The Song of Nursing

The Song of Nursing හෙදකමේ ගීය ගයන්නට....

ඔබගේ තේජාන්විත වූ හඬ පෞරුෂයට සම කල හැකි වෙන කිසිඳු කාන්තාවක්....කිසිදාක යලි බිහි නොවනු ඇත....ඉතින් නන්දා මාලනී ආදරණීය මහ...
20/08/2026

ඔබගේ තේජාන්විත වූ හඬ පෞරුෂයට සම කල හැකි වෙන කිසිඳු කාන්තාවක්....
කිසිදාක යලි බිහි නොවනු ඇත....

ඉතින් නන්දා මාලනී ආදරණීය මහත්මියනි....
ඔබට උතුම් වූ නිර්වාණයට දුර නොවේවා....

🙏😞🏳️

වෙලාවකට මගේ ජීවිත කතාව දිහා බලනකොට මටම හිතෙන දෙයක් තියෙනවා.....හරි පුදුමාකාර අමුතු අත්දැකීම් වලට මුහුණ දෙමින් ආව ගමනක් න...
20/08/2026

වෙලාවකට මගේ ජීවිත කතාව දිහා බලනකොට මටම හිතෙන දෙයක් තියෙනවා.....
හරි පුදුමාකාර අමුතු අත්දැකීම් වලට මුහුණ දෙමින් ආව ගමනක් නේද කියලා....

පුංචි කාලේ ඉදන්ම යාපනේට ට්‍රිප් එකක් යන්න හීන මවපු මගේ......
පලමු පත්වීම යාපනය වුණු හැටි.....
මං හෙදියක් වුණු හැටි.....
මට ආපු අභියෝග....
තාමත් මං නොසැලී ඉන්න හැටි....
මට හිතාගන්න බෑ....

මගේ ජීවිතේට මං හොය හොය උන්නු කෙනාම ආව හැටි....
එයාව හොයාගන්න යාපනයටම එන්න වුණු හැටි...
වෙලාවකට මට මේක හීනයක්ද කියලා හිතෙන තරමටම හරි අමුතුයි....

ජීවිතේ හොඳම දේවල් අපි සැලසුම් කරන විදියටම වෙන්නෙත් නෑ...එන්නෙත් නෑ...
හැබැයි.....

අපි හිතනවටත් වඩා හොඳ දේවල් ජීවිතේට එන්නෙ
අපිටවත් හිතාගන්න බැරි පාරවල් දිගේ.....

ඒ නිසා එක දෙයක් අහිමි උනාම ජීවිතේ අත හරින්න එපා...
තව ලස්සනම දෙයක් ජීවිතේට ඊගාව තත්පරේ එනවාමයි....
බලාපොරොත්තුවෙන් ඉන්න....🩷

Hashini Madhushika ✍

- The Song of Nursing -

නිසඳැස් රචනා තරඟාවලිය - 09ජීවිතය කියන ලංතෑරුම් එළිය දිගේ...පවුර තොටුපොළට පාව ආ බව...විසල් ජල කඳ දැනුම් දුන්නට...තොටියා ග...
19/08/2026

නිසඳැස් රචනා තරඟාවලිය - 09

ජීවිතය කියන ලංතෑරුම් එළිය දිගේ...
පවුර තොටුපොළට පාව ආ බව...
විසල් ජල කඳ දැනුම් දුන්නට...
තොටියා ගත් බව ⁣ඔබේ තනියට...
වසන් කෙරූ හැටි...
පුදුමයක් නැත මට...

ගෙව්වේ වැඩිම කාලය ...
ගං දියේ කොට...
කොහෙද අයිතිය...
ගං දියට මිස...
තොටියා ඉව්රට...

H.M.Kaushali ✍
National Hospital Colombo

පාට හදවතක්......🩷🌷
16/08/2026

පාට හදවතක්......🩷🌷

13/08/2026

සිංදුවක් කියන්න හිතුනම ඉතින් කොහොමහරි කියනවා ඉන්නේ කොහේ උනත්.....🩷

සිත් මල් දෝතින්ම ගෙන,හෙද බිම වෙත පිය නගන්නටම සිත් ඇත්තා වූ,නොවි පියවරකින් වත් පසුබට,අඩියෙන් අඩිය ඉදිරියටම,නගන්නට සුවහසක්...
12/08/2026

සිත් මල් දෝතින්ම ගෙන,
හෙද බිම වෙත පිය නගන්නටම සිත් ඇත්තා වූ,
නොවි පියවරකින් වත් පසුබට,
අඩියෙන් අඩිය ඉදිරියටම,
නගන්නට සුවහසක් ගිලනුන් සිත් සතන් හට,
ඉසින්නට සුවමල් පොදක්,

ඉතින් සැරසෙන්නම්.....

හෙදකමේ අරුත දකිමින්....🩷

නිසඳැස් රචනා තරඟාවලිය - 08තාත්තලා නැති උන්...මල් වැස්සටත් මහ වැස්සටත් හැමදාම එක ලෙසම තෙමුන උන්රතු බස් එකක් එනකල් මිරිඟුව...
12/08/2026

නිසඳැස් රචනා තරඟාවලිය - 08

තාත්තලා නැති උන්...

මල් වැස්සටත් මහ වැස්සටත් හැමදාම එක ලෙසම තෙමුන උන්
රතු බස් එකක් එනකල් මිරිඟුව දිහාම දෑස් නොපියා බලන් ඉඳපු උන්
කකුල් වල බර පොළොවටත් වඩා හිල් සපත්තුවට දැනුණු උන්
‍රතු බෝනික්කන් එපා කී නමුත් සීනි මල්ලක කුහුඹුවන් සෙව්ව උන්

රිදෙන රිද්දන තුවාලයක්මත් අතින් පිරිමැද සනසා ගත්තු උන්
ඉරෙන හැම විටෙකමත් අම්මලාගේ සාරි රෙද්දෙන් අණ්ඩ දමා ගත්තු උන්
ගහ නැතුවත් තනිව එතුණු වැලේ මල් ගෙඩි පුබුදපු උන්
අදත් හිනැහෙනවා ඇති ඇස් මත්තෙන් කඳුලු පිස ගෙන උන්

දිය වෙච්ච පිටු එකිනෙක අමුණමින් අ යනු ආ යනු ගලපාපු උන්
මල් සුවඳ ගල් පතුරු දෝතින් තුරුලට ගෙන සිප ගත්තු උන්
මැරෙන්න ඩිංගකට පෙරත් පිරිමි පපු ඇතුලෙ හෙටත් පෙමක් හොයනවා උන්
පුරවන්න ජීවිතේ අතරමැද හැර ගියපු තාත්තලා ඉඩ ඉතුරු කරපු තැන්

පියුමි ඉරේෂා ✍
නැගෙනහිර කොළඹ මූලික රෝහල
මුල්ලේරියාව

11/08/2026

ගිටාර් එක කියන්නෙම මට නම්,
ජීවයක් නැතත් ජීවය පවතින..
මගේම ආදරණීය හිතවතාමයි....🩷

බෑ කියලා අත ඇරලා යන්න හිතුන වාර අනන්තවත් ඇති ඒත්......මං හරි ආදරෙයිමේ රස්සාවට....මේක නිකම්ම නිකම් රස්සාවක් නෙවෙයි....ජීව...
11/08/2026

බෑ කියලා අත ඇරලා යන්න හිතුන වාර අනන්තවත් ඇති ඒත්......

මං හරි ආදරෙයි
මේ රස්සාවට....

මේක නිකම්ම නිකම් රස්සාවක් නෙවෙයි....

ජීවිත කතා ගොඩක් වෙනස් විදියකට ලියන්න පුළුවන් හරි අමුතු මැජික් පෑනක්.....

රෝගියෙකුගේ ජීවිතේ බේරනවා කියන්නෙ එක ජීවිත කතාවක වෙනස් පරිච්ඡේදයක්....

තමන්ගෙ මහන්සිය දිය කරලා තමන්ගෙම පවුලේ අයටත් හයියක් වෙන දියණියක් කියන්නෙ....
තමන්ගෙම ජීවිත කතාවෙත් සුන්දරම ගමනාරම්භයක්.....❤️

10/08/2026

Address

Purana Mirigama

Telephone

+94713432942

Website

Alerts

Be the first to know and let us send you an email when The Song of Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share