31/05/2026
සෙන් කතා 04
සැබෑ ධනවත්කම (The Richest Man)
හිඟන්නෙක් සෙන් ගුරුවරයා ළඟට පැමිණ,
"මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ, මම හරිම අසරණයි, මට උදව් කරන්න" යි වැලපුණා.
ගුරුවරයා ඇසුවා
"මම ඔබේ ඇස් දෙක රන් කාසි දහසකට මිලදී ගන්නම්, මට දෙනවාද?"
හිඟන්නා තිගැස්සී,
"නැහැ, මගේ ඇස් දෙක මට මුළු ලෝකයටම වඩා වටිනවා" කිව්වා.
"එහෙනම් ඔබේ අත්දෙක රන් කාසි පන්දහසකට දෙන්න" ගුරුවරයා කිව්වා.
හිඟන්නා "කීයටවත් බැහැ" කිව්වා.
ගුරුවරයා සිනාසී, "මිල කළ නොහැකි මහා ධනස්කන්ධයක් මේ ශරීරය ඇතුළේ තියාගෙන, ඇයි ඔබ තවත් කෙනෙක් ඉදිරියේ හිඟා කන්නේ? නැගිටලා ඔබේ ශක්තියෙන් වැඩ කරන්න" යි පැවසුවා.
ආදර්ශය:
අපට අහිමි දේ ගැන සිතමින් ලතවෙනවා වෙනුවට, අප සතු වටිනාම සම්පත වන නිරෝගී ශරීරය සහ මනස නිවැරදිව උපයෝගී කරගෙන ජීවිතය ජය ගත යුතුය.