08/08/2026
☀️ Lion's Gate Portal බලක්‍රියාවට එක්වන සියලුම දෙනා වෙත පිරිනමන විශේෂ පණිවිඩයක් ☀️
අපගේ වසරේ විශිෂ්ටතම ආකර්ෂණ බලපිටිය (Lion's Gate Portal) වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🦁✨
අපගේ ජීවිතවලට සුන්දර දේවල් ළඟා කර ගැනීමට අපි සැවොම එක්වෙමු.
අප විසින් ඔබ වෙනුවෙන් විශේෂ බලක්‍රියාවන්, ප්‍රාර්ථනාවන් සහ ඉටිපහන් දැල්වීම් සිදු කරන අතරතුර, මෙම සුන්දර ශක්තිය සමඟ අනුගත වීම සඳහා ඔබට නිවසේ සිටම කළ හැකි සරල පියවර කිහිපයක් පහත දැක්වේ.
ඇපොලෝ (Lord Apollo) දෙවිඳුන්ගේ ආලෝකය සහ ආශීර්වාදය මෙම ගමන පුරාම ඔබ සමඟ වේවා! ☀️
🌞 බලක්‍රියාව සිදුකරන දිනයයේදී
✨ පිරිසිදුව දිනය ආරම්භ කරන්න
ඔබ ළඟ The Divine Portal Ritual Bath Salts තිබේ නම්, භාවිත කිරීමට සුදුසුම දිනය අදයි. විශේෂයෙන්ම අපගේ Fortuna's Pentacle Ritual Bath Salt මේ සඳහා වඩාත් සුදුසු වේ.
එසේ නොමැති නම්, නාන වතුරට ලුණු ස්වල්පයක් එකතු කර, පැරණි ඍණාත්මක ශක්තීන් ඉවත් වී අලුත් ආශීර්වාද ලැබෙන බවට සිතින් ප්‍රාර්ථනා කරමින් ස්නානය කරන්න.
💛 රන් පැහැයෙන් සැරසෙන්න
දිනය පුරා රන් පැහැති යමක් පැළඳ සිටින්න.
එය සැබෑ රත්තරන්ම විය යුතු නැත, රන් පැහැති ආභරණයක් හෝ උපාංගයක් ප්‍රමාණවත් වේ. එය ලෝඩ් ඇපොලෝ දෙවිඳුන්ගේ දීප්තිමත් ආලෝකය ඔබට මතක් කර දෙනු ඇත.
☀️ සූර්යයාට ගෞරව දැක්වීම
පෙරවරු 8.00 ට පෙර මොහොතකට එළිමහනට පැමිණ සූර්යයා වෙත ඔබේ කෘතඥතාව පළ කරන්න.
සරල ප්‍රාර්ථනාවක් සමඟින් ඔබේ ජීවිතයට පැහැදිලි බව, විශ්වාසය, සුවය සහ සමෘද්ධිය ළඟා කර දෙන ලෙස ප්‍රාර්ථනාවන් කරන්න.
පෙරවරු 8.00 ට මෙය කිරීමට නොහැකි වුවද කණගාටු නොවන්න, දවසේ ඕනෑම වේලාවක ඔබට මෙය සිදු කළ හැක.
✨ Lion's Gate විශේශ ප්‍රාර්ථනා අභ්‍යාසය
කොළයක් ගෙන පහත දෑ ලියන්න:
ඔබේ ජීවිතයෙන් අතහැර දැමීමට අවශ්‍ය දේවල් 8ක්.
ඉන්පසු:
ඔබ දැනටමත් කෘතඥ වන දේවල් 8ක්.
ඔබ යම් අපහසුතාවයකින් පසුවුවද, අගය කිරීමට යමක් සැමවිටම පවතී, එය ඔබේ පෙනීම, හුස්ම ගැනීම, හෝ ඔබට ආදරය කරන පිරිස වැනි සරල දෙයක් විය හැක.
අවසාන වශයෙන්:
ඔබ වීමට අපේක්ෂා කරන දේවල් 8ක්, ඒවා වර්තමාන කාලයෙන් ලියන්න.
උදාහරණ ලෙස:
✨ මගේ සම පැහැපත් වෙලා.
✨ මට ගැලපෙනම රැකියාව හිමිවී ඇත.
✨ මම මූල්‍යමය වශයෙන් සමෘද්ධිමත්.
✨ මම ආදරයෙන් වටවී සිටිමි.
මෙම සටහන කිහිප වරක් ශබ්ද නඟා කියවා, ඒ හැඟීම් සැබවින්ම සිතින් විඳගන්න.
පස්වරු 7.00 න් පසු පහනක් හෝ ඉටිපන්දමක් දල්වන්න.
දැල්ල දැල්වෙන අතරතුර, ඔබේ ප්‍රාර්ථනාවන් ඇපොලෝ දෙවිඳුන් වෙත ළඟා වන බව විශ්වාසයෙන් සිතමින් එම කොළය සුරක්ෂිතව පුළුස්සා දමන්න.
ඉන්පසු පහන හෝ ඉටිපන්දම අවම වශයෙන් විනාඩි 5ක්වත් දැල්වීමට හරින්න.
🎶 දිනය සුන්දර සංගීතයෙන් පුරවන්න
ඇපොලෝ දෙවිඳුන් සංගීතය, කවි, නිර්මාණශීලීත්වය සහ ප්‍රබෝධයට අධිපති ලෙස සැලකේ.
සිංහල, ඉංග්‍රීසි, වාද්‍ය සංගීත හෝ වෙනත් ඕනෑම භාෂාවක ඔබට ප්‍රබෝධයක් දෙන සංගීතයට සවන් දෙන්න.
මෙම ශක්තියට ගැලපෙන ගීත එකතුවක් (Playlist) අවශ්‍ය නම්, අපගේ WhatsApp හෝ Instagram () වෙත පණිවිඩයක් එවන්න. අපගේ නිර්දේශ ඔබ සමඟ බෙදා ගැනීමට අපි කැමැත්තෙමු.
🌌 කෘතඥතාවයෙන් දිනය අවසන් කරන්න
රාත්‍රියේ නින්දට යාමට පෙර රාත්‍රී අහස දෙස බලා සරල ප්‍රාර්ථනාවක් සිදු කරන්න.
සිරියස් (Sirius) තාරකාව අපගේ ප්‍රාර්ථනාවන්ට සවන් දෙන බවත්, සැමවිටම අපගේ ගමනට ආලෝකය සපයන බවත් මම විශ්වාස කරනවා. 💫
එසේම...
අපි ඔබ වෙනුවෙන් කැපවූ ආහාර, පැණිරස කැවිලි, සංගීතය, කවි සහ ප්‍රාර්ථනා ඇතුළත් විශේෂ බලක්‍රියාවක් ඇපොලෝ දෙවිඳුන් වෙනුවෙන් සිදු කරන්නෙමු.
සෑම සහභාගී වන්නෙකු වෙනුවෙන්ම වෙන වෙනම ඉටිපන්දමක් දල්වනු ඇත.
☀️ විශේෂයි
මෙම Lion's Gate කාලසීමාවේදී, ඇපොලෝ දෙවිඳුන් වෙනුවෙන් කැපකළ සීමිත සංඛ්‍යාවක Ritual Oil නිෂ්පාදනය කරනු ලැබේ.
එය නිර්මාණශීලීත්වය, ආත්ම විශ්වාසය, ප්‍රබෝධය සහ දෙවිඳුන් සමඟ ඇති සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට උපකාරී වන සංකේතාත්මක ද්‍රව්‍යයකි.
✨ නිකුත් කරනු ලබන්නේ බෝතල් 200ක් පමණි.
⏳ තවමත් සම්බන්ධ වුණේ නැද්ද?
ඔබ තවමත් මෙම බලක්‍රියාවට එකතු වූයේ නැත්නම්, සෙනසුරාදා පස්වරු 3.00 දක්වා ලියාපදිංචි විය හැක. මේ වනවිට 1500 කට අධික පිරිසක් එක්වී ඇත.
Whatsapp 070 188 8369
ඔබත් එක්වී අපගේ සමූහ ආශීර්වාදයේ කොටස්කරුවෙකු වන්න.
ඔබගේ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන් අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි. එය අප සදා රකින්නෙමු.
☀️ ඇපොලෝ දෙවිඳුන්ගේ ආලෝකය සහ ආශීර්වාදය සැමවිටම ඔබ සමඟ වේවා!
ආදරයෙන්,
The Divine Portal Apothecaries 🦁✨