MOH Office Panadura

MOH Office Panadura "නැණවත් ගුණවත් සෞඛ්‍යමත් පරපුරකින් සමන්විත වූ හෙටක්....💚"

Offceial page Of MOH Office - Panadura

සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දන්සල් ලබාදීමට කටයුතු කරන දන්සල් සංවිධායකයින්ට අපගේ ගෞරවනීය ස්තූතිය. 💚🙏
30/06/2026

සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දන්සල් ලබාදීමට කටයුතු කරන දන්සල් සංවිධායකයින්ට අපගේ ගෞරවනීය ස්තූතිය. 💚🙏

📢 **පානදුර දන්සල් සංවිධායකවරුන්ගේ අවධානයට!**පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දන්සල් සංවිධානය කිරීමට බලාපොරොත්තු...
25/06/2026

📢 **පානදුර දන්සල් සංවිධායකවරුන්ගේ අවධානයට!**

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දන්සල් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන සියලුම සංවිධායකවරුන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ.

සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව දන්සල් පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු නවතම උපදෙස් සහ නීති රීති පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

🗓 **දිනය:** 2026 ජුනී 26
⏰ **වේලාව:** පස්වරු 2.00 ට
📍 **ස්ථානය:** පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය ශ්‍රවණාගාරය

ප්‍රදේශයේ පවත්වන සියලුම දන්සල් වල සංවිධායකවරුන්ගේ සහභාගීත්වය
අනිවාර්ය වේ.

එලුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ  අවිධිමත් අයුරින් කසල බැහැර කර තිබූ ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්ව...
25/06/2026

එලුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රයේ අවිධිමත් අයුරින් කසල බැහැර කර තිබූ ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්වුණි. 💚💚

මේ සඳහා සහයෝගය ලබා දුන් පානදුර ප්‍රාදේශීය සභාවට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂ ස්තුතිය.

22/06/2026

සැලකිලිමත් වන්න 🙏🛑

ඩෙංගු රෝගය බෝ කරන ප්‍රධාන රෝග වාහක මදුරු විශේෂ 02 හදුනා ගනිමු.🦟 Aedes aegypti 🦟 ​Aedes albopictus
21/06/2026

ඩෙංගු රෝගය බෝ කරන ප්‍රධාන රෝග වාහක මදුරු විශේෂ 02 හදුනා ගනිමු.

🦟 Aedes aegypti
🦟 ​Aedes albopictus

අපි හැමෝම එකතු වෙනු...!හරිත පාසලක් පොලිතින් ප්ලාස්ටික් වලින් තොර කලාපයක් හා ඩෙංගු තොර පාසලක් බිහිකිරීමේ වැඩසටහන ගුරුවරුන...
19/06/2026

අපි හැමෝම එකතු වෙනු...!
හරිත පාසලක් පොලිතින් ප්ලාස්ටික් වලින් තොර කලාපයක් හා ඩෙංගු තොර පාසලක් බිහිකිරීමේ වැඩසටහන ගුරුවරුන් දැනුමත් කරමින් අද දින මෙසේ සිදු කරන ලදි
🏛️ සුමංගල බාලිකා විදුහල පානදුර
📸 මහජන සෞඛ්‍ය පරීක්ෂක පානදුර දකුණ

#ඩෙංගුමර්දනයකරමු

අපි හැමෝම එකතු වෙමු... ඩෙංගු මර්දනය කරමු! 💪ජීලාන් විදුහල කෙසෙල්වත්ත  සිසුන්, ගුරුවරු සහ පානදුර ප්‍රදේශයේ සභාව  MOH පානදු...
19/06/2026

අපි හැමෝම එකතු වෙමු... ඩෙංගු මර්දනය කරමු! 💪

ජීලාන් විදුහල කෙසෙල්වත්ත සිසුන්, ගුරුවරු සහ පානදුර ප්‍රදේශයේ සභාව MOH පානදුර එකතු වෙලා පාසල් පරිශ්‍රය ඩෙංගු මදුරු බෝවීම් වලින් තොර කිරීමේ වැඩසටහන.

කුඩා අත් වලින් ලොකු වගකීමක්.
"මගේ පාසල - මගේ වගකීම"

#ඩෙංගුමර්දනයකරමු
📸 මහජන සෞඛ්‍ය පරීක්ෂක, කෙසෙල්වත්ත

17/06/2026
🦟 ධූමායනය ගැන ඔබ දැනගත යුතු ඇත්ත 🦟"අනේ අපේ පැත්තට දුම් ගහන්න" "අපේ ගෙදරට දුම් ගහන දවස කවද?" "දුම් ගහල ගියාම ඩෙංගු ඉවරයි ...
16/06/2026

🦟 ධූමායනය ගැන ඔබ දැනගත යුතු ඇත්ත 🦟

"අනේ අපේ පැත්තට දුම් ගහන්න"
"අපේ ගෙදරට දුම් ගහන දවස කවද?"
"දුම් ගහල ගියාම ඩෙංගු ඉවරයි නේද?"

මේ ප්‍රශ්න හැමදාම අපට අහන්න ලැබෙනවා.
ඒ නිසා ඇත්ත කතාව කියමු:

**ධූමායනය කියන්නේ මොකක්ද?**
ඩීසල් + කෘමිනාශක රසායනය කවලම් කරලා, අධිකව රත් කරලා හදන දුම.
බලාපොරොත්තුව: පියාඹන, සුහුබුල් මදුරුවන් විනාශ කිරීම.

**හැබැයි ඇත්ත මොකක්ද?**
1. ❌ බිත්තර වලට කිසිම හානියක් නෑ
2. ❌ කීට, පිලව අවස්ථාවට කිසිම හානියක් නෑ
3. ✅ විනාශ වෙන්නේ පියාඹන මදුරුවෝ විතරයි

එතකොට මොකද වෙන්නේ? දුම් ගැහුවට පස්සේ දවස 2කින් ආපහු මදුරුවෝ එනවා.
මොකද බිත්තර වලින් ආපහු මදුරුවෝ හදනවා නේ.

**ධූමායනය කරන්නේ කවද?**
🙏 ඩෙංගු රෝගීන් වාර්තා වෙන විදිය + සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය අනුව පමණයි.
නැතුව ඇදුනුම්කමට, දේශපාලන ඉල්ලීමට, "අපේ ගෙදරට විතරක්" නෙවෙයි.

**තව කරුණු 2ක්:**
1. පරිසරයේ ඉන්න මීමැස්සෝ, සමනළයෝ වගේ හොඳ කෘමි සතුන්ටත් හානි වෙනවා 🐝
2. ඩීසල් + කෘමිනාශක = රට, අපිට ලොකු වියදමක් 💰

**ඉතින් කරන්න ඕන මොකක්ද?**
"දුම් ටිකක් ගහලා යමු" කියලා බලාගෙන ඉන්න එපා.

✅ කරන්න ඕන එක දෙයයි: මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම පමණයි.
වතුර රැඳෙන බෝතලේ, ටින් කෑනේ, පොල් කටුව, ටයරේ, මල් පෝච්චිය...
සතියට 1 පාර, විනාඩි 10යි. ඒ ඇති.

"දුමෙන් මදුරුවෝ මැරෙනවා. වතුර හිස් කිරීමෙන් ඩෙංගු ඉවර කරනවා."

ඔබේ දරුවාට ආදරේ නම් දුම බලාගෙන ඉන්න එපා.
අදම ක්‍රියාත්මක වෙන්න.

🧑‍⚖️ නිවාස පරීක්ෂා කිරීමේදී මදුරු බෝවන ස්ථාන හමු වුවහොත් නීතිමය පියවර ගනු ලැබේ.

වැඩි විස්තර: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පානදුර
📸 by Sandaruwan Tharaka
#ධූමායනසත්‍යය #ඩෙංගුමර්දනය #බෝවනස්ථානවිනාශකරමු

Address

MOH Office, Galle Road
Panadura

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share