Renuka Damayanthi

  • Home
  • Renuka Damayanthi

Renuka Damayanthi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Renuka Damayanthi, Psychologist, .

28/03/2026

මනෝකායික අක්‍රමතා

මනෝකායික ආබාධ එහෙමත් නැත්නම් මනෝකායික අක්‍රමතා යන්නෙන් අදහස් කරන්නේ, කායික ස්වරූපයේ මානසික ආබාධ ලෙස සරලව දක්වන්න පුලුවන්.

♦️♦️කිසියම් පුද්ගලයෙකුට මානසික හේතූන් මත කායික රෝගී ලක්ෂණ පෙන්නුම් කරන, මානසික රෝගී තත්ත්වයක් විදිහටත් මේ අක්‍රමතාව හඳුන්වන්න පුලුවන්.

♦️♦️අසාමාන්‍ය සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් සමඟ ඒකාබද්ධ වූ ශාරීරික රෝග ලක්ෂණ ඇතුලත් වන තත්ත්වයක් තමයි, මනෝකායික අක්‍රමතා කියන්නෙ.

♦️♦️♦️මෙහිදී දැකිය හැකි විශේෂිතම දේ නම්, බාහිරින් කායික රෝග ලක්ෂණ පෙන්වන නමුත්, වෛද්‍යවරයාට පෙන්වූ පසු කායික රෝගයක් සොයා ගත නොහැකි වීමයි.♦️♦️♦️

😔😔මීට හේතු වන්නේ බොහෝ විට මානසික හේතු සාධක.
😔 උදාහරණ :- සා/පෙළ විභාගය අසමත්ව ගෙදර සිටි පිරිමි ළමයෙකුගේ කන් ඇසීම දුර්වල වීම.
මෙහිදී කන් ඇසීම දුර්වල වීම පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ගණනාවකට යොමු වුවද ඔහු තුළ පවත්නා කායික රෝගී බවක් සොයා ගත නොහැකි වූ අතර, ශාරීරිකව ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතු බව පෙන්නුම් කෙරුණි.
♦️ ඒ අනුව කරුණු සොයා බැලීමේදී පසක් වන්නේ, විභාගය අසමත්ව නිවසේ සිටි ඔහුගේ, යහළුවන් රැකියාවල නියුතු වීමත්, ඒ හේතුවෙන් රැකියාවකට යාමට නිවසෙන් කරන බල කිරීමත් නිසා වූ අකැමැත්ත මානසිකව ක්‍රියාත්මක වී එය කායික රෝග ලක්ෂණයක් ලෙස මතු පිටින් පෙන්නුම් කිරීමයි.
👉මෙම රෝගය හා සම්බන්ධ මනෝකායික එහෙමත් නැත්නම් කායරූපී අක්‍රමතා 5 ක් හඳුනා ගන්න අපිට පුලුවන්.

1.😮සංවර්ධනය කායරූපී අක්‍රමතාව -
මෙහිදී පුද්ගලයා තමන්ගේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්ගේ ආබාධ හටගෙන ඇතැයි සිතා වෛද්‍ය උපදෙස් පතයි. මනෝකායික ආබාධ ශරීරයේ පද්ධති නවයක් ආශ්‍රයෙන් ඇති වෙන්න පුලුවන් .
1.ශ්වසන පද්ධතිය
2.ENT පද්ධතිය
3.රුධිර සංසරණ පද්ධතිය
4.ආහාර ජීර්ණ පද්ධතිය
5.ස්නායු පද්ධතිය
6.මෞත්‍ර ලිංගික පද්ධතිය
7.අස්ථි පද්ධතිය
8.පේෂි පද්ධතිය
9.සම ආශ්‍රිතව

2. 😮රෝග කාංසාව -
මෙහිදී පුද්ගලයා තමන්ට අනිවාර්යයෙන් රෝගයක් ඇතැයි හෝ රෝගයක් වැළඳේයැයි සිතමින් ජීවත් වෙයි. එහිදී එකී සිතුවිලි නිසා අධික කාංසාවට පත්වීම සිඳුවිය හැක.

3. 😮කාය කරණීය අක්‍රමතාව -
මෙහිදී පුද්ගලයාට දීර්ඝ කාලයක් මුළුල්ලේ ස්නායු සම්බන්ධ රෝගාබාධ පෙන්නුම් කරයි.
උදා:- පිට කොන්දේ වේදනා, ලිංගික උදාසීන බව, කරකැවිල්ල, හිසේ කැක්කුම, වමනය ආදී ලක්ෂණ පෙන්නුම් කිරීමේ ඉඩ පවතී.

4. 😮කායරූපික වේදනා අක්‍රමතාව -
මෙහිදී පුද්ගලයාට ශරීරයේ කිසිම රෝගී බවක් නොමැතිව, වේදනා දැනීම් සිදුවන අතර, පවතින වේදනාත්මක බව වැඩි කර පෙන්වීමට උත්සාහ දරයි. කොඳු ඇට පේළියේ පහළ කොටස, කලවා - මාංශ පේශි වල මස් පිඬු වේදනා ආදිය ඇති බව මෙහිදී පෙන්වයි.

5.😮කායික කායරූපී අක්‍රමතාව -
මෙම අක්‍රමතාව ඇති වූ විට පුද්ගලයා සිතනුයේ, කෙතරම් තමා නිරෝගී වුවත්, තමන්ගේ ශරීරයේ නොයෙකුත් අඩුපාඩු පවතින බවයි.
උදා :- මුහුණේ රැලි, ලප කැලැල්, ශරීරයේ නොයෙකුත් කොටස්වල අඩුපාඩු ඇති බව සිතමින්, අනෙක් අයට නිතර නිතර පැවසීම සිදු කරයි.

👉 මනෝකායික රෝග ලක්ෂණ අක්‍රමතාව හඳුනා ගන්න විවිධ නිර්ණායක තියෙනවා. නැත්නම් හඳුනා ගැනීමේ ලක්ෂණ කියලත් , සරලව අපිට කියන්න පුලුවන් . ♦️දෛනික ජීවිතයේ සැලකිය යුතු බාධාවක් ඇති කරන, කායික රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් පැවතීම.
♦️කිසියම් රෝග ලක්ෂණයක් අඛණ්ඩව නොපෙන්විය හැකි වුවත්, රෝග ලක්ෂණ තත්ත්වය නොනැසී පැවතීම.( සාමාන්‍යයෙන් මාස 6 කට වඩා වැඩි කාලයක්) මෙවැනි වූ නිර්ණායක ගණනාවක් මෙහිදී අපිට පෙන්වා දෙන්න පුලුවන්.

🔥🔥කෙසේ වෙතත්, මනෝකායික අක්‍රමතාව වත්මන් සමාජය තුළ බොහෝ සෙයින් දැක ගන්න පුලුවන්.

👉රැකියාව සම්බන්ධ ප්‍රශ්න,
👉පවුල් ජීවිතේ ප්‍රශ්න,
👉අනෝන්‍ය සම්බන්ධතා,
👉ආර්ථික ප්‍රශ්න,
👉දරුවන් සම්බන්ධ ප්‍රශ්න
ආදී විවිධ ගැටලු පුද්ගලයන්ට ඇති වෙන්න පුලුවන්.ඒවා පැවසීමට තමන්ට විශ්වාසවන්ත අයෙක් නොසිටීම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා කාලයක් හිතේ දරාගෙන සිටීම, තමන්ගේ සිතුවිලි, අදහස් වෙනකෙනෙකුට නොපැවැසීම , කීමට තරම් සමීපතම කෙනෙක් නොමැතිවීම ආදී විවිධ හේතු නිසා හිතේ පීඩනය වැඩි වෙන්න පුලුවන්.මේ පීඩනය කාලයක් යද්දි විවිධ රෝග විදිහට පුද්ගලයගෙන් එළියට එන්න පුලුවන් .

♦️♦️ඒ අතරෙ හිසරදය, සමේ රෝග, නින්ද නොයාම, බඩේ අමාරුව, ඇදුම, හතිය, උදාසීන බව, කෑම අරුචිය, ලිංගික කැමැත්ත අඩුවීම, සමේ ආබාධ වගේ රෝග ලක්ෂණ පෙන්වන්න පුලුවන්.♦️♦️

👉👉🔥🔥 මෙතනදි මේ කායික රෝගයට ප්‍රතිකාර කිරීමෙන් පලක් නෑ. මෙහිදී ප්‍රතිකාරය කළ යුත්තේ රෝග මූලයට.එය මානසික හේතුවක් වෙන්න පුලුවන්.

♦️පාසල් සිසුන් තුළත් මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.
👉ගොත ගැසීම්,
👉ලිංගික විෂමාචාර,
👉ඉගෙනුම් දුෂ්කරතා,
👉පෞරුෂයේ ගැටලු විදිහට මේවා පෙන්නුම් කරන්න පුලුවන්.
දරුවාට මානසිකව ඇතිවූ ගැටලුවක් මීට මුල් වෙලා තියෙන්න පුලුවන්.

ගොඩක් වෙලාවට මනෝකායික අක්‍රමතාවට ලක් වූ පුද්ගලයො සමාජය හා ගැටීමේදි ඒ අය තුළින් විවිධ ඉරියව් විද්‍යමාන වෙන්න පුලුවන්.

ඒ අනුව
😮හැසීරීම් වෙනස්වීම්,
😮අනාරක්ෂිත බව,
😮ආත්ම විශ්වාසය අඩුවීම,
😮කෝපවීම,
😮නුරුස්නා බව,
😮බලාපොරොත්තු කඩවුණු බව,
😮අධික මහන්සිය වගේ දේවල් සමීපතමයන්ට දැක ගන්න පුලුවන් දිගින් දිගටම.

♦️♦️♦️ හැබැයි විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා මෙතනදි. මනෝකායික අක්‍රමතාවයෙන් පෙළෙන්නන් තුළ මුලින්ම අපි කියපු තත්ත්වය දිගින් දිගටම තිබුණොත් අර්ශස් , හෘද රෝග, මල බද්ධය, සමේ රෝග වැනි රෝග සැබෑ ලෙසම වැළදීමේ ඉඩකඩ තියෙනවා.♦️♦️♦️

මේ මනෝකායික අක්‍රමතාවයෙන් මිදෙන්න නම්, කරන්න තියෙන හොඳම දේ තමයි,
❤️❤️ පලපුරුදු මනෝ උපදේශනයකට යොමු වීම.🌹🌹
ඒ තුළින් පවතින මානසික ව්‍යාකූල බවට, පීඩාවන්ට සැබෑම වූ සහනයක් ලබා ගන්න පුලුවන්. ❤️❤️

(ප.ලි. ඔබ, අපි දන්නෙ නෑ අපිට තියෙන්නෙ මානසික අක්‍රමතාවයක් බව.ඒත් තියෙන, පෙනෙන රෝග ලක්ෂණ වලට වෛද්‍ය ප්‍රතිකාර වලින් සහනයක් ලැබෙන්නෙ නැත්නම්, රෝගය හොයාගන්න බැරි නම්, කරන්න තියෙන සුදුසුම දේ තමයි මනෝ උපදේශකයෙකුගෙ සහය පැතීම. එය ඔබේ ජීවිතයට නව අරුණැල්ලක් වෙන්න පුලුවන් .❤️❤️)
✍️✍️රේණු ...

28/03/2026
27/03/2026
🛑🛑පාසල් සිසුන් මුහුණදෙන ගැටලු 🛑🛑    වර්තමාන පාසල් යන දරුවන් මූණ දෙන  ගැටලු ගොඩක් තියෙනවා.විවිධ කරුණු කාරණා  මේ සඳහා හේතු...
07/08/2024

🛑🛑පාසල් සිසුන් මුහුණදෙන ගැටලු 🛑🛑

වර්තමාන පාසල් යන දරුවන් මූණ දෙන ගැටලු ගොඩක් තියෙනවා.විවිධ කරුණු කාරණා මේ සඳහා හේතු වෙලා තියෙන්න පුලුවන්.

දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් තමයි, දරුවොත් එක්ක වැඩියෙන්ම ගැටෙන පිරිස් වෙන්නෙ. අනිවාර්යයෙන් ම ඒ අයට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ සම්බන්ධව.

අපේ පාසල් දරුවො වැඩියෙන්ම මුහුණ දෙන ගැටලු මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරමු මුලින්ම.

♦️ මතකය අඩු වීම.
♦️ විභාග භීතිකාව.
♦️ විභාග මග හැරීම.
♦️ පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම.
♦️ නින්ද අඩු වීම / වැඩි වීම.
♦️ අධික ලෙස බලාපොරොත්තු තබා ගැනීම.
♦️ එපාවීම
♦️ ආත්ම විශ්වාසය අඩු වීම.
♦️ මත්පැන්/මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය බිඳ වැටීම.
♦️දීප්තිමත්ව සිටි ශිෂ්‍යයින් අඩු ලකුණු ලබා ගැනීම.
♦️ හැසිරීමේ වෙනස්කම්.
♦️ විශාදය
♦️ අන්තර්ජාලය, වීඩියෝ ක්‍රීඩා, ජංගම දුරකථන පමණට වඩා භාවිතය.

මේ පාසල් දරුවො මුහුණ දෙන ගැටලු අතරින් කීපයක් විතරයි. මීට වඩා තව බොහොමයක් ගැටලු හදුනා ගන්න අපට හැකියාව තියෙනවා දරුවන් සමග ඉතාමත් සමීපව, ඔවුන් හා මුහු වීම මගින්.

නමුත්, මම ඉහතින් දැක්වූයේ බහුලව දරුවන් අතරින් දකින්න පුලුවන්, කැපී පෙනෙන ගැටලු කීපයක්.

👉 මේ ගැටලු දරුවන් තුළ ඇති වන්නේ ඇයි?,
👉 ඒ ගැටලු වලට මුහුණ දුන්/ දෙන දරුවන් අපි හඳුනා ගන්නේ කොහොමද?
👉 ඒවා විසඳීමට උදව් කරන්නේ කොහොමද?

ඔයාලත් කැමති ඇති මේ ගැන දැන ගන්න.

එහෙම නම් ඒ දේ ගැන අපි ඊළඟ ලිපි තුළින් ඉදිරියට කතා කරමු.

✍️✍️රේණු

ජීවිතේ අපි හිතන පතන විදිහටම හැමදේම සිද්ධ වෙනවා නම්.. කොයිතරම් හොඳද..ඒත්..අපේ ජීවිත වෙනස් වෙන්නෙ අපිටත් නොදැනීම..ඒක නතර ක...
08/07/2024

ජීවිතේ අපි හිතන පතන විදිහටම හැමදේම සිද්ධ වෙනවා නම්.. කොයිතරම් හොඳද..
ඒත්..
අපේ ජීවිත වෙනස් වෙන්නෙ අපිටත් නොදැනීම..
ඒක නතර කරන්න මේ ලෝකෙ කාටවත්ම
බෑ.
ඒ තමයි සොබාදහම.
"සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ.."
එහෙම කියන්නෙ නිකන්ම නෙමෙයි කියලා
තේරෙන්නෙ..
අර කියන වෙනස්වීම් වලට මුහුණ දෙද්දි..
මොන විදිහෙ මොන වෙනස්වීමක දි
උනත්.. අපිට පුලුවන් වෙන්න ඕනෙ
මානසිකව කඩා නොවැටී
ජීවත් වෙන්න..
හිත ශක්තිමත් නම්..,
අපිට පුලුවන් ඕනැම අභියෝගයකට
බය නැතුව
මූණ දෙන්න..
එතකොට කවදාවත්
මානසික කඩා වැටීම් වලට
මුහුණ දෙන්න වෙන එකක්
නෑ...❤️❤️❤️
ඒ තමයි
අපි ජීවිතේ ලබන ලොකුම
ජයග්‍රහණය...🌹🌹

✍️✍️රේණු..

සියලුම දෙනාට මානසික සතුට රැදි නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
13/04/2024

සියලුම දෙනාට මානසික සතුට රැදි නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

භීතිකා....  𝗣𝗵𝗼𝗯𝗶𝗮♦️ඔබ කිසියම් වූ නිශ්චිත වස්තුවකට, අවස්ථාවකට එහෙමත් නැත්නම් කිසියම් ක්‍රියාකාරකමකට දීර්ඝ කාලීනව දක්වන්න...
02/04/2024

භීතිකා.... 𝗣𝗵𝗼𝗯𝗶𝗮

♦️ඔබ කිසියම් වූ නිශ්චිත වස්තුවකට, අවස්ථාවකට එහෙමත් නැත්නම් කිසියම් ක්‍රියාකාරකමකට දීර්ඝ කාලීනව දක්වන්නා වූ අධික බිය මුසු තත්ත්වය , අපිට භීතිකාවක් විදිහට හඳුන්වන්න පුලුවන්.

එහිදී ඔබ දක්වන්නෙ අතාත්ත්වික හැසිරීමක් වෙන්න පුලුවන් .

❤️ භීතිකාවක් ඇති අයෙකුට තමන් යම්කිසි බියකින් පෙළෙන්නේ ඇයි ද යන්න සම්බන්ධව නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් බොහෝවිට නොමැත.
පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් හට භීතිකා වැළදීමේ හැකියාව දස ගුණයකින් වැඩි බව සොයාගෙන තිබේ..

❤️භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තමන්ගේ භීතිකාව, අතාත්ත්වික වගේම අනවශ්‍ය එකක් කියලා දැන ගත්තත් එයින් මිදීමට අසමත්කම් දක්වයි🙂😪

🛑🛑🛑බලන්න මෙන්න මේ භීතිකා ඔයාලටත් තියෙනවද කියලා ....

👉 උස් ස්ථානවලට බිය
👉 සතුන්ට ඇති බිය ( බල්ලන්,පූසන්, මකුළුවන්,උරගයින් ආදී )
👉 ගුවනින් යාමට ඇති බිය
👉 එන්නත් වලට බිය
👉 විවාහයට ඇති බිය
👉 ජලයට,ලේ වලට,අඳුරට,වාහන වලට, විෂ බීජ වලට....
ආදී ලෙස මේ භීතිකා ඇතිවෙන්න පුලුවන් ..

ඉතින් මේ කියපු විදිහට භීතිකාවන්ගෙන් ඔයත් පෙළෙනවනම් , නිසි උපදෙස් හා මඟපෙන්වීම් යටතේ මේ තත්ත්වයෙන් මිදීමේ හැකියාව ඔයාට තියෙනවා..

✍️✍️රේණු

https://youtu.be/4ElTNs53XFw?si=z15Ni5t6fuMJsp7I
18/03/2024

https://youtu.be/4ElTNs53XFw?si=z15Ni5t6fuMJsp7I

වැඩිහිටියන්ට සුලබව වැළඳෙන අමතක වීමේ (dementia) රෝගය ගැන දැනුවත් වෙමු. Dream Life

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Renuka Damayanthi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share