The Self Journey

The Self Journey I share my heartwarming story of finding joy with myself through personal experiences and practice.

17/07/2026

A Wishful Life | Part - 01 ✨

අපි හැමෝම බලාපොරොත්තු වන, හීන දකින ජීවිත එකිනෙකාට වෙනස්. ඒක අපි කවදාවත් පටලවා ගන්න හොඳ නැහැ.

හුඟක් වෙලාවට අපි කරන්නේ අනුන් ආස කරන, අනුන් ලස්සනයි කියන ජීවිත පස්සේ දුවන එක. හැබැයි මතක තියාගන්න... අනුන්ගේ පස්සෙන් දුවන්න ගියොත්, දවසක ඔයාට "ඔයාවම" මඟහැරේවි.

අපි යන්න ඕනේ අපේම ගමනක්. අපේම අනන්‍යතාවයත් එක්ක, අපිට ඇත්තටම සතුටක් දැනෙන තැනකට. අනුන්ගේ හීන සැබෑ කරන්න ගිහින් ඔයාගේ වටිනා ජීවිතය නැති කරගන්න එපා! 🌿

11/07/2026
11/07/2026

💚

06/07/2026

ජීවිතය කියන්නේ අනුන්ගේ සීමාවල හිරවෙලා විඳවන්න නෙවෙයි, තමන්ට ඕන විදිහට නිදහසේ විඳින්න ලැබුණු ලස්සන අවස්ථාවක්! ✨🍃

කාටවත්ම ඉඩ දෙන්න එපා ඔයාගේ සතුට, ඔයාගේ හීන සීමා කරන්න. ඔයාගේ ජීවිතේ ලස්සනම කතාව ලියන්න ඕනේ ඔයාමයි. අද දවසත් තමන් වෙනුවෙන්, තමන් ආස කරන විදිහට සතුටින් ගත කරන්න... 🤍💫

#ජීවිතය🕊️

02/07/2026

හේතු හොයාගෙන හරි ජිවිතේ විදින්න... 🌸✨

මොකද අපි ඇවිත් ඉන්නේ හරිම පොඩි කාලෙකට!

ජීවිතේ කියන්නේ හැමදාම ප්‍රශ්න, වගකීම් සහ බලාපොරොත්තු පස්සේ දුවන එක විතරක්ම නෙවෙයි. ඒ හැමදේම අස්සේ අපිට ලැබිලා තියෙන මේ කෙටි කාලය ඇතුළේ සැනසීමෙන් ඉන්න එකයි වැදගත්ම දේ.

සතුටු වෙන්න ලොකු හේතු ඕනම නැහැ...

*උදෑසනක තියෙන නිස්කලංක බව,
*ආදරණීයයන්ගේ සිනහවක්,
*හිතට දැනෙන පුංචි නිදහස් මොහොතක්...

මේ හැම පුංචි දේකම ලොකු සතුටක් හැංගිලා තියෙනවා. ඉතින්, අනවශ්‍ය දේවල් හිතේ පුරවගෙන ලතැවෙන්නේ නැතුව, හැම මොහොතක්ම ආදරයෙන් විඳින්න.

අද දවසත් ඔයාගේ ජීවිතයට සැනසීම අරන් එන ලස්සන දවසක් වේවා! 🤍

🏷️ Hashtags:
#ජීවිත

01/07/2026

මිනිස්සු මාව පිළිගත්තත් නැතත්, මම ජීවත් වෙන්න ඕනේ මට ආස විදිහට... සැනසීම තියෙන්නේ එතන! ✨

අපි හැමෝම උත්සාහ කරන්නේ අන් අයව සතුටු කරන්න ගියොත්, අපිට කවදාවත් අපේ ඇත්තම ජීවිතය ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. සැබෑ නිදහස කියන්නේ අනුන්ගේ මතවලට වහල් නොවී, තමන්ගේම වටිනාකම් අඳුරගෙන, තමන්ට අවංකව ජීවත් වෙන එක.
මගේ සතුට තීරණය කරන්නේ මම විතරයි. 🤍🌿

30/06/2026

🌸 Welcome, July! 🌸

A brand-new month, a fresh start, and endless possibilities.

May this July bring you peace, happiness, good health, success, and countless reasons to smile. Leave behind what no longer serves you, embrace new opportunities, and move forward with hope and confidence.

Be grateful. Stay positive. Keep growing. Believe in yourself.

Hello, July! Let’s make this month unforgettable. ✨💙

month day

Address

Beveridge, VIC
3753

Website

Alerts

Be the first to know and let us send you an email when The Self Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Self Journey:

Share