Family medical center

Family medical center Qualified pulmonologist and diabetalogist

12/07/2024

ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඔහු පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බවයි.

එමෙන්ම මේ දිනවල රෝහල්වල වැඩිපුරම සිටින්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් බවත් කුඩා දරුවන් සහ වැඩිහිටියන් බහුතරයක් මෙම රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .
ඉන්ෆ්ලුවෙන්සා නමැති වෛරසය (Influenza Virus) මගින් බෝවන මෙම රෝග ස්වසන මාර්ගයේ ආසාදනයට ලක් කරනු ලබයි.

එනිසා උණ, නාසයෙන් සොටු ගැලීම, උගුර වේදනාව, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, කිවිසුම් යෑම, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මතු වේ.

මෙම රෝග ලක්ෂණ සහිතව සතියක් පමණ කාලයක් රෝගය සිරුරේ පවතී. මෙම රෝගයේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන විවේකීව සිටීම තුළින් ඉක්මනින් රෝගය සුවපත් කරගත හැකිය.

උණුසුම් ජලය පානය කළ යුතුය. ශීත කළ ආහාරපාන නොගත යුතුය.

සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව තත්ත්වයේදී ද මෙම රෝග ලක්‍ෂණ මතු වේ. නමුත් මෙය ඉන්ෆ්ලුවෙන්සා රෝගය දැයි කියා නිවරදිව හඳුනා ගැනීමට වෛද්‍යවරයකු හමුවීම වැදගත්ය.

මෙය සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව ලෙස වරදවා වටහා ගෙන කටයුතු කිරීම නිසා ඇතැම්විට නියුමෝනියා රෝගය දක්වා බරපතළ විය හැකිය.

විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් නිතර කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

08/04/2024
Another achievement ….
20/02/2024

Another achievement ….

08/06/2023

Address

15/1 Old Galle Road Walana Panadura
Panadura

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 17:00 - 21:00
Sunday 17:00 - 21:00

Telephone

+94778392732

Website

Alerts

Be the first to know and let us send you an email when Family medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Family medical center:

Shortcuts

Share