නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana

නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana Meditation, Counseling and Charity Services

*​"ප්‍රඥාව ලබා ගැනීමට පෙර, එය දරාගත හැකි පරිදි ඔබේ 'සිත' නමැති භාජනය විශාල කරගන්න."* ​ *අර්ථ පිරික්සීම* :​ *බුදුදහම හා භ...
04/02/2026

*​"ප්‍රඥාව ලබා ගැනීමට පෙර, එය දරාගත හැකි පරිදි ඔබේ 'සිත' නමැති භාජනය විශාල කරගන්න."*

​ *අර්ථ පිරික්සීම* :

​ *බුදුදහම හා භාවනාව* : ඕනෑම ගැඹුරු දහමක් හෝ අවබෝධයක් ලැබීමට පෙර සිතෙහි 'සකස් වීම' (විනය සහ සමාධිය) අත්‍යවශ්‍ය වේ. සිතේ ධාරිතාව (සති-සම්පජන්නය) වැඩි නොකර ලබන දැනුම නිකරුණේ අපතේ යයි.

​ *මනෝවිද්‍යාව* : පුද්ගල සංවර්ධනයේදී අපට ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට නම්, අපගේ මානසික සූදානම (Mindset) සහ චිත්තවේගී බුද්ධිය (EQ) දියුණු කර තිබිය යුතුය.

​ *උපදේශනය* : පුද්ගලයෙකුට විසඳුම් ලබා දීමට පෙර, එම විසඳුම් දරා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානසික ශක්තිය ඔහු තුළ ගොඩනැගිය යුතුය.

© නිසල සුව අරණ

*ජීවිතය පිළිබඳව අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත් නොවන්න.* අතීතය ගැන සිතමින් තවදුරටත් එහි සිරකාරයෙකු නොවී අතීතය නැමැති මායාවෙන් ...
24/01/2026

*ජීවිතය පිළිබඳව අනවශ්‍ය ලෙස කනස්සල්ලට පත් නොවන්න.*

අතීතය ගැන සිතමින් තවදුරටත් එහි සිරකාරයෙකු නොවී අතීතය නැමැති මායාවෙන් නිදහස් වන්න.

අනවශ්‍ය ලෙස බැඳීම් ඇතුළේ සිරනොවී සිටින්න.

අනවශ්‍ය ලෙස මිනිසුන් පිළිබඳව බලාපොරොත්තු ඇතිකර නොගෙන ස්වාධීනව ගමන් කරන්න.

නමුත් සැමවිටම ඔබෙන් තවකෙකුට යමක් ඉටුවිය යුතුනම් එය හදවතින්ම සිද්ධකරන්න.

ගිලිහී යන සියල්ලට නිහඬව සිනහවෙන් සමුදෙන්න.

ඔබේ සීමාවන්ද දැන එහි මුලාවද අවබෝධ කරගන්න.

කිසිවක් මත නිශ්චිතව සහ සදාකාලිකව එල්බගෙන නොසිට අවශ්‍ය විට පමණක් මිනිසුන් වෙනුවෙන් වුවද පෙනී සිටින්න.

කිසිවිටෙකත් අනවශ්‍ය ලෙස මිනිසුන්ගේ අභ්‍යන්තරය වෙත ගමන් නොකරන්න.

සෑම කෙනෙක්ගේම පුද්ගලමය අවකාශයට ගෞරව කරන්න. ඔබේද පුද්ගලමය අවකාශය පිරිසිදුව තබාගන්න.

කිසිවෙකුට එහි ස්ථීර නවාතැන් නොදෙන්න. සියල්ලන්ටම ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය සහ ගුණය බෙදාදෙන්න.

නමුත් කිසිවෙකු මත එල්බගෙන නොසිට සැමවිටම තනිව සහ ස්වාධීනව ගමන් කරන්න.

අවසාන මොහොතේ කෙසේ හෝ නැවත ඔබ ඔබ ලඟටම පැමිණෙන අතර එවිට සියල්ල සිහින ලොවක ගමන්කිරීමක් පමණක් බව ඔබ දැනගනී.

එතෙක් මේ සියල්ල ඔබට යථාර්ථයකි.
ඔබ අවදිවූ පසු සමස්තයම මායාවකි.

ඉන්පසු අවදිය සහ ප්‍රඥාව පමණක් යථාර්ථය වන්නේය.
ඔබ තුල සිටිනා බුදුවරයා දකින්න. ඔහු අවදිකරගන්න.

*ජීවිතයේ සත්‍ය අත්දැක ආධ්‍යාත්මය නිවීමට සහ සැනසීමට පත්කරගන්න* !

©අකාලිකෝ

Address

Ratnapura

Telephone

+94776480755

Website

Alerts

Be the first to know and let us send you an email when නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to නිසල සුව අරණ மன அமைதிக்கான ஆராண்யம் Nisala Suwa Arana:

Shortcuts

Share