18/11/2025
මට ගහ කොල, ඇල දොල එක්ක තියෙන්නෙ පුදුම බැඳීමක්. මට ගස් වල ලස්සන නිමාවන් පේනවා. හරියට මිනිස් රූප, සත්ව රූප වගේ. ඇලක දොලක වතුර ගලන, සෙලවෙන හඩ මට භාවනාවක්. ස්වභාවිකව ගලන සීතල වතුරෙ කකුල් දාගෙන ඉන්න, බැහැල නාන්න මං පුදුම ආසයි.
අපි ලඟදි Australia ඇවිත් Sydney වල ජීවිතේ අලුත් episode එකක් පටන් ගත්තා. එකපාරටම හැම දෙයක්ම අලුත්… අලුත් ගෙදර, අලුත් අහස, අලුත් මිනිස්සු. ඒ අතරේ දෙවෙනි දවසේම discover කරගත්ත ලස්සනම gift එක තමයි Parramatta Park! 🏞️✨
ගෙදරට කිට්ටුයි, park එක ඇතුළට යනකොට හැම stress එකක්ම දිය වෙලා යනවා. ඉර බහිද්දි ගස්වල කොළ රන්වන් පාටින් දිලිසෙනවා… කුරුල්ලෝ සතුටින් පියඹනවා… ඒ හැම රූපයක්ම දකිද්දි හිතට එනවා “ඔව්, මේ තමයි ජීවිතේ සතුට! මේ තමයි අපි හෙට දවසෙත් හිනාවෙලා ඉන්න සොබා දහම දෙන හේතුව!” කියලා. 💚
අලුත් රටක, අලුත් ගමක ඉන්න අපිට මේ park එක හරිම ලස්සන comfort zone එකක් බවට පත්වෙලා. තනියම ඇවිදින දවසකටත්, අපේ පුංචි පවුලේ ඔක්කොම එකට ඇවිදින දවසටත්, හිතට සැහැල්ලුව දෙන ලස්සනම තැනක්. 🌅
ඒක නිසා අද මේ පින්තූර ටිකත් එක්ක මගේ Parramatta Park love story එක ඔයාලා එක්කත් share කරන්න හිතුණා.
අලුත් ජීවිතේ ආරම්භයට මේ ලස්සන background එක දෙන ස්වභාව ධර්මයට ස්තූතියි! 🥹🙏💛
මේක therapy එකක්. නොමිලේ ලැබෙන. ලගම තියෙන හිතට දැනෙන සොබා දහමේ අපූරුව විදින්න. ඔයා ඉන්නෙ ලෝකෙ කොහේ උනත් ඒක සතුටු උල්පතක් වේවි.
🇱🇰💚🇦🇺