25/03/2026
දෛනිකව මට හමුවන බොහෝ කාන්තාවන්ගේ පොදු ගැටළු කිහිපයක් තිබෙනවා.
"ඩොක්ටර්, හේතුවක් නැතුව තරහා යනවා.. නිතරම මහන්සියි.. එක පාරටම බර වැඩි වෙලා.. මට periods හැදුනේ නෑ මාස 5-6කින්..." කියලා.
අපි හැමෝටම යම් යම් හේතු වලට තරහ යනවා. ඒත් අපි ආයෙම නිවෙනවා..
අපි දවස පුරාම වැඩ කරනවා.. ඉතින් මහන්සි තමයි..
ඒ දේවල් සාමාන්‍ය කාරණා..
හැබැයි යම් පුද්ගලයෙක්ට මේ දේවල් අසාමාන්‍ය විදියට දිගින් දිගටම පවතිනවනම් ඔන්න අපි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන..
මේ දේවල් ඉතාම සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවන්. නමුත් මේ ශාරීරික ක්‍රියාවන්වල නීරෝගීතාවය රඳා පවතින්නේ, ශරීරයේ "හෝර්මෝන සමතුලිතතාවය" (Hormonal Balance) මත.
මේ වගේ අසාමාන්‍ය කේන්තිය, මහන්සිය, ශරීරයේ බර හා ඔසප් වෙනස් වන කාන්තාවන්ගේ ශරීර තුළ හෝමෝන අසමතුලිතතාවය නිරන්තරව ම දකින්න තිබෙනවා.
එවැනි අය මේ ගැටළු නිරාකරණය කරගන්න වසර ගණන් විවිධ ප්‍රතිකාර පසුපස යනවා.. නමුත් මේ හෝර්මෝන ගැන කතා කරද්දී අපි නිතරම සිතන්නේ ඖෂධ ගැන පමණයි.
දේශීය වෛද්‍යවරියක ලෙස මගේ අත්දැකීම අනුව, හෝර්මෝන ක්‍රමවත් කිරීමේ පළමු පියවර තිබෙන්නේ ඔබේම කුස්සියේ ඖෂධගාරය ඇතුළේ!
නමුත් අපිට ඒ ඖෂධාගාරය දැන් දැන් අමතක වෙන්න පටන් අරන්..
මේ හෝමෝන සමතුලිතතාවයට දෛනිකව ලබාගන්නා ආහාර සෘජුවම බලපෑමක් ඇති කරනවා.
අපේ දෛනික ආහාර වේලට එකතු වන කුළුබඩු වල ඇති "ක්‍රියාකාරී සංයෝග" (Active Compounds) මඟින් අපට නොදැනීම හෝමෝන සමතුලිත කරනවා.
ඒකට උදාහරණ ටිකක් මං පහලින් ලියන්නම්..
1. කහ (Turmeric) - තාරුණ්‍යයේ සහ ප්‍රතිශක්තියේ රහස
• මෙහි ඇති ප්‍රධානතම ක්‍රියාකාරී සංයෝගය 'Curcumin' ය. එමඟින් ශරීරයේ දැවිල්ල (Inflammation) අඩු කිරීමට ඇති ප්‍රබල හැකියාව නිසා හෝර්මෝන පද්ධතියට මනා පිටුවහලක් ලබා දෙනවා. මෙය කුරුලෑ පාලනයට සහ සම ඇතුළතින්ම දීප්තිමත් කිරීමටත් උදවු වෙනවා.
• ඇඟ පිම්බිලා , පිරිලා වගේ දැනෙන තද ගතිය අඩු වෙන්න කහ ප්‍රත්‍යක්ෂ කුළුබඩුවක්..
2. කුරුඳු (Cinnamon) - සීනි සහ බර පාලකයා
• 'Cinnamaldehyde' කුරුඳු වල ප්‍රධාන active compound එකක් විදියට ගන්න පුලුවන්. PCOS හෝ අනවශ්‍ය බර වැඩිවීම ගැන වද වෙන කාන්තාවකට කුරුඳු මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරලා ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරගන්න දිව්‍යමය ඖෂධීය ගුණ සහිත කුළු බඩුවක්.
• බොහෝ කාන්තාවන්ට Insuline Resistance එකත් සමඟ ඇතිවන බොහොමයක් ගැටළු පාලනය කරගන්නත් කුරුඳු උපයෝගී වෙනවා..
3. උළුහාල් (Fenugreek)
උළුහාල් වල 'Diosgenin' වැනි සැබෑ හෝර්මෝන වලට සමාන 'Saponins' වර්ග තිබෙනවා.
ආර්තව වේදනාව (Period pain) සහ හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇති වන PMS අපහසුතා වලට උළුහාල් ඉතා ගුණදායකයි. මෙය ශරීරය සිසිල් කර හෝර්මෝන ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.
ආයුර්වේදයට අනුව, හෝර්මෝන අසමතුලිතතාවය පාලනය කරන්න මේ කුළුබඩු වල රස, ගුණ, වීර්යයත් බලපානවා.
මෙම කුළුබඩු තුනම උෂ්ණ වීර්යය සහිත නිසා ශරීරයේ 'පිත' මට්ටම සමතුලිත කරන්නත්, හෝර්මෝන පද්ධතිය උත්තේජනය කරන්නත් උදවු වෙනවා.
මේ ඉතාම සුළු ප්‍රායෝගික කාරණා පමණයි.
මම හැමදාම කියනවා, හෝමෝන සමතුලිත කරන්න පුලුවන්..!
ඒකට ඕනෙ ඉවසීම...කැපවීම..
නිවැරදි ඖෂධ, ආහාර, ව්‍යායාම නියමිත කාලයක් පුරාවට වෛද්‍ය උපදෙස් පිලිපදින රෝගීන් ක්‍රමයෙන් සුවපත් වෙනවා ඕනෑ තරම් මම දවස ගානේ දකිනවා!
Saundarya Clinic | Rajagiriya | 0772144134