වල්පයක් ගෙන ඊට තක්කාලි 🍅 හා දෙහි 🍋 යුෂ ටිකක් එක්කර එය මිශ්‍ර කරගන්න.
🔸ඉන්පසු මුහුණේ ආලේප කර හොදින් සම්භාහනය කරගන්න.
🔸වි.20ක පමණ කාලයක් තියෙන්නට හැර සෝදා හරින්න.

♥තවත් දෙයක් ඔයාලට කරන්න පුලුවන් කැරට් තම්බා තල්පයක් සාදා ඒ තල්පයද මුහුණේ ආලේප කිරීමෙන් සම පැහැපත් කර ගන්න පුලුවන් ඔයාලට♥

❣අපිටත් ප්‍රතිඵල කියන්නකෝ.................❣

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

🥰පැපොල් භාවිතයෙන් ඔබේ සමට.පැපොල් කියන්නේ රසයෙන් වගේම ගුණයෙන් සපිරි අපූරු පලතුරක්.බොහෝ දෙනෙක් පැපොල් ආහාරයට ගැනීමට වැඩි ප...
11/06/2022

🥰පැපොල් භාවිතයෙන් ඔබේ සමට.
පැපොල් කියන්නේ රසයෙන් වගේම ගුණයෙන් සපිරි අපූරු පලතුරක්.බොහෝ දෙනෙක් පැපොල් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වනවා.
1. වියළි සම දුරු කිරීම සඳහා පැපොල් වඩාත් හොඳින් ක්‍රියා කරයි. එය මිය ගිය සමේ සෛල පුනර්ජීවනය කිරීමට සහ පිටකිරීමට උපකාරී වේ.මේ සඳහා ඔබට පැපොල් යුෂ පානය කළ හැකියි. ඒ වගේම පැපොල් පල්ප් ඔබේ ආලේප කර ටික වේලාවක් තබා සෝදා හැරීමෙන් ද සමේ වියළි බව දුරු කර ගත හැකියි.
2. පැපොල් භාවිතයෙන් ඔබේ සමේ ඇති විවෘත තුවාල සියල්ලටම පාහේ ප්‍රතිකාර කළ හැකිය. ඔබේ සමේ විවෘත සිදුරු තිබේ නම්, ඔබට සෑම විටම නැවුම් පැපොල් යුෂ ටිකක් ඔබේ මුහුණට ස්ප්‍රේ කරන්න. මෙම පැපොල් යුෂ අතිරික්ත තෙල් හා කුණු ඉවත් කරනු ඇත.
3. පැපොල් වල අඩංගු පැපේන් එන්සයිමය මැරුණු සම සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කර නැවුම් පෙනුමක් ලබා දේ.
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

🍌කෙසෙල් ලෙල්ලෙන් ලස්සන වෙමු..කෙසෙල් කියන්නේ ගුණදායක පළතුරක්.කෙසෙල් වලට අකමැති කෙනෙක් නැති තරම්. කෙසෙල් ලෙල්ල රූපලාවණ්‍ය ...
11/06/2022

🍌කෙසෙල් ලෙල්ලෙන් ලස්සන වෙමු..

කෙසෙල් කියන්නේ ගුණදායක පළතුරක්.කෙසෙල් වලට අකමැති කෙනෙක් නැති තරම්. කෙසෙල් ලෙල්ල රූපලාවණ්‍ය කාරකයක් කීවොත් ඔබ පිළි ගන්නවා ද?
මෙන්න මේ විදියට කෙසෙල් ලෙල්ලෙන් ඔබට ලස්සන වෙන්න පුලුවන්.

1.මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කිරීම
කෙසෙල් ලෙල්ලේ ඇතුළත කොටස ලප කැළැල් මතුපිට සෙමෙන් අතුල්ලන්න. එහි පාට ලා දුඹුරු පැහැවනතුරු දවසකට තුන් වතාවක් කරන්න.

2. කුරුලෑ නැති කිරීම
විනාඩි පහක් කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණ මත අතුල්ලන්න. සති කීපයක් යන විට කුරුලෑ අතුරුදහන් වෙනවා.

3. ඇස් වටා කළු පැල්ලම් ඉවත් කිරීම. කෙසෙල් ලෙල්ලේ ඇතුළු පැත්තේ සුදු පැහැති තන්තු කොටස හැන්දකින් සුරලා අරගන්න. එය කෝමාරිකා යුෂත් සමඟ මිශ්‍ර කර ඒ මිශ්‍රණය ඇස් වටා ගලවන්න.

4. තරුණ බව රැක ගැනීමට
කෙසෙල් ලෙල්ලේ ඇතුළු කොටස සූරා අරගෙන බිත්තර සුදු මදයක් සමඟ මිශ්‍ර කරන්න. රාත්‍රී ආලේපයක් ලෙස කදිමයි .

5. දත් සුදු කරගැනීම.
විනාඩියක් පමණ කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත දත් මත අතුල්ලන්න. සතියක් යනවිට ඔබට හොඳ ප්‍රතිඵල ලැබේවි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.

Address

22/2A, Pangiriwatta Mawatha, Mirihana
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 09:00 - 18:00

Telephone

+94777222962

Alerts

Be the first to know and let us send you an email when Ceylon Ayurvedic Charma Dipani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Ayurvedic Charma Dipani:

Shortcuts

Share