SyQuad Center for Counselling & Therapy

SyQuad Center for Counselling & Therapy There are times an individual feel too lonely between a crowd, or helpless.

SyQuad is a Psychotherapeutic Centre where you could obtain psychological support for your concerns: marriage, relationship, education, career, stress, depression or any other through the screening from Psychometric testing.

https://www.facebook.com/psychologyinsl/photos/a.108082600938501/356445896102169/
27/08/2021

https://www.facebook.com/psychologyinsl/photos/a.108082600938501/356445896102169/

ජීවත්වීමට ඉලක්කයක් /ඉලක්ක අවශ්‍ය ද?
Do we need a goal/ goals to live?

ඔබ ජීවත්වන්නේ ඇයි? ඔබ නිසා, ඔබේ සිහින නිසා, තව පුද්ගලයෙක් නිසා යනුවෙන් විවිධ හේතු දැක්විය හැක.ඒ සෑමදෙයක්ම ඉලක්කයන් ලෙස අපගේ ජීවිතය මෙහෙයවයි. ඉලක්ක තිබෙන සෑම දෙනාම සතුටින් ද? අසතුන්ටින්ද? සමහරෙක් සතුටින් සිටිය හැක, තවකෙකු අසතුටින් විය හැක. එසේනම් ඉලන්කයට අමතර දෙයක් අපගේ සතුට අසතුට පාලනය කරයි. 1967, හර්බ් සයිමන් නැමැති පර්යේෂකවරයෙක් ඉලක්කවල ප්‍රමුඛතාවය පිලිබද සොයාගැනීමක් කර ඇත. එයින් අප ජීවිතයට ගත හැකි පාඩම මෙසේ ය.

අපගේ එදිනෙදා ජීවතයේ දී විවිධ හේතු, විවිධ අවශ්‍යතා, විවිධ අත්‍යවශ්‍යතා අරඹයා අප ජීවිතයට ඉලක්ක එක්කර ගනී. මේවා ඇරඹෙන්නේ අප සිටින පසුබිම අරමුණු කරගෙනය. අප සිටින පසුබිම කාලෙන් කාලෙට, හේතුවෙන් හේතුවට, අපවටා සිටින පුද්ගලයන් නිසා වෙනස් වේ. එම හේතුන් නිසාම අපගේ ඉලක්කවල ප්‍රමුඛතාවය වෙනස් වේ. ප්‍රමුඛතාවය වෙනස් වනවිටම අප ජීවිත්වන රටාව වෙනස් වේ. මෙය අප දැන හෝ නොදැන සිදුවිය හැක.එසේ නම් කාලයක් ඇවෑමෙන් අප තුල වෙනස්කම් ඇතිවන බව අප දැනගත යුතු ය.

මේ සදහා භාවිතා කල හැකි වටිනා උපාංගයක් අපට සොභාවිකව ලැබී ඇත. එනම් 'හැගීම්ය'. හැගීම් අපගේ ඉලක්කයන්ගේ ඇති ප්‍රමුඛත්වය තීරණය කරයි.

මෙහි ක්‍රියාවලිය අපටම අත්හදා බැලිය හැක. එක් අවස්ථාවක් නම්, අපට යමක් කරන්න අවශ්‍යතාවය තිබුනට, අප නොදැනුවත්වම එම මොහොතට අදාල නොවන දෙයකට යොදාගනී. එය යම් ක්‍රියාවක් හෝ හේතුවක් නොමැතිව අන්තාර්ජාලයේ සැරිසැරීම විය හැක. මෙවන් විටක, අපට පවුලේ අයගෙන් අසන්නට ලැබෙන්නේ, ඕක මේ දැන් හදිස්සියේ කලයුතු දෙයක් ද යන්න ය.

තවත් විටක, අපට යමක නියැලීමට දැඩි අවශ්‍යතාවයක් තිබුනද, එය කර ගැනීමට අප මහත් වෙහෙසක් දරයි. එය පාඩම් වැඩක්, රැකියාවට සම්බන්ධ කාරණයක් හෝ, ව්‍යායාමයක නියැලීමක් විය හැක. කෙසේ නමුත් අප එය කල්දමන්නේ බාල ගිරි දෝශය සේය.

සතුට දැනෙන යම් දෙයක් වී ද, මොන අත්‍යවශයතාවය තිබුනද අප එය කිරීමට නියැලෙ යි. දුක, බය, අවිවේක බව දැනෙන යම් දෙයක් වීද අප එය නොකීරීමට උත්සාහවන්ත වේ. එනම් සතුට වැනි ධානාත්මක සිතුවිලි අප කලයුතු නොකල යුත්ත තීරණය කරයි. ජීවිතයේ ජය ලැබීමට නම් හැගීම් වලට වහල්වීම කොයිතරම් දුරකට සාධාරණ ද යන්න සිතාබලන්න.

එසේනම් අප ජීවිතයට අවශ්‍ය ඉලක්ක සේම, අපට අප තුල ජනිත වන්නා වූ හැගීම් දැන ගැනීමද අත්‍යවශ්‍ය වේ. ඊට හේතුව අපට කල යුතුයි සිතෙන ක්‍රියාවේ / ඉලක්කයේ ප්‍රමුඛත්වය තීරණය වන්නේ අප තුල ජනිත වන හැගීම් නිසා ය.

ජීවිතයේ ඔබ එක් තැනක නතර වෙලාද? එසේ නම් මේ දැන්ම පටන් ගන්න.

1.කඩදාසියක ඔබගේ ඉලක්ක ලියන්න. එය අංකනය කර ප්‍රමුඛතාවය අනුව ලැයිස්තුගත කරන්න.
2. ඉහල ප්‍රමුඛතාවය පෙන්නූම් කරන ඉලක්කයෙන් වැඩ ආරම්භ කරන්න.
3. අනෙක් ඉලක්ක ගැනත් විමසිලිවත් වන්න.
4. නිතර තමාගේ කාර්යක්ෂමතා පිලිබද පිරික්සන්න. පසුබැස ඇත්නම්,
1. ඔබ සතුටිද, නැත්ද යන්න විමසන්න.
2. දිගු කාලීන අරමුණ වලට ඇති බලපෑම ගැන සිතන්න.
3. ඉලක්කයන්ගේ ප්‍රමුඛතාවය නැවත පිරික්සා බලන්න.
4. නැවත ලැයිස්තුව සකසන්න.

https://www.facebook.com/psychologyinsl/photos/a.108082600938501/354390922974333/
24/08/2021

https://www.facebook.com/psychologyinsl/photos/a.108082600938501/354390922974333/

එකම වැරැද්ද නැවත නැවත වෙනවා ද?
Do you repeat the same mistake?

ඔබ එකම වැරැද්ද නැවත නැවත කරනවා ද? නැතිනම් ඔබේ අතින් කෙරෙනවා ද? එකම ප්‍රශ්නය ලෙස පෙනුනට මෙය දෙයාකාරව අපට බලපෑහැක.

එකම වැරැද්ද නැවත නැවත කෙරෙනවා / වුනා/ කෙරුනා යන්න කීම අපට වඩාත් පහසුය. 'වෙනවා' කියනුයේ නොදැනුවත්වම, මගේ අවබෝධයෙන් තොරව, මා කිරීමට අනුබල නොදුන්න දෙයක් වීමය. මෙයින් තව දුරටත් පිළිබිඹු වන්නේ මම මෙහි වගකීම භාර නොගන්නා බවය. ඊට හේතුව එය නොදැනුවත්වම වූ නිසා මා එහි වගකිව යුත්තා වීමට අවශ්‍ය නැති බවය. කෙසේ වෙතත් නොයුතු දෙයක් වී ඇතිනම්, අප එය බාරගැනීමට අකමැතිනම්, එය හරිගස්සන්නේ කවූද? අනෙකෙක් නම්, ප්‍රශ්නයට මුල පිරුවේ ඔබද, ඔහුද? මේ ආන්දෝලනයේ සිරවී සිටීමෙන් යහපතක් වනවාද යන්න සිතාබැලීම වැදගත්ය.

මෙය ගැන අප කෙසේ කීවත්, සත්‍ය නම් මෙහි වැරැද්ද වන බව දැන නමුත් එහි වගකීම බාරගැනීමේ අපහසුතාවය නිසා කෙරුනා කියා නිගමනයකට එඹීමය. මට වෙනෙකෙකු කල වරදක් සැකසීම අපහසුය. එ නිසා නොදැනම ප්‍රශ්නය සිතින් අත්හැරී, ආයේ එකම වැරැද්ද කිරීමට පෙලබේ. අප නොදැනම සිදුවේ.

අනෙක් ප්‍රශ්නය, 'එකම වැරැද්ද නැවත නැවත කරනවා' යන්නෙන් අදහස් කරන්නේ, මම දැනුවත්ව හෝ කලින් නොදැනුනු නමුත් වර්තමනයේ වරදක් වී ඇති බව වැටහී, හා මම එහි වගකීම භාර ගැනීමට සූදානම් බවය.මෙහි තේරුම් ගත යුත්තනම්, වරද මගේ නම්, ඒ වෙනුවෙන් යමක් මට කල හැක යන්නය. කිමද එය කිරීමට අවශ්‍ය ආම්පන්න මා සොයා ගැනීමට සුදානම් වීමය. මගේ වරදක් නිසා මා එය සිතින් අත් නොහැර වරද සකස් කිරීමට උත්සහවන්ත වේ.

ඔබ ඔබේ හදවතට තට්ටු කර බලන්න. ඔබ සිටින්නේ කොතැන ද කියා? අපට ලියන්න ඔබට මේ ගැන දැනුනු දේ !

සෑම උත්සාහවන්තයෙක් ම ජයගනී දDoes Every Aspirant Win?''උත්සාහවන්තයා ජයගනී'' යන්න සිංහල  විදත් වදනක් වුවත් එය ප්‍රායෝගික ක...
05/08/2020

සෑම උත්සාහවන්තයෙක් ම ජයගනී ද
Does Every Aspirant Win?

''උත්සාහවන්තයා ජයගනී'' යන්න සිංහල විදත් වදනක් වුවත් එය ප්‍රායෝගික කල හැකි මඟක් ගැන ඔබ සිතා තිබේ ද?

උත්සාහවන්තයා යනු කොයි ආකාරයේ පුද්ගලයෙක් ද? උත්සාහවන්තයෙක් වීමට ඔබ උත්සාහදරන පුද්ගලයෙක් විය යුතුයි. උත්සාහදැරිය යුත්තේ අවස්ථාවක් උපරිම පලදායි ලෙස යොදා ගැනීමට යි.

එසේනම් උත්සාහවන්තයෙක් වීමට පියවර කිහිපයක් තිබිය ‍යුතුය.

1. පළමු පියවර නම් වුවමනාව යි.
ඔබට උවමනාව තිබුය යුතුය. එනම් කැමැත්ත තිබිය යුතුය. තමන්ගේ කැමැත්ත තේරුම් නොගෙන මෙය කල නොහැක. එයට කැපවීම අවශ‍ය. ඔබ කැපකරන්නේ කාලය, ශ්‍රමය, හැගීම් යනාදියයි. මේ සියල්ලේ සංකලණයක් ලෙස වුවමනාව ඇතිවේ.

2. අවස්ථා පිරිස්සීම.
'සොයන්නාට සම්භවේ'. අපට අවශය මොනවාද යන්න තෝරාගත් පසු, එය ලබා ගන්න අවශය පසු බිමක් තිබේද යන්න සොයා බලන්න.
i. එය තිබෙනවානම් තමාන්ගේ ඉලක්කය කෙරේ යොමු කරගන්න.
ii. නැතිනම් අවස්ථාවක් ලැබෙන තෙක් ඉවසන්න.
iii. අවස්ථාවක් ලැබුන හොත් එය ග්‍රහණය කරගන්න.

ජීවිතයේ කොයි මොහොතේ හෝ අපට අවශ්ය දෙය කෙසේ හෝ ලැබිය හැක. එමනිසා වටපිටාව දෙස සෝදිසියෙන් ඉන්න.

3. අවස්ථා ප්‍රයෝජනයට ගැනීම -
ජීවිතයේ අවස්ථාවක් එන්නේ වරකට පමණී. මෙය බොහෝ දුරට සත්යකි.

4. ඔබ අසාර්ථක වුවොත් -
ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඑලය නොලැබුනොත් එසේ සිදුවන්නේ ඔබ අසාර්ථක නිසා නොව, ඔබ භාවිතා කල උපක්‍රමයේ තිබෙන
අක්‍රමිකතාවයකි. මෙයින් ඔබ ඉගෙන ගන්නා පාඩම නම් ඔබ අනුගත වී ඇති ක්‍රමය වෙනස් කිරීමයි.

5. සාර්ථකත්වය පිරික්සීම -
මෙය නිතර කල යුතු දෙයක්ය. මෙයින් ඔබ සොයා බලන්නේ තොරතුරු කිහිපයකි.

i.ඔබ මුලින් තැබු ඉලක්කයෙන් ඔබ ඈත් වෙලා ද
ii.ඈත් වී ඇත්නම් එයින් ඔබට ඉලක්කයට වඩා හොද දෙයක් ලැබේද
iii.ඔබගේ ඉලක්කය ඔබව දියුණුවක් කරා ගෙන යනවාද
iv.ඔබ එකම තැනම නම් හෝ පසුබෑමක් ඇතිනම් නව ඉලක්කයක් කරා යෑමට සුදුසු ද යන්න සොයා බලන්න.

6. දියුණු වීම යනු අඛණ්ඩ ක්‍රියාවකි -
දියුණු වන පුද්ගලයා නිතරම ඉගෙන ගන්නා කෙනෙකි. සෑම දිනුමක් සේම පැරදුමක් ද ඔහුට ඉගෙන ගැනීමක් පමණි. ඉලක්කය වෙනස් කරන විට මෙම ක්‍රියාවලිය නැවත අංක එකේ සිට කල යුතුය.

සෑම උත්සාහවන්තයෙක් ම ජය නොගන්නේ මේ නිසාය. අපට අවශ්‍ය දෙය ලබා ගැනීමට අප ලෙඩේට සරිලන බෙහෙතක් සේ සුදුසු දේ කල යුතුය.

Psychology Sri Lanka
in collaboration with SyQuad Counselling and Psychotherapy Centre

SyQuad Center for Counselling & Therapy

ප්‍රශ්ණ නැතුව ජීවත්වන්න කැමතිද?Do you like to live without problems?ප්‍රශ්ණයක් යනු විසදාගැනීමට නොහැකි අවස්ථාවකී. කෙටියෙන...
25/07/2020

ප්‍රශ්ණ නැතුව ජීවත්වන්න කැමතිද?
Do you like to live without problems?

ප්‍රශ්ණයක් යනු විසදාගැනීමට නොහැකි අවස්ථාවකී. කෙටියෙන් අප අකැමැති දේවල් ය. එම නිසා අකැමැති දේවල් ප්‍රශ්ණ වෙනුවට ආදේශ්කය භවිතා කරමි.

මෙය කොටස් වශයෙන් නිරීක්ශනය කරමු. අප අකැමැති දේ සිදුවීමට පෙර තිබූ තත්වයක් ඇත. අකැමැති දේ සිදු වූ ක්‍රියාවලිය ඇත. ඉන්පසු අකැමැති දේ සිදු වූ පසු වෙනස් වූ තත්වයයි.

අප වෙනසට කැමති නැත. පරිනාම වාදයට අනුව අප කල්ලි සමඟ එකට සිටි ජාතියකි. කල්ලි සමඟ එකතු වී ඔවුන්ගේ නායකයා සොයා ගත් තැනක සිටීම හා තම නඩේ පිරිස ආරක්ෂා කර ගැනීම යි. මෙම ක්‍රමය අවුරුදු සියදහස් ගනණක් අප හා බැදී පවතී. මේ අපේ හුරුවයි. එමනිසා මේයින් වෙනස් වීම අපට දැරිය නොහැක. මෙලසම අප ජීවිතයේ අනෙකුත් දේවල් වලට ද මෙසේ ඇලුම් කරයි. අප මනසට භයානකම පරිච්චේදය වන්නේ 'හිටි ගමන් වෙනස් වී මයි'.

මෙය ජීවිත හානියක් ලෙස දකින අපට කෙමෙන් කෙමෙන් වන වෙනසෙයේ කිසිදු බල පෑමක් නැත. එය අපට හුරුය. අප මානවයා කලක් සිට එක් ස්ථානයක ලැගුම් ගෙන එහි ඔවුනට අවශ්‍ය කලමනා නැති වූ කලී වෙනත් වාසස්ථාන සොයා ගියේය.

වෙනස අපට හුරු ලෙස ගනිමු.ජීවිත්ය ඔනෑම මොහොතක වෙනස් විය හැක. එය ධර්මතාවකි.

අපගේ වෙනස් වූ පරිසරය සමග ගනු දෙනු කරනා ක්‍රම තුනකි.

1. පොඩි වෙනසක් ඇති වුවත් තිබූ හැකිනම් තිබු තත්වය ඇති කර ගැනීම.
2. වෙනස් කිරීමට බැරි දෙය , බැරි ලෙස පිලිගැනීම
3. වෙනස තමාට ඉවසා ගැනීමට අපහසු නම් තමාට සුවපහසු තත්වයක් පරිසරයේ ඇති කර ගැනීම්යි.

මේ කොයි ආකාර වූවත් අප මේ සඳහා ගනුදෙනු කරන ක්‍රම දෙකකි.

1. පොඩි වෙනස් කමක් අවශ්‍ය වන්නේ කථාබස් කර ගැනීම හෝ සන්නිවේදනය යි. නමුත් එය එක්තරා කලාවකි.

තමන්ගේ සිතුවිලි පැවසීම, අනේකා තේරුම් ගන්නා වචන පෙලක් නිසිලෙස ගලපා ගැනීම, ඔවුන්වත් තමන්ගේ රැහැනට හසු කර ගැනීම සහ ඔවුන් ගෙන් පිරිතුරක් අවවාදයක් වේශයෙන් හෝ ගැනීම. මේ තුලින් අනෙක් පාර්ශවය තේරුම් ගැනීම හා එහි තමන්ගේ දායකත්වය තේරුම් ගැනීම. දේ පිරිසම ආඩම්බර නොවී කාලය හෝ යම්කිසි විදියක ජීවන පරිත්‍යාගයක් කර සමථයකට පැමිණීම.

2. අනෙක් පාර්ශවය අපට අවශ්‍ය තැනට කැමති කරවා ගැනීම. ඒ තුලින් තමාගේ ජීවිතයේ වන වෙනස් වීම තමාට ඉහිලිය හැකි මට්ටමකට ගෙන ඒම.

එක් අතකින් අප්පුඩි ගැසීමට බැරි අපට ජීවිතයේ තිබෙන
අපූර් රත්වය විදීමට අනෙක් මිනිසුන් අවශ්‍යය. ඔවුන් හා ගනුදෙනු කරන ආකාරය අප තවම ඉගනගන්නා පාඩමකි.

මිය යනතුරු ඉගෙන ගන්නා මෙය, සුන්දර කතාන්දරයකි. අප එහි ගත්කරුවා වේ!

A problem is something that cannot be solved. In short, problem is something we cannot control. Instead of the word problem, things we dislike can be used.

Let’s observe this in parts. There is a situation before the incident. There is a process by which the incident happened. Then the situation results from the unpleasant incident.

We do not like change. According to the theory of evolution, human lived together in gangs. The gangs settled under the order of a leader to protect their community. This system has been with us for thousands of years. This is our habit. So we can't afford to change this in our mind. In the same way, we expect other things in life to happen in a similar way. The most dangerous chapter in our minds is 'Sudden changes'.

We almost feel this as a loss of life. But the gradual change does not have a similar effect. Human beings have been living in one place for a long time and changed the setting only when the resources expired.

Let's get used to the difference. Life can change at any moment. It is Dharma.

If a change has happened. There are three ways to deal with it.

1. Make a difference if possible.
2. Accepting what cannot be changed.
3. If the difference is difficult to tolerate, discuss to create a environment comfortable.

Either way, there are two ways we can deal with this.

1. A small conversation can change everything. But it is an art.

Expressing the thoughts, adapting words the others' understand, catching them on their own and disguising themselves as a clear admonition. Through this the other party understands and understands their own contribution to it. Things are not proud and people come to a compromise by making a sacrifice of time or some kind of life.

2. Getting the other party to like us where we want to be. Through it, he can bring about a change in his life to a level where he can relax.

On the one hand we have in life that can not be applauded
It takes other people to make a difference. How to deal with them is still a lesson we can learn.

This is a beautiful story to learn until you die. We are the recipient there!

Change your life in 10 minutes. විනාඩි 10යකින් ජීවිතයට වෙනසක්ඔබේ අතින් වැඩ අතපසු වේද? ඔබ ඔබගේ කලමණාකරන හැකියාව ගැන මොකද ...
24/07/2020

Change your life in 10 minutes.
විනාඩි 10යකින් ජීවිතයට වෙනසක්

ඔබේ අතින් වැඩ අතපසු වේද? ඔබ ඔබගේ කලමණාකරන හැකියාව ගැන මොකද හිතන්නේ?

කළමනාකරණය යනු ඔබගේ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු නියමිත කාලයක් තුල කර ගැනීමයි. මෙහි කොටස් දෙකක් ගැන කියවේ: කාලය හා වැඩ කටයුතු යි. කලමනාකරණය යනු මෙය සමච්චේදණය වන තැනයි.

දිනකට පැය 24කි. වැඩ නම් ඉව වහා යන තරමක් ය. මෙසේ අප හිතන මල්ලේ, අපගේ අත්‍යවශ්‍ය වැඩ, අපගේ අත්‍යවශ්‍ය නොවන වැඩ, පවුලේ අයගේ අත්‍යවශ්‍ය වැඩ, පවුලේ අයගේ අත්‍යවශ්‍ය නොවන වැඩ,මිතුරන්ගේ අත්‍යවශ්‍ය වැඩ, මිතුරන්ගේ අත්‍යවශ්‍ නොවනය වැඩ, රැකියාවේ අත්‍යවශ්‍ය වැඩ, රැකියාවේ අත්‍යවශ්‍ය නොවන වැඩ, හා කුණු කන්දල්ය.

අපගේ කාලය වැඩි වශයෙන් ගත වන්නේ මෙයින් වටිනාම කුණු කන්දල් සඳහාය. කුණු කන්දල් යනු අප තොර තොන්චියක් නැතිව අපට කිය කියා හඬා වැටෙන අප හිතේ ඉන්නා හිගන්නාය. මෙතෙක් සිදු නොවී ඇති දෑ හිතෙන් හිත හිතා , සිදු වී ඇති දේවල් වලට අදාල නැති තේරුම් දි දී රසය වැඩි කරනා සිතුවිලි ය.

කලයුතු දේවල් කිරීමට හිතෙන් නැතුව හෝ කලයුතු දේ ගැන සිතන්න අවශ්‍ය කාලය කන්නේ මේ බහිරවයා ය.

එසේනම් මෙය තේරුම් ගෙන අදම වෙනසක් ඇති කර ගන්න පුරුදුවන්න.

පියවර 1:
කුණු කන්දල් හදුනා ගනිමු

හිත හිතා ගෙවන කාලය අඩු කරගන්න. අනන් මනන් හිතීම ජීවිතයට අවශ්‍ය නැත. එය දෝෂයකි. දැන් කලයුතු දේට අවශ්‍ය නොවන සියල්ල අනන් මනනි ය.

පියවර 2:
සෑම වේලාවෙම ඒ මොහොතට අත්‍යවශ්‍ය හා හදිස්සි කටයුත්ත තෝරාගන්න. අත්‍යවශ්‍ය වූවත් හදිස්සි නැත්තම් එය පසෙකට දමන්න.

පියවර 3:
අතපසු වීම බලෙන් නැවැත්වීමට උත්සාහ නොගන්න.

එදින් එදා වට පිටේ පෙනෙන්න තියෙන දෑ නිසි තැන තබන්න.

පසුව ඇස්මානේ තිබෙන සියල්ල නිසි තැන තැබීම අතපසු නොකර කර එය පුරුද්දක් කර ගන්න.

පියවර 4:
පිලිවලට වැඩක් ඉවර වනතුරැ කිරීම ආශ්වාදයක් කරගන්න.

පියවර 5:
කලයුතු දෑ ලියා ගන්න.එයින් ආරම්භ කිරීමට සුදුසු ක්‍රියාව තෝරා කරගන්න.

පියවර 6:
වැඩට හා විවෙක ගන්නා කාලයක් වෙන් කරගන්න. ඒ කාලය ඇතුලත හැකිතාක් ඉක්මනින වැඩ ඉවර කර විවෙකයක් ලබා ගන්න. විවේකය ලබන මොහොතේ උපරීම වින්දනයක් ලබා ගන්න.

දැන් ඊලග කටයුත්ත ගැන සිතන්න. නැවත කාලයක් වෙන් කරගන්න ඊළඟ කටයුත්ත හා විවේකය සඳහා.

පියවර 7:
උදේ නැගිට්ට ගමන් කල යුතු දේ නම් විනාඩ් 10ක් ගත කර දවස කළමණාකරනය කර ගැනීමයි. ඊට සමගාමීව සතිය තුල කල යුතු සියල්ල සැලසුම් කර ගන්න.

කලයුතු සියල්ලට දිනයක් නියම කරගන්න. දවසක් ඇතුලත සියල්ල කල නොහැක. එම නිසා තමන් වෙනුවෙන් කාලයක් වෙන් කර ඉතුරු සියල්ලට කාලයක් නියම කර ගන්න.

මෙම විනාඩ් 10 ඔබේ ජීවිතයේ විශාල දියුණුවක් ඇති කරන බව නොඅනුමානයි.

SyQuad center for Counselling and Therapy

Are you a positive person or a negative person? ඔබ සිතන්නේ රිනාත්මකව ද? ධනාත්මකව ද?සතුට නැතිවන්නේ කොහොමද? ප්‍රශ්ණ නිසා ස...
22/07/2020

Are you a positive person or a negative person?
ඔබ සිතන්නේ රිනාත්මකව ද? ධනාත්මකව ද?

සතුට නැතිවන්නේ කොහොමද? ප්‍රශ්ණ නිසා සතුට නැතිවන වා යන්න ලේසිම පිලිතුර වූවද, සතුට නැතිවන්නෙ ප්‍රශ්ණ නිසාමද ?

ජීවිතයේ සිදුවීම් හොඳ හෝ නරකය. තවත් වචන වලින් ඒවා තමාට රිසි ලෙස සිදුවනවා ද නැද්ද යන්න මත හොඳ, නරක නිගමනය වේ. අපගේ පුරුද්දනම් අප කැමැති දේ හෝ අපට පුරුදු දේ හොද දේවල් ලෙස බැලීම හා අප අකැමැති හෝ අපට පුරුදු නැති දේ නරක දේවල් ලෙස බැලීමයි. නරක යැයි සලකන දෑ අපට විසඳාගැනීමට බැරි වූ විට අප එය ප්‍රශ්ණයක් ලෙස නම් කර මනසේ පෙට්ටියක් සාදා එහි තැන්පත් කර යතුර ගිල දමයි.

අප ජීවිතයේ සිදුවීම් මෙම පෙට්ටගමට දැමු මොහොතේ සිට එයින් අයින් කර ගැනීම ඉතා අපහසු ක්‍රියාවකි. ඊට හේතුව නම් එම පෙට්ටගමේ දාපු කිසි දෙයකින් ගොඩ ඒමට බැරි නිසාය. එය පෙට්ටගමේ සොභාවයයි. එහි රීතිය නම් එහිම ඉපදී මිය යාමයි. ඔබ එයට ඉඩ දෙනවා ද? මෙය ඔබ ඔබගේ ජීවිතය ගැන ගන්නා තීරණයකි.

එසේනම් අපට කල හැකි දේ කවරෙක් ද?

පියවර 1:
ඔබගේ සතුට හා දුක දනවන සියල්ල අත්දැකීම්ය. ඔබ කැමති දේට සතුට දනවන අත්දැකීමක් සේම දුක හිතෙන දේත් තවත් අත්දැකීමක් ය. අකැමති දේවල් සිදූවීම ප්‍රශ්ණයක් නොවේ. එවා හුදෙක් අකමැති දේවල් ය. මෙය ප්‍රශ්ණයක් ලෙස සැලකා අමුතුවෙන් සැලකිය යුතු නැත. ප්‍රශ්ණය යන්නට අදේශකයක් සොයා ගැනීම අවශ්‍යයයි.

දෙකම එකක් ලෙස සැලකූ කල්හී අප දෙකට ම එක ලෙස සැලකීමට පුරුදු වේ. දැන් කැමති දේ වගේම අකැමති දේත් ජීවිතයෙ සිදුවීම් බව හිතන්න පහසුයි ද?

පියවර 2:
අකැමති දෙයක් හා ජීවිතය නැතිවන දෙයක් අතර ලොකු පරතරයක් ඇත. අප අකමැති සියල්ලෙන්ම ජීවිතය නැති වන්නේ නැත. මෙය වෙන්කර ගැනීමට ඔබට පුලුවන් ද?

මුලින්ම ආත්ම අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යයි. ඔබගේ මනස ව්‍යාකූල වූ මොහොතක් සිහියට ගන්න. ඔබ අකැමති දෙයක් සිදූ වී ඔබ එයින් හෙම්බත් වූයේ ඔබට සිදුවූ දේ ජීවිතයේ අවසානය ලෙස දුටු නිසා නොවේ ද? මොහොතක් සිතන්න.

පියවර 3:
ආකර්ශනය පිලිබඳ නීතිය

අප සියලුදෙනා දෙයක් දෙස බැලීමට පුරුදු වී ඇති කෝනයක් ඇත. සමහරෙක් ධානත්මක දෙයට ආකර්ශනය වේ. තවත් සමහරෙක් ඍනාත්මක දෙයට ආකර්ශනය වේ. මෙම සුසර වීම කුඩා අවදියේ සිට තිබූ පුරුද්දක්ය.

නීල් ෆාබර්, 'සය්කෝල්ජි ටුඩේ' හී ආකර්ශනය පිලිබඳ නීතිය ගැන මෙසේ පවසයි: එකවාගේ සියල්ල ආකර්ෂණය වේ. මෙය අපට ගලපා ගත හැක්කේ, දුක, අකමැති දේවල් හෝ අඬුලුහුඩු දැකීමට සුසර කල ඇති ඔබට දකින දකින පැත්තේ පෙනෙන්නේ අඩු පාඩුය. ඔබට වූ අසාදාරණය. එම නිසා ඔබ ප්‍රතික්‍රියා දක්වනේත් එලසය. එය අත්විදින අනෙකෙක් ඔබට ප්‍රතික්‍රියා දක්වයි. එය අත්විදින ඔබ තරහා ගෙන එයට ප්‍රතික්‍රියා දක්වයි. ඉන්පසූව වන සිදුවීම් වලට ඔබ ප්‍රිතික්‍රියා කරන්නේ කලින් වූ සිදුවීමේ චිත්තවේගයෙන් ය. මෙය ඉවර නොවන චක්‍රයකි.මෙම චක්‍රය කරන කොටගෙන ඔබ දුකේම සැමදා ගිලී යයි. එක්තරා විදියකට මෙය දුකට සුසර වීමකී. සුසර වීමකින් වන්නේ ආකර්ශණයක් ඇතිකිරීමයි.

දුක ගැන හිතන ඔබ දුකට ඇදී යයි. ආකර්ශනය පිලිබඳ නීතියේ ක්‍රියා වලිය මනො විද්‍යානූකූල කොනයකින් මෙසේ සිදුවේ.

සරල මිනිසා මීට හාත් පසින් මෙසේය. ඔහු සිදුවීම ගැන පමණක් තකයි. මිනිසුන්ගේන් වන අත්වැරදි ඔහු තේරුම් ගනී. යමක් සිදු වූ පමණින කලබල වන්නේ නැත.ඒ සදහා කල යුතු දේ නුවනින් බලයි.වෙච්ච දේ ගැන පසුතැවිලි වන වාට වඩා ඔහු කල යුතු නුවණක්කාර දේ ගැන හිතයි.

ජීවිතයේ අකමැති දෙයක් සිදු වූ විට ඔහු හැගීම්බර නොවී ප්‍රතිචාර දක්වයි. එම නිසා ඔහුට සමාජයෙන් ප්‍රතික්‍රියවකට වඩා ප්‍රතිචාරයක් ලැබෙයි. මෙය ඉවසීමට අපහසු නැත. අනෙක් සිදුවීම් මෙයට බලපාන්නේ නැත.

පියවර 4:
දුක නැති කරමු ඍනාත්මක සිතීම් ඉවත් කරමු.

අප සිතන සියල්ල ඍන යන්නෙන් අදහස් කෙරෙන්නේ සතුට නැති වන තැනට වැඩ සැලසෙන නිසාය. තවත් වචනයකින් කිවහොත් එය සතුට අඩුතැන් සොයා යැමක් ය. ඔබ මොහොතක් සිතන්න. ජීවිතයේ සිදූවීම් වලින් ඔබේ සිතීම සම්බන්ධ වන්නේ සතුටු හිතෙන දේවල් වලටද නැතිනම් දුක හිතෙන දේවල් වලට ද? ඉතා සරල ලෙස සිතීමට අපහසු නම් හෝ පැය ගණන් සිත සිතා තැවෙනවානම් ඔබ ජීවිතයේ රීනාත්මක ව හිතන චරිතයක් ය.

මනෝ විද්‍යාවේ actor-observer bias නිමයෙන් මෙය මනා ලෙස පිලිඹිඹු කරයි.

පියවර 5:
සතුට සොයා යෑම හා ධනාත්මක සිතීම කුමක්ද යන්න තෙරුම් ගනිමු.

ධනාත්මක ව හිතන ඔබට ප්‍රශ්ණ නැත. ඔබට ප්‍රශ්ණයක් ලෙස කිසිවක් පෙන්නේ නැත. ජීවිතයේ සිදුවන සියලු සිදුවීම් අවස්ථාවක් ලෙස පමණක් දකින ඔබට කල යුතු දේ මිස සිදුවී හමාර දේ ගැන වද නොවේ.

පියවර 6:
සතුට සුසර කරමු.

අප මතක තියා ගන්නේ අප කල හොද දේවල් පමණි. අප අතින් වූ හිත් රිදෙන දෑ අපට අමතක වේ. අප නොසිතුව ද අප කරනා දේවල් වලින් අනෙකුන්ගේ සිත අනේක වාරයක් රිදී ඇති නමුත් ඔවුන් එයට ප්‍රතික්‍රියා දක්වා නැති අවස්ථා අනන්ත විය හැක. දෙවියන් නොවන අප අතින් ඔනෑම මොහොතක වරදක් විය හැක. එම නිසා සමාව දෙන්න පුරුදු වෙමු.

සතුට පුරුද්දක් කර ගනිමු! සතුටින් ඉමු!

Psychology Sri Lanka


ඔබ ආතතියෙන් පෙලෙනවාද?Are you stressed?ආතතිය යනු මෑත විවහාරයේ නිතරම ගැවසෙන මාතෘකාවකි. නමුත් මොහොතකට සිතන්න මීට වසර සිය ගන...
20/07/2020

ඔබ ආතතියෙන් පෙලෙනවාද?
Are you stressed?

ආතතිය යනු මෑත විවහාරයේ නිතරම ගැවසෙන මාතෘකාවකි. නමුත් මොහොතකට සිතන්න මීට වසර සිය ගනණකට පෙර ජීවිත ගෙවූනේ කය වෙහෙසී මෙනී. කිලෝමීටර ගනන් පයින් ඇවිද්ද එය වදයක් ලෙස දුටුවේ නැත.

මට මතකයි, මා ඉතා කෙටි කලකට මොණලාගල ගම්මානයක පන්සලක් අලුත්වැඩියා කිරීමට ගිය ගමනක්. වතුර තියා නිවසට එන පාරක් වත් නොවූ එහි මිනිස්සුන්ගේ ජීවිත වල සරල බව මා මවිත කරවීය. නගරයට යෑමට සැත්පුම් ගනන් ඇවිදින්නට වූවද ඔවූනට එය මහ ලොකු වෙහෙසක් නොවීය. නාගරික භාෂාවෙන් නම් ඔවුන් ඒ ගැන ස්ට්‍රෙස් වූයේ නැත.

මීට හේතුව ජීවිතයේ යථාර්තය තෙරුම් ගැනීමය. ඔවුනට තිබෙන පහසුකම් මට්ටම යම් සේද ඒ අනුව හැඩ ගැසුනි.

සත්‍ය වශයෙන් ආතතිය කියා දෙයක් නැත. ආතතිය මානසික මට්ටමකි. එය අප යටි සිතේ මහා සැලසුමකි. යටි සිතේ ප්‍රධාන අරමුණ නම් නිදහස් සරල බවකින් සිටීමයි. ඒ නිසා මනස කෙසේ හෝ එතෙනට පැමිනෙන්නාට වෑයම් කරයි. මෙම සූක්ෂම සැලසුමේ කොටසක් ලෙස ඔබගේ සිතන පතන පද්දතිය නවත්වයි. ඉන්පසූ ඔබට තවඩුරටත් සිතීම මහත් අපහසු කාර්යකි. කෙටියෙන් ආතතිය නම් මෙසේ ය.

Hans Selye ආතතිය භෞතික ප්‍රතිචාර රටාවක් ලෙස ඔහුගේ සාමාන්‍ය අනුවර්තන සින්ඩ්‍රෝමය (GAS) ආකෘතිය තුළ ග්‍රහණය කර ගනී. ඔහු පවසන පරිදි, ආතතිය එක්තරා ප්‍රතිචාර රටාවකි. ඔහු ආතතිය ගැන තව දුරටත් පැහැදිලි කරන්නේ යැපෙන විචල්‍යයක් (Dependent Variable) ලෙසය. මෙය යැපෙන්නේ අපට ආතතිය ඇති කරනා දේවල් මතය. එනම් භෞතික කරුණු මතය.

සාමාන්‍ය අනුවර්තන සින්ඩ්‍රෝමයෙහි කොටස් තුනකි: අනතුරු ඇඟවීම, ප්‍රතිරෝධය සහ වෙහෙස. අප ශරීරය විවිධ අයුරින් අප මනසත් සමඟ ක්‍රියාකරයි.

1. අපට මුලින්ම ඇතිවන්නේ අනතුරු ඇඟවීමයි. අප ශරීරය තුල ඇතිවන වෙනස්කම් මේ වන විට දැක ගත හැක. දහඩිය දැමීම, හර්ද වේගය වැඩිවීම, හුස්ම ගැනීමට අපහසු වීම වැනි දේවල් ය. මේ වන විට ඔබ ආතතිය ඇතිවන මාර්ගයට පිවිස ඇත.

2.ප්‍රතිරෝධය නම් දෙවනි පියවරයි. මෙහිදී තම ශරීරයෙන් සටන කිරීම ද පලා යාම ද යන්න තීරණය කෙරේ. යම් කිසි ප්‍රශ්ණයක් විසදීමට අපට අවශ්‍ය සම්පත් ඇත්නම්, එය වෙනුවෙන් සටන් කල හැකිය. සටන් කිරීම රණ්ඩු සරුවල් වීමම නොවේ. යම්කිසි විදිහේ විසඳුමකට පැමිණීමයි. එසේ නොමැති වූවිට අප පලා යාමට උත්සහ දරයි. අප ශරීරයට වඩා යෝග්‍ය වන්නේ මෙතනින් මෙම ක්‍රියවලිය අවසන් කර ගැනීමයි. එසේ නොහැකි වූවහොත් අප මහත් වෙහෙසකට පත් වේ.

3.වෙහෙස වීම තෙවනි පියවරයි. මෙය ටිකක් භයානක තත්වයකි. මේ වනවිට ආතතිය මානසික රෝගයක් බවට පත් විය හැක. එසේ නොවූන ද චර්යාත්මක ගැටළුවක් හෝ ඇතිවිය හැක. මෙය වෙනස් කල නොහැකි තත්වයකි.

ආතතිය සදා ගැනීමෙ එක් අමු ද්‍රව්යක් නම් ප්‍රශ්ණ රැසක් එකවර සිතීමයී. එසේ නම් ප්‍රශ්ණ නැති කර ගැනීමට කල යුත්තේ, වරකට එක බැගින් ප්‍රශ්ණ ගැන සිතීමය.මෙයින් අදහස් කරන්නේ නැව ගිලුනත් බෑන් චූන් වගෙ තත්වයක් නොව. කලයුතු දේ ගැන සිතා, එය ඉවර කල යුතු පිලි වෙලට සකස් කර ගැනීමයි. වැඩිදුර සිතනවානම් සිතිය යුත්තේ, ඔබට මේ දැන් කලයුතු කාරිය ගැනය.

තනියම විසදාගැනීමට අපහසුනම් ඔබට තෙව කෙනෙකුගේ පිහිට පැතිය හැක. ඔබට අවවාදයක්, හෝ කලයුතු වඩේ කොටසක් තව කෙනෙකුට බාර දිය හැක. තමන් ලගින් ආශ්‍රය නොකරාට උදවූවක් ගත හැකි කවූරුන් හෝ සිටිය හැක.

වරකට එක බැගින් හිතන ඔබට එක් දෙයක් සදහා දැනෙන පැටලිලී සහගත බව යමක් ද ප්‍රශ්ණයක් නිසා සිත සිතා ලත වීමෙදි, එය දහස් ගුණයකින් වැඩිවේ.

ආතතිය නැතිකරන්නේ කෙසේද?

පියවර කිහිපයකි. නමුත් එක කරුනක් මතක තියා ගත යුතුය. ඕනෑම වෙනසක් ජීවිතයේ ඇති කර ගත හැක්කේ එය පුරුද්දක් කර ගත් විටය.

පෙළ 1:ඔබට තිබෙන ප්‍රශ්ණ සියල්ලක්ම කුමක්ද යන්න සිතන්න. එය කඩදාසියක ලියන්න.

පෙළ 2:වගකිව යුත්තේ කවුරුන්ද සහ කුමක් සඳහාද යන්න ස්ථාපිත කරගන්න.

පෙළ 3:සාක්ෂි විශ්ලේෂණය කර උපකල්පන වලින් කරුණු වෙන් කරන්න. උපකල්පන වලට සාක්ෂි නොමැතිනම් ඒවා මනස් ගාතය. එවන් සිතුවිලි බැහැර කරන්න.

පෙළ 4:සිදුවීම් පාලනය කිරීමට කටයුතු කරන්න.

පෙළ 5:සන්නිවේදන මාර්ග වැඩිදියුණු කිරීමෙන් ව්‍යාකූලත්වය සහ ගැටුම් අවම කරගන්න. තමා වටේ සිටින පුද්ගලයින් ගේ පිහිට පතන්න.

පෙළ 6:ඉලක්ක තැබීම සහ වෙනස්වීම සහ වර්ධනයට සහාය වන ඉගෙනුම් උපායමාර්ගවල නිරත වන්න.

පෙළ 7:ප්‍රශ්න ඇසීම, ක්‍රියා කරන දේ නිරීක්ෂණය කිරීම සහ උපාය මාර්ග සකස් කරගන්න

ආතතිය නම් වි‍යන්ගා ආර්ථයෙන් අප යටි සිත නිවහල් බවක් බලාපොරොත්තු වීමයි. එම නිසා හැකිතාක් සරල වී තිබෙන දේයින් උපරිම වින්දනයක් ලබගැනීම ආශ්වදයක් කර ගන්න.

Psychology Sri Lanka

SyQuad Center for Counselling & Therapy Psychologist And Counsellors Psychology Sri Lanka disorder

Are you always Busy?ඔබ නිතර අවිවේකිද?'මට දැන් එන්න බැහැ මම බිසී',  'මට මගේ වැඩ තියනවා ' මෙය ඔබත් නිතර භාවිතා කරනවාද   ?ම...
16/07/2020

Are you always Busy?
ඔබ නිතර අවිවේකිද?

'මට දැන් එන්න බැහැ මම බිසී', 'මට මගේ වැඩ තියනවා ' මෙය ඔබත් නිතර භාවිතා කරනවාද ?

මිනිසා යන සත්වයා පිරිසක් ලෙස එකට සිටින්නට කැමති ජාතියකි. ප්‍රශ්ණයක් පැන නැගුන විට දුක තුනී කර ගැනීමට පවා අනෙකාගේ පිහිට පතයි . නමුත් අද්භූත කාර්ය බහුල රෝගය මෙයට ඉඩ සලසන්නේ නැත. මෙය මිනිසාගේ සමාජීයකරණයට බාධාවකි. මිනිස්කම ආරක්ෂා කිරීමට ප්‍රථමයෙන් කාර්ය බහුලත්වය සුව කල ‍යුතුය.

අපටම විසදාගත නොහැකි මේ කාර්ය බහුලත්වය යන රෝගය ගැන සොයා බලමු.මෙම වචනයේ කොටස් දෙකකි. එනම් කර්ය ය හා බහුලත්වයයි. කාර්ය බහුලනලනම්, බහුල දේවල් තියාගත යුතුද? වරක ට එකක් ගැන සිතන්න අපට අපහසුද?

පියවර 1
මෙය ඕනෙම තැනක සිට කරහැකි ක්‍රියාවලියක්ය. බසයේ එන යන විට ,ෆෙස් බුක් එක සදහා ගෙවන කාලයේදී, මෙය කල හැක.

කොලයක් ගෙන හෝ සිතින් කරන්න. ඔබට කිරීමට ඇති සියල්ලම ලියන්න.

එම ලැයිස්තුව දෙස බලා වැදගත්කම අනුව එකේ සිට පිලිවලින් අංකනය කරන්න.

පියවර 2

වැඳගත් කමක් දෙන්නේ කෙසේද?

යූරි බ්‍රොන්ෆෙන්බ්‍රනර් විසින් සාර්ව පද්ධතිය (Macro System) හදුන්වා දුන්නේය.

1. එහි වැදගත්කමේ මූලිකත්වය දෙන්නේ පුද්ගලයාගේ අවශ්‍යතාවයන්ටය.

2. ඉන්පසූ අපට ක්ෂුද්‍ර පද්ධතිය (Micro System) වැදගත්වේ. මෙයට අයිති වන්නෙ මිත්‍රයින් හා නෑයින්ය.

3. මෙසො පද්ධතියට (Meso system) අයිතිවන්නේ එදිනෙදා ජීවිතයේ හමුවන කතා බස් කරන අයයි. අසල්වැසියන්, සාමාන්‍ය මිත්‍රයන් මෙයට අයිති වේ.

4. එක්සෝ පද්ධතියට (Exso System)අයත් වන්නේ විධිමත් ජාල සහ සේවා, පාසල, සෞඛ්‍ය හා ප්‍රවාහන සේවායි.

5. සාර්ව පද්ධතිය (Macro System)ඇත්තේ අන්තිමටය. දේශපාලන වාතාවරණය, ආර්ථිකය, ජාතික ආර්ථිකය, සමාජ සම්මතයන්, මෙයට අයිතිය.

මෙලෙස අපට කල යුතු දෑ වටිණාකම අනුව වර්ගී කරනය කල හැක.

පියවර 3

ඉන්පසු ඔබ බැම්මක් සාදාගත යුතුය.

තමන් වටිනාකම් දෙන්නේ මොන පදධතීන්ට ද හා කොතෙක් දුරට ඔබ අනෙකාගේ බලාපොරොත්තුවීම් ඉශ්ඨ කිරීමට බැදීසිටින වාද යන්නට.

එම නිසා සියලු දෙනා අපෙන් බලාපොරොත්තුවන සියල්ල කල යුතු නැත.

පියවර 4

බ්‍රොන්ෆෙන්බ්‍රනර්ගේ සාර්ව පද්ධතියට අනුව ඔබ ඔබට වටිනාකමක් දුන්නද. ඔබ ඔබවෙනුවෙන් කරන දෑ හරි වැටහීමකින් කල යුතුය. ඔබ කරන සියල්ල අවශ්‍ය හෝ අත්‍යවශ්‍යතාවතා ලෙස තේරුම් ගත යුතුය.

අත්‍යවශ්‍යතා නම් ඔබට ජීවිත්වීමට රිජුවම බලපාන සාධකයන්ය: කෑම බීම, වැසිකිලි කැසිකිලි, අඳින පලදින දෑ මෙයට අඬංගුය.

වර්ත්මනයේ අතිශොක්තිය වැඩි නිසා, අවශ්‍යයි යන්න අවශ්‍ය හා අත්‍යවශ්‍ය ලෙස බෙදිය ‍යුතුය.

උදහරණයකට, අත්අවශ්‍යතාවය ආහාර වූවද අවශ්‍යතාවය වන්නේ ප්‍රසිද්ධ ස්ථානයකින් කෑමය. දැන් මොහොතක් සිතන්න. ඔබගේ මුදල් පසුම්බියට මෙය ඉහිලිය හැකිද?

අප දකින සියල්ල අපට ලබාගත නොහැක. නමුත් අපට එය දිනක ලබා ගන්නට වෑයම් කර හැක. විටක අපට සිතෙන්න පුලුවනි අවශ්‍ය වෙලාවේ ලැබෙන්නේ නැතුව මොකට ද කියා. අප මනසට විවිධ අශාවන් දකින් දකින දෙය අරඹයා පැමිණේ. ඒ කුමක් වූවද අප තුළ මනා හික්මීමක් තිබිය යුතුය.

නමුත් අගය වැඩි වන්නේ කොයි දේටද? අප නිකන් සිට ලැබෙන දෙයෙහිද නැතිනම් සුව උත්සාහයෙන් උපක්‍රමශීලීව සැලසුම් කර ලැබුනු දෙයෙහිද?
එම නිසා අද සිටම ඔබගේ ජීවිතය සැලසුම් කර ගන්න.

ඔබ ඔබගෙන් ප්‍රශ්ණ කරන්න.
1. ඔබ අනෙක් අයට තිබෙනවා ලෙස දැක ඇති සියල්ලෙන්ම ඔබට අවශ්‍ය මොනවා ද ?
2. මෙය ලබා ගන්නට සැලසුම් කරන්නේ මොන කාලයේ දී ද?
3. ඒ සදහා ඔබට මුදල් ඇතිද?
4. නැතිනම් ඔබ එය ලබා ගත යුතුද?
5. යුතුනම් කවද්ද
6. ඔබගේ මේ සඳහා විස්තරාත්මක සැලසුම කුමක් ද?

ඔබගෙ ජීවිතයට අගයක් දෙන්න. එය අන් අයගෙ දෛවයේ කොටස් කරුවන් වී නාස්තිවීමට ඉඩදෙනවාද යන්න ඔබ තෝරා බේරා ගන්න. මේ ඔබේ ජීවිතයයි. ....

https://www.facebook.com/psychologyinsl/photos/rpp.107431621003599/131956645217763/?type=3&theater
15/07/2020

https://www.facebook.com/psychologyinsl/photos/rpp.107431621003599/131956645217763/?type=3&theater

තරහව පාලනය කර ගැනීමට අපහසුද?
Can you control your anger?

තරහව සාමාන්‍ය චිත්තවේගයකි. අප සෑමදෙනාටම එය දැනෙන අතර එහි හොද සහ නරක පැතිකඩයන් ඇත. තරහව අප ඇකමති දෙයක් නැවත නොවන්නට වගබලා ගැන්නා අතර එය ඉක්මන් කර අදාල ගැටලුවකට විසදුමක් ලබා ගැනීමට කඩිනම් කරයි.

මිනිසාගෙ පරිණාම නියමයන්ට අනුව අප ජීවිතය බේරාගැනීමට අවශ්‍ය ක්‍රියා දෙකකි. එකක් සටන් කිරීම හෝ පලා යෑමයි.සටනට යෑම තරහ යන චිත්තවේගය හා ක්‍රියා කරයි. එලසම පලා යාම බය හා බැඳී පවතී.

තරහව ගැන බියවිය යුත්තෙ එය ප්‍රකාශ කරන ආකාරය නිසාය. තරහව චිත්තවේගයක් පමනී. ආරවුල් ඇති කර ගැනීම හැසිරීමකි. මෙය තරහ ප්‍රකාශ කරන එක් ක්‍රමයක් පමනී.

තරහ ඇතිවන්නෙ අප හිත් තුලය. මෙය කාටත් දැක ගත හැක්කේ ප්‍රකශ කරන ක්‍රමය මතය. එම නිසා පාලනය කර යුත්තේ තරහව නොව ප්‍රකාශ කරන ක්‍රමයය.

තරහව ආරවුලක් විය හැක්කේ කෙසේද?
1. සිතුවිලි පාලනයක් නොමැති වීම නිසා
2. ප්‍රශ්න තනියම පමණක් විසදීමට උත්සාහ කරනවිට
3. නිවැරදිව හැගීම් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්

සිතුවිලි පාලනයක් නොමැති වීම

සිතුවිලි පාලනයක් නොවන්නට හේතු රැසක් පවති. ඒ අප හිතන ක්‍රමයේ අඩු පඩු නිසාය. එයින් එක් දෙයක් ගැන විස්තර කරොත්, කලු හා සුදු ලෙස ජීවිත්යේ සිදුවීම් දකින්නට ඇති උව්මනාවයි. ජීවිතයේ සෑමදේම අප හිතන ලෙසටම සිදු වන්නේ නැත. එවිට ලද දෙයින් සතුටුවීමට හෝ හැකිනම් කතිකාකරගෙන දෙපාර්ශයටම වැඩදායී ලෙස විසඳගැනීමට උත්සාහ කල යුතුය.

අනෙක් දෙය නම් අවශ්‍යතාවයට වඩා සිතීමය.සමහර අවස්ථාවල අප උවමනාවට වඩා ප්‍රශ්නයක් ගැන සිතසිතා වදවේ. එවිට ඒ හා බැදි මතකයන් හා අනෙකුත් හැගීම් ගලා එයි. මෙයින් වන්නේ අප ප්‍රශනයක් විසදීමට තැත්කිරීම නොව. ප්‍රශනය උග්‍ර කර එය ආරවුල්ලක් ඇති කර ගැනීමක් දක්වා ගෙනයාමයි.

2. ජීවිතේ ප්‍රශ්න තනියම විසදීම

සමහර අවස්ථාවල අප ප්‍රශ්ණයක් තනියම විසඳාගැනීමට උත්සුක වේ. මෙය හොද විය හැකි නමුත් අප අපටම අසරණයකු ලෙස දැක අසරණයට පත් කල අයගෙන් පලිගැනීමක් ලෙස තරහව පිටවිය හැක. තවත් විටක අපට ප්‍රශණය තව කෙකුගේ සහයෙන් ලේසියෙන් විසදාගත හැකි අවස්ථාවක් නැති වීමයි.

3.නිවැරදිව හැගීම් පාලනය කර ගැනීම

ඉවසීමට සීමාවක් නැත. අප සිතනවානම් සීමාවක් ඇති වග, අප ඉවසා නැත. ඉවසන අප, හරි මොහොත එනතෙක් සිටිය යුතුය. නැතිනම් එම මොහොත අපට ලන් කරාවා ගැනීමට පසුබිම සකස් කර ගත යුතුය.

මේ හේතු උපයෝගි කරගෙන, අවස්ථාවක් අවුල් කර නොගෙන පාලනය කර ගන්නේ කෙසේද යන්න සොයාබැලිය යුතුය.
1. තරහ ආරවූලක් වන්නට පෙර වෙන දෙයකට මනස යොමු කර ගන්න
2. තරහ පහව ගිය පසු සූක්ෂම ලෙස ප්‍රශ්නය විසදාගන්නා ආකාරය සිතා බලන්න
3. තරහව පහව කර ගැනීමට තමන්ටම අවෙනික ක්‍රමයක් සොයාගන්න.

තරහ පාලනය කරගැනීමට අවශ්‍ය නැත. එය අවුලක් කර නොගැන සූක්ෂම ලෙස ප්‍රකාශ කිරීම කල යුතුය.

Psychology Sri Lanka

Psychologist And Counsellors

1. චිත්තවේගය (හැගීම්) තේරුම් ගනිමුLet’s understand emotions (feelings)අප මුලින්ම චිත්තවේගය යන්න තේරුම් ගනිමු. අපට දෙයක් ...
09/07/2020

1. චිත්තවේගය (හැගීම්) තේරුම් ගනිමු
Let’s understand emotions (feelings)

අප මුලින්ම චිත්තවේගය යන්න තේරුම් ගනිමු. අපට දෙයක් දැක තේරුම් ගත හැක. එසේනම් අපට චිත්තවේග අවශ්‍ය වන්නේ ඇයි? අප දුටුදේ යමක් වීද අපට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එය කෙසේ අපට බලපායිද යන්නය. එය විටෙක දැනෙන දෙයක් උවද, තවත් විටෙක එය හැසිරීමකි.ඊට හේතුව එය දැනෙන්නේ අපගේ හැසිරීම් මතය.

Let us first understand emotion. We can understand what we see. Then, why do we need emotion? It tells us how things in the environment could affect us. An emotion is something we feel within. But it is also an act sometimes. This is because our feelings are based on the repercussions of our behaviour.

සිතුවිල්ලක් අප දකින දේ පිලිබඳ තේරුමක් දුන්නද, එය ක්‍රියාවට නැන්විය නොහැක. අපව ක්‍රියවකට නැන්විය හැක්කේ චිත්තවේගයකට හෝ හැගීමකට පමණී. එමනිසා අපගේ ක්‍රියාකරකම් වලට අපගේ චිත්තවේගයකට හෝ හැගීම මනා පිටුවහලක්ය.

Thoughts help us understand what we see. but it cannot be implemented unless there is strong emotion behind the thought. We can only act on emotions or feelings. Therefore, our actions need the support of the emotions, or feelings to act upon.

අපගේ සෑම ක්‍රියාකරකමක්ම අලලා චිත්තවේගයක් උපදී. එයින් අදහස් කරන්නේ අප නොදනුවත්ම අපගේ මොළයෙන් අපගේ සෑම ක්‍රියාකාරකමක්ම විශ්ලේෂණය කරන බවයි.

Emotions are built around our actions. It means that subconsciously our brain analyzes every activity.

එක් අතකින් මෙය ආරක්ෂා පද්දතියකි. චිත්තවේගයක් ශරීරයේ පවතින්නේ ඉතා කෙටි කාලයක් යනතුරුය. එය ආහාර වැනිය. ශරීරයට ඇතුලුවී මොහතකින් නැතිවී යනු ඇත.

On the one hand, this is a protective alarm system. An emotion lasts only a short time. It's like food. It will enter, revolve for a while and then get digested. Nutrients will be absorbed and the rest would be excreated.

එම නිසා ඇතිවන සෑම චිත්තවේගයකටම අප ප්‍රතික්‍රියා දැක්විය යුතු නැත. චිත්තවේගයක් ඇති වූ විට එය නුවණින් බලා අවශ්‍ය නම් පමණක් ප්‍රතිචාර දැක්විය යුතුය. නැතිනම් එම හැගීම නැතිවෙන තුරු සිටිය යුතුය.

So we don't have to react to every emotion. We should respond to them appropriately. When an emotion occurs, it must be viewed wisely and responded only if necessary. Otherwise, it should remain until it vanishes.

එසේ වන තෙක් ඉවසා සිටීම බොහෝ වෙලාවන්ට අපහසු කාර්යකි. නමුත් ඉවසීම ප්‍රගුන කරන්නා හට මෙය ඉතා පහසු කාර්යකි. අධ්‍යාත්මික ජීවිතයේ වටිනාකම තිබෙන්නේ මෙවන් අවස්ථාවලය. දහම් පාසල් අධ්‍යාපනයෙන් හා විනය ගරුක අධ්‍යාපනයෙන් හැදුනු පුද්ගලයින් ඉවසීම ප්‍රගුණ කර ඇත.

Waiting till the emotions vanishes is often a difficult task. But this is an easy task for patience. Such is the value of spiritual life. Patience practised in Dhamma School education and disciplined education make this process much smoother.

පුද්ගලයා කවරෙකු උවත් චිත්තවේග දැනේ. එය මානසික මට්ටමකි.

Whomever the person is, emotions happen. It is a mental level.

ප්‍රීතිය, දුක, බය, හෝ තරහ යන මොනයම් චිත්තවේගයක් උවද අප කරා එන්නේ අපගේ හැසීරීම් පදනම් කර ගෙනය.

Any emotion, whether joy, sadness, fear, or anger, comes to us based on our behaviour.

එය ශරීරයේ ආරක්ෂාව සදහා පවතින උපාංගයකි. චිත්තවේග විවිධාකරය. වරෙක එය සතුටකි. වරෙක එය තරහකි.තවත් විටෙක එය දුකක් හෝ බයකී. පරිසරයේ වන විවිධ වෙනස්වීම් මෙසේ අපට දන්වන්නේ ආරක්ෂාව සදහා යමක් කලයුතු බව පෙන්වීමටය.

It is a tool for the protection of the body. Emotions are diverse. Sometimes it can come to you as a joy. Some other time it could be anger. It is not permanent. It is only a security measure for safety.

චිත්තවේගය තේරුම් ගෙන, පාලනය කළවිට හැගීම් පාලනයවේ. එය තේරුම් ගෙන ජීවත්වීම මනා දිවියකට පිටුවහලකි.

When emotions are understood and controlled, feelings can be controlled. Realizing this will lead to a happier life.

Psychology Sri Lanka

Psychologist And Counsellors Counselling Colombo

Address

Gangodawila
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when SyQuad Center for Counselling & Therapy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SyQuad Center for Counselling & Therapy:

Shortcuts

Share