Mind Care Sri Lanka

Mind Care Sri Lanka Psychologist

14/04/2026
31/03/2026

🧬 A Hidden Virus Linked to Lupus? Major Scientific Breakthrough

A major scientific study has uncovered a powerful connection between lupus and a virus that nearly 95% of people worldwide carry.

The virus? Epstein-Barr Virus

Researchers now believe it may be a key trigger behind lupus, offering one of the clearest explanations yet for how this autoimmune disease begins.

💡 Here’s what happens:

Most people are infected with Epstein-Barr Virus early in life. It usually stays inactive in the body without causing problems.

But in some individuals, the virus can:
• Disrupt the immune system
• Activate certain genes
• Cause the body to mistakenly attack its own healthy tissues

This can lead to lupus, a condition where the immune system turns against itself.

📊 What makes this discovery so important?
• Nearly all lupus patients studied showed signs of past EBV infection
• Scientists believe the virus works together with genetic risk factors
• This combination may create the “perfect storm” for the disease to develop

🚀 Why this matters:

This breakthrough could change the future of treatment and prevention.
• Vaccines targeting EBV may help reduce lupus risk
• Antiviral therapies could stop the disease before it starts
• It brings us closer to understanding autoimmune diseases as a whole

🔬 While more research is still needed, this is a major step forward in medical science.

Master of Sexual Health- Batch of 2024
21/03/2026

Master of Sexual Health- Batch of 2024

Officially graduated with a Master of Sexual Health at the Postgraduate Ceremonial Graduation of the Faculty of Medicine...
18/03/2026

Officially graduated with a Master of Sexual Health at the Postgraduate Ceremonial Graduation of the Faculty of Medicine, University of Colombo 🎓✨

I’m glad to inform that my research titled as “Determinants of beliefs and attitudes pertaining to sexual and reproducti...
17/02/2026

I’m glad to inform that my research titled as “Determinants of beliefs and attitudes pertaining to sexual and reproductive health rights of transgender individuals in Sri-Lanka: A Narrative Review” has been accepted for Oral Presentation at
10th Edition GENDER & SEXUALITY STUDIES 2026
to be held on May 18–19, 2026 at Amsterdam, Netherlands

💔 Emotional Baggage or Avoidance? Why Some Partners Only Seek Their Own JoyBeing with someone who is emotionally unavail...
18/01/2026

💔 Emotional Baggage or Avoidance? Why Some Partners Only Seek Their Own Joy

Being with someone who is emotionally unavailable can be confusing, exhausting, and even lonely. These partners often avoid facing their own feelings, fears, or past wounds, and instead rely on you to provide them with happiness, validation, and emotional stability.

Signs this might be happening include:
• They rarely open up about their own struggles or emotions.
• They expect you to always be cheerful, supportive, or understanding.
• They pull away or become frustrated when you need emotional support in return.
• Conversations about vulnerability, intimacy, or commitment are avoided or dismissed.

Psychologically, this often stems from fear of intimacy, unresolved trauma, or difficulty regulating emotions. While it’s natural to want to “fix” them or keep them happy, the truth is: you cannot carry someone else’s emotional well-being.

A healthy relationship requires mutual emotional engagement — both partners sharing, supporting, and taking responsibility for their own happiness. When one person carries all the emotional weight, imbalance, resentment, and loneliness often follow.

💡 What to remember if you’re in this situation:
• Your feelings matter as much as theirs.
• Setting boundaries is necessary for your emotional health.
• Emotional growth is a choice each person must make themselves.
• True connection happens when both partners are willing to be seen, heard, and supported.

You deserve a partner who values you, not just your ability to keep them happy. ❤️

බොහෝ පවුල්වල දරුවො තරහකාරයො  කරවන්නෙ දෙමව්පියො!! එකපාරටම මෙහෙම කිව්වම ,අපෝ පිස්සුද දෙමව්පියෝ කවදාවත් දරුවො තරහ කරවනවද කි...
12/01/2026

බොහෝ පවුල්වල දරුවො තරහකාරයො කරවන්නෙ දෙමව්පියො!!

එකපාරටම මෙහෙම කිව්වම ,අපෝ පිස්සුද දෙමව්පියෝ කවදාවත් දරුවො තරහ කරවනවද කියල හුඟක් අය අහයි !

හැබැයි ,මනෝ උපදේශනය කරන කෙනෙක් හැටියට මගෙ උත්තරය " ඔව් " දෙමව්පියෝ එහෙම කරනවා ,දැන හෝ නොදැන දෙමව්පියෝ නිසා හුඟක් සහෝදර සහෝදරියෝ නයි පොලොන්ගු වගේ වෙනවා !

📍එක එක දරුවන්ට එක එක විදිහට සලකනවා

එයා පව් ,අරයට තියනවා මෙයාට නැහැ ,එයා පොඩි එකා ඔය වගේ හේතු කිය කිය දරුවන්ට වෙන්ස් විදිහට සලකන එකෙන් දරුවො එකිනෙකා අනිත් කෙනා ගැන හිතේ කොනක තරහක් ඇතිකර ගන්නවා .

📍තමන්ගේ දේපළ සාදාරණව සමව බෙදා නොදීම

දෙමව්පියන් දරුවන්ට දේපල දෙන්න ඕනෙමයි කියල අනිවාර්යය නීතියක් නැහැ ,හැබැයි එහෙම යමක් දෙනවනම් ඒක සියලු දරුවන් අතර සමව බෙදා දෙන එක තමයි හොඳම දේ ,එහෙම නැතුව තමන්ගෙ හිතු මනාපෙට එක දරුවෙක්ට විශේෂයක් කිරීම නිසා බොහෝ පවුල් වල දරුවන් වයිරක්කාරයෝ වෙනවා විතරක් නෙමෙයි උරුමෙ නැති අපිට කරුමෙත් එපා කියල අවසානේ ඒ දරුවො දෙමාපියන්ට නොසලකා හැරීම් පවා සිද්ධ වෙනවා .

📍දරුවන්ගේ අවධානය ලබා ගැනීමට කේලම් කීම

බොහෝ දෙමව්පියන් වයසට යනකොට දරුවන්ගේ වැඩි අවධානය ලබා ගැනීමට ,අයියා මෙහමයි මට බැන්නා ,එයා මට සළකන්නේ නැහැ ,ඔය වගේ බොරු කේලම් දරුවන්ට ඔහේ කියවනවා ,
අන්තිමට දරුවෝ එකිනෙකා මූන නොබලන තත්වෙටම පත් වෙනවා .

📍ලේලිලා බෑනලා ,මුණුබුරෝ මැද්දට පනිනවා

පවුලට පිටින් එන දරුවෝ සහ අළුත උපදින දරුවෝ එකිනෙකා ගැන චෝදනා කරවමින් අවධානය සහ ප්‍රමුඛත්වය ලබාගන්න හදනවා ,අන්තිමට දෙමව්පියෝ හොඳ වෙලා සහෝදර සහෝදරියෝ තරහ වෙනවා ..

📍තමන්ගෙ පවුලට සහ තමන්ගෙ දරුවන්ට වඩා එයාලගෙ සහෝදර සහෝදරියන්ව ඔළුව උඩ තියාගන්නවා ,
තමන්ගෙ පවුල්වල අයගෙන් ( නැන්දා මාමා බාප්පා පුන්චිගෙන් )තමන්ගේ සමහර දරුවන්ට සිදුවන අකටයුතුකම් දිහා මුකුත්ම නොකර බලන් හිඳීමෙන් දරුවන් මානසිකව වැටෙනවා .

දෙමව්පියන් වැඩිය නොහිතා කරන කියන මේ දේවල් නිසා සමහරවිට ඔවුනුත් නොදැන ඔවුන්ගේ දරුවෝ වෙන් වෙලා යනවා ,

දැන හෝ නොදැන සමහර දෙමව්පියෝ සහ ඔවුන්ගේ හැසිරීම් නිසා සහෝදර සහෝදරියෝ සදාකාලික තරහ කාරයො බවට පත් වෙනවා .
අවසානයේ බොහෝ දරුවනුත් දෙමව්පියනුත් දෙගොල්ලොම මේ නිසා දුක් විඳිනවා ,

හුඟක් අය පිළිගන්න අකැමති වුනාට මේක තමයි ඇත්ත !!

✍-Copied

විෂ සහිත දෙමාපියෙකුගේ ලක්ෂණ 10 ⚠️ඔබත් මේ වගේනම් ඉක්මනින් වෙනස් වෙන්න 😊1️⃣ නිරන්තර විවේචන - කලාතුරකින් ප්‍රශංසා කරයි, අඩු...
11/01/2026

විෂ සහිත දෙමාපියෙකුගේ ලක්ෂණ 10 ⚠️ඔබත් මේ වගේනම් ඉක්මනින් වෙනස් වෙන්න 😊

1️⃣ නිරන්තර විවේචන - කලාතුරකින් ප්‍රශංසා කරයි, අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කරයි.

2️⃣ හැසිරීම් පාලනය - සීමා නොසලකා හරිමින් සෑම තේරීමක්ම ඔබ විසින්ම ගනී.

3️⃣ හැසිරවීම සහ වරදකාරී හැඟීම - ක්‍රියාවන් පාලනය කිරීමට පෙර වැරදි භාවිතා කරයි

4️⃣ සංවේදනය නොමැතිකම - ඔබේ හැඟීම් හෝ අවශ්‍යතා බැහැර කරයි.

5️⃣ අනුග්‍රහය හෝ සංසන්දනය - සහෝදර සහෝදරියන් හෝ සම වයසේ මිතුරන් දරුවා සන්සන්දනය කරයි

6️⃣ අධික කෝපය හෝ සතුරුකම - ඉක්මනින් පහර දීමට හෝ දඬුවම් කිරීමට පෙලබේ.

7️⃣ නොගැලපෙන විනය - අනපේක්ෂිත නීති සහ ප්‍රතික්‍රියා සදහා දරුවා හිරු කරවයි

8️⃣ අධික ලෙස මැදිහත් වීම හෝ නොසලකා හැරීම - එක්කෝ හුස්ම හිර වෙන තරමට මැදිහත් වීම හෝ චිත්තවේගීයව නොසලකා හැරීම

9️⃣ ආදරය කොන්දේසි සහිතව භාවිතා කිරීම - ආදරය කීකරුකම හෝ කාර්ය සාධනය මත රඳා පවතී.

🔟 දොස් කීම සහ ලැජ්ජාව - වගකීම ප්‍රතික්ෂේප කරන අතර ගැටලු සඳහා ඔබට දොස් පවරා ගනී

🤍 විෂ සහිත හැසිරීම් හඳුනා ගැනීම සෞඛ්‍ය සම්පන්න සීමාවන් සැකසීමේ පළමු පියවර ලෙස සලකන්න.ඔබේ දරුවා සුන්දර මිනිසෙක් කිරීමේ වගකීම ඔබ සතු බව මතක තබා ගන්න.

✍-Copied

"උපාධියක් තිබුණට වැඩක් නෑ.. මොළේ කලඳක් නෑ නේද?" මේ දවස් වල එහා මෙහා සංසරණය වෙන සිද්ධිය දැකපු ඔබටත් එහෙම හිතුණාද? ඒත් ඇත්...
05/01/2026

"උපාධියක් තිබුණට වැඩක් නෑ.. මොළේ කලඳක් නෑ නේද?" මේ දවස් වල එහා මෙහා සංසරණය වෙන සිද්ධිය දැකපු ඔබටත් එහෙම හිතුණාද? ඒත් ඇත්ත ඒක නෙවෙයි 💔

ඒ පුවත අහලා මුළු රටම කම්පා වුණා. දින 9ක් වයසැති කිරි කැටියෙක් ළිඳට දාන්න තරම් ඒ අම්මාගේ හිත ගල් වුණේ කොහොමද? ඇය නිකම්ම කාන්තාවක් නෙවෙයි, උපාධිධාරී නිලධාරිනියක්.

මේ සිද්ධිය දැකලා සමාජ ජාලා වල හුඟක් අය ඇහුවේ, "ඉගෙන ගත්තට මනුස්සකම නෑ නේද?" කියලා.
ඔබත් මේ වෙලාවේ ඉන්නේ ඒ කෝපය හිතේ තියාගෙන නම්, පොඩ්ඩක් ඉන්න.
මේ කතාවේ අපි නොදකින, නමුත් ඕනෑම මොහොතක ඔබේ නිවසේ බිරිඳට, අක්කාට හෝ නංගීට වුණත් වෙන්න පුළුවන් බිහිසුණු පැත්තක් තියෙනවා.

වෛද්‍ය විද්‍යාවේදී අපි මේකට කියන්නේ Postpartum Psychosis (පසු ප්‍රසව මනෝ විකෘතිය) කියලා.

මේක "හිතේ ප්‍රශ්නයක්" නෙවෙයි. මේක හරියට මොළය ඇතුළේ වෙන "බෝම්බ පිපිරීමක්" වගේ දෙයක්.

1. ඇයි මෙහෙම වෙන්නේ?

දරුවෙක් ලැබුණාම අම්මා කෙනෙක්ගේ හෝමෝන මට්ටම අහස උසට ඉඳලා එකපාරටම පොළොවට වැටෙනවා වගේ විශාල වෙනසක් සිදු වෙනවා. හිතන්න, ඔබ දවස් ගාණක් නිදි මරමින්, ඇඟේ ලේ කිරි කරමින් ඉන්න අතරේ ඔබේ මොළයේ රසායනික ක්‍රියාවලිය එකපාරටම අනිත් පැත්ත ගැහුවොත්?
සමහර අම්මලාට මෙය දරාගන්න බැරි වෙනවා. එතකොට ඔවුන්ට යථාර්ථය පෙනෙන්නේ නැතිව යනවා. ඒ කියන්නේ එයාගේ ඔලුව නිකං පැටලුනු නූල් බෝලයක් වගේ. තනියම කලබලෙන් ලිහන්න මහන්සි වෙන්න වෙන්න තවත් ගැටගැහෙනවා.

2. එයා දකින්නේ අපි දකින දේ නෙවෙයි!

මේ රෝගය හැදුණු අම්මා කෙනෙක් දරුවා දිහා බලන්නේ ආදරෙන්. හැබැයි එයාගේ ඇස් වලට පේන්නේ වෙනම රූප.

👉 සමහර අම්මලාට පේනවා දරුවා මරන්න යක්ෂයෙක් එනවා වගේ.
👉 තවත් සමහර අම්මලාට කටහඬවල් ඇහෙනවා "දරුවා බේරගන්න නම් දරුවා ස්වර්ගයට යවන්න" කියලා.

ඉතින් ඒ අම්මා හිතන්නේ තමන් කරන්නේ එයාට දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ. ඇය දරුවා ළිඳට දාන්නේ දරුවා මරන්න නෙවෙයි, ඇයට පෙනෙන බිහිසුණු ලෝකයෙන් දරුවා "බේරාගන්න".

(මේක සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්න බැරි වුණාට, රෝගියාට දැනෙන්නේ ඒකයි).

3. මේ ලක්ෂණ 3 ගැන ඔබ ඇයගේ සැමියා, අම්මා හෝ කවුරුන් හෝ නම් අනිවාර්යයෙන් දැනගන්න.

🔴 ඔබේ බිරිඳ හෝ පවුලේ කාන්තාවක් දරුවා ලැබුණට පස්සේ මේ දේවල් කරනවාද?

අමුතු කතා කියනවාද? ("මට දරුවා ගැන බයක් දැනෙනවා", "කවුද දරුවා දිහා බලාගෙන ඉන්නවා" වගේ දේවල්)

නිදාගන්නෙම නැද්ද? (දරුවා නිදාගෙන හිටියත්, අම්මා ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්)

ගොඩක් කතා කරනවාද? නැත්නම් ගොලු වෙලා වගේ,කියාගන්න දෙයක් තේරෙන්නේ නැතුව ඉන්නවාද?

මේ ලක්ෂණ පේනවා නම්, "විකාර කියවන්න එපා" කියලා බැනලා නිදාගන්න එපා. ඒ ජීවිතය සහ මරණය අතර සටනක් වෙන්න පුළුවන්.

4. ඔයා කරන්න ඕනේ මොකක්ද?

මේක ගෙදර තියාගෙන සනීප කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. මේක Medical Emergency එකක්. වහාම රෝහල් ගත කරන්න ඕනේ. දින කිහිපයක් බෙහෙත් ගත්තම ඇය ආයේ සාමාන්‍ය ආදරණීය අම්මා කෙනෙක් වෙනවා.

දරුවා ලැබුණාම හැමෝම බලන්නේ දරුවාගේ ලස්සන විතරයි. ඒත් ඒ දරුවාට ලේ කිරි කරලා දෙන අම්මාගේ මනස දිහා බලන්න කවුරුත් නෑ. අලුත පැටියෙක් ගෙදර අරං එන අම්මා කෙනෙක්ට උදව් ඕනිම කාලේ උදව් කරන්න කෙනෙක් ළඟ ඉන්නම ඕනි. ❤️

කරුණාකරලා අලුත් අම්මා කෙනෙක්ව තනි කරන්න එපා. ඇය ඉන්නේ ප්‍රශ්න ගොඩක් උඩ. ඇයට ඔබේ ආදරය සහ රැකවරණය ඕනේම වෙලාව මේකයි.

සමහරවිට ඔයාට ඒ ආදරය රැකවරණය නැතුවත් ඔබ අද සාර්ථක ගැහැණියක් ලෙස ජීවත් වෙනවා ඇති.එහෙනම් ඔයා හරි ශක්තිමත් ගැහැණියක්.❤️

හැමෝගෙම හිත එක වගේ හයිය නෑ. ඒ නිසා උදව් ඕනි කෙනෙක්ට තවත් මනස කඩා වැටෙන්න නොදී උදව් කරන්න පුලුවන් නම් ඒක මිල කරන්න බැරි තරම් වටිනා දෙයක් වෙයි එයාට❤️

සමහරවිට මං මේ කියන්නේ ඔයා ගැන වෙන්න පුලුවන්. මේ වගේ අත්දැකීම් ඔයාටත් තියෙනවනම් ඔයාගේ අත්දැකීම් සහ අදහස් පහලින් comment කරගෙන යන්න. මේ පණිවිඩය හැකිතාක් Share කර තවත් කෙනෙක්ගේ ජීවිතයක් වගේම පවුලක් බේරාගන්න ඔයත් අපිට උදව්කරන්න

Copied ✍

Address

No 40, Biyagama Road, Kelaniya
Sri-Lanka

Alerts

Be the first to know and let us send you an email when Mind Care Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mind Care Sri Lanka:

Share

Category