Efamilyමිස්

  • Home
  • Efamilyමිස්

Efamilyමිස් graduated midwife
Lactation management officer

මව්කිරි වල පළමු කොටස සහ අවසාන කොටස අතර ඇත්තටම වෙනස මොකක්ද?🧂🧂🧂“බබාට මුලින් එන්නේ වතුර වගේ කිරි… අන්තිමට තමයි හොඳ කිරි එන්...
27/08/2026

මව්කිරි වල පළමු කොටස සහ අවසාන කොටස අතර ඇත්තටම වෙනස මොකක්ද?🧂🧂🧂

“බබාට මුලින් එන්නේ වතුර වගේ කිරි… අන්තිමට තමයි හොඳ කිරි එන්නේ” කියලා ඔබ අහලා ඇති.

ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි අදහසක් නෙවෙයි. ❤️

මව්කිරි දීමේදී කිරිවල සංයුතිය ක්‍රමයෙන් වෙනස් වෙනවා. බබා පියයුරෙන් කිරි බොන විට මුලින් ලැබෙන කිරි සාපේක්ෂව අඩු මේද ප්‍රමාණයක් ඇති විය හැකි අතර, කිරි දීම ඉදිරියට යන විට මේද ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි වෙනවා.

🌸🌸මුලින් ලැබෙන කිරි

බබාට අවශ්‍ය දියර ලබාදීමට දායක වන අතර, එහි මේද ප්‍රමාණය පසුව ලැබෙන කිරිවලට වඩා අඩු විය හැකියි.

🌸🌸 පසු කිරි

පියයුරේ කිරි හිස්වන තරමට කිරිවල මේද ප්‍රමාණය වැඩි වීමට ඉඩ තිබෙනවා. මේ නිසා පසුව ලැබෙන කිරි බබාට වැඩි ශක්තියක් හා පෝෂණයක් ලබාදීමට දායක වේ.

නමුත් මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි

“ පළමු කිරි නරකයි, අවසාන කිරි හොඳයි” කියලා මව්කිරි දෙකට වෙන් කිරීමට නොහැකි බව

🌸🌸 මව්කිරි දීමේ සෑම අවස්ථාවකම සංයුතිය ක්‍රමයෙන් වෙනස් වේ. ඒ නිසා මිනිත්තු 5ක්, 10ක් හෝ 15ක් කියලා “මේ වෙලාවට පස්සේ තමයි hindmilk එනම් පසු කිරි එන්නේ” කියලා නිශ්චිත කාලයක් නොමැත.

🤱 ඒ නිසා බබාට කිරි දෙන විට ඔරලෝසුව බලලා පියයුර මාරු කරනවාට වඩා, බබාගේ කුසගින්න හා තෘප්තියේ සංඥා අනුව පියයුර හොදින් හිස්වනතුරුම කිරි දීම වැදගත්වේ.

සුවයගෙනෙන කැදැල්ලේ සෙනෙහෙවන්ත හිතැත්තී
e family මිස්

#මව්කිරි #මව්කිරිදීම #මව්කිරිපෝෂණය #අම්මාසහබබා #මව්කිරිදෙනඅම්මා #බබාගේපෝෂණය #මව්කිරිදීමේදැනුම #ගැබිනිමව්වරු

🎀 Pap Smear පරීක්ෂණය — කාන්තාවන් දැනගත යුතුම දෙයක්“Pap smear එකක් කරන්න ඕනේ රෝග ලක්ෂණ තිබුණාම විතරද?”🌸🌸🌸Pap smear පරීක්ෂ...
27/08/2026

🎀 Pap Smear පරීක්ෂණය — කාන්තාවන් දැනගත යුතුම දෙයක්

“Pap smear එකක් කරන්න ඕනේ රෝග ලක්ෂණ තිබුණාම විතරද?”🌸🌸🌸

Pap smear පරීක්ෂණය මඟින් ගැබ්ගෙලේ (cervix) ඇති විය හැකි අසාමාන්‍ය සෛල වෙනස්කම් හඳුනාගැනීමට උපකාරී වන අතර, ඒවා ඉදිරියේදී ගැබ්ගෙල පිළිකාවක් බවට පත්වීමට පෙර හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර/පසු විපරම් කිරීමට අවස්ථාව ලැබේ.එම නිසා රෝගලක්ෂණ මතු වන්නට පෙරම හදුනාගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය☺️එමෙන්ම

🌼රෝග ලක්ෂණ නැති වුණත් screening පරීක්ෂණ කිරීම ඉතා වැදගත්ය
🌼Pap smear එක සහ HPV test එක යනු එකම පරීක්ෂණ නොවේ.
🌼පරීක්ෂණය කළ යුතු වයස සහ කාල පරතරය රටේ guidelines සහ ඔබගේ අවදානම් සාධක අනුව වෙනස් විය හැක.
🌼අසාමාන්‍ය ප්‍රතිඵලයක් ලැබුණා කියන්නේ පිළිකාවක් තිබෙනවා කියන එකම නොවේ. එවැනි අවස්ථා වලදී අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරනු ලැබේ.

🌸🌸 මෙම පරීක්ෂණ රජයේ moh කාර්යාලවලදී සුවනාරී සායන නමින් නොමිලේ ඔබට සිදුකරගත හැකි අතර වයස අවුරුදු 35 -45 කාන්ඩයේ කාන්තාවන් සදහා සිදුකරයි. එමෙන්ම පෞද්ගලික අංශය මගින්ද සිදුකර ගත හැකිය.

කාන්තාවන්ගේ සෞඛ්‍යය ගැන ලැජ්ජා නොවී කතා කරමු. Screening එකක් මඟහරින්න එපා.ඔබේ වටිනා අවස්ථාව ඔබේ ජීවිතයේ වටිනාම අවස්ථාව විය හැකිය.

සුවයගෙනෙන කැදැල්ලේ සෙනෙහෙවන්ත හිතැත්තී
e family මිස්

PapSmear #කාන්තාසෞඛ්‍යය #කාන්තාසෞඛ්‍ය #ගැබ්ගෙලසෞඛ්‍යය #කාන්තාවන්

මුල් ළමා විය සංවර්ධනය – දරුවෙකුගේ අනාගතයට ශක්තිමත් පදනමක්🌸🌸මුල් ළමා විය යනු දරුවෙකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සංවර්ධන අවධි...
26/08/2026

මුල් ළමා විය සංවර්ධනය – දරුවෙකුගේ අනාගතයට ශක්තිමත් පදනමක්🌸🌸

මුල් ළමා විය යනු දරුවෙකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සංවර්ධන අවධියකි. උපතේ සිට වයස අවුරුදු 3-5–8 පමණ දක්වා කාලය තුළ දරුවාගේ මොළය, ශරීරය, හැඟීම්, භාෂාව සහ සමාජ හැකියාවන් වේගයෙන් වර්ධනය වේ. මෙම කාලයේ දරුවාට ලැබෙන ආදරය, ආරක්ෂාව, පෝෂණය සහ උත්තේජනය ඔහුගේ හෝ ඇයගේ අනාගත ඉගෙනුමට හා හැසිරීමට විශාල බලපෑමක් ඇති කරයි.

🧠 1. මොළයේ සංවර්ධනය

දරුවාගේ මොළය ඉතා වේගයෙන් වර්ධනය වන කාලයකි. දෙමාපියන් සමඟ කතා කිරීම, දරුවාගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම, ගී ගැයීම, කතන්දර කියවීම සහ සෙල්ලම් කිරීම වැනි සරල ක්‍රියාකාරකම් මගින් මොළයේ සංවර්ධනයට උපකාර වේ.

🗣️ 2. භාෂා හා සන්නිවේදන සංවර්ධනය

දරුවා සමඟ නිතර කතා කිරීම, ඔහු/ඇය කියන දේට අවධානයෙන් සවන් දීම සහ පොත් කියවා දීම මගින් වචන මාලාව හා සන්නිවේදන හැකියාව වර්ධනය කළ හැකිය.

❤️ 3. සමාජ හා චිත්තවේගීය සංවර්ධනය

දරුවාට ආදරය, ආරක්ෂාව සහ පිළිගැනීම ලබාදීම ඉතා වැදගත්ය. දරුවාගේ හැඟීම් හඳුනාගෙන ඒවා ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමෙන් ආත්ම විශ්වාසය සහ සමාජ සබඳතා ගොඩනඟා ගැනීමට උපකාර වේ.

🏃 4. ශාරීරික හා චලන සංවර්ධනය

දුවීම, පැනීම, බෝල සෙල්ලම් කිරීම, ඇඳීම, පාට කිරීම සහ කුඩා දේ අල්ලා හැසිරවීම වැනි ක්‍රියාකාරකම් මගින් දරුවාගේ විශාල හා කුඩා මාංශ පේශී චලන හැකියාවන් වර්ධනය වේ.

🍎 5. පෝෂණය සහ සෞඛ්‍යය

නිසි පෝෂණය, ප්‍රමාණවත් නින්ද, පිරිසිදුකම, එන්නත් සහ නිසි සෞඛ්‍ය පරීක්ෂණ දරුවාගේ සමස්ත සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ.

🎨 6. සෙල්ලමෙන් ඉගෙනීම

කුඩා දරුවෙකුට සෙල්ලම යනු කාලය ගත කිරීමක් පමණක් නොවේ. සෙල්ලම් කිරීම තුළින් දරුවා සිතීමට, ගැටලු විසඳීමට, අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ නව දේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබයි.

🌸🌸🌸🌸දෙමාපියන්ට වැදගත් පණිවිඩයක්

දරුවෙකුගේ සංවර්ධනය සඳහා මිල අධික සෙල්ලම් බඩු හෝ විශේෂ උපකරණ අවශ්‍යම නැත. දරුවා සමඟ කතා කිරීම, සවන් දීම, සෙල්ලම් කිරීම, ආදරය පෙන්වීම සහ ආරක්ෂිත පරිසරයක් ලබාදීම වැනි සරල දේවල් විශාල බලපෑමක් ඇති කරයි.

අද ඔබ ඔබේ දරුවා සමඟ ගත කරන ආදරණීය මිනිත්තු කිහිපය, ඔහුගේ හෝ ඇයගේ හෙට දවස ගොඩනඟන ශක්තිමත් පදනමක් විය හැකිය. ❤️

🌱 මතක තබාගන්න…

දරුවෙකුගේ අනාගතය ගොඩනගන්නේ පාසලට ගිය පසුව පමණක් නොවේ.

ඒ අනාගතයේ පදනම තැබෙන්නේ ඔහුගේ/ඇයගේ ජීවිතයේ මුල් අවුරුදු කිහිපයේදීයි. ❤️

අද ඔබේ දරුවාට දෙන විනාඩි 10ක ආදරය, කතාබහක් හෝ සෙල්ලමක් පවා ඔහුගේ අනාගතයට වටිනාකමක් එක් කළ හැකියි. 🌈

💬 ඔබේ දරුවා සමඟ දිනකට කොපමණ වේලාවක් සෙල්ලම් කරනවාද?
පහළින් කියන්න. 👇❤️

#මුල්ළමා_විය #දරුවාගේසංවර්ධනය #දෙමාපියන් #දරුවන්

මිස්, මගේ ඇඟ උෂ්ණයිලු… ඒ නිසා මට දරුවෙක් ලැබෙන්නේ නැද්ද?”මේ ප්‍රශ්නය අම්මලාගෙන් නිතරම අහන්න ලැබෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් ...
25/08/2026

මිස්, මගේ ඇඟ උෂ්ණයිලු… ඒ නිසා මට දරුවෙක් ලැබෙන්නේ නැද්ද?”

මේ ප්‍රශ්නය අම්මලාගෙන් නිතරම අහන්න ලැබෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් විවාහයෙන් පසුව දරුවෙක් ලැබීමට යම් කාලයක් ගත වූ විට, “ඇඟ උෂ්ණයි”, “ශරීරයේ උෂ්ණත්වය වැඩියි”, “උෂ්ණ කෑම කන නිසා” වැනි දේවල් හේතුවක් ලෙස කියන අවස්ථා තියෙනවා.

නමුත් “ඇඟ උෂ්ණයි” කියන ජනවහරේ යෙදෙන වචනය පමනක් ගැබ් ගැනීමට නොහැකි වීම වෛද්‍යමය හේතුවක් ලෙස හඳුනාගෙන නැහැ.

🌸 එහෙම නම් දරුවෙක් ලැබෙන්නේ කොහොමද?

ගැබ් ගැනීම සඳහා කාන්තාවගේ ඩිම්බ මෝචනය සිදුවීම, පැලෝපීය නාල ක්‍රියාකාරීව තිබීම, ගර්භාෂය සුදුසු තත්ත්වයේ තිබීම සහ පුරුෂ පාර්ශ්වයෙන් ප්‍රමාණවත් හා සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු තිබීම වැනි කරුණු කිහිපයක් ම බලපානු ලබයි

ඒ නිසා දරුවෙක් ලැබීමට ප්‍රමාද වූ විට එය “ඇඟ උෂ්ණයි” කියලා එකම හේතුවකට බැඳලා තීරණය කිරීම නිවැරදි නොවේ

🌸ගැබ් ගැනීම ප්‍රමාද වීමට බලපාන වෙනත් හේතු මොනවාද?

කාන්තාවකගෙ
🌼ඩිම්බ මෝචනය නිසි පරිදි සිදු නොවීම
🌼PCOS වැනි තත්ත්ව
🌼හෝමෝන වෙනස්කම්
🌼වයස
🌼පැලෝපීය නාලවල අවහිරතා
🌼 එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්ත්ව
🌼ගර්භාෂය ආශ්‍රිත ගැටලු වැනි හේතු තිබිය හැකියි.

ඒ වගේම පුරුෂ පාර්ශ්වයේ ශුක්‍රාණු ප්‍රමාණය, චලනය හෝ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලුත් ගැබ් ගැනීම ප්‍රමාද වීමට හේතුවක් විය හැකියි.

ඒ නිසා දරුවෙක් ලැබීම ප්‍රමාද වූ විට කාන්තාවට පමණක් දොස් පැවරීමත් නිවැරදි දෙයක් නොවේ නේද?

🌸 “උෂ්ණ කෑම” නිසා ගැබ් ගැනීම නවතිනවාද?

“මේ කෑම උෂ්ණයි, ඒ නිසා කෑවොත් දරුවෙක් ලැබෙන්නේ නැහැ” වැනි අදහස් සමාජයේ බහුලව තියෙනවා.

නමුත් සාමාන්‍ය ආහාරයක් “උෂ්ණ” හෝ “සීතල” ලෙස හැඳින්වීම පමණින් එය ගැබ් ගැනීම නවත්වන බවට නිශ්චිත වෛද්‍ය සාක්ෂියක් නොමැත.

ඒ වෙනුවට ගැබ් ගැනීම බලාපොරොත්තු වන කාන්තාවක් සමබර ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න බරක් සහ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම ඉතා වැදගත්වේ.

🌸වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා

කිසිදු පවුල් සැලසුම්ක්‍රමයකින් තොරව ලිංගික සම්බන්ධතාව තිබියදීත් මාස හයක් හෝ වසරක් යනතුරුත් ගැබ් ගැනීම සිදු නොවන්නේ නම්, වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාමත් සුදුසුයි.

විශේෂයෙන් මාසික ඔසප් වීම අක්‍රමවත් නම්, දැඩි මාසික වේදනාවක් තිබේ නම්, කලින් ඇති වූ ප්‍රජනන පද්ධතියේ ගැටලු තිබේ නම් හෝ වෙනත් හේතුවක් පිළිබඳ සැකයක් තිබේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.

🌷 අවසානයේ…

“ඇඟ උෂ්ණයි” කියන වචනය නිසා ඔබේ මව්පිය සිහිනය ගැන බිය නොවන්න...

දරුවෙක් ලැබීම ප්‍රමාද වන්නේ නම්, අනුමාන කරමින් හෝ අසල්වැසියන්ගේ උපදෙස් මත තීරණ ගන්නවා වෙනුවට නිවැරදි වෛද්‍ය පරීක්ෂණ මගින් හේතුව සොයා ගැනීමයි වැදගත් එමගින් ඔබ දෙපලගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවි.

ස්තූතියි
සුවයගෙනෙන කැදැල්ලේ සෙනෙහෙවන්ත හිතැත්තී
e family මිස්

C-SECTION එකකට පසු නැවත ගැබ්ගැනීම ගැන දැනගත යුතුම දේ🌸🌸🌸C-section එකක් කළා කියලා නැවත දරුවෙක් ලැබෙන්න බැහැ කියලා හිතන්න එ...
24/08/2026

C-SECTION එකකට පසු නැවත ගැබ්ගැනීම ගැන දැනගත යුතුම දේ🌸🌸🌸

C-section එකක් කළා කියලා නැවත දරුවෙක් ලැබෙන්න බැහැ කියලා හිතන්න එපා. ❤️

නමුත් ඊළඟ ගැබ්ගැනීම සැලසුම් කිරීමේදී විශේෂ අවධානයක් අවශ්‍යයි.

🌸ඇයි?

C-section එකේදී ගර්භාශයේ කැපුමක් සිදු කරන නිසා, එම කැපුම සුව වීමට කාලය අවශ්‍යයි. ඉතා කෙටි කාලයකින් නැවත ගැබ්ගැනීමෙන් සමහර ගර්භණීයත්වයන් ගේ සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි විය හැකියි.

🌸 ඔබ කළ යුතු දේ

🌼ඊළඟ ගැබ්ගැනීම සැලසුම් කිරීමට පෙර ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙකුගෙ උපදෙස් ලබාගත යුතුය.
එහිදී පෙර C-section එක සිදු කළේ ඇයිද, ගර්භාශයේ කැපුමේ තොරතුරු සහ පෙර ගැබ්ගැනීම් පිළිබඳ වාර්තා රැගෙන යාමෙන් ඔබට පහසු වේ.

🌼ඔබට ගැළපෙන උපත්පාලන ක්‍රමයක් භාවිතා කරමින් ගැබ්ගැනීම සැලසුම් කරන්න.

🌼ගැබ්ගැනීමට පෙර folic acid ඇතුළු අවශ්‍ය පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌸🌸🌸🌸🌸C-section එකකට පස්සේ ගැබ්ගෙන තිබේ නම් බිය විය යුතු නැත

ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂාවන් හා පූර්ව ප්‍රසව සත්කාර ලබාගැනීම එහිදී ඉතාමත් වැදගත් වේ

❤️ සෑම මවකගේම තත්ත්වය වෙනස්. ඒ නිසා “කොපමණ කාලයක් ඉන්න ඕනද?” කියන ප්‍රශ්නයට ඔබේ වෛද්‍යතුමා සමඟ සාකච්ඡා කර ඔබට ගැළපෙන කාලය තීරණය කරන්න.

📌 මේ post එක C-section කළ මවකටත් share කරන්න. ❤️

#ගැබ්ගැනීම #මව්සෞඛ්‍යය

සුවය ගෙනෙනකැදැල්ලේ කැදැල්ලේ සෙනෙහෙවන්ත හිතැත්තී
e family මිස්

23/08/2026

🤱❤️ “රං කිරී… මුල් කිරී…” කියන්නේ මොකක්ද?

බබාගේ ජීවිතයේ මුල්ම ආහාරය වන මව්කිරි ගැන නිවැරදි දැනුම සෑම අම්මා කෙනෙකුටම වැදගත්. 🌸

ඔබත් මේ ගැන දැනගෙන හිටියාද? 👇❤️
තවත් අම්මා කෙනෙකුට දැනගන්න Share කරන්න.

#මව්කිරි #මව්කිරිදීම #රූංකිරී #මුල්කිරී

22/08/2026

🤱❤️ මව්කිරි ගැන අම්මලා දැනගත යුතුම කරුණක්!

පුංචි බබාට හොඳම ආරක්ෂාවක් වන මව්කිරි ගැන නිවැරදි දැනුම සෑම අම්මා කෙනෙකුටම වැදගත්. 🌸

ඔබ දන්න දේ තවත් අම්මා කෙනෙකුටත් දැනගන්න Share කරන්න. ❤️

#මව්කිරි #මව්කිරිදීම #අම්මාසහබබා

ගැබ් ගැනීමට පෙර (Preconception) කාන්තාවක් දැනගත යුතු වැදගත් පරීක්ෂණ පිලිබදව ඔබ දන්නවාද❤️🌸ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන සෑම...
21/08/2026


ගැබ් ගැනීමට පෙර (Preconception) කාන්තාවක් දැනගත යුතු වැදගත් පරීක්ෂණ පිලිබදව ඔබ දන්නවාද❤️

🌸ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන සෑම අයෙක්ම නම් මේ පරීක්ෂණ කර ගැනීමෙන් වඩාත සෞඛ්‍යමත් හා නිරෝගී දරු උපතක් ලබා ගැනීමට ඉතාමත් ඉවහල් වේ.

ගැබ් ගැනීමට සැලසුම් කරනවා නම්, ගැබ් ගැනීමට පෙරම ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගැනීම වැදගත්.

1. 🩸 සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC)
හීමොග්ලොබින් අඩුවීමක්/රක්තහීනතාවයක් තිබේද බලන්න.

2. 🩸 රුධිර ගණය සහ Rh තත්ත්වය
Blood group සහ Rh factor හඳුනාගැනීම වැදගත්.

3. 🩸 රුධිර සීනි පරීක්ෂාව
Diabetes හෝ ගැබ් ගැනීමට පෙර සීනි මට්ටම වැඩිද යන්න හඳුනාගැනීමට.

4. 🦋 තයිරොයිඩ් පරීක්ෂාව (TSH ± වෙනත් පරීක්ෂණ)
තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයේ ගැටලු තිබේ නම්, ගැබ් ගැනීමට පෙර ඒවා හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වැදගත්.

5. 🦠 ආසාදන සඳහා අවශ්‍ය පරීක්ෂණ
ඔබගේ වෛද්‍ය ඉතිහාසය අනුව HIV, syphilis, hepatitis B වැනි ආසාදන සඳහා පරීක්ෂණ අවශ්‍ය විය හැකියි.

6. 💉 එන්නත් තත්ත්වය පරීක්ෂා කිරීම
Rubella වැනි රෝගවලට එරෙහි ප්‍රතිශක්තිය තිබේද කියා සොයාබලා, අවශ්‍ය එන්නත් ගැබ් ගැනීමට පෙර ලබාගත යුතුය.

7. 🩺 අවශ්‍ය නම් වෙනත් පරීක්ෂණ
PCOS, පෙර ගැබ්ගැනීම්වල සංකූලතා, පවුලේ ජානගත රෝග ඉතිහාසය හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු තිබේ නම්, වෛද්‍යවරයා අමතර පරීක්ෂණ නිර්දේශ කළ හැකියි.

🌸🌸🌸මතක තබාගන්න

සියලුම කාන්තාවන්ට මේ සියලු පරීක්ෂණ අනිවාර්ය නැහැ. ඔබේ වයස, සෞඛ්‍ය තත්ත්වය, පෙර ගැබ්ගැනීම් සහ පවුල් ඉතිහාසය අනුව අවශ්‍ය පරීක්ෂණ වෙනස් විය හැකිය.

ඒ වගේම ගැබ් ගැනීමට පෙර folic acid ගැන වෛද්‍යවරයෙකුගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියගෙන් උපදෙස් ලබාගැනීමත් ඉතා වැදගත් වේ🌸

“බබෙක් ගැන හිතනවා නම්… බබා එන්න කලින් අම්මාගේ සෞඛ්‍යයත් බලමු!” ❤️

PreconceptionCare @

E family mis

🩸🩸🩸🩸මෙන්සස් පරක්කුයි… ගැබ්ගැනීමක් විතරද හේතුව?“මෙන්සස් පරක්කුයි… මම ගැබ්ගෙනවත්ද?” 🤔මෙන්සස් දින කිහිපයක් පරක්කු වුණාම බොහ...
20/08/2026

🩸🩸🩸🩸මෙන්සස් පරක්කුයි… ගැබ්ගැනීමක් විතරද හේතුව?

“මෙන්සස් පරක්කුයි… මම ගැබ්ගෙනවත්ද?” 🤔
මෙන්සස් දින කිහිපයක් පරක්කු වුණාම බොහෝ කාන්තාවන්ගේ හිතට මුලින්ම එන ප්‍රශ්නය මේකයි.

නමුත් මෙන්සස් පරක්කු වීමට ගැබ්ගැනීම පමණක් හේතුවක් නොවෙයි. කාන්තාවකගේ හෝමෝන පද්ධතියට, ශරීරයේ බරට, මානසික තත්ත්වයට සහ දෛනික ජීවන රටාවට සිදුවන වෙනස්කම් නිසාත් මෙන්සස් චක්‍රය වෙනස් විය හැකියි.

🌸 මෙන්සස් පරක්කු වීමට බලපාන ප්‍රධාන හේතු

🌼ගැබ්ගැනීම – ලිංගික සම්බන්ධතාවයක් තිබී මෙන්සස් පරක්කු වී ඇත්නම්, පළමුව ගැබ්ගැනීමේ හැකියාව සලකා බලන්න.

🌸මානසික ආතතිය – වැඩි stress එකක් තිබීම හෝ දිගුකාලීන මානසික පීඩනය හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපා මෙන්සස් පරක්කු කළ හැකියි.

🌼PCOS – PCOS ඇති කාන්තාවන්ට මෙන්සස් අක්‍රමවත් වීම හෝ මාස කිහිපයකට වරක් පැමිණීම සිදුවිය හැකියි.

🌸බරෙහි හදිසි වෙනස්කම් – ඉක්මනින් බර අඩුවීම හෝ වැඩිවීමත් මෙන්සස් චක්‍රයට බලපාන්න පුළුවන්.

🌼අධික ව්‍යායාම – විශේෂයෙන් දැඩි ව්‍යායාම සහ ශරීරයට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම මෙන්සස් අක්‍රමවත් කිරීමට හේතුවක් විය හැකියි.

🌸Thyroid හා වෙනත් හෝමෝන ගැටලු – හෝමෝනවල වෙනස්කම් නිසාත් මෙන්සස් චක්‍රය වෙනස් විය හැකියි.

🌼මව්කිරි දීම – දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී මෙන්සස් නැවත ආරම්භ වීම ප්‍රමාද විය හැකියි. නමුත් මව්කිරි දීම ගැබ්ගැනීම සම්පූර්ණයෙන්ම වළක්වීමක් සිදු නොවේ

🌸එසේනම් මෙන්සස් පරක්කු වුණාම මොකද කරන්න ඕනේ?

ලිංගික සම්බන්ධතාවයක් තිබුණා නම්, මෙන්සස් පරක්කු වීමේදී pregnancy test එකක් කිරීම වැදගත්. Negative ප්‍රතිඵලයක් ලැබුණත් මෙන්සස් නොපැමිණෙන්නේ නම්, සුදුසු කාලයකදී නැවත පරීක්ෂා කිරීම හෝ සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්.

මෙන්සස් නිතරම අක්‍රමවත් වීම, දිගු කාලයක් මෙන්සස් නොපැමිණීම, අධික වේදනාව, අසාමාන්‍ය ලෙස වැඩි ලේ ගැලීම හෝ වෙනත් අසාමාන්‍ය ලක්ෂණ තිබේ නම් Gynaecologist කෙනෙකු හමුවී හේතුව සොයාගැනීම වඩාත් සුදුසුයි.

❤️ මෙන්සස් පරක්කු වුණා කියලා බය වෙන්නත් එපා… ඒක නොසලකා හරින්නත් එපා.
ඔබේ ශරීරය දෙන සංඥාවට හේතුව හඳුනාගන්න.

👩‍⚕️ කාන්තාවකගේ සෞඛ්‍යය ගැන දැනුවත් වීමත්, නිවැරදි වෙලාවේ නිවැරදි උපදෙස් ලබාගැනීමත් ඉතා වැදගත්.

සුවය ගෙනෙනකැදැල්ලේ සෙනෙහෙවන්ත හිතැත්තී
e family මිස්

# # midwife #

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Efamilyමිස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Efamilyමිස්:

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share