10/08/2026
🇱🇰 විදෙස් පුරවැසිභාවය ගත්තම ලංකාවේ ඉඩකඩම් අහිමි වෙනවද?
✈️විදේශ රටක පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන් අතර බොහෝ දෙනෙකුට තිබෙන වැදගත් ප්‍රශ්නයක් තමයි
❌මම වෙනත් රටක පුරවැසිභාවය ගත්තොත් ලංකාවේ මගේ ඉඩම, ගෙදර, දේපළ අහිමි වෙනවද?”
කෙටි පිළිතුර නම්,
❌ විදෙස් පුරවැසිභාවය ලබාගත් පමණින් ඔබට දැනට නීත්‍යානුකූලව අයිති ලංකාවේ ඉඩමක් ස්වයංක්‍රීයව රජයට පවරා ගන්නේ නැහැ.
👉නමුත් මෙහිදී ඔබගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ තත්ත්වය සහ ඉඩම අත්පත් කරගන්නා ආකාරය ඉතා වැදගත් වෙනවා.
🔹 1. ද්විත්ව පුරවැසියෙක් නම්
🌍ඔබ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නිල වශයෙන් ලබාගෙන තිබෙන පුද්ගලයෙක් නම්, ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් කරුණක් තිබෙනවා.
🇱🇰⚖️Land (Restrictions on Alienation) Act, No. 38 of 2014 හි 3 වන වගන්තිය අනුව, ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකුට ඉඩමක අයිතිය පැවරීම එම පනතේ විදේශිකයන්ට අදාළ සාමාන්‍ය සීමාවෙන් නිදහස් කර තිබෙනවා.
ඒ නිසා,
🇱🇰 ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ ඉඩමක් මිලදී ගැනීම හෝ ඉඩමක අයිතිය පැවරීම සම්බන්ධයෙන් විදේශිකයෙකුට තිබෙන එම සීමාව අදාළ නොවන අවස්ථාවක් තිබෙනවා.
🔹 2. විදෙස් පුරවැසිභාවය ගත්තා කියලා ලංකාවේ දේපළ නැතිවෙන්නේ නැහැ
✈️ඔබ විදේශ රටක පුරවැසිභාවය ලබාගත් පමණින්, ඔබගේ නමට දැනටමත් නීත්‍යානුකූලව ලියාපදිංචි කර තිබෙන ලංකාවේ ඉඩමක් ස්වයංක්‍රීයව අවලංගු වීමක් හෝ රජයට පවරා ගැනීමක් සිදුවන්නේ නැහැ.
නමුත් ඔබ ශ්‍රී ලංකා පුරවැසිභාවය තවදුරටත් තබාගෙන සිටිනවාද, එය අහිමි වී තිබෙනවාද, ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙනවාද යන්න වෙන වෙනම සලකා බැලිය යුතුයි.
🔹 3. ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වීම වෙනම කරුණක්
🌍⚖️Citizenship Act, No. 18 of 1948 යටතේ ඇතැම් අවස්ථාවලදී වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වීමට හේතු විය හැකියි.
✅එම නිසා “විදේශ පුරවැසිභාවය ගත්තා” කියන කරුණ පමණක් බලලා තීරණයක් ගන්න බැහැ.
👉ඔබ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙනවාද, නැතිනම් ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වී විදේශිකයෙකු බවට පත්වී තිබෙනවාද යන්න පළමුව තහවුරු කළ යුතුයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවද Dual Citizenship සඳහා Resumption සහ Retention යන ක්‍රම සඳහන් කරයි.
🔹 4. ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වී විදේශිකයෙක් වුණොත්?
මෙතැනදී තත්ත්වය වෙනස්.
⚖️💡Land (Restrictions on Alienation) Act, No. 38 of 2014 හි මූලික නීතිය අනුව, ශ්‍රී ලංකාවේ ඉඩමක අයිතිය විදේශිකයෙකුට පැවරීම සාමාන්‍යයෙන් තහනම් කර තිබෙනවා, නීතියෙන් ලබාදී ඇති විශේෂ නිදහස් කිරීම්වලට යටත්ව.
ඒ කියන්නේ,
⚠️ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වී සම්පූර්ණයෙන්ම විදේශිකයෙකු බවට පත්වීමෙන් පසු ලංකාවේ ඉඩමක් අලුතින් මිලදී ගැනීම හෝ අයිතිය තමන් වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් වෙනම නීතිමය සීමාවන් පැනනගින්න පුළුවන්.
එය දැනටමත් ඔබ සතුව තිබෙන දේපළ “ස්වයංක්‍රීයව අහිමි වීම” කියන එකට සමාන දෙයක් නොවේ.
🔹 5. විදේශිකයෙකුට ඉඩමක් උරුම වුණොත්?
මෙහිත් වැදගත් විශේෂ අවස්ථාවක් තිබෙනවා.
Land (Restrictions on Alienation) Act හි 3 වන වගන්තිය අනුව, ශ්‍රී ලංකාවේ ඉඩමක හිමිකරු මියගිය විට, අදාළ ශ්‍රී ලාංකික නීතිය යටතේ ඔහුගේ next of kin කෙනෙකුට විදේශිකයෙකු වුවද, intestacy, gift හෝ testamentary disposition මගින් අයිතිය පැවරෙන ඇතැම් අවස්ථා එම සීමාවෙන් නිදහස් කර තිබෙනවා.
ඒ නිසා,
👨👩👧👦 “විදේශිකයෙක් වුණාම කිසිම ආකාරයකින් ලංකාවේ ඉඩමක් උරුම කරගන්න බැහැ” කියන අදහසත් සම්පූර්ණයෙන් නිවැරදි නැහැ.
🔹 6. දැනට තිබෙන ඉඩම විකුණන්න පුළුවන්ද?
💡⚖️ඔබ විදේශයක පුරවැසිභාවය ලබාගෙන තිබුණත්, ඔබගේ දේපළ සම්බන්ධයෙන් විකිණීමක්, තෑගි කිරීමක්, උරුමයක් හෝ වෙනත් පැවරීමක් සිදුකරන විට ඔබගේ වර්තමාන පුරවැසි තත්ත්වය, ඔප්පුවේ ස්වභාවය සහ අදාළ නීතිමය තත්ත්වය පරීක්ෂා කළ යුතුයි.
👉🇱🇰විශේෂයෙන්ම ඔබ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි කරගෙන තිබේ නම්, ගනුදෙනුවට පෙර සුදුසු නීතිඥයෙකු හෝ නොතාරිස්වරයෙකු මගින් title එක සහ පුරවැසි තත්ත්වය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්.
🔹 7. විදේශිකයන්ට සම්පූර්ණයෙන්ම ඉඩම් ගන්න බැරිද?
⚖️💡සාමාන්‍ය නීතියෙන් විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් සීමා තිබුණත්, නීතියේ විශේෂ නිදහස් කිරීම් තිබෙනවා.
උදාහරණයක් ලෙස,
🏢 ඇතැම් condominium parcels
👨👩👧👦 ඇතැම් උරුම පැවරීම්
🇱🇰 ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන්ට පැවරීම්
වැනි අවස්ථා නීතියේ විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.
🔹 8. Condominium apartment එකක් ගැන වෙනම නීතියක් තිබෙනවා
විදේශිකයන් සම්බන්ධයෙන් condominium property සඳහාත් විශේෂ නීති තිබෙනවා.
✔️2018 සංශෝධනයෙන් condominium parcel එකක් සම්බන්ධයෙන් නීතිය තවදුරටත් වෙනස් කර තිබෙන අතර, නීතියේ සඳහන් කොන්දේසි සපුරාලීම මත එවැනි දේපළ මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ නිසා,
🏢 “විදේශිකයෙකුට ලංකාවේ කිසිම දේපළක් ගන්න බැහැ”
කියන ප්‍රකාශයත් නිවැරදි නැහැ.
🔹 9. වැදගත්ම කරුණ
මෙහිදී කරුණු තුනක් පටලවා නොගැනීම ඉතා වැදගත්.
🇱🇰 ශ්‍රී ලංකා පුරවැසියෙක්
🌍 විදේශ පුරවැසියෙක්
🇱🇰🌍 ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක්
මේ තුනේ නීතිමය තත්ත්වය එකිනෙකට වෙනස්.
💡👉එම නිසා ඔබ විදේශ පුරවැසිභාවය ලබාගත් විට ලංකාවේ ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබේද කියලා තීරණය කරන්න කලින්, ඔබගේ Citizenship Status එක නිවැරදිව තහවුරු කරගැනීම අත්‍යවශ්‍යයි.
(Colombo property advise)
🔐 අවසාන වශයෙන්
විදේශ පුරවැසිභාවය ලබාගත් පමණින් ලංකාවේ ඔබ සතු ඉඩම් හා දේපළ ස්වයංක්‍රීයව අහිමි වෙනවා කියන කතාව නිවැරදි නැහැ.
නමුත් ඔබ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක්ද, ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වූ විදේශිකයෙක්ද යන්න අනුව ඉඩම් මිලදී ගැනීම, නව අයිතියක් ලබාගැනීම, උරුමය සහ දේපළ පැවරීම සම්බන්ධ නීතිමය තත්ත්වය වෙනස් විය හැකියි.
📌 විශේෂයෙන්ම ඉඩමක් විකිණීම, තෑගි කිරීම, උරුම කරගැනීම හෝ විදේශ පුරවැසිභාවය ලබාගැනීමෙන් පසු දේපළ සම්බන්ධ ලේඛන සකස් කිරීමේදී, අදාළ ඔප්පු සහ පුරවැසි තත්ත්වය පරීක්ෂා කර නීතිමය උපදෙස් ලබාගැනීම ආරක්ෂිතම ක්‍රමයයි.
(Colombo property advise)
📚 අදාළ ප්‍රධාන නීති
Land (Restrictions on Alienation) Act, No. 38 of 2014
Land (Restrictions on Alienation) (Amendment) Act, No. 21 of 2018
Citizenship Act, No. 18 of 1948
මේ පිළිබඳ කටයුතු කිරීමේදී හොඳ දක්ෂ නීතිඥවරයෙකුගේ උපදෙස් ලබාගෙන කටයුතු කරන්න වග බලාගන්න