20/04/2023
🟠මංගල දිනයේදී මනාලිය විදිහට ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. ඉතින් එහෙනම් මේ දවස්වල Saloon එකට යන්න නැතුව දුකින් ඉන්න ඔයාට නිවසේදී ම ඉතා පහසුවෙන්ම කරගත හැකි ප්‍රතිකාර කිහිපයක් ගැන කතා කරමු.
* පැහැපත් වෙන්නේ කොහොමද ?
මගේ කලින් article එකකත් පැහැපත් වීම ගැන නම් මම කතා කරා. ඊට අමතර ව ඔබට නිවසේදී කල හැකි වෙනත් ප්‍රතිකාර කීපයක් ගැන මෙහිදී සලකා බලමු.
🛑කෝමාරිකා ජෙල්
කෝමාරිකා කොලයක් ගෙන මැදින් කපා, සුරා මදය එකතු කර එය මුහුණේ ගලවන්න.
🛑සුදු හඳුන්
සුදු හඳුන් කැබැල්ලක් ගෙන, එය ඇල් වතුරින් ගලේ උරච්චි කර ආලේප කිරීමෙන්, පැහැපත් සමක් හිමිකර ගත හැකි ය. වියළි සමකට නම්, සුදු හඳුන් එතරම් සුදුසු නැත.
🛑පළතුරු බොහෝමයක ලෙලි
දොඩම් ලෙල්ලේ සුදු පාට කොටස මුහුණ මත ඇතිල්ලීමෙන් සමට දීප්තියක් එක් වෙනවා.
ඉදුණු ගස්ලබු ලෙලි කුණු කූඩයට විසි කරන්නේ නැතිව එය ශීත කරණයේ තියලා තරමක් සීතල වුණු පසු මදය පැත්ත මුහුණේ ආලේප කරන්න.
🛑පිරිසිදු ජලය
සම පැහැපත් කර ගැනීමට නම්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම ඉතාමත් ම වැදගත් ය. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට දිනපතා හොඳින් ජලය පානය කරන්න.
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.