31/05/2026
ජීවිතේ සමහර හිස්තැන් තියෙනවා,හිස් මිනිස්සු මුණගැහෙනවා, නොපිරුන දේවල් තියෙනවා, අපිට කොච්චර හදිසි වුනත්, ක්‍රමානුකුලව,උචිත ආකාරයටම හෙමින් පුරවගන්න වෙන!
මහ “ලොකු ආයාස” සමහර වෙලාවට අපිව ඉලක්කයට තල්ලු නොකර මානසිකව හෙම්බත් කරනවා🫠
නමුත් ඔබ දන්නවද?උත්සහය, අඛණ්ඩතාවය, උනන්දුව වගේම ඉවසීමත් කැටි වුන ආයාසය අඩු සමහර පුංචි පුංචි “පරිශ්‍රම බොහොමයක්” එකතු වුනාම අපිට අවශ්‍ය විදියට දේවල් පිරෙනවා සම්පුර්ණ වෙනවා,
ඉතින් ඔයාටත් ජීවිතේ කායිකව, මානසිකව හෝ සමාජීයව දුර්වලතැන් අඩුතැන් හිස්තැන් නොපිරුන තැන් ගැන කනගාටුවක් තියෙනවා නම් අද ඉදන්,
🫰🏻පුංචි පියවරකින් පටන් ගන්න,
🫰🏻ගැලපෙන සුදුසු ක්‍රමවේද විතරක් තෝරගන්න,
🫰🏻අඛණ්ඩතාවය කියන විනය රකිමින් බලාපොරොත්තු අත්නොහැර එහි නිරත වෙන්න,
අන්න එතකොට ඔබ පිරෙනවා අනිවාරෙන්ම🏺
මනෝ උපදේශිකා
ප්‍රබුද්ධිකා විජේතුංග
Some spaces in life remain empty. We meet people who feel empty. There are things that remain incomplete. No matter how urgently we want them to be filled, some gaps can only be filled gradually, gently, and in the right way.
At times, great effort does not move us closer to our goals; instead, it leaves us mentally exhausted🫠
But do you know what truly makes a difference? When persistence, consistency, interest, and patience come together, many small and manageable efforts gradually accumulate. Over time, they fill the gaps, complete what is unfinished, and shape the life we desire.
So, if you feel there are physical, emotional, or social areas of your life that seem weak, incomplete, or unfulfilled, starting today:
🫰🏻 Take one small step.
🫰🏻 Choose methods that are healthy, suitable, and sustainable.
🫰🏻 Stay committed, remain consistent, and do not give up on your hopes.
One day, those empty spaces will be filled.
You will grow. You will heal. You will become whole. 🏺
Prabuddhika Wijethunge
Psychological Counselor